ආරක්ෂාව හා හතරවැනි ජාත්‍යන්තරය

සිල්වියා ඇගිලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

දෙවන කොටස

[පහත පල කෙරෙන්නේ 2021 පෙබරවාරි 7 දින Security and the Fourth International Sylvia Ageloff and the assassination of Leon Trotsky යන මැයෙන් පල කෙරුනු කොටස් හතරකින් යුතු ලිපියේ දෙවන කොටසේ සිංහල පරිවර්තනයයි.]

පලමු කොටස  17 දා පලකරනු ලැබිනි.

1940 අගෝස්තු 20දා මෙක්සිකෝ නගරයෙහි තදාසන්න ප්‍රදේශයක් වන කොයෝවාකාන්හි දී ස්ටැලින්වාදී ඒජන්ත රේමන් මර්කාඩර් විසින් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කරන ලදී. සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) සාමාජිකාවක වූ සිල්වියා ඇගිලොෆ් සමග මර්කාඩර්ට තිබූ සම්බන්ධය හරහා ශ්‍රේෂ්ඨ විප්ලවවාදියා වෙතට ප්‍රවේශ වීමට ඔහු සමත් විය. එස්ඩබ්ලිව්පීය විසින් කිසි දිනක අභියෝගයට ලක් නො කරන ලද ඇගිලොෆ්ගේ කියාපෑමක් වන, මර්කාඩර්ගේ දෙපිටකාට්ටුකමෙහි අහිංසක ගොදුරක් බවට ඇය පත්වීය යන්න ඝාතනයෙන් පසු ඉදිරිපත් කරන ලදී.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ඇගිලොෆ්ගේ භූමිකාව පිලිබඳ ව කරන ලද පලමු ක්‍රමානුකූල විමර්ශනයෙන් සමන්විත මෙම ලිපි මාලාව, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආරක්ෂාව හා හතරවැනි ජාත්‍යන්තරය යන පරීක්ෂනය දිගට ම ගෙන යයි. එම ලිපි මාලාව කොටස් හතරකින් යුතුව පලකරනු ඇත.

1938 ගිම්හානය: මොනාඩ් ඇගිලොෆ්ගේ නවාතැන් වෙනුවෙන් ගෙවීම් කරද්දී ඔහුගේ කතාවේ පරස්පරයන් මතුවෙයි

රේමන් මර්කාඩර්: හිම කෙටේරියේ මිනිසා නමැති 2015 දී පල කරන ලද සිය කෘතිය තුල එඩුවාඩ් පුයිග්වෙන්ටෝස් ලෝපෙස් මෙසේ ලිවී ය: “(1926 දී ඔහුගේ පියා මියගොස් තිබුනේ ය යනුවෙන් ඔහු කියූ මෙමගින් ඛන්ඩනය කෙරෙතත්) ඔහුගේ දෙමව්පියන් හදිසි අනතුරකට මුහුන පා තිබුනු නිසා තමන්ට වහා ම බෙල්ජියම කරා ආපසු යාමට අවශ්‍ය බව ජැක් (ජැක් මොනාඩ්) එක් දිනක සිල්වියාට කීවේ ය.” [31]

හරියට ම පැරීසියේ දී රුඩොල්ෆ් ක්ලෙමන්ට් අතුරුදන් වූ 1938 ජූලි මාසයේ, තමන්ට බ්‍රසල්ස් වෙත යාමට තිබෙන බව ව්‍යාජ ව කියා පෑ මොනාඩ්, ඇගිලොෆ් සමග සබඳතා අත්හැර දැමුවේ ය. සැලකිල්ලට ලක්විය යුතු පරිදි, ඇගිලොෆ් පසුව මෙක්සිකානු පොලීසියට මෙසේ කීවා ය: “අගේම හදිසි තීන්දුවක් මත ඇය ද බ්‍රසල්ස් වෙත ගිය අතර, ඔහු ව එහි දී මුනගැසීමේ අටියෙන් ඇය ජැක්සන්ට විදුලි පනිවුඩයක් යවා තිබුන ද ඇය ඔහු සොයා නො ගත්තා ය. මේ සියල්ල සිදු වූයේ 1938 අගෝස්තුවේ ය.” [32] ඇගිලොෆ් පැරීසියෙන් අතුරුදන් වීම, ක්ලෙමන්ට්ගේ සිරුර සොයා පොලීසිය දිගට ම පීරූ කාල පරිච්ඡේදය හා ඔහුගේ අතුරුදන් වීමේ දී ජීපීයූව ඉටු කල ක්‍රියා කලාපය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් විමර්ශනය කල කාලය සමග අනුරූපී විය. 

පැරීසියේ දී ඇගිලොෆ්ට මොනාඩ්ගේ මිතුරන් කිසිවෙක් කිසි දිනක මුන නො ගැසුනු නමුත්, ඇය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඇගේ සම්බන්ධකම් ඔහුට හඳුන්වා දුන්නා ය. ඔහු ඔහුගේ මිතුරන් සමග “සබඳතා නවතා දමා තිබුනා” යි ඇගිලොෆ් මෙක්සිකානු පොලීසියට කට උත්තර දෙමින් කීවා ය. පොලිස් වාර්තාව තව දුරටත් මෙසේ සඳහන් කලේ ය: “ඔහු නිරතුරු ව  හමු වූයේ ඇගිලොෆ් සහ ඇගේ ඇමරිකානු හා ප්‍රන්ස සහෝදරවරුන් කන්ඩායම පමනි.” [33]

මොනාඩ් පරිවර්තන කටයුතු සඳහා ඇගිලොෆ්ට ගෙවීම් කිරීම ඇරඹුවේ ය. එවකට ආනුභාව සම්පන්න ප්‍රන්ස ට්‍රොට්ස්කිවාදියෙකු වූ යිවාන් ක්‍රයිපෝගේ බිරිඳ වූ ද ඇගිලොෆ් ප්‍රන්සයේ සිටින විට ඇයට ඉතා සමීප තැනැත්තියක් වූ ද මාරී ක්‍රයිපෝට ඈ පිලිඹඳ සැක පහල විය. ක්‍රයිපෝ පසුව මෙසේ විස්තර කලා ය:

පුදුම සහගත ලෙස, ඒජන්සියක් වෙනුවෙන් මනෝවිද්‍යාව පිලිබඳ ලිපි ඉංග්‍රීසියෙන් ප්‍රන්ස බසට පරිවර්තනය කරන ලෙස ඔහු ඇයට යෝජනා කල අතර, මම සිල්වියාට ඇයගේ ලේඛනන් යතුරු ලියනය කිරීමට උදවු කලා. මේ සඳහා අපට හොඳ වැටුපක් ලැබුනා. පසුව, එක් දිනක් අපි වැඩ කරමින් සිටින අතර, මගේ ඇඟිලි යතුරු පුවරුව මත රැඳී තිබිය දී ම, එක්වර ම වැඩ නැවැත්වූ මම ‘අහන්න සිල්වියා, මෙතන කිසිවක් තේරුම් ගන්න බැහැ. මේ තරම් හොඳින් ගෙවීම් කරන රැකියාවල් මෙහි නැහැ’ යි ඇයට කිවුවා. ඒ නිසා, ඇඳ උඩ වාඩි වූ අපි, පුරුදු පරිදි සිගරැට්ටුවක් දල්වාගෙන, එය විශ්ලේෂනය කලා. ඔහු දේශපාලනයට උනන්දුවක් දැක්වූයේ නැහැ. ...ඔහු අපේ සාකච්ඡාවන්ට සහභාගි වුනේ නැහැ...ඉතින්? ඔහු ඇය අත්හැර යාම අවශ්‍ය නො වූ තරමට ප්‍රේමයෙන් උමතු වී සිටි බව අපි හිතුවා. අපේ නිගමනය වූයේ එය යි. [34]

ගිම්හානයේ පශ්චාත් භාගයේ දී මොනාඩ් ඇගිලොෆ්ට තවත් රැකියාවක් කරන ලෙස යෝජනා කල අතර, මෙවර රැකියාව වූයේ “ආගස් මුද්‍රනාලය” නමැති සමාගම වෙනුවෙන් මනෝවිද්‍යාත්මක ලිපි ලිවීම යි. මේ රැකියාව සඳහා, ඇගිලොෆ්ට සමාගමෙන් නො ව මොනාඩ්ගෙන් ඍජු ව මසකට ෆ්‍රෑන්ක් 3,000ක් ලැබුනු අතර, ලිපි පලකරනු ලබන්නේ කොහි ද යන්න ඇයට දැන ගැනීමටත්, ලිපිවල අවසාන ස්වරූපය කියවීමටත් ඇයට අවසර නො ලැබුනි. [35]

(පොරොන්දු දුන් අහස: ස්ටැලින්ට සේවයේ යෙදෙන ගැහැනියක්) නමැති කෘතියේ කර්තෘ ග්‍රෙගෝරියෝ ලූරි මෙසේ විස්තර කලේ ය: “කොතරම් සුප්‍රකට වුවත් මෙතරම් ගෙවීමක් ලබන මනෝවිද්‍යාඥයෙක් ප්‍රන්සය තුල නො සිටියේ ය. එහෙත් මේ කිසිවක් ගැන සිල්වියා සැක කලේ නැත.” [36] ලූරි මෙසේ ද එකතු කලේ ය: “අප කරුනු මධ්‍යස්ථ ව විශ්ලේෂනය කරන්නේ නම්, එනම්, සිල්වියා කරමින් නො සිටි ආකාරයට අපක්ෂපාතී ආකාරයට කරුනු සලකා බලන්නේ නම්, රේමන් ඇයට ඉදිරිපත් කල කරුනු අතර ගැලපීමක් නො වූ බව අපට ක්ෂනික ව සොයාගන්නවා ඇත.” [37]

1938 ජූලි-සැප්තැම්බර්: ඇගිලොෆ් ඉදිරියේ එන හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයට සහභාගි වන යුරෝපීය නියෝජිතයන්ට මොනාඩ් ව හඳුන්වා දෙයි

ඇගිලොෆ් යුරෝපයට සංචාරය කර තිබුනේ පැරීසියේ පැවැත්වීමට නියමිත ව තිබූ ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ආරම්භක සම්මේලනයෙහි පරෙස්සම් සහගත සූදානම් කිරීම්වලට ආධාර දීම පිනිස ය. මෙම සම්මේලනය මුල දී ඇගිලොෆ් ප්‍රන්සයට පැමිනි කාලයේ පැවැත්වීමට නියමිත ව තිබුන ද තියුනු වෙමින් පැවති ආරක්ෂක උත්සුකයන් හේතුවෙන් පසුව සැප්තැම්බර් මුල දක්වා කල් දමන ලදී.

සම්මේලනයට ක්ෂනික ව ඉක්බිත්තේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට එරෙහි ජීපීයූවේ උද්ඝෝෂනය කැලඹිලි සහගත මට්ටමකට ලඟා විය. ජූලි මාසයේ, ඇගිලොෆ් පැරීසියට ලඟාවීමෙන් කෙටි කලකට පසුව, හතරවැනි ජාත්‍යන්තරයේ ලේකම් වූ රුඩොල්ෆ් ක්ලෙමන්ට් ජීපීයූව විසින් ඝාතනය කල අතර, ඔලුව සහ දෙපා සිරුරෙන් වෙන් කරන ලද ඔහුගේ මල සිරුර පසුව සයින් ගංගාවේ වෙරලට ගොඩගසා තිබුනි. ක්ලෙමන්ට් අතුරුදන් වීමට ක්ෂනික ව පෙරාතුව, ආරම්භක සම්මේලනය සඳහා සැලසුම් කරන ලද ලේඛන අඩංගු වුනු ඇඳුම් පෙට්ටියක් ජීපීයූව ක්ලෙමන්ට්ගෙන් සොරාගෙන තිබුනි.  

ක්ලෙමන්ට්ට සමීප ව සිටි ප්‍රන්ස ට්‍රොට්ස්කිවාදීහු ඔහු සමලිංගිකයෙක් බව දැන සිටිය හ. ඔහු සමීප සබඳතාවක් ආරම්භ කර තිබුනු මිනිසා යනු ඝාතනය සංවිධානය කිරීමට උදව් කල ජීපීයූ චරපුරුෂයෙක් බව ඔවුහු විශ්වාස කල හ. [38] මෙය පුද්ගලික සම්බන්ධතා හරහා බිලිගැනීම් සිදුකිරීමේ ජීපීයූවේ විධික්‍රමය මෙමගින් හෙලිදරව් කල ද නො දන්නා මොනාඩ් සමග ඇගිලොෆ් ඇයගේ සබඳතාව දිගට ම පවත්වාගෙන ගියා පමනක් නො ව, වහා ම ඇය හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයට සහභාගි වීමට සූදානම් වෙමින් සිටි ට්‍රොට්ස්කිවාදී නායකයන් ව ඔහුට හඳුන්වා දෙමින් සිටියා ය. 

මෙක්සිකෝවේ පැවති ඔහුගේ අපරාධ නඩුවේ දී, ඇගිලොෆ් තමන් ව “යිවාන්ට” හඳුන්වා දුන් බවට සාක්ෂි දුන් මර්කාඩර්, එමගින් සඳහන් කලේ සම්මේලන නියෝජිතයෙකු වූත්, ඔහු ව පලමු නමින් හැඳින්වීමට තරම් සමීප ව සිටියා වූත් යිවාන් ක්‍රයිපෝ ගැන ය. ඔහු (මර්කාඩර්) මෙසේ කියාගෙන ගියේ ය:

1938 සැප්තැම්බර් වන විට, සිල්වියා ඇගිලොෆ් යනු ට්‍රොට්ස්කිවාදිනියක බවත්, ට්‍රොට්ස්කිවාදීන් සමග ඇයට සබඳතා තිබූ බවත්, ට්‍රොට්ස්කිවාදී පක්ෂයේ සාමාජිකාවක් වූ බවත් මා දැන සිටි අතර, මෙහි අවසනට සඳහන් කල කරුන ගැන සිල්වියා විශේෂයෙන් සඳහන් කලේ දැයි මට මතක නැත; සමහර අවස්ථාවල දී සිල්වියා සමග පමනක් ද තවත් සමහර අවස්ථාවල දී ඇගේ මිතුරු මිතුරියන් හෝ සහෝදරවරුන් සමග ද අප විනෝද ගමන් කිහිපයක් ම ගිය අතර, ඒවායේ දී අපි ෂතෝ තියෙරි, වර්දන්, මෙට්ස්, ටවුට්ස්, බ්ලොයිස්, චාට්‍රෙස්, දවුවිල් ආදී ස්ථාන වෙත ගියෙමු. සිල්වියාගේ ට්‍රොට්ස්කිවාදී මිතුරන් වූ සහෝදරවරුන් අතර මන්නි, වෝල්තා, නැටී, ෆ්‍රෑන්ක්, එලිසබෙත් සහ තවත් සිටියා මට මතකයි. [39]

මොනාඩ්-මර්කාඩර් යනු එම සැප්තැම්බරයේ පැවති ආරම්භක සම්මේලනය සඳහා සහභාගි වූ ඇමරිකානු නියෝජිතයෙකු වූ “මැනුවල් ගැරෙට්ගේ නිවසේ රාත්‍රී භෝජනයන්ට සහභාගි වූ ආරාධිතයෙක්” බව, රහසිගත තොරතුරුකරුවන් දැනුම් දුන්නේ යයි ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් සති කිහිපයකට පසුව තබන ලද එෆ්බීඅයි වාර්තා සටහන් පෙන්වා දෙයි. (40) මේ මර්කාඩර් ඔහුගේ මෙක්සිකෝ නඩුවේ දී සඳහන් කල “මැන්නි” නමැත්තා ය.

මර්කාඩර් විසින් සඳහන් කල “නැටී” යනු, ආරම්භක සම්මේලනයට සමාජවාදී කම්කරු පක්ෂයේ නියෝජිතයෙක් ලෙස සහභාගි වූ ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී නේතන් ගුල්ඩ් ය.

ඇගිලොෆ් මාක් ස්බොරොව්ස්කිට ද සම්බන්ධ ව සිටියා ය.

සීමිත කර තිබූ ජීපීයූ ලේඛනාගාර වෙතට ප්‍රවේශ වීමට තිබූ අවස්ථාව, ස්ටැලින්වාදී රහස් පොලීසිය යුරෝපය තුල කරගෙන ගිය ක්‍රියාකාරකම් පිලිබඳ  ව සුවිශේෂී දෘෂ්ටියක් ලබා දී තිබූ හිටපු සෝවියට් ජෙනරාල් හා රුසියානු ඉතිසාඥ ද්මිත්‍රි වොල්කොගොනොව්ට අනුව, “ලේකම් මන්ඩලය එකට කල වැඩකටයුතු හරහා ස්බොරොව්ස්කි” ඇගිලොෆ් ගැන දැන සිටියේ ය. [41]

2010 දී පලකරන ලද ගානි ජකුපිගේ ලේ අමාන්ට්ස් දෙ සිල්විය (සිල්වියාගේ ආදරවන්තයෝ) නමැති ප්‍රන්ස ඓතිහාසික ප්‍රබන්ධයක් නොවන කෘතිය මාරි ක්‍රයිපෝ සමග කල සම්මුඛ සාකච්ඡා මත බොහෝ සෙයින් පදනම් වන අතර, වේල් හා ඇගිලොෆ් “මොනාඩ්ට” පලමු වරට හඳුන්වා දෙනු ලබන අවස්ථාවේ ස්බොරොව්ස්කි එහි සිටි බව අවධාරනය කරයි. [42] එක්සත් ජනපදය තුල සෝවියට් ක්‍රියාකාරකම්වල විෂය පථය පිලිබඳ එක්සත් ජනපද සෙනෙට් උපකමිටුව ඉදිරියේ ස්බොරොව්ස්කි දුන් රහසිගත සාක්ෂිවල දී, ඇගිලොෆ් ව හඳුනන බව ඔහු පිලිගත් අතර, කරුනුවලින් මග හරිමින් මතක නැති කම පිලිබඳ සඳහන් කරමින්, වැඩිදුර විස්තර සම්පාදනයෙන් වැලකී සිටියේ ය. [43]

1938: ඇගිලොෆ් මොනාඩ්ට හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයට ආරාධනා කරයි

සැප්තැම්බර් මුල ඇල්ෆ්‍රඩ් හා මාගරිට් රෝස්මර්ට අයත් පැරිස් තදාසන්න ස්ථානයක දී සම්මේලනය ආරම්භ වන විට, විරුද්ධ පාර්ශවයේ රුසියානු ශාඛාව නියෝජනය කල නියෝජිතයා වූ ස්බොරොව්ස්කි සමග වැඩ කල රුසියානු පරිවර්තිකාවක් ලෙස ඇගිලොෆ් සම්මේලන ශාලාව තුල සිටියා ය.

සිද්ධිය පැවැත්වුනු ජීවිතයට තර්ජන එල්ල වුනු කොන්දේසි සහ ආරම්භක සම්මේලනය වෙනුවෙන් ගන්නා ලද ආරක්ෂක පූර්වෝපායන්, ඉතිහාසඥ රොබට් ජැක්සන් ඇලෙක්සැන්ඩර් විසින් විස්තර කලේ ය:

හතරවැනි ජාත්‍යන්තරය රූපික ව පිහිටුවන ලද රැස්වීම පැවැත්වුනේ, නව ලෝක යුද්ධයක තර්ජනය ඉතා ආසන්න වූ අවස්ථාවක් වන මියුනිච් අර්බුදයෙහි මුදුනත දී ය. ට්‍රොට්ස්කිවාදීන්ට ඔවුන්ගේ මෙහෙයුම ආරක්ෂිත ව සම්පූර්න කිරීම තහවුරු කිරීම සදහා ආන්තික ආරක්ෂක පියවරයන් ගැනීමට සිදු විය. ප්‍රන්ස පොලීසියේ විය හැකි මැදිහත් වීමක් පමනක් නො ව, වඩා වැදගත් ලෙස, සෝවියට් ජීපීයූව විසින් සම්මේලනය කඩාකප්පල් කොට එයට සහභාගි වූ කිහිපදෙනෙක් හෝ සියලු දෙනා මරා දැමීමේ උත්සාහයන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන්ට සිදු ව තිබුනි. ...

රැස්වීමට සහභාගි වූ තැනැත්තෝ ඔවුන් යන්නේ කොහි ද හා කිරීමට යන්නේ කුමක් ද යන්න පිලිබඳ ව හැකිතාක් සුපරීක්ෂාකාරී ව සිටීමට උත්සාහ කල හ. ඒ අනුව, පැරීසියේ සිටි රෝස්මර් නිවස දක්වා ඔවුහු එකිනෙකට වෙනස් මාවත් කිහිපයකින් පැමිනිය හ. ... ආරක්ෂක සලකාබැලීම් නිසා රැස්වීම එක් දිනකට වඩා නො පැවැත්වීම අවශ්‍ය විය. [44]

“රැස්වීම අත්හිටුවීමෙන් අනතුරු ව හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනය ‘ස්විට්සර්ලන්තයේ කොතැන හෝ තැනක’ පවත්වන ලදැයි නිවේදනය කරන පමනට” ව්‍යාපාරයේ නායකත්වය නියෝජිතයන්ගේ ගමන් බිමන් සහ සත්කාරකයන්ගේ ආරක්ෂාව හෙලිදරව් කිරීම පිලිබඳ ව සැලකිලිමත් විය. [45]

නියෝජිතයන් මුහුන දුන් අන්තරායන් නො තකා ඇගිලොෆ් සම්මේලනය පැවති ස්ථානයට මොනාඩ් කැඳවාගෙන ආ අතර, එය පැවති කාලය පුරා ට්‍රොට්ස්කිගේ අනාගත ඝාතකයා අංගනයේ වාඩි වී සිටියේ, විවේකයන්හි දී එයට සහභාගි වූවන් නිරීක්ෂනය කරමින් හා ඔවුන් සමග කතා කරමිනි.

ලූරි මෙසේ ලීවේ ය:

සිල්වියා මෙම රැස්වීමට සහභාගි වූයේ පරිවර්තිකාවක් ලෙසිනි. රේමන් ඇය රෝස්මර් නිවසට කැඳවාගෙන ආ නමුත්, ඇතුලත සිදුවන දේශපාලන සාකච්ඡා පිලිබඳ අවම හෝ උනන්දුවක් නැතැයි ඇයට කියා තිබූ ඔහු, ඇය අපේක්ෂාවෙන් උද්‍යානයේ රැඳී සිටීමටත්, විවේක කාලයන්හි දී රැස්වීමට සහභාගි වූවන් සමග අදාල නො වන තේමාවන් ගැන කතා කිරීමටත්, තෙමේ ම සීමා වී ගත්තේ ය. ආගන්තුකයන් සමග සබඳතා පැවැත්වීම පහසු බව ඔහු සොයාගත්තේ ය. [46]

මොනාඩ් “දුම් බොමින් හා කාලය කා දමමින් උද්‍යානයේ රැඳී සිටි” බව පුයිග්වෙන්ටෝස් ඒ හා සමාන ව විස්තර කලේ ය. “ඔහුගේ පෙම්වතියගේ මිතුරන් වීම නිසා ඔහු නියෝජිතයන් කිහිප දෙනෙකු ම හමු විය ...” [47]

ජීපීයූව ආරම්භක සම්මේලනය “ආවරනය” කොට තිබුනි. ජාත්‍යන්තර නියෝජිතයන් සියලු දෙනා ඔවුන්ගේ මව් රටවල් බලා ආපසු පැමිනි අතර, ජීපීයූව සුදුසු පරිදි ඔවුන්ගේ දේශීය ඔත්තුකරුවන්ට හා ඝාතකයන්ට ඒ බව දැනුම් දුන්නේ ය.

සම්මේලනයට මොනාඩ් කැඳවාගෙන ඒමට ඇගිලොෆ් ගත් තීරනය, ආරක්ෂාව වගකීම් විරහිත ලෙස කඩකිරීමක් වූ අතර, එය ඇය ව පක්ෂයෙන් ඉවත් කිරීම ප්‍රතිඵල කල යුතුව තිබුනි. ඇමරිකානු කම්කරු ව්‍යාපාරයේ දේශපාලන අපරිනත භාවය පිලිබිඹු කල සමාජවාදී කම්කරු පක්ෂය, ඛේදජනක ලෙස එවන් සිද්ධීන්ට නිරීක්ෂනය කිරීමකින් තොර ව සිදුවන්නට ඉඩහැරියේ ය. මෙම දේශපාලන දුර්වලත්වය, ලියොන් ට්‍රොට්ස්කිගේ පුද්ගලික ආරක්ෂාව කෙරෙහි විනාශකාරී විපාකයන්ට ජනනය කිරීමට නියමිත විය.

ට්‍රොට්ස්කිගේ වඩාත් ම නිපුන බටහිර යුරෝපීය සගයන් මරා දමනු ලැබ, ට්‍රොට්ස්කි වඩ වඩා මෙක්සිකෝවේ හුදකලා වෙද්දී, ජීපීයූවේ අවධානය මෙක්සිකෝ නගරයේ හා නිව් යෝක්හි ඒජන්ත ජාලයක් හරහා අත්ලන්තික් සාගරය වෙත මාරු විය. ට්‍රොට්ස්කි කායිකව නොනැසී සිටීම පිලිබඳ ව මේ වනවිට ප්‍රධාන වසයෙන් වගකිව යුතු වූ සමාජවාදී කම්කරු පක්ෂය, මෙම තර්ජනයට දේශපාලනික ව නුසූදානම් විය.

ආරම්භක සම්මේලනය පැවැත්වීමෙන් මාස කිහිපයකට පසුව, 1939 මුල දී ඇගිලොෆ් එක්සත් ජනපදයට ආපසු පැමිනියා ය. ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට ජීපීයූව දියත් කල කුමන්ත්‍රනයේ තීරනාත්මක සංරචකයක් බවට ඇය පත්ව තිබුනි.

1939 සැප්තැම්බර්: මොනාඩ් තම අනන්‍යතාව වෙනස් කරගෙන නිව් යෝක් නරගයට නීති-විරෝධී ලෙස සංචාරය කරයි

1939 සැප්තැම්බර් 3දා මොනාඩ් නිව් යෝක් නරගයට ඉලේ දේ ෆ්‍රාන්ස් නමැති දුම්නැවෙන් පැමිනෙන සමය වන විට, ජීපීයූ උද්ඝෝෂනයේ ඊලඟ අදියර ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබුනි. තව දුරටත් “ජැක් මොනාඩ්” නමින් පෙනී නො සිටි ඔහු, ඒ වන විට “ෆ්‍රෑන්ක් ජැක්සන්” නමින් හඳුන්වනු ලැබුනි. ව්‍යාජ කැනේඩියානු ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් සිටි ඔහු, බෙල්ජියානු සන්නද්ධ හමුදාවන්ට බලෙන් බඳවාගනු ලැබීමෙන් පලා එන බව කියාපෑවේ ය. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ දී මිය ගිය කැනේඩියානු ස්වේච්ඡා භටයෙකු වූ ටෝනි බැබිච්ගේ ගමන් බලපත්‍රය ජීපීයූව විසින් ඔහුට සපයා දී තිබූ බව පසුව දැනගන්නට ලැබුනි.

මේ කාලය වන විට යුරෝපයේ සිට එක්සත් ජනපදයට සංක්‍රමනය කිරීම පහසු කටයුත්තක් නො වී ය. 1939 සැප්තැම්බර් 1දා හිට්ලර් පෝලන්තය ආක්‍රමනය කිරීමත් සමග, දස දහස් ගනනක් යුරෝපයෙන් පිටවීමට උත්සාහ දරමින් සිටියත්, රූස්වෙල්ට් පරිපාලනයේ දැඩි සංක්‍රමන සීමාවන් නිසා එසේ කල නො හැකි විය. යන්තම් මාස තුනකට පෙර, ජර්මානු යුදෙව් සංක්‍රමනිකයන් 900ක් රැගත් එච්එම්එස් සාන්ත ලුවී නෞකාව එක්සත් ජනපදයට ගොඩ බැසීමට ඉඩ දීම එක්සත් ජනපද ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කර තිබුනි.

ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් පසුව, මේ වාරයේ “විධායක නියෝගයක්” හරහා “ෆ්‍රෑන්ක් ජැක්සන්” එක්සත් ජනපදයට ඇතුල් වීමට සමර්ථ වූ බව දැන ගැනීමට එෆ්බීඅයි උනන්දු විය. එෆ්බීඅයි වාර්තාවක් මෙසේ සඳහන් කරයි: “පෙනීමට තිබෙන ලෙස වොෂින්ටන් ඩීසීහි සංක්‍රමන සේවා මූලස්ථානයේ නියෝගය මත ඔහු ව නිදහස් කරන ලද බව අර්ථවත් කරමින්, ‘විධායක නියෝගයක්’ යනුවෙන් හඳුන්වනු ලබන දෙයක් හරහා එක්සත් ජනපදයට ඇතුල් වීමට ඔහුට අවසර දෙනු ලැබිනි.” [48] විය යුතු පරිදි ම ජේ. එඩ්ගාර් හූවර් මෙම වාර්තාව සහකාර රාජ්‍ය ලේකම් ඇඩොල්ෆ් බර්ලිට හා නාවික ඔත්තු සේවා ප්‍රධානී රියර් අද්මිරාල් වෝල්ටර් ඇන්ඩර්සන්ට යැවී ය. [49] මොනාඩ්ගේ “විධායක නියෝගයේ” අර්ථය හෝ මිය ගිය කැනඩා කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙකුගේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ගමන් කරන අතරතුර මෙම නියෝගය ලබාගැනීමට ඔහු සමත් වූයේ කෙසේ ද යන්න ගැන පිලිබඳ ප්‍රසිද්ධ වාර්තා නැත.

නිව් යෝක් නගරයේ දී ඇගිලොෆ් එස්ඩබ්ලිව්පීයේ ඇගේ සහෝදරවරුන්ට “ජැක්සන්” හඳුන්වා දුන්නා ය. මෙම පුද්ගලයන්ගෙන් එක් තැනැත්තියෙක් වූයේ, 2011 පැවති සම්මුඛ සාකච්ඡාවක දී ඇගිලොෆ් යනු “මගේ සමීපතම මිතුරියන්ගෙන් එක්කෙනෙක්” ලෙස විස්තර කල ලිලියන් පොලැක් ය. එස්ඩබ්ලිව්පීයේ සිටියා වූ හා මෙක්සිකෝවේ සිටි ට්‍රොට්ස්කි මුනගැසී තිබුනා වූ පොලැක්, ඉක්මනින් ම ජැක්සන්-මොනාඩ් ගැන සැක පල කලා ය.

ඔහු ඇය මුනගැසීමට පැමිනි අතර, ඔහු පැමිනි දවසේ මගේ මිතුරෙක් හා මම ඔවුන් (නැවතී සිටි තැනට) පයින් ඇවිදගෙන යද්දී ඔහු එලිමහනේ තනියෙන් වාඩි වී සිටියා. “අපි ඇවිද යමු. ...” යි මම මගේ මිතුරාට කීවා. අපි ඔහු පසුකර යද්දී “ඔහුගේ මුහුනේ තිබුනු කලු පැහැති පෙනුම මාව බය කලා.” යුරෝපයේ සිට තමන්ගේ පෙම්වතිය බැලීමට පැමින සිටි කොල්ලා මොහු ද? ෆ්‍රෙඩ් ඇස්ටෙයාර් හා ජින්ජර් රොජර්ස් ගායනා කල  මෙම ජනප්‍රිය ගීතය ගායනා කිරීම මම ආරම්භ කලා - “අද්භූත ප්‍රේමවෘතාන්තයක්, මගේ මිත්‍රයා, මේක සිපගැනීම් නැති අද්භූත ප්‍රේම වෘතාන්තයක්.” [50]

1995 දී ඇගිලොෆ් මිය යන තෙක් ඇය සමග මිතුරු ව සිටි පොලැක්, සිල්වියා ඇගිලොෆ් නමැති චරිතයක් රැගත්, මිහිරිතම සිහින: ආදරය, බොරු හා ඝාතනය (ද ස්වීටස්ට් ඩ්‍රීම්: ලව්, ලයිස් ඇන්ඩ් ඇසසිනේෂන්) නමැති ස්වයං-චරිතාපදානමය ස්මරන/නව කතාවක් 2008 දී ලීවා ය. 1939 දී ඔවුන් තිදෙනා නිව් යෝක් නගරයේ සිටින අතරතුර, ජැක්සන්-මොනාඩ් “මා සමග හතරවැනි ජාත්‍යන්තරයේ රැස්වීමට රෝස්මර්ගේ නිවසට ගියා” යි ඇගිලොෆ් පොලැක්ට කී බව පොලැක් ලීවා ය. “එහෙත් ඔහු පිටතින් රැඳී සිටි අතර, ඇතුලට ආවේ නැහැ. ඔහු, ෂැට්මන් හා කැනන් හා එටියනේ මුනගැසීම මට අවශ්‍ය වුනා” යි ඇය කීවේ, ස්බොරොව්ස්කි සමග පැවති සමීප සබඳතාවක් ගම්‍ය කරමින් හා එස්ඩබ්ලිව්පී නායකයන් සමග ජැක්සන්-මොනාඩ් මිත්‍ර කරවීමේ කැමැත්තක් පෙන්නුම් කරමින්. [51]

කෙටි කලක් එක්සත් ජනපදයේ රැඳී සිටි ජැක්සන්-මොනාඩ් ඉන්පසු මෙක්සිකෝ නගරයට ගියේ ය. 1939 දෙසැම්බරයේ දී, තමන්ට උනුසුම් දේශගුනයක ජීවත් වීම අවශ්‍ය කරන තුවාලයක් තිබෙන බව සඳහන් කරමින් ඇගිලොෆ් වෛද්‍යවර‍යෙකුගෙන් ලිපියක් ලබාගත්තා ය. [52]

ඉතිහාසඳ බර්ට්‍රන්ඩ් පැටනෝඩ් විශ්වාස කලේ මෙය ව්‍යාජ ඇඟවීමක් බව යි: “නත්තල් නිවාඩුව ලඟා වෙද්දී, නිව් යෝක් නගරයේ (මනෝවිද්‍යාත්මක) සමාජ වැඩ කම්කරුවෙකු ලෙස වැඩ කිරීමෙන් වැලකීම සඳහා ලෙඩ වී සිටින බව බොරුවට ඇඟවූ සිල්වියා, සුවය ලැබීම පිනිස උනුසුම් දේශගුනයක් අවශ්‍ය බවත්, ඔඩු දිවූ තුවාලයක වේදනාවකින් පෙලෙන බවත් සඳහන් රහස් වෛද්‍ය සටහනක් ලබාගත්තා ය.” [53] “ජැක් මුනගැසීම සඳහා යාමට ඉතා හොඳ නිදහසට කරුනක් ලබාගැනීම පිනිස ඇය ඇයගේ වේදනාව අතිශයෝක්තියට නැංවූ බව වසර ගනනාවකට පසු සිල්වියා විස්තර කලා” යි ඒ හා සමාන ව පුයිග්වෙන්ටෝස් සඳහන් කලේ ය.

වැඩවලින් විවේකයක් ලබාගැනීම සඳහා ඇය කල ඉල්ලීමට අවසර දෙන ලද අතර, ඇය ජනවාරියේ දී මෙක්සිකෝව බලා පිටත්වූවා ය. ජීපීයූ වලල්ල මෙක්සිකෝවේ සිටි ට්‍රොට්ස්කි වෙත සමීප වෙමින් සිටියේ ය. 1940 වසර ඔහුගේ අවසන් වසර වීමට නියමිත විය.

1940 ජනවාරි: ඇගිලොෆ් හා ජැක්සන්-මොනාඩ් මෙක්සිකෝ නගරයේ දී යලි එක් වේ; ඔහු ව ට්‍රොට්ස්කිගේ නිවස්නයට හඳුන්වා දෙනු ලැබේ

ජීපීයූ ඒජන්ත ජාලයක් ස්ථාපිත වී තිබුනු මෙක්සිකෝ නරගයට ඇගිලොෆ් ලඟා වූවා ය.

මෙක්සිකෝව වෙත පැමිනීමෙන් ක්ෂනික ව ඉක්බිත්තේ, ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ වූ නතාලියා සෙඩෝවා සමග ඇයගේ සහෝදරියන් වර්ධනය කරගෙන තිබූ සබඳතාව යොදාගනිමින්, නිවස්නයේ “මිතුරියක්” ලෙස තමන් ම ඒකාග්‍ර වීම පිනිස, ඇගිලොෆ් ට්‍රොට්ස්කිගේ නිවාස සංකීර්නය වෙත යාම ඇරඹුවා ය. 

ඝාතනය හා මෙක්සිකානු විමර්ශනයේ අංශයන් විස්තර කල මෙක්සිකෝවේ මිනීමැරුම (මර්ඩර් ඉන් මෙක්සිකෝ) නමැති කෘතියක්, මෙක්සිකෝ නරගයේ පොලීසියේ රහස් සේවාවේ ප්‍රධානී ජෙනරාල් ලියැන්ද්‍රෝ සැන්චෙස් සලසාර්, පූමයේ හිටපු නායක ජූලියන් ගෝකින් සමග ඒකාබද්ධ ව 1950 දී රචනා කලේ ය. ගෝකින් විසින් ලියන ලද මෙම කෘතියේ එක් පරිච්ඡේදයක්, ඇගිලොෆ් හා ජැක්සන් වැනි පුද්ගලයන් ට්‍රොට්ස්කිගේ නිවාස සංකීර්නය වෙත හඳුන්වා දීමේ දී ජීපීයූව යොදාගත් විධික්‍රම විස්තර කලේ ය:

සතුරාගේ ඒජන්තයා මිත්‍රයෙක් හා සහෝදරයෙක් ලෙස ඉදිරිපත් කරනු ලබන විට, එම ඒජන්තයා සොයාගැනීමට ලෝකයේ සියලු ඥානයන් ප්‍රමානවත් නො වේ. එය එසේ නො වී නම්, ඔත්තු බලන්නන් හෝ ඒජන්ත-ප්‍රකෝපකාරීන් නො සිටිනු ඇත; නැතහොත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නො සිටිනු ඇත. සියලු පොලිස් සේවාවන් මෙය බහුල ව යොදාගන්නා අතර, අපගේ යුගය වැනි යුගයක දී විශේෂයෙන් ම එය එසේ ය. එහෙත්, සිය ඒජන්තයන් සූදානම් කිරීමේ දී හා ඔවුන් සිදුකල යුතු කාර්යය සිදුකිරීම සඳහා වඩාත් ම සුදුසු ස්ථාන වෙත හඳුන්වා දීමේ දී ජීපීයූවට හා ගෙස්ටාපෝවට කිසිවෙක් කිසිදා සමාන වී නැත.

මේ අංශයෙන් ජීපීයූව ගෙස්ටාපෝවට වඩා යෝග්‍ය විය හැකි ය. හුදෙක් ලාබයේ පෙලඹවීම විසින් ආකර්ශනය කර ගන්නා හෝ  අතිවික්‍රමයන්ගේ ජීවගුනය මගින් තල්ලු කරන තැනැත්තන් නො වන එහි ඒජන්තයන්, ඔවුන්ගේ වඩාත් ම අනම්‍ය රාජකාරිය යයි ඔවුන් උපකල්පනය කරන දෙය සඳහා ඔවුන්ගේ ජීවිත හා විමුක්තිය කැපකිරීම පිනිස නිරන්තරයෙන් සූදානම් වන අන්ධභක්තිකයන් වේ. ඊට අමතර ව, මෙම “රාජකාරිය” ඉටුකර ගැනීම ඔවුන්ගේ ම පැවැත්ම මත රඳා පවතින ඔවුහු දනිති. මේ අර්ථයෙන්, ඔවුන් වනාහි නිරන්තරයෙන් ඔත්තු බලනු ලැබීමට බඳුන් වන ඔත්තුකරුවන් මෙන් ම, ත්‍රස්තයේ තර්ජනය නිරන්තරයෙන් බලපාන ත්‍රස්තවාදීන් ද වේ. රටින් පිටත සේවාවන් නියම කරන ලද ජීපීයූ ඒජන්තයන් සූදානම් කිරීම සඳහා මොස්කෝවේ හා ලෙනින්ග්‍රෑඩයේ දීර්ඝ කාලයක් තිස්සේ පාසල් පැවතී ඇත. ඒවා නිර්මානය කිරීමට උදව් දුන් ට්‍රොට්ස්කි, මෙම පාසල් පිලිබඳ  ව ඉතා හොඳින් දැන සිටියේ  ය. [55]

ජූලියන් ගෝකින් (මූලාශ්‍රය- ෆුන්ඩෂියෝන් ආන්ද්‍රෙයු නින්)

 

ට්‍රොට්ස්කි පවුල සමග ඇගිලොෆ්ගේ “මිත්‍රත්වය” ජීපීයූ රටාවක් අනුගමනය කලේ ය. 1937 වසරේ ප්‍රන්සයේ දී, 29 හැවිරිදි ස්විස් ජාතික කාන්තාවක් වූ රෙනාටා ස්ටෙයිනර්, ලෙව් සෙඩොව් හා ඔහුගේ බිරිඳ වූ ජියෑන් මාටින් දෙ පැලියර්ස් සමත මිත්‍ර වූවා ය. ජීපීයූ ඒජන්තවරියක් වූ ස්ටෙයිනර්, හුදෙක් සෙඩොව් පිලිබඳ ව පමනක් නො ව, ඉග්නේස් රයිස් පිලිබඳ ව ලුහුබැඳ ගොස් වාර්තා කලා ය. රයිස් හා ඔහුගේ බිරිඳ වූ එලිසබෙත් පෝරෙට්ස්කි සලකුනු කරගැනීමට ස්ටෙයිනර් දැරූ උත්සාහයන්, 1937 සැප්තැම්බර් මාසයේ, ස්විට්සර්ලන්තයේ ලෝසෑන් නගරයෙන් පිටත දී, ජීපීයූවෙන් ඉවත් ව ගොස් තිබුනු රයිස් ව ස්ථානගත කරගෙන මරා දැමීම පිනිස ජීපීයූවට උදව් කලේ ය. පෝරෙට්ස්කි පහත දැක්වෙන ආකාරයට ස්ටෙයිනර් ව යලි මතකයට නැංවූවා ය:

ස්ටෙයිනර් දකුනු ප්‍රන්සයේ ඇන්ටිබ්ස්හි නිවාඩුවක් ගත කරමින් සිටි සෙඩොව්වරුන් හඳුනාගැනීමේ අපේක්ෂාවෙන් පසු විය. එය (සෝවියට් සංගමයට) වීසා බලපත්‍රයක් ලබා දීමට කරන හිලව්වක් සමග වැඩි සම්බන්ධයක් නො තිබූ අතර, එය අප්‍රසන්න ද නො වී ය. ඇය සෙඩොව්වරුන්ගේ කාමරයට ආසන්න කාමරයක් ලබා ගත්තා ය. ඇයට මුදල් හා ඇඳුම් දෙන ලද අතර, ඇය කල යුතුව තිබූ සියල්ල වූයේ සෙඩොව්ගේ චලනයන් පිලිබඳ ව වාර්තා කිරීම යි. (56)

තව ද තවත් ජීපීයූ ඒජන්ත වරියක් වූ සිල්වියා ෆ්‍රෑන්ක්ලින් (විවාහයට පෙර කැලන්) නිව් යෝක් නගරයේ දී ජේම්ස් පී. කැනන්ගේ ලේකම් ලෙස 1938 දී වැඩ ආරම්භ කලා ය. ඇය කැනන්ගේ පුද්ගලික මිතුරියක් බවට පත් ව තිබූ අතර, ලුවී බුඩ්නස් විස්තර කල පරිදි කැනන්ගේ බිරිඳ වූ රෝස් කාර්ස්නර් ජීපීයූ ඒජන්තවරියගේ “සමීප මිතුරියක්” වූවා ය. (57) වසර නවයක් පුරා, හතරවැනි ජාත්‍යන්තරයේ සියලු ලිපි ලේඛන, සිල්වියා ෆ්‍රැන්ක්ලින් කැනන්ගේ මේසයෙන් නිව් යෝක් නගරයේ සිටි ඇයගේ ජීපීයූ හසුරුවන්නන් අතට පත් කලා ය.

ඇගිලොෆ්ගේ සිද්ධියේ දී, 1940 වසරේ මේ පලමු මාසවල දී “සිල්වියා විවිධ අවස්ථාවල කොයෝවාකාන්හි ට්‍රොට්ස්කිගේ නිවසට ගියා ය. ඇයගේ පලමු සංචාරයේ දී ජැක්සන් එක්සත් ජනපදයට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඇතුල් වී ඇති බව ඇය ප්‍රකාශ කල නමුත් කිසිවෙක් ඔහු පිලිබඳ ව වැඩි උනන්දුවක් නො දැක්වූ අතර, කිසිවෙක් වැඩිදුර විස්තර ඇසුවේ නැත” යි ලූරි ලීවේ ය. [58]

ජනවාරි හා මාර්තු-මැද අතර, ඇගිලොෆ් නිවාස සංකීර්නයට පැමිනි අතර, ඇය ගෙනැත් ඇරලූ ජැක්සන්-මොනාඩ් පලමු වරට එහි පෙනී සිටියේ ය. ඔහු ඒ වන විට ට්‍රොට්ස්කිගේ නිවහනට පැමින නො තිබුනත්, ට්‍රොට්ස්කිගේ ආරක්ෂකයන් හා පිටතින් රැඳී සිටි මෙක්සිකානු පොලීසිය ඔහු සමග අල්ලාප සල්ලාපයේ යෙදුනේ ය.

මේ මාසවල දී, දැනට කොයෝවාකාන්හි ට්‍රොට්ස්කි සමග ජීවත් වුනු හතරවැනි ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයෙහි සත්කාරකවරුන් වූ ඇල්ෆ්‍රඩ් හා මාගරිට් රෝස්මර් සමග, ඇගිලොෆ් හා ජැක්සන්-මොනාඩ් සමීප සබඳතාවක් වර්ධනය කරගත් හ.

“ප්‍රධාන වසයෙන් මාගරට් ඇතුලු රෝස්මර්ස් වරුන් සමග සිල්වියාට ඉතා සමීප සබඳතාවක් තිබුනු අතර, ඇය මාගරට්ට ඇයගේ දුක්ගැනවිලි හා සැකසංකාවන් කියා සිටියේ,” “රේමන් රෝස්මර්ස්වරුන්ගේ සාධුතර කරුනාවන්ට බඳුන් වී” යි පුයිග්වෙන්ටෝස් විස්තර කලේ ය. “ඔවුහු ට්‍රොට්ස්කිගේ නිවසේ දොරකඩදී එකිනෙකාට කතා කරමින් සිටිය හ. ...ඔහු ඉක්මනින් ම ඔවුන්ගේ විශ්වාසය දිනාගත් අතර, ඔවුන් යම් වචන කිහිපයක් හුවමාරු කරගත්තේ ය, ඔවුහු ජැක්සන් ආහාර ගැනීමට හෝ ඇවිදීමකට ආරාධනා කල හ. ...සියල්ලට ඉහලින් මේ යහපත් සබඳතා මාගරට්ගේ පාර්ශවයෙන් පැමිනි අතර, ඇය රේමන් ව දැකුම්කලු, ආචාරශීලී හා ත්‍යාගශීලී, කැමති වර්ගයේ හා ඉතා කඩවසම් කොල්ලෙකු ලෙස දැකගත්තා ය. [59] 

රෝස්මර්වරුන්ට පනිවුඩ ගෙන එමින් හා නිවහනේ සාමාජිකයන්ට උදව් කිරීම පිනිස ඔහුගේ වාහනය දෙමින්, ඇගිලොෆ්ගේ සහකරුවා“ට්‍රොට්ස්කිගේ නිවහනේ සාමාජිකයන් සමග වූ කුලුපගතාවෙන් ප්‍රයෝජන ගැනීම ඇරඹුවේ ය. [60]

එහෙත් ජැක්සන්-මොනාඩ් තවමත් නිවාස සංකීර්නයට ඇතුල් වී නො තිබුනු අතර, මේ වන තෙක් ට්‍රොට්ස්කිට හෙලිදරව් වී නො තිබුනි. තමන් තවමත් රෝගී බවත්, අතිරේක විවේක කාලයක් අවශ්‍ය බවත් තම හාම්පුතාට දැන්වූ ඇගිලොෆ් මෙක්සිකෝ නගරයේ නැවතී සිටි කාලය දීර්ඝ කරගත්තා ය.

තමන්ට ලැබුනු විවේකය මාර්තු 1දා අවසන් වුවත්, තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ නරක අතට හැරීම නිසා ආපසු පැමිනීම කල් දැමීමට කැමති බව සඳහන් විදුලි පනිවුඩයක්,  සිල්වියා පෙබරවාරි 26දා නිව් යෝක් සමාජ සුබසාධන දෙපාර්තමේන්තුවට යැවුවා ය. ඉදිරියේ එලඹෙන දින කිහිපය තුල වෛද්‍ය සහතිකයක් එවන බව ඇය කීවා ය. මාර්තු 1දා සිට බලාත්මක වන පරිදි, තම රෝගී කාලසීමාව අප්‍රේල් 1දා තෙක් දික් කරදෙන ලෙස නිල වසයෙන් ඇය ඉල්ලා සිටියේ, මෙක්සිකෝ නගරයේ වෛද්‍ය ඒ. සොලින්ජර් පෙබරවාරි 24දා අත්සන් තැබූ සහතිකයක් අමුනමිනි. මෙම වෛද්‍යවරයා ඇයගේ තුවාලය වඩා නරක් වෙමින් තිබූ බව තහවුරු කරමින්, මෙක්සිකෝවේ දේශගුනය වැනි ඌෂ්න දේශගුන තත්ත්වයක් යටතේ අඩු තරමින් තව මාසයක් වත් සිල්වියා රැඳී සිටිය යුතු බවට නිර්දේශ කලා ය. වෛද්‍ය සොලින්ජර්ගේ විශේෂඥ ක්ෂේත්‍රය නාරිවේදය වූ නිසාවෙන් ඇගිලොෆ් ඇයට ආයාචනා කිරීම කුතුහලය ජනනය කරයි. සිය තෙවන ගර්භනී කාලය ගෙවමින් සිටි ෆ්‍රීඩා කාලෝට වන්ධ්‍ය සැත්කම කල වෛද්‍යවරිය ඇය යි. [61]  

1940 මාර්තු: අර්මිටා ගොඩනැගිල්ලේ සිද්ධිය

ඇගිලොෆ් ව මෙක්සිකානු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ජැක්සන්-මොනාඩ්ගේ ස්වභාවය පිලිබඳ ව ඇගේ ම සිත තුල උත්සුකතා මතු කලේ යයි ඇය පොලීසියට සඳහන් කල සිද්ධියක් මාර්තුවේ සිදු විය.

ජැක්සන්-මොනාඩ් ඔහුගේ ආනයන/අපනයන වැඩකටයුතු පවත්වාගෙන යන්නේ යයි ව්‍යාපාරික කාර්යාලයක් ඔහු නඩත්තු කල බව ඇගිලොෆ් දැන සිටියා ය. සිල්වියාට කී පරිදි, ඇය ඔහුගෙන් එම කාර්යාලය පිහිටි ස්ථානය විමසූ විට, ඔහුගේ ලිපිනය වන්නේ ටාකුබායා අසල ප්‍රදේශයේ පිහිටි අර්මිටා ගොඩනැගිල්ලේ අංක 820 යයි පවසමින් ඔහු පිලිතුරු දුන්නේ ය.

දුරකථනයෙන් ඔහු සම්බන්ධ කරගැනීමට ඇය පසුව දැරූ ප්‍රයත්නය අසාර්ථක වූ තැන, ඒ වන මෙක්සිකෝ නගරයේ ම සිටි ඇයගේ සොහොයුරිය වූ හිල්ඩාගෙන් අර්මිටා ගොඩනැගිල්ලට යන ලෙස ඇය ඉල්ලා සිටි බව ඇගිලොෆ් කියා සිටියා ය. 1931 දී සෝවියට් සංගමය තුල මාස තුනහමාරක් ගත කර තිබුනු සහෝදරිය හිල්ඩා ය.

ඇගිලොෆ්ගේ විස්තරය ප්‍රතිනිෂ්පාදනය කරමින් ලූරි මෙසේ විස්තර කලේ ය:

අර්මිටා ගොඩනැගිල්ලේ අංක 820 දරන කාමරයක් නො තිබුනේ ය යන පුදුම සහගත සොයාගැනීම හිල්ඩා විසින් කලා ය. ඇය මේ බව සිල්වියාට පැවසූ විට, එම දෙදෙනා මෙම අනපේක්ෂිත කරුනට හේතුව සොයාගැනීමට උත්සාහ දැරූ හ. යතාර්ථයේ දී රේමන් රහසේ බ්‍රිතාන්‍ය ආන්ඩුව සමග ඒකාබද්ධ ව කටයුතු කරන්නේ ය යන උපන්‍යාසය ඔවුහු ඉදිරිපත් කල හ. රේමන් යනු බ්‍රිතාන්‍ය ඒජන්තයෙක් යයි තමන් බියපත් ව සිටි මේ සියල්ල මාගරට් රෝස්මර්ට සිල්වියා කීවා ය. මාගරට් ඇය අස්වැසුවා ය. [62] 

ජැක්සන්-මොනාඩ් තමන්ට ව්‍යාජ ලිපිනයක් දුන්නේ මන්දැයි විස්තර කරන ලෙස තමන් ඔහුගෙන් ඉල්ලා සිටි බව ඇගිලොෆ් කීවා ය. කාමර අංකය 620 මිස 820 නො වන බවත් ඔහුට වැරදී ඇති බවත් කියමින් ඔහු පිලිතුරු දුනි. ට්‍රොට්ස්කිගේ නීතිඥ හා එස්ඩබ්ලිව්පී ජාතික කමිටු සාමාජික ඇල්බට් ගෝල්ඩ්මන්ට ලැබී තිබුනු තොරතුරුවලට අනුව, “මාගරට් රෝස්මර් ගොඩනැගිල්ලට ගිය අතර, එය ජැක්සන්ගේ කාර්යාලය බව කියූ කාර්යාල සහායක ලමයෙක් සත්‍ය ලෙසින් ම සොයාගත්තා ය.” [63] 

මැයි 24දා ට්‍රොට්ස්කිගේ ජීවිතය බිලිගැනීමට දැරූ උත්සාහයෙන් ඉක්බිති ව, එහෙත් අගෝස්තු ප්‍රහාරයට බොහෝ පෙර, අර්මිටා ගොඩනැගිල්ලේ අංක 620 දරන කාමරය මැයි 24 ඝාතක කන්ඩායමේ නායකයා වූ ඩේවිඩ් ඇල්ෆාරෝ සික්වෙයිරෝස් විසින් කුලියට ගෙන තිබුනු බව ප්‍රසිද්ධියට පත් විය. [64]

ඇගිලොෆ් විසින් ම පොලීසියට කියන ලද මෙම අරුම පුදුම කතන්දරය, අත්‍යන්තයෙන් ඇයට චෝදනා එල්ල කරයි. 1940 මාර්තුව හෙවත් ඝාතනයට මාස පහකට පෙරාතුව ජැක්සන්-මොනාඩ්ගේ විශ්වාසවන්ත භාවය පිලිබඳ ව ඇගිලොෆ් උත්සුකතා පලකර තිබුනු බව එමගින් ස්ථාපිත කරයි. තව ද ඔහු බ්‍රිතාන්‍ය ඒජන්තයෙක් විය හැකි බවට ඇය උත්සුකතා පලකලා ය! ඇය මෙම සැකසංකාවන් සිතේ තබා ගත්තේ නම්, ඇගිලොෆ් මේ මිනිසා සමග ඇගේ සබඳතාව දිගට ම පවත්වාගෙන ගියේ ඇයි? ඔහු ඒජන්තයෙක් විය හැකි ය යන උත්සුකය, යම් නො දන්නා, සියලු හැකියාවන්ට අනුව, අපරාධකාරී ප්‍රයත්නයක් සඳහා, ජැක්සන්-මොනාඩ් විසින් ඇය ව යොදාගනු ලැබෙමින් සිටි බවට සැක කිරීමට නිශ්චිත ව ම ඇගිලොෆ්ට බලකර තිබිය යුතු ව තිබුනි.

ඔහු ඒජන්තයෙකු යයි ඇය සැක කලේ නම්, ඔහු බ්‍රිතාන්‍ය ඔත්තු සේවය සඳහා පමනක් වැඩකරන්නෙකියි ඇය සැලකුවේ මන් ද? ජැක්සන්-මොනාඩ් යනු ජීපීයූ ඒජන්තයෙකු වීමට ඇති ඉඩකඩ ඇගේ කල්පනාවට නාවේ මන් ද?

ජැක්සන්-මොනාඩ් යනු බ්‍රිතාන්‍ය ඒජන්තයෙක් විය හැකි ය යන අවධාරනය ඒ සමයේ ස්ටැලින්වාදී නිලධරයේ ආස්ථානය සමග ගැලපී තිබෙන්නට ඇත. 1940 මාර්තු මාසය වන විට, “හිට්ලර්-ස්ටැලින්” ගිවිසුම බලාත්මක කෙරී තිබුනු අතර, ස්ටැලින්වාදීන්ගේ ගෝලීය ප්‍රචාරන යන්ත්‍රය, ට්‍රොට්ස්කි යනු නාසි ජර්මනියේ ඒජන්තයෙක් වෙනුවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ඒජන්තයෙක් යනුවෙන් හෙලාදැකීම කරා මාරු විය. විශේෂයෙන් ම ට්‍රොට්ස්කි ව ප්‍රචන්ඩකාරී ලෙස හෙලා දකිමින් සිටි මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂය, “ඉංග්‍රීසි ඔත්තු සේවාවල ඒජන්තයෙක්” වූ ඔහු රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලමින් සිටියේ ය. [65]

සිල්වියා ඇගිලොෆ්ගේ ස්මරනය -එයට කිසිදු සත්‍යතාවක් තිබුනි නම්- මාගරට් රෝස්මර්ගේ භූමිකාව පිලිබඳ ව ද ප්‍රශ්න ඉස්මතු කරයි. දෙපිටකාට්ටු පුද්ගලයෙකු සමග සම්බන්ධකමක් පැවැත්වීමට එරෙහි ව ඇගිලොෆ්ට බලගතු ලෙස අනතුරු අඟවනු වෙනුවට ඇය ඇගිලොෆ් ව “අස්වසාලූයේ” ඇයි? ඇගිලොෆ් ඇගේ පුද්ගලික සහකරුවා පිලිබඳ ව ඉස්මතු කරන ලද උත්සුකයන් ගැන ට්‍රොට්ස්කි හා නතාලියා සෙඩෝවාට දැනුම් දීමට රෝස්මර් අසමත් වූයේ ඇයි?

තව ද මැයි 24 දින ඝාතන ප්‍රයත්නයෙන් පසුව, මෙක්සිකානු මාධ්‍ය තුල පෘථුල ව වාර්තා කරන ලද තහවුරුවක් වූ, ජැක්සන්-මොනාඩ් විසින් දෙන ලද ලිපිනය, සික්වියෙරෝස් විසින් භාවිතා කරන ලද ලිපිනය ම වීම, ඇගිලොෆ්ගේ පෙම්වතා ස්ටැලින්වාදී ඒජන්තයෙකු ය යන්න ගැන කිසිදු සැකයක් ඉතිරි නො කරනු ඇත. ඝාතනයෙන් අනතුරු ව, සික්වියෙරෝස්ගේ ලිපිනය ප්‍රසිද්ධ වීමෙන් හා ජීපීයූව සමග ඔහුගේ සබඳතා පැහැදිලි ව ඔප්පු වීමෙන් පසුව පවා, ජැක්සන්-මොනාඩ්ට අර්මිටා ගොඩනැගිල්ලේ ලිපිනයක් තිබූ බව ඇගිලොෆ් ට්‍රොට්ස්කි හෝ ඔහුගේ ආරක්ෂකයන්ට කිසිදා කීවේ නැත. [66]

තවත් ප්‍රශ්නයක් ඉතිරි ව තිබුනි: ඇගිලොෆ් මෙම කතන්දරය මෙක්සිකානු පොලීසියට කීවේ ඇයි? ඇය අහිංසක යයි ඇය කල කියාපෑමට ආධාර ලෙස, ඇය ජැක්සන් පිලිබඳ ව උත්සුකතා පලකොට තිබුනු නමුත්, දේශපාලනික ව අත්දැකීම් බහුල මාගරට් රෝස්මර් විසින් ඇය ව සනසා තිබූ බව පෙන්වීමට ඇය උත්සාහ දරමින් සිටියා ද? ඝාතනයෙන් පසුව ගොඩනංවන ලද සංකීර්න බොරු, අර්ධ සත්‍ය හා නොතැනියාවන් (alibi) ජාලයක් තුල මෙම ප්‍රශ්නවලට පිලිතුරු සැඟවී පවතී.

1940 මාර්තු: ඇගිලොෆ්, මර්කාඩර් සමග ස්ටැලින්වාදී රැලියකට සහභාගි වූවාද?

එම මාර්තු මාසයේ ම මෙක්සිකෝ නගරයේ පහල කොටසේ පැවති ස්ටැලින්වාදී රැස්වීමකට ඇය සහභාගි වූ බව විස්තර කල තවත් සිද්ධියක් ඇගිලොෆ් අත්අඩංගුවට පත්වීමෙන් පසුව පොලීසියට කියා සිටියා ය. ඇගිලොෆ් නිලධාරීන්ට කල ප්‍රකාශයෙන් පහත සඳහන් දෙය ලූරි විසින් සාරාංශගත කලේ ය:

පැහැදිලි ව ම ට්‍රොට්ස්කිවාද-විරෝධී ස්වභාවයක් ගත් සම්මේලනයක්, මාර්තු මාසයේ දී මෙක්සිකානු කොමියුනිස්ට්වරුන් විසින් බෙය්යාස් ආර්තේස් රඟහලේ සංවිධානය කරන ලදී. රේමන් විරෝධය පලකල ද අවසානයේ ඇය ව රැගෙන යාමට ඔහු එකඟ විය. 1932 දී එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂය එහි උප-ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබුනා වූ ද සිවිල් යුද්ධය සමයේ ස්පාඤ්ඤයට ගොස් තිබුනා වූ ද කලු ඇමරිකානුවෙක් වූ ජේම්ස් ෆෝඩ් එහි දී කතා කලේ ය. සිල්වියාට ෆෝඩ්ගේ තර්කයන්ට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වූ තරම් දෘඪ ලෙස ඔහු ට්‍රොට්ස්කිට පහර දුන් නමුත්,. ඇයගේ අතින් අදිමින්  රේමන් විසින් ඇය කතා කිරීමෙන් වලකාලන  ලදී (67)

ඇගිලොෆ් සත්‍ය වසයෙන් ම රැලියට සහභාගි වූවා නම්, විශේෂයෙන් ම ට්‍රොට්ස්කිගේ නිවාස සංකීර්නයට යමින් සිටි තැනැත්තියක් වූ තනි ට්‍රොට්ස්කිවාදිනියකට එය අතිශයින් ම අනතුරුදායක වන්නට ඉඩ තිබුනි. ප්‍රසිද්ධ රැස්වීම්වල දී ස්ටැලින්වාදීහු යලි යලිත් ට්‍රොට්ස්කිවාදීන්ට එරෙහි ව ප්‍රචන්ඩත්වය යොදාගත් හ.

තව ද ඇගිලොෆ් ස්ටැලින්වාදී රැස්වීමකට ජැක්සන්-මොනාඩ් සමග සහභාගි වූවා නම්, එවකට මෙක්සිකෝවේ ජීවත් වෙමින් සිටි ගනන් නැති කැටලාන් ස්ටැලින්වාදීන් විසින්, පසුව කී තැනැත්තා රේමන් මර්කාඩර් ලෙස හඳුනාගනු ලබනවා ඇත. ෆ්‍රැන්කෝගේ ජයග්‍රහනයෙන් අනතුරු ව ස්පාඤ්ඤයෙන් පිටත් ව මෙක්සිකෝවට පැමිනි කොමියුනිස්ට් සංක්‍රමනිකයන් ධාරාවක සාමාජිකයන් විසින්, නායක කැටලාන් ස්ටැලින්වාදියෙකු වූ කැරිඩාඩ් ඩෙල් රියෝගේ පුත්‍රයා ව පහසුවෙන් හඳුනාගත හැකි ව තිබුනි. ජනාධිපති කර්දෙනාස් සමූහාන්ඩුවාදී ස්පාඤ්ඤයෙන් පැමිනි සියලු සරනාගතයින්ට පුර්න රැකවරනය ප්‍රදානය කලේ ය.

ප්‍රහාරයෙන් අනතුරු ව, මෙක්සිකානු මාධ්‍ය තුල ඝාතකයාගේ ඡායාරූප පලවීම පටන් ගත් විට, ස්පාඤ්ඥයෙන් පැමින සිටි ස්ටැලින්වාදී පිටුවහල් ප්‍රජාව අතර ඝාතකයාගේ සත්‍ය අනන්‍යතාව ගැන කිසිදු සැකයක් නො තිබුනි. “කැටලෝනියාවේ කොමියුනිස්ට් පක්ෂය තුල එකට කල් ගත කරන ලද තැන් පටන්, රේමන්ගේ සහෝදර සාමාජිකයෙක් වූ රෝසෙන්ඩ් කාබ්රේ, පුවත්පත් විවෘත කල විට ම ඔහු ව හඳුනා ගත්තේ ය. ‘ඒ රේමන් මර්කාඩර්’ යි ඔහු කීවේ ය. පිටුවහලේ සිටි ස්පාඤ්ඥ ජාතිකයන් අතර කට වචනයෙන් ප්‍රවෘත්තිය සංසරනය විය.” (68)

පිටුවහලේ සිටි තවත් කැටලාන් ස්ටැලින්වාදියෙක් වූ ආර්තුරෝ ගාෂියා ඉගුවාල් ව ලූරි විසින් උපුටා දක්වන ලද අතර, ඉගුවාල් මෙසේ කීවේ ය: “හිම කෙටේරියකින් ට්‍රොට්ස්කිගේ හිස විනාශ කල තැනැත්තා වූ ‘ජැක්සන්-මොනාඩ්ගේ’ අනන්‍යතාව පිලිබඳ ව මෙක්සිකානු මාධ්‍ය සමපේක්ෂනයන් පල කල විට, ඒ වනාහි පීඑස්යූසීයේ (කැටලෝනියාවේ ස්ටැලින්වාදී එක්සත් සමාජවාදී පක්ෂයේ) රේමන් මර්කාඩර් බව අපි සියලු දෙනා දැන සිටියෙමු” (69)

සමහර විට අවිචාරවත් ව කටයුතු කරමින්, ඇගිලොෆ් රැස්වීමට සහභාගි වූවා නම්, මේ පිලිබඳ ව විමර්ශකයන්ට දැනුම් දෙනු ඇත්තා වූ යම් අයෙක් විසින් ඇය ව දැක, ඒ පිලිබඳ ව  පසුවදනක් නිර්මානය කිරීමේ අවශ්‍යතාවක් ඇයට හැඟී ගියා ද? ජැක්සන්-මොනාඩ් ව අනුග්‍රහශීලී ආලෝකයකින් ඉදිරිපත් කරන අතර ම, අව්‍යාජ ට්‍රොට්ස්කිවාදිනියක ලෙස ඇයගේ අක්ත පත්‍ර ඔප දැමීමේ උත්සාහයක් ලෙස මෙම කතන්දරය නිර්මානය කරන ලද්දේ ද?

1940 මාර්තු පසුභාගය: නිව් යෝක් බලා පිටත් ව යාමට පෙර ඇගිලොෆ් ජැක්සන්-මොනාඩ් ව ට්‍රොට්ස්කිගේ නිවසට කැඳවාගෙන එයි

මාර්තු මාසය අවසානයේ නිව් යෝක් බලා ආපසු ඒමට ඇගිලොෆ් මෙක්සිකෝ නගරයෙන් පිටත් වූවා ය. මේ අවස්ථාව දක්වා ම ජැක්සන් ට්‍රොට්ස්කිගේ නිවසට ඇතුල් වී නො තිබුනු අතර, ඇගිලොෆ් ව ඉන් පිටත බස්සවා ගොස් තිබුනා පමනි. එහෙත් ඇගිලොෆ් පිටත්වීමට පෙර, ඇය ජැක්සන්-මොනාඩ් ව නිවස තුලට රැගෙන ආ අතර, ඔහු ඇතුලතට පැමිනි පලමු වතාව එය යි.

ලූරි මෙසේ ලීවේ ය: “මාර්තු 26දා සිල්වියා නිව් යෝක් බලා ආපසු පැමිනි අතර ම, ට්‍රොට්ස්කිට සමු දීම පිනිස, පලමු වරට මේ මාර්ගයෙන් නිවසේ ඇතුලත කොටසට ඇතුල් වූ රේමන් සමගින් ගියා ය.” (70)

ඇය නිව් යෝක් බලා පිටත් වීමට පෙර, ඇය නැති ව ට්‍රොට්ස්කිගේ නිවහනට නො යන ලෙස තමන් ජැක්සන්-මොනාඩ්ට උපදෙස් දුන් බව පසුව ඇගිලොෆ් මෙක්සිකානු පොලීසියට කියා සිටියාය (71)

මෙය සත්‍යයක් විනි නම්, ට්‍රොට්ස්කිගේ ජීවිතයට තර්ජනයක් යයි සලකන පමනට, ඇය මේ මිනිසා ගැන සැක පල කලා ය යන්න එහි අර්ථය යි. එසේ නම්, ඇයගේ සැකය වැඩෙද්දී, ඇය ඔහු ව ට්‍රොට්ස්කිගේ නිවාස සංකීර්නයට ගෙන එන්නට ඇත්තේ මන් ද?  ඔහුගේ විශ්වාසවන්ත භාවය පිලිබඳ ව ඇය සැක සිතීමට පටන්ගෙන තිබුනා නම් , ට්‍රොට්ස්කි හෝ ඔහුගේ ආරක්ෂකයන්ට ඇය මේ බව දැනුම් නොදුන්නේ ඇයි?  එම මාසයේ ම මුල කාලයේ, අර්මිටා ගොඩනැගිල්ලේ ජැක්සන්-මොනාඩ්ගේ ලිපිනය අරබයා වූ සිද්ධිය හටගෙන තිබුනි. එසේ නම්, ඇය කියා සිටි පරිදි, බ්‍රිතාන්‍ය ඒජන්තයෙක් විය හැකි යයි ඇය විශ්වාස කල මිනිසෙක් ව, ට්‍රොට්ස්කිගේ නිවසට ගෙන ඒමට ඇය තීරනය කලේ ඇයි? නිවහන ඇතුලේ සැලැස්මක දැක්මක් ඔහුට දෙන්නේ මන් ද? නිවසේ අභ්‍යන්තර පරිසරය පිලිබඳ අවබෝධයක් මැයි මාසයේ ප්‍රහාරකයන්ට ලබා දීමට මෙම තොරතුර යොදා ගනු ලැබුවේ ද? ආරක්ෂකයන් ඔහුට  ඇතුලට පැමිනීමට ඉඩ දෙන්නේදැයි  ඇගිලොෆ් පරීක්ෂා කරමින් සිටියා ද? 

ඇගිලොෆ් නිව් යෝක් බලා පිටත් වීමත් සමග ම, ජැක්සන්-මොනාඩ්, ඔහු ජුනි මාසය තෙක් නැවතී සිටි, ෂර්ලි අංගන මාලිගයට මාරු විය. ෂර්ලි අංගන මාලිගය පිහිටා තිබුනේ, මෙක්සිකෝ නගරයේ පහල කොටසේ පසෙයෝ දෙ ලා රෙෆෝර්මා නගරයෙන් යන්තම් උතුරට වන්නට, ජීපීයූව මෙහෙයුම් මූලස්ථානයක් ස්ථාපිත කර තිබුනු 55  වෙනි වීදියේ දිනර්මාකා නමැති ස්ථානයේ සිට බ්ලොක් නවයක දුරිනි. 

මේ සමයේ දී, ජැක්සන්-මොනාඩ්, ඔහුගේ මව හා ඝාතනයේ මෙක්සිකානු අංශ කලමනාකරනය කිරීම පවරා තිබූ ජීපීයූවේ නායක නිලධාරිනියක් වූ ලියොනිද් අයිටින්ජන් ව කිහිප වරක් මුනගැසුනි. මාගරට් රෝස්මර් ද මේ අවධියේ දී ෂර්ලි අංගන නිවාසවලට කිහිප වතාවක් පැමිනියා ය. (72)

1940 මැයි 24 ප්‍රහාරය

මැයි 24දා හිමිදිරි උදයේ ස්ටැලින්වාදී චිත්‍ර ශිල්පී ඩේවිඩ් ඇල්ෆාරෝ සික්වෙයිරෝස් විසින් නායකත්වය දුන් තුවක්කුකරුවන් කන්ඩායමක් ට්‍රොට්ස්කිගේ නිවාස සංකීර්නයට ඇතුල් විය. අංගනයට ඇතුල් වූ විට, ස්ටැලින්වාදීහු වෙඩි තැබූ නමුත් ට්‍රොට්ස්කිට හෝ ඔහුගේ ආරක්ෂකයන්ට පහර දීමට අසමත් වූ හ. ඔවුන් එහි දී සමර්ථ වූයේ ට්‍රොට්ස්කිගේ කුඩා මුනුපුරා වූ සියේවාගේ කකුලට වෙඩි තැබීමට පමනි.

ට්‍රොට්ස්කිගේ ලේඛනාගාරයට හා පත්‍රිකාවන්ට ගිනි තැබීමට ද ප්‍රහාරකයෝ උත්සාහ කල හ. ප්‍රහාරයට සුලු මොහොතකට පෙර නිවාස සංකීර්නයට පැමින තිබූ මාගරට් හා ඇල්ෆ්‍රඩ් රෝස්මර්, බොහෝ වැදගත් ලේඛන, ට්‍රොට්ස්කිගේ යුරෝපියානු ලේඛනාගාරවල සිට මෙක්සිකෝ නගරයට ගෙනැවිත් තිබුනා පමනි.

කොයෝවාකාන්හි ට්‍රොට්ස්කිගේ අධ්‍යයන කාමරය (ස්තුතිය- ඩේවිඩ් නොර්ත්

 

ද්මිත්‍රි වොල්කොගොනොව් සඳහන් කරන පරිදි, සති කිහිපයක් නැවතී සිට තිබුනු රෝස්මර්වරු, ට්‍රොට්ස්කිගේ ලේඛනාගාරවලින් කොටසක් සමග පොත් හා ලිපි විශාල සංඛ්‍යාවක් ගෙනැවිත් තිබුනි. (73) සෝවියට් ඔත්තු සේවා ලේඛනාගාර අමුද්‍රව්‍ය ගැන සඳහන් කරන වොල්කොගොනොව්, මාක් ස්බොරොව්ස්කි ආරක්ෂා කිරීම සඳහා රෝස්මර්වරු මෙක්සිකෝවට ද පැමිනි බව සටහන් කරයි. “‘ඔහුගේ (ස්බොරොව්ස්කිගේ) විශ්වාසවන්ත භාවය පිලිබඳ තිර ලෙස  සහතික කල’ ඇල්ෆ්‍රඩ් රෝස්මර් ‘ඔහුගේ චරිතය පිලිබඳ ව හොඳ ම සහතිකයක්’ දුන්නේ ය” යි ඔත්තු සේවා ලේඛන උපුටා දක්වමින් වොල්කොගොනොව් ලීවේ ය. (74)

මැයි 24 ප්‍රහාරය අසාර්ථක වුව ද නිවාස සංකීර්නයේ සැලසුම පිලිබඳ ව ඉතා සමීප දැනුමක් ස්ටැලින්වාදී ප්‍රහාරකයන්ට තිබූ බවත්, විවිධාකාර තීරනාත්මක අවස්ථාවන්හි දී උත්සාහයන් යටපත් කරමින් ආරක්ෂකයන් ව වැලැක්වීමට ඔවුන් සමත් වූ බවත්, මෙම ප්‍රහාරය හෙලිදරව් කලේ ය. 

රොබට් ෂෙල්ඩන් හාට්ගේ භූමිකාව

ප්‍රහාරකයන්ට නිවාස සංකීර්නයට පැමිනීමට අවසර දුන්නේ ට්‍රොට්ස්කිගේ ආරක්ෂක රොබට් ෂෙල්ඩන් හාට් විසිනි. ප්‍රහාරයෙන් පසුව, ප්‍රහාරකයන් සමග හාට් ව ඉවතට රැගෙන යන ලද අතර, ඔව්හු පසුව ඔහු ව ඝාතනය කල හ.

සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසුව, විකේතනය කරන ලද ජීපීයූ කේබල් පනිවුඩ - “වෙනෝනා පත්‍රිකා”- හාට් යනු සත්‍ය වසයෙන් ම ජීපීයූ ඒජන්තයෙක් බව ස්ථාපිත කිරීමට නියමිත විය. මැයි 24 ප්‍රහාරයෙන් ක්ෂනික  ඉක්බිත්තේ, සිය කැමැත්තෙන් ම හාට් ජීපීයූව සමග පලා යනු දුටු පොලිස් නිලධාරියෙකුගේ සාක්ෂියක් සහ හාට්ගේ නිව් යෝක්හි නිදන කාමරය තුල ස්ටැලින්ගේ පින්තූරය සහිත පෝස්ටරයක් තිබුනු හෙලිදරව් කල ඔහුගේ පියාගේ ප්‍රකාශයක් ඇතුලු හාට්ගේ දුස්සහායකත්වය පිලිබඳ ඇති තරම් සාක්ෂි තිබුනි.

ජීපීයූව අතින් හාට් මිය යාම ඒජන්තයෙක් ලෙස ඔහුගේ භූමිකාවට එරෙහි “ඒත්තු ගන්වනසුලු තර්කයක්” බව ට්‍රොට්ස්කි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ ය. එහෙත්, ප්‍රහාරයට හාට් දැක්වූ දුස්සහාය ට්‍රොට්ස්කි මුලුමනින් ම නො තකා හලේ නැත. 1940 ජුනි 25දා ඔහු මෙසේ ලිවී ය:

“යතාර්ථයේ දී, ස්ටැලින්ගේ ඒජන්තයෙක් මගේ නිවහන විනිවිදීම, බොබ් ෂෙල්ඩන් ව මට නිර්දේශ කර එවූ නිව් යෝක්හි මගේ මිත්‍රයන් රැවටීමේ දී ජීපීයූ සාර්ථක වී තිබුනු බව මුලුමනින් ම පෙන්වා දී තිබිය හැකි ය. ලොව පුරා සියලු කම්කරු සංවිධානවලට හා රාජ්‍ය ආයතනවලට ජීපීයූව එහි ඒජන්තයින් පුරවන බව දැනුමක් ඇති සෑම පුද්ගලයෙක් ම දනී. මේ සඳහා එය වාර්ෂික ව ඩොලර් මිලියන ගනනක් වැය කරයි (අවධාරනය ඈඳිනි). (75)

හාට් යනු ජීපීයූ ක්‍රියාකාරිකයෙක් යයි මුල පටන් ම විශ්වාස කල මෙක්සිකානු පොලිස් විමර්ශක ලියනාඩෝ සැන්චෙස් සලසාර්, හාට් යනු මැයි 24 ප්‍රහාරයට සහභාගි වූවෙක් යයි පිලිගැනීමේ ගම්‍යයන් හඳුනාගත්තේ ය. ඔහු මෙසේ ලීවේ ය: “ෂෙල්ඩන් ඔත්තු බලන්නෙක් යයි පිලිගත හොත්, ඔහු ව මෙක්සිකෝවට එවා තිබුනු නිව් යෝක් නගරයේ ප්‍රධාන ට්‍රොට්ස්කිවාදීන්ගේ වගකිම ප්‍රශ්නයට බඳුන් කරනු ඇත.” (76)

එහෙත් හාට්ගේ අහිංසක භාවය ගැන අවිවේචනාත්මක විශ්වාසයක් තැබූ එස්ඩබ්ලිව්පී, කොයෝවාකාන්හි නිවාස සංකීර්නයට ඇතුල් වී ට්‍රොට්ස්කි වෙත ප්‍රවේශ වීමට පුද්ගලයන්ට අවසර දෙන්නේ කෙසේදැයි පරිස්සමින් විමර්ශනය කිරීමට වැඩිදුර ප්‍රයත්නයක් දැරුවේ නැත. හාට්ගේ පසුබිම පිලිබඳ ව බැරෑරුම් විමර්ශනයක්, ස්ටැලින්වාදී ව්‍යාපාරය සමග ඔහුට තිබූ සබඳතා නිශ්චිත ව ම හෙලිදරව් කරනු ඇත. මෙම ඛේදජනක ආරක්ෂක ද්‍රෝහීත්වය හෙලිදරව් කිරීම, ඇවෙනිඩා වියේනාහි නිවහනට ඇතුල් වීමට අවසර ලද සියලු පුද්ගලයන් පිලිබඳ විමර්ශනයක් කිරීම දක්වා එස්ඩබ්ලිව්පීය මෙහෙයවනු ඇත. එවන් විමර්ශනයක් ෆ්‍රෑන්ක් ජැක්සන්-ජැක් මොනාඩ් හා සිල්වියා ඇගිලොෆ් පිලිබඳ ව ප්‍රශ්න ඉස්මතු නො කරති ය යන්න විශ්වාස කිරීම අසීරු ය.

මැයි 24 ප්‍රහාරයෙන් පසුව: ජැක්සන්-මොනාඩ්ගේ අලුත් රාජකාරි පැවරුම

මැයි 24 ප්‍රහාරය අසාර්ථක වීම මොස්කෝව තුල දැකගන්නා ලද්දේ දේශපාලන ව්‍යසනයක් ලෙස ය. මෙම වචනය ස්ටැලින් කරා ලඟා වූ විට, වොල්කොගොනොව්ට අනුව; ඝාතන ප්‍රයත්නය අසාර්ථක වීමේ පුවත ස්ටැලින් ව කෝපගැන්වී ය. ජීපීයූ ප්‍රධානී ලැව්රෙන්ටි බෙරියාට ඔහුගේ කෝපාග්නියෙන් යුත් වචන දරාගැනීමට සිදු වූ අතර, මෙහෙයුම සමග සම්බන්ධ වී සිටි අයවලුන්ට ඒ වන විට අත්අඩංගුවේ පසු වූ ෂ්පිගෙල්ග්ලාස්වරුන්ගේ ඉරනම අපේක්ෂා කල හැකි ව තිබුනි. (77) දීර්ඝ කාලයක් තිස්සේ මෙක්සිකෝවේ ස්ථාපිත කරනු ලැබ තිබුනු හා ඔහුගේ මෙහෙයුම ක්‍රියාවට දැමීම සූදානම් කරමින් සිටි තනි මෙහෙයුම්කරුවකුගේ ක්‍රියාව මත සෑම දෙයක් ම පරදුවට තැබෙනු ඇත. (78)

මැයි 24 ප්‍රහාරයේ අසාර්ථකත්වය තෙක් ජැක්සන්-මොනාඩ් ඔහුගේ රාජකාරිය ගැන දැන සිටියේ නැත. වොල්කොගොනොව් අවධාරනය කල පරිදි:

පලමුව, ට්‍රොට්ස්කි ඝාතනය කොට තම දෑත්වල ලේ තවරා ගත යුතු බවක් තරුන ස්පාඤ්ඥ ජාතිකයා අපේක්ෂා කලේ නැත. එහෙත් 1940 මැයි 26 හෝ 27දා, එනම්, ට්‍රොට්ස්කිගේ ජීවිතය මතට කල අසාර්ථක ප්‍රයත්නයෙන් දින කිහිපයකට පසු, එයිටින්ජන් මර්කාඩර් සමග රහසේ කතා කර දේවල් සිදුවිය යුත්තේ කෙසේදැයි පැහැදිලි කලේ ය. මොස්කෝවෙන් නිකුත් කරන ලද “සාධාරන මරන දඬුවමක් ක්‍රියාවට දැමීම” පමනක් ඔහු කරනු ඇතැයි අවධාරනය කරන ලද අතර, මෙම යෝධ ගෞරවය ඔහු ව සදාකාලික වීරයෙකු බවට පත්කරනු ඇත. මර්කාඩර්ට අකීකරු විය නො හැකි විය. අකීකරු වීම අවසන් විය හැක්කේ කෙසේදැයි ඔහු ඒ වන විටත් ස්පාඤ්ඤයේ දී දැක තිබුනි. කැටලෝනියාවේ ඔහුගේ එක් සමූහාන්ඩුවාදී සමීපතමයෙක් පූමය සමග සබඳතා පවත්වන්නේ යයි සැක කරන ලද විට, සලකුනක් වත් නො තබා ඔහු අතුරුදන් විය. මෙය විප්ලවයේ නීතිය බව මර්කාඩර් ඉගෙනගෙන තිබුනි: දුර්වල හා අවිශ්වාසවන්ත තැනැත්තන් සමූලඝාතනය කරනු ලැබේ. (79)

මේ දිනවල දී ජැක්සන්-මොනාඩ්ට එයිටින්ජන් විසින් නව රාජකාරිය විස්තර කරන ලද පරිමාව තවමත් නො දනී. සති දෙකකට පසුව ජැක්සන්-මොනාඩ් ඔහුගේ ජීපීයූ ප්‍රධානීන් මුනගැසීම පිනිස නිව් යෝක් වෙත සංචාරය කිරීමට නියමිත වූ අතර, ඔහුගේ නව පැවරුමේ සැබෑ අර්ථය මෙහි දී වඩා සවිස්තර ව විස්තර කරනු ලැබුවා විය හැකි ය.

තවත් නායක ජීපීයූ නිලධාරියෙක් වූ ද එයිටින්ජන්ට අමතර ව ට්‍රොට්ස්කි ඝාතන කුමන්ත්‍රනය භාර ව සිටි තැනැත්තෙක් වූ ද පාවෙල් සුඩොප්ලැටොව්, මැයි 24දායින් පසුව මර්කාඩර්ට ඔහුගේ නව රාජකාරිය ලැබෙනු ඇතැයි තහවුරු කලේ ය. මර්කාඩර් ව මෙක්සිකානු බන්ධනාගාරයකින් නිදහස් කරනු ලැබීමෙන් අවුරුදු නවයකට පසුව, සුඩොප්ලැටොව් ඔහු සමග කල කතාබහක්, 1969 වසරේ මොස්කෝවේ දී තහවුරු කලේ ය.

අසාර්ථක වූ මැයි 24 ප්‍රහාරයෙන් දින ගනනක් ගත වන තෙක්, ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ කුමන්ත්‍රනයක තමන් නිරත වනු ඇතැයි මර්කාඩර් විශ්වාස නො කල බව ඔහු සුඩොප්ලැටොව්ට කීවේ ය. ඒ වන තෙක් මර්කාඩර් ව යොදාගන්නා ලද්දේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ඇතුලත ක්‍රියාත්මක වන ජීපීයූ වත්කමක් ලෙස යි. “ස්වාභාවික ව, මෙක්සිකෝව තුල ට්‍රොට්ස්කිවාදය පරාජය කිරීම සඳහා සිටි කන්ඩායමේ සාමාජිකයෙක් ලෙස රේමන් දැන සිටියත්” මැයි 24 පසුවන තෙක් “ඔහු ඝාතකයා වනු ඇතැයි ඔහු අපේක්ෂා නො කලැ” යි සුඩොප්ලැටොව් ලීවේ ය. (80).

1940 මැයි 28: ජැක්සන්-මොනාඩ් පලමු වරට ට්‍රොට්ස්කි මුනගැසෙයි

ට්‍රොට්ස්කිගේ බිරිඳ වූ නතාලියා සෙඩෝවාට අනුව, “ඇගිලොෆ්ගේ ස්වාමියා වූ ‘ජැක්සන්’ සමග අපේ පලමු හමුව සිදු වූයේ මැයි 28දා උදේ 9ට ය.” (81).

ද ප්‍රොෆට් අවුට්කාස්ට් (පිටුවහල් ගත කල අනාගත වක්තෘ) නමැති  ට්‍රොට්ස්කි පිලිබඳ තම ත්‍රිත්ව චරිතාපදානයෙහි තුන්වන කොටසේ දී, පෝලන්ත ජාතික ඉතිහාසඥ අයිසැක් ඩොයිෂ්චර්, වෙනත් අතිශයින් ම ප්‍රයෝජනවත් ව්‍යාජ නිමිත්තක් මත මෙම ආරම්භක හමුව නියම කරගන්නා ලද බව ලීවේ ය:

මැයි 28දා, කඩාපැනීමෙන් දින කිහිපයකට පසුව, ඝාතකයා ට්‍රොට්ස්කි ව පලමු වරට මුහුනට මුහුන හමුවීමට පැමිනියේ ය. මෙම මුනගැසීම මෙයට වඩා අහම්බයක් නො හැකි විය. රෝස්මර්වරු මෙක්සිකෝවෙන් පිටත් ව වේරා කෲස්හි දී නැවකට ගොඩවීමට නියමිත විය; ඔහුගේ සාමාන්‍ය ව්‍යාපාරික ගමනක කොටසක් ලෙස වේරා කෲස් වෙත යාමට නියමිත බව ව්‍යාජ ව ඇඟවූ “ජැක්සන්” ඔවුන් ව ඔහුගේ මෝටර් රථයෙන් එහි ගෙන යාමට ඉදිරිපත් ව තිබුනි. හිමිදිරි උදෑසන ඔවුන් ව රැගෙන යාමට ඔහු එහි පැමිනි අතර, ඔවුන් සූදානම් වන තෙක් උද්‍යානයේ රැඳී සිටින ලෙස ඔහුට කියන ලදී. ඔහු ඇතුලු  වද්දී ම, ට්‍රොට්ස්කිගේ ඇඟේ හැපුනු අතර, ට්‍රොට්ස්කි ඒ වන විටත් හාවන්ට කෑම දමමින් කූඩුව අසල සිටියේ ය. (82).

මෙදින ම, රෝස්මර්වරුන් බැස්සවීම සඳහා සෙඩෝවා ද ජැක්සන්-මොනාඩ් සමග වේරා කෲස් බලා ගමන් ගත්තා ය. (83) “අවස්ථා කිහිපයක දී ම වේරා කෲස් කරා ගමන් මාර්ගය ඇසීමට සිදු වුනු බවත්, නිරතුරු ව මෙම නගරයට පැමිනෙන බව ඔහු කියා තිබූ බැවින් එය අරුම පුදුම දෙයක් වූ බවත්” සෙඩෝවා පසුව මතකයට නැංවූ බව පුයිග්වෙන්ටෝස් ලීවේ ය. (84).

ලූරිට අනුව, මේ කාලය වන විට හිට්ලර්ගේ හමුදා ජුනි 14දා යටත් වුනු පැරීසිය වෙත පැමිනෙමින් සිටි නමුත්, නිව් යෝක් නගරය හරහා පැරීසිය වෙත ගමන් කරන බව රෝස්මර්වරු කීවෝ ය. (85) රෝස්මර්වරු නිව් යෝක්හි රැඳී, ජැක්සන්-මොනාඩ් ඔහුගේ ජීපීයූ ප්‍රධානීන් හමුවීමට ජුනි මාසයේ නිව් යෝක් වෙත පැමිනි විට ඇගිලොෆ් හා ජැක්සන්-මොනාඩ් මුනගැසුනෝය. (86) මේ කාලය අතරතුර, මෙක්සිකෝවේ අනෙකුත් ස්ටැලින්වාදී ඒජන්තයෝ නිව් යෝක්හි එක්රැස් වූයේ, ඉක්මනින් ම ජැක්සන්-මොනාඩ් හමුවීම පිනිස ය. කියුබාව හරහා මෙක්සිකෝ නගරයට සංචාරය කිරීමෙන් අනතුරු ව කාරිඩාඩ් ඩෙල් රියෝ මැයි 21දා එහි පැමින තිබුනි. (87). 

1940 ජුනි 11: ජැක්සන්-මොනාඩ් කැනන් හා ඩොබ්ස් හමුවෙයි

ජැක්සන්-මොනාඩ්, මැයි ප්‍රහාරයෙන් ඉක්බිති ව ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව සූදානම් කිරීමේ අභිප්‍රායයෙන් යුතු ව මෙක්සිකෝවට පැමින සිටි ජේම්ස් කැනන් සහ ෆැරල් ඩොබ්ස් ඇතුලු එස්ඩබ්ලිව්පී නායක සාමාජිකයන් ව ජුනි 11දා හමු විය. “ට්‍රොට්ස්කිගේ අවසන් වසර” තුල ඩේවිඩ් නෝර්ත් ලියූ පරිදි:

කොයෝවාකාන් කරා තම සංචාරය තුල එස් ඩබ්ලිව්පී නායකයෝ මන්දිරය පිරික්සා බලා, නිවාස සංකීර්නය ප්‍රහාරයකින් ආරක්ෂා විය හැකි පරිදි ශක්තිමත් කෙරෙන ඉදිකිරීම්වලට සිය අනුමැතිය දුන්හ. ට්‍රොට්ස්කිගේ ආරක්ෂාව පිලිබඳව ඔවුන්ගේ අව්‍යාජ කැපවීම තිබියදීම, සිත් කනස්සලු කරවන තරමේ ඔවුන්ගේම පෞද්ගලික නොසැලකිලිමත්කම ඔවුන්ගේ ප්‍රයත්නයන් අනතුරේ හෙලීය. මැයි 24 ප්‍රහාරය තුල ශෙල්ඩන් හාට්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පිලිතුරු නොලද ප්‍රශ්න පැවතියේ වී වුව, එස්ඩබ්ලිව්පීයේ නායකයන් ස්වකීය පෞද්ගලික සම්බන්ධතා පිලිබඳව වඩාත් ප්‍රවේශම්කාරී ආකල්පයක් ගත් බවට කිසිදු හැඟවීමක් නොමැත. ස්ටැලින්වාදී පුවත්පත් තුල ට්‍රොට්ස්කිට එරෙහිව දිගටම පවත්වා ගෙන ගිය උද්ඝෝෂනය සැලැකිල්ලට ගත් කල්හි, මෙක්සිකෝ පුරය තුල දේශපාලන වාතාවරනය අනතුරුදායක වූ බවත්, ට්‍රොට්ස්කි වනසා ලීමේ අරමුනින් යුතු ජීපීයූ ඒජන්තයන් අගනුවර පුරා සැරිසරමින් සිටි බවත් එස්ඩබ්ලිව්පී නායකයන්ට පැහැදිලිව පෙනී යා යුතුව තිබින. 

එතෙකුදු වුව, ජූනි 11 වන දින සන්ධ්‍යාවේ ජේම්ස් පී. කැනන් හා ෆැරල් ඩොබ්ස්, හොටෙල් ජිනීවාහි රාත්‍රි භෝජනය සඳහා ද, ඉනික්බිති තවත් ස්ථානයක දී මධුපානය සඳහා ද ලැබුනු ආරාධනයක් පිලිගත්තෝය. එස්ඩබ්ලිව්පී නායකයන් දෙදෙනාගේ සත්කාරකයා වූයේ ජැක්සන්-මොනාර්ඩ්ය. ඝාතනයෙන් පසුව එස්ඩබ්ලිව්පී නායකත්වය විසින් පවත්වන්නට යෙදුනු කෙටි අභ්‍යන්තර පරීක්ෂනය තුල දී කැනන් මෙම හමුවීම පිලිබඳව වාර්තා කලේය. කෙසේ වෙතත් මෙම තොරතුර පක්ෂයේ සාමාන්‍ය සාමාජිකත්වය කෙරෙන් සඟවා තබන ලදී. (88)  

මේ හමුවීම සිදු වන අවධියේ සිල්වියා ඇගිලොෆ් මෙක්සිකෝවේ නො සිටි නමුත්, ජැක්සන්-මොනාඩ් ව කැනන්ට හා ඩොබ්ස්ට හඳුන්වාදීම ඇය විසින් සැලසුම් කර තිබීමේ හැකියාව ඇත. ජැක්සන්-මොනාඩ් ව කැනන් හා අනෙකුත් එස්ඩබ්ලිව්පී නායකයන්ට හඳුන්වාදීම ඇයට අවශ්‍ය බව 1939 දී ඇගිලොෆ් තමන්ට කී බව ලිලියන් පොලැක් මතකයට නැංවූවා ය. ජැක්සන්-මොනාඩ් නිව් යෝක් නගරය වෙත පැමිනි 1939 හේමන්තයේ දී ම ඇය ඔවුන් ව හඳුන්වා දී තිබෙන්නට ඇත. මේ සංචාරයේ දී, ඇගිලොෆ් ඇයගේ එස්ඩබ්ලිව්පී සහෝදරවරුන් කිහිප දෙනෙකුට ම ඔහු ව හඳුන්වා දුන් අතර, මේ කාලයේ කැනන් හා ඩොබ්ස් යන දෙදෙනා ම නගරයේ සිටිය හ.

 1940ට පෙර ඔවුන් ව හඳුන්වා දී නො තිබුනි නම්, ඇගිලොෆ්ගේ හැසිරීම් රටාව පෙන්නුම් කරන පරිදි, කැනන් හා ඩොබ්ස් මෙක්සිකෝවට පැමිනි විට ජැක්සන්-මොනාඩ් ව කැඳවනු ඇත. ජැක්සන්-මොනාඩ් ව සෑමවිට ම හතරවැනි ජාත්‍යන්තරයේ නායකයන්ට හඳුන්වා දුන්නේ ඇයයි. පැරීසියේ දී එහි ආරම්භක සම්මේලනයේ නියෝජිතයන්ට ඇය ජැක්සන්-මොනාඩ් හඳුන්වා දුන්නා ය. කොයෝවාකාන්හි දී ඇය ඔහු නිවාස සංකීර්නයට කැන්දාගෙන ඇවිත් එහි වාසය කරන්නන්ට හඳුන්වා දුන්නා ය. කැනන් හා ඩොබ්ස් මුලුමනින් ම ආගන්තුක වූවෙකු සමග එලියට නො යනු ඇත. ඔහු ව ඉදිරිපත් කර තිබෙන්නට ඇත්තේ සිල්වියාගේ සහකරුවා ලෙස ය. යලි වතාවක්, ට්‍රොට්ස්කිගේ ඝාතකයා ඉතා ගැඹුරින් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ඒකාග්‍ර කල පුරුක වූයේ ඇය යි.

ජැක්සන්-මොනාඩ් නිව් යෝක් බලා පිටත් ව යාමට නියමිත විය. එහෙත් පියාසර කිරීමට ප්‍රථම, ඔහු තම මෝටර් රථය ට්‍රොට්ස්කිගේ නිවාස සංකීර්නයේ දමා ගියේ, මෙක්සිකෝ නගරයට යලි පැමිනි විට, එය රැගෙන යාමට පැමිනීමේ ව්‍යාජ නිමිත්තක් සම්පාදනය කරගැනීම පිනිස ය. (89).

1940 ජුනි 12: ඇගිලොෆ් ජැක්සන්-මොනාඩ්ට එක්සත් ජනපදයට ඇතුලු වීමට පහසුකම් සපයයි

ජුනි 12දා මෙක්සිකෝ නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලය, එක්සත් ජනපදයට ඇතුලු වීමට ජැක්සන්-මොනාඩ් කල ඉල්ලීමට අවසර දුන්නේ ය. ඊලඟ දිනයේ, ඔහු නිව් යෝක් කරා පියාසර කිරීමට නියමිත විය.

1940 ජුනි මාසයේ දී, විදේශිකයෙකුට එක්සත් ජනපදයට ඇතුල් වීම අතිශයින් දුෂ්කර විය. හිට්ලර්ගේ ප්‍රන්ස ආක්‍රමනය ක්‍රියාවේ යෙදෙමින් තිබුනු අතර, යුරෝපා මහාද්වීපයෙන් සරනාගතයන් පලායාමක් සිදුවෙමින් තිබුනි.. රූස්වෙල්ට් පරිපාලනයෙහි අතිශයින් සීමිත සංක්‍රමනික සම්මතයන් බලාත්මක ව පැවතුනි. .

එක්සත් ජනපදයට සංචාරය කිරීම සඳහා, ජැක්සන්-මොනාඩ්ට ඔහුගේ ඉල්ලුම් පත්‍රයේ සත්‍යතාව සහතික කිරීමට එකඟ වන එක්සත් ජනපද පුරවැසියන් කිහිප දෙනෙකුගේ සැඳහුම් ඉදිරිපත් කල යුතු ව තිබුනි. මේ සැඳහුම් සමග පවා, ජැක්සන්-මොනාඩ් එක්සත් ජනපදය තුල දීර්ඝ කාලයක් රැඳී සිටීමේ අවසරය ලබා ගත්තේ නැත. ඔහුගේ ඇතුල්වීම හුදෙක් ම තවත් රටකට පලා යාමේ අභිප්‍රාය සඳහා පමනක් වූ අතර, එක්සත් ජනපදයෙන් පිටත් වීමට අවසර ටිකට්පත් මිල දීගෙන තිබුනු බවට සාක්ෂි ඔහු විසින් ඉදිරිපත් කල යුතු විය. එක්සත් ජනපදයෙන් මාරු වන ගුවන් යානය අල්ලා ගැනීමට අවශ්‍ය කෙටි කාලය සඳහා පමනක් රැඳීසිටීමටඔහුටඅවසරලැබුනි. ඔහුඑක්සත්ජනපදයතුලරැඳීසිටිනකෙටිකාලයටඅදාලලිපිනයක්සම්පාදනය කිරීම අවශ්‍ය විය.

1940 අගෝස්තු 24 දාතම සහිත ජේ. එඩ්ගාර් හූවර්ගේ “ෆ්‍රෑන්ක් ජැක්සන්, සිල්වියා ඇගිලොෆ්, ඔත්තු බැලීම” නමැති එෆ්බීඅයි සටහනක්, ජැක්සන්-මොනාඩ්ගේ සැඳහුම් සිල්වියා ඇගිලොෆ් සහ එස්ඩබ්ලිව්පී සාමාජිකයන් වූ හෙන්රි ෂුල්ට්ස් හා එව්ලින් රීඩ් ගැන බව පෙන්නුම් කරයි. (90) දෙවන ලෝක යුද්ධය සමයේ ජීපීයූ ඒජන්ත මාක් ස්බොරොව්ස්කිට එක්සත් ජනපදයට රහසේ ඇතුල්වීමට උදව් කල දීර්ඝ කාලීන එස්ඩබ්ලිව්පී නායක ජෝර්ජ් නොවැක්ගේ බිරිඳ බවට පසුව පත්වූයේ රීඩ් ය.

වීසාවට ඉල්ලුම් කිරීමේ දී, තමන් කැනඩාවේ මොන්ට්‍රයෙල් නගරය බලා සංචාරය කිරීමට පෙර දවස් දෙකකට පමනක් නිව් යෝක්හි නැවතී සිටීමට සැලසුම් කරන බව ජැක්සන්-මොනාඩ් කීවේ ය. ඉල්ලුම් පත්‍රය මත ඔහු තම ස්ථීර ලිපිනය ලෙස සඳහන් කලේ මොන්ට්‍රියෙල්හි 1269 සාන්ත ඩෙනිස් වීදිය යන්න යි. (91) ජැක්සන්-මොනාඩ්ට මොන්ට්‍රියෙල් වෙත සංචාරය කිරීමේ අරමුනක් නො වූ අතර, “1269 සාන්ත ඩෙනිස් වීදිය” යනුවෙන් ලිපිනයක් නො තිබිනි.

ජැක්සන්-මොනාඩ් සංචාරක අවසර පත්‍රයක් ඉල්ලා ඉදිරිපත් කල ඉල්ලුම් පත්‍රය පිලිබඳ ව වෙන ම එෆ්බීඅයි වාර්තාවක ජේ. එඩ්ගාර් හූවර් මෙසේ සටහන් කලේ ය:

ආසන්න වසයෙන් දින දෙකක් එක්සත් ජනපදය තුල රැඳී සිටීමට අපේක්ෂා  කෙරුනු ඔහුගේ ලිපිනය, 50 ලිවින්ටන් වීදිය, බෲක්ලින්, නිව් යෝක් යන්න යි. ඔහු සිය සැඳහුම් ලෙස පහත අය ඉදිරිපත් කරයි:

සිල්වියා ඇගිලොෆ්, 50 ලිවින්ටන් වීදිය, බෲක්ලින්, නිව් යෝක්.

ඉහත සඳහන් කරනු ලබන සංක්‍රමන සහතිකය සඳහා ඉල්ලුම් කිරීමේ දී, 1940 ජුනි 12 දරන දාතම සහිත ව මෙක්සිකානු ගුවන් සේවාවෙන් ලබාගත් ලිපියක් ජැක්සන් විසින් ඉදිරිපත් කරයි. එම ලිපිය කැනඩාවේ මොන්ට්‍රියල් වෙතට සංචාරය කරන ගුවන් ටිකට්පතකට ජැක්සන් පූර්වයෙන් මුදල් තැන්පත් කර ඇති බව අඟවන අතර, මේ සංචාරය සඳහා ආසනයක් වෙන් කරනු ලැබ තිබුනි. (92)

අගෝස්තු 24දා ද නිව් යෝක් නගරයේ එෆ්බීඅයි කාර්යාලයේ විශේෂ නියෝජිතයා වූ බී. ඊ. සැකට්ට හූවර් වෙන ම සංදේශයක් යැවී ය. හූවර් විසින් ඇගිලොෆ්, එව්ලින් රීඩ් හා හෙන්රි ෂුල්ට්ස්ගේ නම් සහ ලිපින පුනරුච්ඡාරනය කලේය. පෙනී යන පරිදි, ජැක්සන්-මොනාඩ්ගේ සංචාරයන්ට හැකියාව ලබා දී තිබුනු පුද්ගලයන් පිලිබඳ විමර්ශනයක්, එක්සත් ජනපදය තුල සිටින ජීපීයූ ඒජන්තයන් අනාවරනය කරතියි විශ්වාස කරන හූවර්, පහත සඳහන් දෙය සටහන් කලේ ය:

ඔබගේ ක්ෂේත්‍ර කාර්යාලය (එනම් නිව් යෝක් කාර්යාලය) විසින් ආවරනය කරනු ලබන ප්‍රදේශය තුල මේ කරුන පිලිබඳ ව ඉතා පරිස්සම් සහගත හා පරිපූර්න විමර්ශනයක් සිදුකරනු ලැබිය යුතු බව කාර්යාංශය අපේක්ෂා කරයි. ජැක්සන්ගේ පසුබිම, ඔහුගේ සමීපතමයන් හා ක්‍රියාකාරකම් පිලිබඳ ව පවතින සියලු තොරතුරු නීර්නය කිරීමට හැකි සෑම උත්සාහයක් ම දැරිය යුතු ය. පූර්වයෙන් ඔබට උපදෙස් ලබා දී ඇති පරිදි, මේ විමර්ශනය පිලිබඳ ව කිසිදු ආකාරයක ප්‍රසිද්ධියක් ලබා දීමෙන් වැලකීමට සෑම පූර්වෝපායක් ම අභ්‍යාස කල යුතු බව කාර්යාංශයේ විශ්වාසය යි. (93)

එහෙත් ඔහුගේ සීමාව ඇතුලත සිටින ජීපීයූ ඒජන්තයන් පිලිබඳ තොරතුරු හෙලිදරව් කිරීම හූවර්ට අවශ්‍ය නො වී ය. මේ විමර්ශනය සිදුකිරීමේ දී රහසේ කටයුතු කරන ලෙස ඔහු ඒජන්සියට ඇනවී ය.

මතු සම්බන්ධයි

සටහන්

[පෙන්වා නැති මුල් ප්‍රභවයන් පලමු කොටස තුල ඇත.]

[31] Ibid. at location 2,575.

[32] Barrón Cruz, p. 136.

[33] Puigventós at location 2,433.

[34] Alain Dugrand, Trotski: Mexico 1937–1940 (Mexico City: Siglo XXI de España Editores, 1992), p. 63.

[35] Barrón Cruz, p. 72.

[36] Luri, p. 223.

[37] Ibid., p. 220.

[38] David North interview with Jean van Heijenoort, September 10, 1975.

[39] Puigventós at location 2,467, referencing Archivo General de la Nación, Mexico. Tribunal Superior de la Justicia del D.F. Año 1940.Caja 3265. Folio 602993, p. 73.

[40] Robert J. Alexander, International Trotskyism, 1929–1985: A Documented Analysis of the Movement (Duke University Press, 1991), p. 270.

[41] Dmitri Volkogonov, Trotsky: The Eternal Revolutionary (New York: The Free Press, 1996), p. 402.

[42] Gani Jakupi, Les Amants de Sylvia (Paris: Futuropolis, 2010) pp. 11–14.

[43] February 29, 1956 Executive Confidential Testimony, p. 268.

[44] Alexander, p. 268.

[45] Ibid.

[46] Luri, p. 223.

[47] Puigventós at location 2,462.

[48] FBI Report of Agent George Starr, dated September 4, 1940.

[49] Memoranda from J. Edgar Hoover dated September 17, 1940.

[50] See: “Class Struggle: Education Workers Newsletter,” Issue No. 3, April-May 2012, p. 15–16. Available here.

[51] Lillian Pollak, The Sweetest Dream: Love, Lies and Assassination, (New York: iUniverse, 2008) p. 267. Though Pollak claimed the book was “fiction,” in the above-referenced 2011 interview, she says, “incidents that I describe in the book actually happened.”

[52] Luri, p. 237.

[53] Bertrand Patenaude, Trotsky: Downfall of a Revolutionary (New York: Harper, 2009), kindle edition, pp. 244–45.

[54] Puigventós at location 3,517.

[55] Leandro Sanchez Salazar and Julian Gorkin, Murder in Mexico (New York: Secker &Warbig, 1950) pp. 88–89.

[56] Elisabeth K. Poretsky, Our Own People (University of Michigan Press, 1969) p. 238.

[57] Louis Budenz, Men Without Faces (New York: Harper and Brothers), 1950, p. 126.

[58] Luri, p. 238.

[59] Puigventós at location 146.

[60] How the GPU Murdered Trotsky (London: New Park Publications, 1981) p. 103.

[61] Luri, p. 238.

[62] Ibid., p. 239.

[63] Albert Goldman, The Assassination of Leon Trotsky: The Proofs of Stalin’s Guilt (New York: Pioneer Publishers, 1940), p. 16.

[64] Ibid.

[65] For example, see “How Stalin pressured Mexico for Trotsky’s deportation,” El Pais, September 15, 2016.

[66] Olivia Gall, Trotsky en Mexico y la vida política en tiempos de Lázaro Cárdenas (1937–1940) (Mexico DF: UNAM, 2012), pp. 354–55.

[67] Luri, p. 237.

[68] Ibid., p. 255.

[69] Ibid.

[70] Ibid., p. 240.

[71] Ibid.

[72] FBI report of August 27, 1940.

[73] Volkogonov, p. 451.

[74] Ibid., p. 452.

[75] Leon Trotsky, “GPU Tried to Cover Murder with Slander,” Socialist Appeal, June 25, 1940.

[76] Sanchez Salazar, p. 96.

[77] Sergey Spigelglas led the GPU’s efforts to assassinate leading European Trotskyists throughout the 1930s and was Zborowski’s handler. He was arrested by the Stalinists in 1938 in large part due to the fact that Trotsky had not been killed. He was tortured and executed in 1941.

[78] Volkogonov, p. 454.

[79] Ibid., p. 459.

[80] Pavel Sudoplatov and Anatoli Sudoplatov, Special Tasks: The Memoirs of an Unwanted Witness—A Soviet Spymaster (Little, Brown & Co., 1994), pp. 77–78.

[81] “Natalia Trotsky Answers A Foul Slander,” Socialist Appeal, October 26, 1940.

[82] Isaac Deutscher, The Prophet Outcast: Trotsky, 1929–1940 (Oxford University Press, 1963), p. 495.

[83] Puigventós at location 4,383.

[84] Ibid. at location 4,403.

[85] Luri, p. 244.

[86] According to Reinier Tosstorff, the Rosmers did not return to France in 1940 due to the war and stayed in the United States. See: Reiner Tosstorff, The Red International of Labour Unions (RILU) 1930–1937 (Chicago: Haymarket Books, 2018), p. 858.

[87] Luri, p. 241.

[88] David North, “ට්‍රොට්ස්කිගේ අවසන් වසර ,”ලෝසවෙඅ. සැප්තැම්බබර් 28 , world Socialist Web Site, August 29, 2020.

[89] Puigventós at location 4,527.

[90] August 24, 1940 FBI report “Re: Frank Jacson, Sylvia Ageloff, Espionage,” from J. Edgar Hoover to B.E. Sackett.

[91] FBI Report of August 23, 1940 from Agent C.H. Carson to Clegg.

[92] FBI report of J. Edgar Hoover dated August 24, 1940.

[93] Ibid.

Loading