ප්‍රසිද්ධ රැස්වීමේදී ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවකයෝ ක්‍රියාකාරී කමිටුවල අවශ්‍යතාවය සාකච්ඡා කරති

[පහත පල කෙරෙන්නේ 2021 පෙබරවාරි 22 දින Sri Lanka health workers discuss need for action committees at public meeting යන මැයෙන් පල කෙරුනු ලිපියේ  සිංහල පරිවර්තනයයි.]

පෙබරවාරි 7 වන දින පේරාදෙනිය ශික්ෂන රෝහලේ සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව විසින් “සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා රෝහල්වල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනඟනු” යන මාතෘකාව යටතේ අන්තර්ජාලය හරහා (ඔන්ලයින්) ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන ලදී.

වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මන්ඩලය මෙන්ම විවිධ ක්ෂේත්‍රවල තරුනයින් ද ඇතුළුව 60 කට අධික පිරිසක් රැස්වීමට සහභාගී වූහ. පෙබරවාරි 14 වන දින පල කරන ලද මෙම අවස්ථාවට අදාල ෆේස්බුක් වීඩියෝව මේ වන විට 1000 ට අධික පිරිසක් නරඹා තිබේ.

මෙම රැස්වීමේ මුලසුන දැරුවේ පේරාදෙනිය රෝහල් ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙකු වන අතර ඔහු, එම රෝහලේ සහ ශ්‍රී ලංකාව පුරා පිහිටි අනෙකුත් රෝහල්වල සෞඛ්‍ය සේවකයින් සිය ගනනක් කොවිඩ්-19 ආසාදනය වී නිරෝධායනය සඳහා යොදවා ඇති බව පැහැදිලි කලේය.

මේ මස මුලදී පේරාදෙනිය ශික්ෂන රෝහලේ සේවකයින් විරෝධතාවක යෙදෙමින් [ලෝසවෙඅ මාධ්‍ය]

සෞඛ්‍ය සේවකයා පැවසුවේ මහජන සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරයකු සහ සේවකයෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී මරනයට පත්ව ඇති බවත් රෝහල් වාට්ටු සහ ඒකක කිහිපයක් වසා දැමීමට බල කෙරී ඇති බවත් ය. ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට සහ ශ්‍රී ලංකාවේ 60,000 කට ආසන්න පිරිසකට මෙම වෛරසය ආසාදනය වී ඇති බවත්, ධනවාදී ආන්ඩු සෑම තැනකම ලාභය ජනතාවගේ ජීවිතවලට ඉදිරියෙන් තබන බවත් ඔහු පැවසීය.

මීට වසර 100 කට පමන පෙර 1918 ස්පාඤ්ඤ උන (Spanish flu) වසංගතය හේතුවෙන් එක්සත් ජනපදයේ පමනක් 700,000 ක් ද ඇතුළුව ලොව පුරා මිලියන 50 ක ජනතාවක් මිය ගොස් ඇති බව මුලසුන පෙන්වා දුන්නේය. වෛද්‍ය විශේෂඥයන් දැන් අනතුරු අඟවා ඇත්තේ එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් මරන සංඛ්‍යාව මැයි මාසය වන විට 700,000 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

“මෙම ව්‍යසනය සිදුවී ඇත්තේ එක්සත් ජනපදය, සියවසෙන් තුන්කාලකට වැඩි කාලයක් තිස්සේ ලෝකයේ ධනවත්ම රට වන අතර වෛද්‍ය විද්‍යාවේ විශ්මය ජනක වර්ධනයන් පැවතීම ද මධ්‍යයේ ය” යි ඔහු පැවසීය.

සමජවඅඩව ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු වන සමාජවාදී සමානාත්මතා පක්ෂයේ (සසප) ප්‍රධාන ලේකම් විජේ ඩයස් සිය දේශනය ආරම්භ කරමින් ගෝලීය ධනවාදී ක්‍රමයේ තීව්‍ර වන අර්බුදය විස්තර කලේය. ඉන්පසු ඔහු ක්‍රියාකාරී කමිටුවල ඓතිහාසික මූලාරම්භය, ඒවා දේශපාලන පක්ෂවලින් වෙනස් වන්නේ කෙසේද යන්න සහ ඒවායේ වෛෂයික විප්ලවීය වැදගත්කම පැහැදිලි කලේය.

“ගෝලීය ධනවාදය දිනෙන් දින ගැඹුරුවන අගාධයට ඇද වැටෙද්දී සෞඛ්‍ය සේවාව පමනක් නොව සියලුම සමාජ හා දේශපාලන ආයතන මුහුන දී ඇත්තේ බරපතල අර්බුදයකට ය. කෙසේ වෙතත්, ධනවාදී පද්ධතිය, එහි සියලු විනාශකාරී ලක්ෂන සමග ම්ලේච්ඡත්වය ස්වයංක්‍රීයව අතුරුදහන් වනු ඇතැයි මින් අදහස් නොවේ. වඩාත්ම ස්ථාවර ධනේශ්වර විරෝධී සමාජ බලවේගය ලෙස කම්කරු පන්තිය, පලමුවෙන්ම එය මුහුන දෙන ජීවිතයට තර්ජනය කරන දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා කුමන ආකාරයේ මැදිහත් වීමක් අවශ්‍ය දැයි බැරෑරුම් ලෙස හඳුනාගත යුතුය.

ගෝලීය වශයෙන් කොවිඩ්-19 පැතිරීම ලෝක ධනවාදයේ අර්බුදය තීව්‍ර කිරීම පමනක් නොව, සෑම මහද්වීපයකම කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ දේශපාලන ප්‍රතිරෝධය ද තීව්‍ර කරන ප්‍රේරක සිදුවීමකි. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ සෑම රටකම ඒහි ජාතික ශාඛා මහජන විප්ලවවාදී පක්ෂ ලෙස, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ගොඩනැඟීමේ ඓතිහාසික අවශ්‍යතාව මෙයින් මතු වේ. ඒලඹෙන ධනපති-විරෝධී සටනට ඒලෙස නායකත්වය සැපයීම අතිශයින්ම දැවෙන වුවමනාවයි.”

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයේ සිට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි ආන්ඩුව සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය දක්වා සියල්ලම ක්‍රියාත්මක වන්නේ සමාන දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ය. මෙම පාලකයෝ, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී වාචාල කතා නොතකා, අත්තනෝමතික පාලන තන්ත්‍රයන් පිහිටුවීම කරා වේගයෙන් ගමන් කරති.

ප්‍රසිද්ධ රැස්වීම පිලිබඳ දැන්වීම [ලෝසවෙඅ මාධ්‍ය]

එක්සත් ජනපද ජනාධිපති බයිඩන් විසින් නිහීන ලෙස ඔහුගේ පූර්වගාමියා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනය සඟවා තැබීමේ උත්සාහය, මාස තුනක ගොවි නැගිටීමට එරෙහිව මෝඩිගේ කුරිරු මර්දනය සහ ශ්‍රී ලංකාවේ රාජපක්ෂගේ සිවිල් පරිපාලනය මිලිටරීකරනය, මෙම පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හැරීම හෙලිදරව් කරයි.

මෙම ධනවාදී පාලකයන්ගේ ප්‍රති-විප්ලවවාදී සූදානම කම්කරු පන්තියෙන් සැඟවීමට උත්සාහ කරන ව්‍යාජ වාම සංවිධානවල හා වෘත්තීය සමිතිවල බංකොලොත් හා ප්‍රතිගාමී භූමිකාව ද මෙම වර්ධනයන් විසින් පැහැදිලි කර ඇති බව ඩයස් පැවසීය.

මෙම සන්දර්භය තුල කම්කරු පන්තිය විසින් පිහිටුවිය යුතු ක්‍රියාකාරී කමිටුවල ඓතිහාසික අදාලත්වය ඩයස් පැහැදිලි කලේය. ඔහු තම දේශනයේදී 20 වන සියවසේ මුල් භාගයේදී රුසියාවේ පැනනැඟුනු ක්‍රියාකාරී කමිටු හෙවත් සෝවියට් සභා පිලිබඳ සමාලෝචනය කලේය; යුරෝපයේ කම්කරුවන් විසින් කර්මාන්තශාලා කමිටු (factory committees) වර්ධනය කිරීම; සහ එක්සත් ජනපදයේ සාමාන්‍ය සාමාජිකයින්ගේ කමිටු (rank-and-file committees) පිහිටුවීම.

ඔහු තව දුරටත් පවසා සිටියේ, මෙම කමිටු එලඹෙන විප්ලවයේ ප්‍රධාන දේශපාලන හා සංවිධානාත්මක මෙවලම් ලෙස ක්‍රියාත්මක වෙමින්, එමඟින් කම්කරුවන්ට හා තරුනයින්ට විප්ලවවාදී පක්ෂය විසින් අධ්‍යාපනය ලබා දෙන අතර ධනවාදය පෙරලා දැමීමේ ඓතිහාසික කර්තව්‍යයට දේශපාලනිකව සූදානම් කරනු ඇති බවයි.

රුසියාවේ සෝවියට් සභාවල අත්දැකීම් ස්ටැලින්වාදී අසත්‍යකරනයට එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි විසින් ලියන ලද ලවයතයසහඉදදරශනයෙන් ඩයස් උපුටා දැක්වීය. “සෝවියට් සභා බොහෝ විට ඇති වූයේ මූලික වශයෙන්ම විප්ලවීය වර්ධනයේ ඉදිරිදර්ශනයන් සහිත වැඩ වර්ජන වලට සම්බන්ධිතව නමුත්, ඒ මොහොතේ දී හුදෙක් ආර්ථික ඉල්ලීම්වලට පමනක් සීමා වෙමින් යැ” යි ට්‍රොට්ස්කි ලිවීය.

සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් [ලෝසවෙඅ මාධ්‍ය]

“සෝවියට් සභා යනු තමන්ගේම සංවිධානයක් බවත්, එය අරගලයක්, ප්‍රතිරෝධයක්, ආත්මාරක්ෂාව සහ ප්‍රහාරය සඳහා බලවේගයන් සන්නද්ධ කරන බවත් ජනතාව දැන සිටිය යුතුය. මෙය ඔවුන් වටහාගනු සහ තේරුම් ගනු ඇත්තේ එක් දිනක ක්‍රියාවකින් හෝ පොදුවේ තනි ක්‍රියාවකින් නොව, බාධා කිරීම් සහිතව හෝ රහිතව සති, මාස හෝ සමහර විට අවුරුදු කිහිපයක අත්දැකීම් වලින් ය.”

උපුටා දැක්වීමේ අර්ථය සහ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට එහි අදාලත්වය පිලිබඳව ඩයස් තවදුරටත් විස්තර කලේය.

විප්ලවවාදී පක්ෂයේ බලපෑම යටතේ මෙම ක්‍රියාකාරී කමිටුවල නැඹුරුව ධනවාදී ක්‍රමයට එරෙහිව, විප්ලවවාදී ආරක්ෂක ක්‍රියාමාර්ගවල සිට ආක්‍රමනශීලී අවයව දක්වා උද්යෝගීමත්ව වර්ධනය වන බව ඔහු පැවසීය. ක්‍රියාකාරී කමිටුවල මෙම ආවේනික විප්ලවවාදී ස්වභාවය නිසා සියලු ප්‍රතිසංස්කරනවාදීන් හා පන්ති සහයෝගිතාවාදීන් මෙන්ම ව්‍යාජ වම ද මෙම සංවිධාන ගොඩනැගීමට දැඩි ලෙස විරුද්ධ ය. කම්කරු පන්තියේ විප්ලවීය විභවය වර්ධනය කිරීමට හා මුදා හැරීමට සැබෑ බාධකය වන ධනේශ්වර පාර්ලිමේන්තු ආයතන සහ වෘත්තීය සමිති සංවිධාන පවත්වාගෙන යාමට ඔවුහු කැමැත්තක් දක්වති" යි ඩයස් පැවසීය.

"ප්‍රතිසංස්කරනවාදී වෘත්තීය සමිතිවල සහ පාර්ලිමේන්තුවාදී නායකත්වයේ පාවාදීම් අවබෝධ කරගත් දේශපාලනික වශයෙන් පලපුරුදු කම්කරුවන් පමනක් නොව, නොඉවසිය හැකි හා තවතවත් නරක අතට හැරෙන සමාජ කොන්දේසි විසින් සටන් පෙරමුනට තල්ලු කරනු ලබන කම්කරුවන්ගේ නව ස්ථර ද ක්‍රියාකාරී කමිටුවලට ආකර්ෂනය කරගැනීම වැදගත් ය.

“ක්‍රියාකාරී කමිටුවල දේශපාලන සාකච්ඡා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් කම්කරුවන් තමන් කරගෙන යන අරගලවල ජාතික හා ජාත්‍යන්තර ඇඟවුම් පිලිබඳ නව දැනුමක් ලබා ගනු ඇත. එම පදනම මත ක්‍රියාකාරී කමිටු තුල සහ ඉන් පිටත සියලු සතුරන් සමඟ සටන් කිරීමට ඔවුහු ඉගෙන ගනිති. 1917 ඔක්තෝබරයේ රුසියාවේ විප්ලවයට නායකත්වය දීම සඳහා ලෙනින් සහ ට්‍රොට්ස්කිගේ බොල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයන් විසින් කම්කරුවන් වර්ධනය කලේ එලෙසිනි” ඩයස් පැවසීය.

"විප්ලවවාදී පක්ෂය සහ ක්‍රියාකාරී කමිටු සංවිධානාත්මකව එකිනෙකින් ස්වාධීන වන අතර, පක්ෂය කමිටු වල තීරනාත්මක සාධකයක් වන අතර පක්ෂයේ විනය යටතේ කමිටුවල කටයුතු සඳහා පක්ෂ සාමාජිකයින් සම්බන්ධ වේ.

“ඔවුන් සටන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා සහ තීරන ගැනීමේ ක්‍රියාවලියක් හරහා කමිටුවලට මග පෙන්වීමට ය. ක්‍රියාකාරී කමිටුවල හොඳම කොටස් පක්ෂයේ ඉදිරිදර්ශනය තුලට දිනා ගන්නා ගන්නා අතර කම්කරු පන්තිය තුලට ගැඹුරින් විනිවිද යාම සඳහා ඔවුන් පක්ෂයට බඳවා ගනු ලැබේ” යැයි ඩයස් සිය අදහස් දැක්වීම අවසන් කරමින් පැවසීය.

කථාවලින් පසුව සහභාගී වූවන් ප්‍රශ්න කිහිපයක් අසන ලදී. ගම්පොල රෝහලේ එක් සෞඛ්‍ය සේවකයෙක් පැවසුවේ “අපි වෘත්තීය සමිතිවලින් හෙම්බත් වෙලා. අපි වෘත්තීය සමිති නායකයන් සමඟ ගැටුම් ඇති කරගෙන තිබෙනවා. බොහෝ කම්කරුවන් කලකිරීමට හා කෝපයට පත්ව සිටිති. මෙම කොන්දේසි යටතේ සෞඛ්‍ය සේවකයින්ගේ ක්‍රියාකාරී කමිටුව කම්කරුවන් වෙතට ගෙන ගොස් එයට එක්වන ලෙස ඔවුන්ට ඒත්තු ගැන්විය හැක්කේ කෙසේද? ”

ඩයස් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ක්‍රියාකාරී කමිටුවල අවශ්‍යතාවය මතුවන්නේ පන්ති අරගලයේ වෛෂයික වර්ධනයෙන් බවයි.

මෙම අරගලවලදී ධනේශ්වර පාර්ලිමේන්තුවාදීන් සහ වෘත්තීය සමිති, කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ අභිලාෂයන් ඉටු කිරීමට අසමත් බව පමනක් නොව, ඒවා තරයේම ප්‍රතිගාමී බව ද හෙලි කරනු ඇතැයි ඔහු පැවසීය.

ධනවාදී ක්‍රමයට ආර්ථික, සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී ගැටලුවලට කිසිදු ප්‍රගතිශීලී විසඳුමක් ලබා දිය නොහැකි අතර විකල්ප සංවිධානවල අවශ්‍යතාවය කම්කරුවන්ට හා පීඩිතයින්ට දැනෙනු ඇත. සසප විසින් යෝජනා කරනු ලබන ක්‍රියාකාරී කමිටු මෙම අවශ්‍යතාවය නියෝජනය කරයි.

"වෙනස් වූ දේශීය හා ලෝක වෛෂයික තත්වයන්ට ජාත්‍යන්තර සමාජවාදී විසඳුම් අවශ්‍ය බව අපි කම්කරුවන්ට ඉවසීමෙන් පැහැදිලි කල යුතුයි. මෙම විඤ්ඤානය කම්කරුවන් තුල ස්වයංක්‍රීයව වර්ධනය නොවන අතර විප්ලවවාදී පක්ෂය සහ ක්‍රියාකාරී කමිටු වැනි විකල්ප සටන් අවයව ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවයක් ඇත්තේ එබැවිනි.

“කොරෝනා වෛරස් වසංගතය වැනි වෛෂයික වර්ධනයන් විප්ලවවාදී වැඩ සටහනේ යථාර්ථවාදී ස්වභාවය අවබෝධ කර ගැනීමට මිනිසුන්ට උපකාරී වේ. ජනතාවගේ දේශපාලන විඤ්ඤානය ඔවුන් අභිමුඛව සිටින ඓතිහාසික කාර්යයන් දක්වා ඉහල නංවනු ලබන්නේ පක්ෂයේ මැදිහත් වීමෙන් පමනි. අවසාන වශයෙන් සමාජයේ අවශ්‍ය විප්ලවීය වෙනස අවබෝධ කරගන්නේ විප්ලවවාදී පක්ෂය විසින් මෙහෙයවනු ලබන කම්කරු පන්තියයි.” ඩයස් පැවසීය.

Loading