[පහත පල කෙරෙන්නේ 2021 මාර්තු 06 දින The coup in Washington and its military backers One hundred and ninety-nine minutes in January යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.]
1962 දී ප්‍රකාශයට පත් කරන ලද වැඩියෙන්ම අලෙවි වන නවකතාවක් වූ සෙවන් ඩේස් ඉන් මේ පාදක කරගනිමින් 1964 දී එම නමින්ම තිරගත වූ චිත්‍රපටය එක්සත් ජනපදයේ සිදු වූ මිලිටරි කුමන්ත්‍රනයක ප්‍රබන්ධ විස්තරයක් සම්පාදනය කරයි. චිත්‍රපටය එලිදැක්වීමට පෙර ඝාතනයට ලක්වූ ජෝන් එෆ් කෙනඩිගේ පාලන කාලය තුල ආන්ඩුව තුල ඇති වූ කුමන්ත්‍රන හා ගැටුම් වලින් මෙම පොත ආවේශගැන්වී තිබුනි. ඔහු මරනයට පත්වීමට පෙර, එවකට හමුදාවේ පක්ෂපාතිත්වය ගැන ප්‍රමානවත් ලෙස සැලකිලිමත් වූ කෙනඩි, පෙන්ටගනයේ විරුද්ධත්වය නොතකා චිත්‍රපටයේ නිෂ්පාදනයට සහාය දුන් අතර එහි අධ්‍යක්ෂ ජෝන් ෆ්‍රැන්කන්හයිමර් ට ධවල මන්දිරයෙන් පිටත දර්ශන රූගත කිරීමට ඉඩකඩ ලබා දුන්නේය.
චිත්‍රපටයේ නව පිටපත ජනවාරියේ මිනිත්තු එකසියඅනූ නවය යන නමින් නිකුත් කල හැකිය. බදාදා වොෂිංටන් ඩී.සී. ජාතික ආරක්ෂක අනදෙන නිලධාරී විලියම් වෝකර්ගේ සෙනෙට් සාක්‍ෂියට අනුව, 2021 ජනවාරි 6 වන දින ජාතික ආරක්ෂක හමුදා යෙදවීම සඳහා නියෝග කරන ලෙස ඉහල හමුදා නිලධාරීන්ගෙන්, ඔහු කල මුලික ඉල්ලීම සහ එහි අවසාන අනුමැතිය අතර කාලය මෙය විය.
වෝකර්, සෙනෙට් නීතිරීති සහ ස්වදේශ ආරක්ෂක කමිටුවලට පැවසුවේ ෆැසිස්ට් කැරලිකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට ලඟා වෙද්දී පස්වරු 1:49 ට ජාතික ආරක්ෂක බලකාය යෙදවීමට අනුමැතිය ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත්, වැඩබලන ආරක්ෂක ලේකම් ක්‍රිස්ටෝපර් මිලර්ගෙන් ප.ව. 5:08 වන තෙක්, එනම් පැය තුනයි මිනිත්තු 19 ක් ගතවනතෙක් ඔහුට අවසර නොලැබුනි.
මිනිත්තු 199 ක් ප්‍රමාද වීම පිලිබඳ ප්‍රදර්ශනශීලී පැහැදිලි කිරීම් වලට අනුව කුමක් පවසා සිටියද, එය විකාරයකට වැඩි දෙයකි. වෝකර්ගේ වචන වලට අනුව යුද හමුදා අනදෙන නිලධාරියා “මහජනතාව එය දකින ආකාරයට තමන් අකමැති නිසා නිල ඇඳුමින් සැරසුනු ආරක්ෂකයින් කැපිටල් වෙත යැවීම හොඳම හමුදා උපදෙසක් නොවේ” යයි තමාට පැවසූ බවට වෝකර් සාක්ෂි දුන්නේය. විරෝධතාකරුවන් “අවුස්සාලීම” අනවශ්‍ය බව ද ඔවුහු පැවසූහ. හරියට, හමුදාවට “මහජනතාව දකින ආකාරය” ගැන සැලකිල්ලක් ඇතැයි කිසිවෙකු හෝ විශ්වාස කරනවා මෙනි. පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතා වලදී “මහජනතාව දකින ආකාරය” කවදා හෝ සාධකයක් වූයේද යන ප්‍රශ්නයට පිලිතුරු දෙමින් වෝකර්ම සඳහන් කලේ “මිනිත්තු කිහිපයක් තුල” ජාතික ආරක්ෂක බලකාය නැවත නැවතත් යෙදවීමට සිදු වූ බැවින් “[ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි විරෝධතා පැවති පසුගිය] ගිම්හානයේදී එම කරුන කිසි විටෙකත් සාකච්ඡාවට බඳුන් නොවූ” බවයි.
ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක්දැයි අපි සලකා බලමු. පෙන්ටගනය, ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන් සහ ඉහල පෙලේ හමුදා නිලධාරීන් කැපිටල් ප්‍රහාරය දිග හැරෙමින් තිබියදී සීඑන්එන් වලින් හෝ ඔවුන්ගේ අනදෙන මධ්‍යස්ථානවල සිට බලා සිටියහ. මොවුන් පුහුනුව ලත් පුද්ගලයන් වන අතර මිනිත්තු කිහිපයක් ඇතුලත න්‍යෂ්ටික හෝ වෙනත් ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිලිබඳ අභ්‍යාසවල නිරත වූවන් ය. මෙම සිදුවීම් නරඹන හමුදා නිලධාරීන්ට ජනවාරි 6 කැරැල්ල පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නොතිබුනද, වොෂිංටන් ඩී.සී. ප්‍රදේශයේ ඇති සියලුම හමුදා විමර්ශනය කිරීමට හා වහාම යෙදවීමට හදිසි රැස්වීමක් කැඳවීමට හැකියාවක් නොතිබූ බව කිසිවෙකුට බැරෑරුම් ලෙස විශ්වාස කල නොහැකිය.
එවැනි මෙහෙයුම් සඳහා මිලිටරිය ගිනිය නොහැකි තරම් පටිපාටීන් සකස් කර නැතැයි සිතීම බොලඳකමකට එහා ගිය දෙයකි. එක්සත් ජනපදය තුල එල්ල වන තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම සඳහා සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් ඉක්බිතිව “ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව” පිහිටුවා වසර විස්සක් ගත වී ඇත. ඔබාමා පාලනාධිකාරය යටතේ 2013 දී බොස්ටන් මැරතන් බෝම්බ ප්‍රහාරයට දැක්වූ ප්‍රතිචාරය ද සිහිපත් කල යුතුය. බොස්ටන් සහ අවට ප්‍රදේශ සක්‍රීය යුද නීතියක් යටතට පත් කිරීම සඳහා ස්වයංක්‍රීය ආයුධ සන්නද්ධ දහස් ගනනක් ජාතික ආරක්ෂක භටයන් හා සන්නද්ධ වාහන යොදවා තිබුනි.
එපමනක් නොව, ජනවාරි 6 සිදුවීම් පුදුමයට කරුනක් නොවේ. කැරැල්ලට මාස කිහිපයකට පෙර, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා සාමකාමී ලෙස බලය පැවරීමක් පිලි නොගන්නා බව පැහැදිලි කලේය. එවැනි දේශපාලන අර්බුදයක් පැවතුනි. විශේෂයෙන් ජනවාරි 6 දිනය ඉලක්ක කරගත් සැලසුම් සහ තර්ජන පිලිබඳව බුද්ධි අංශ සහ හමුදාව හොඳින් දැන සිටියහ.
ඒ වෙනුවට නිශ්චිත දේශපාලන උපාය මාර්ගයක් ලෙස, ක්‍රියාත්මක නොවීමට තීරනයක් ගන්නා ලදී. පැය තුනකට වඩා වැඩි කාලයක්, ෆැසිස්ට් කන්ඩායම් සතුව කැපිටල් ගොඩනැගිල්ල තුල නිර්බාධිත පාලනයක් තිබුනි. කැරලිකරුවන් අතර සිටි හමුදා පුහුනුව ලත් පිරිස්, සෙනෙට් සභිකයින් සහ නියෝජිතයන් අතර ප්‍රාන ඇපකරුවන් සොයා ගැනීමට ඔවුනට කාලය ලබාදී තිබෙන බව දැන සිටියහ.
මේ අතර, හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ට්‍රම්ප් සූදානම් වූ අතර එය කොන්ග්‍රසය නතර කිරීමට යොදා ගත හැකිව තිබූ තීන්දුවකි. එය ජෝ බයිඩන්ගේ මැතිවරන ජයග්‍රහනය පිලිබඳ නිල සහතික කිරීම දින නියමයක් නොමැතිව ප්‍රමාද කරනු ඇත, ඒ සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ට්‍රම්ප්ගේ සම-කුමන්ත්‍රනකරුවන්ගේ සහාය ලැබෙනු ඇත. ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරය අඛන්ඩව පැවතීම හේතුවෙන් රිපබ්ලිකානුවන් විසින් පාලනය කරන ලද ව්‍යවස්ථාදායකයන් වෙත මතභේදාත්මක රාජ්‍ය මැතිවරන ඡන්දදායකයින් ආපසු යැවීම සම්බන්ධ “සම්මුතියක්” පිලිබඳව ඩිමොක්‍රටිකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉඩ තිබුනි. 2000 දී ශ්‍රේෂ්ඨාධිකරනයේ මැදිහත් වීමෙන් මැතිවරනය වංචා කිරීම පිලිගත් ඩිමොක්‍රටිකයෝ මේ ආකාරයේ “සම්මුතියක්” ඇති කර ගත්හ.
අවසානයේදී, හමුදාව මැදිහත් වූයේ ජනවාරි 6 වන දින මෙහෙයුමේ අරමුනු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇති බව පැහැදිලි වූ විට සහ තවත් ප්‍රමාදයක් සිදුවුවහොත් තිරය පිටුපස ක්‍රියාත්මක වන අය පැහැදිලිවම අනාවරනය වනු ඇතැයි පෙනීගිය විටය. ගොඩනැගිල්ලෙහි අවහිරතා ඉවත් කිරීම සඳහා පොලිසියට සහාය වීමට ජාතික ආරක්ෂක භටයන් 154 ක් කැපිටල් සංකීර්නයට පැමිනියේ ඩී. සී. හි ජාතික ආරක්ෂක බලකාය යෙදවීමට විධිමත් අවසරයකින් පැය භාගයකට වඩා වැඩි කාලයකට පසු, එනම් පස්වරු 5:40 ටය. මෙම ස්ථාවරයට ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ මිලිටරිය තුල ඉහල පෙලේ පුද්ගලයන් සම්බන්ධ වූ අතර ඔවුන්ගෙන් සමහරක් මෑතකදී ට්‍රම්ප් විසින් පත් කරන ලදවුන් විය. ට්‍රම්ප් විසින් 2020 නොවැම්බර් 9 වන දින මැතිවරනයෙන් දින හයකට පසු ආරක්ෂක වැඩබලන ලේකම් ලෙස නම් කරන ලද මිලර් ද මෙයට ඇතුලත් ය. එක්සත් ජනපදයේ විශේෂ බලකායක් වන “ග්‍රීන් බෙරෙට්” හි හිටපු සාමාජිකයෙකු වන මිලර් මීට පෙර ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ද විය.
වෝකර්ගේ ප.ව. 1:49 ට කල ඇමතුම යොමුවූයේ, එක්සත් ජනපද හමුදාවේ ඉහල ජෙනරාල්වරුන් වෙතයි. මෙම ඇමතුම ලැබූ අය අතර යුද හමුදා මාන්ඩලික අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලුතිනන් ජෙනරාල් වෝල්ටර් පියට් ද විය. පියට්, කලින් ෆෝට් ඩ්‍රම් හි එක්සත් ජනපද හමුදාවේ 10 වන කඳුකර හමුදාංශයේ අනදෙන නිලධාරියා සහ යුරෝපයේ එක්සත් ජනපද හමුදා නියෝජ්‍ය අනදෙන නිලධාරියා විය.
යුද හමුදා මෙහෙයුම්, සැලසුම් සහ පුහුනුව පිලිබඳ නියෝජ්‍ය මාන්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් චාල්ස් ෆ්ලින් ද මෙම ඇමතුමට සහභාගී විය. ෆ්ලින් යනු ට්‍රම්ප්ගේ මැතිවරන පරාජයට ප්‍රතිචාර වශයෙන් යුද නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි ඉහල පෙලේ ට්‍රම්ප්වාදී කුමන්ත්‍රනකරුවෙකු වූ ලුතිනන් ජෙනරාල් මයිකල් ෆ්ලින්ගේ බාල සහෝදරයාය. ඔහු සහභාගීවී සිටින්නේද යන්න දැනුවත් කරන ලෙස බල කිරීමට පෙර, හමුදාව මුලින්ම තරුන ෆ්ලින් ඇමතුමට සම්බන්ධ වී සිටීම ගැන බොරු කීවේය. ෆැසිස්ට් කැරැල්ලෙන් සති තුනකට පසු ජනවාරි 25 වන දින ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කලේ හොනලුලු හි එක්සත් ජනපද පැසිෆික් හමුදාවට අන දීම සඳහා ෆ්ලින් මාරු කරමින් සිටිනු ලැබූ බවයි.
හමුදාව තුල කෙරුනු සාකච්ඡාවල සම්පූර්න විස්තර තවමත් අනාවරනය වී නොමැත. කෙසේ වෙතත්, අවම වශයෙන් එක් රැස්වීමක් වත් ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් මාක් මිලී, මිලර් සහ හමුදා ලේකම් රයන් මැකාති සමඟ පස්වරු 2.30 ට එනම් ජාතික ආරක්ෂක භටයින් යෙදවීම සඳහා වූ මූලික ඉල්ලීමෙන් විනාඩි 40 කට පමන පසුව හමුදාව දැක්විය යුතු ප්‍රතිචාරය පිලිබඳ සාකච්ඡා කරන ලදී. නිල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාලානුක්‍රමය අනුව, මිලී ජනවාරි 6 වෙනිදා උදේ මිලර් හමුවී ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, දිනය සඳහා වන හදිසි සැලසුම් සමාලෝචනය කලේය.
ෆෙඩරල් පොලිසියේ, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් පසුව සහ ට්‍රම්ප්ගේ තර්ජනාත්මක ලෙස රට පුරා හමුදාව යෙදවීම සඳහා කැරලිකාර පනත ක්‍රියාත්මක කිරීම පිලිබඳ රෝස් උද්‍යාන කතාවෙන් පසුව එක්සත් ජනපදයේ ඉහලම හමුදා නිලධාරියා ලෙස කටයුතු කරන මිලී ජුනි 1 වන දින ලෆයෙට් උද්‍යානයේ මාධ්‍ය හමුවට ට්‍රම්ප් සමඟ එක් වූ බව සිහිපත් කල යුතුය. එනම්, කුමන්ත්‍රනය දියත් කිරීමේ පලමු උත්සාහය අතරතුර මිලී, ට්‍රම්ප් සමඟ ගමන් කලේය.
ජනවාරි 6 වන දින සඳහා ඉහල මට්ටමේ සැලසුම් කිරීමක් පිලිබඳ තවත් ඇඟවීමක දී වෝකර් සාක්ෂි දෙමින් කියා සිටියේ තමාට ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්, එකක් ජනවාරි 4 වන දිනත්, තවත් එකක් ජනවාරි 5 වන දිනත් ලෙස ලියවිලි දෙකක් ලැබුනු බවත්, පැහැදිලි අවසරයකින් තොරව හමුදා යෙදවීමේ හැකියාව සීමා කල බවත් ය. පලමු සංදේශය, “මගේ ආරක්ෂක භටයන් රැක ගැනීම සඳහා යුද හමුදා ලේකම් සහ ආරක්ෂක ලේකම්ගෙන් අවසර ලබා ගැනීමට මට සිදු විනැයි” ප්‍රකාශ කලේය.
වෝකර් විසින් ලේඛනගත කරන ලද සිදුවීම් වෙනත් රටක සිදුවී ඇත්නම් ඒවා නිවැරදිව හමුදා කුමන්ත්‍රනයක් ලෙස පෙනෙනු ඇත. කෙසේ වෙතත්, වෝකර්ගේ සාක්ෂි බොහෝ දුරට මාධ්‍ය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ මෙන්ම නොසලකා හරිනු ලැබ ඇත.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ බ්‍රහස්පතින්දා මුද්‍රන සංස්කරනයේ 17 වන පිටුවේ නඩු විභාගය පිලිබඳ වාර්තාව යටගසුවේය. පුවත්පතේ කතුවැකියෙහි හෙලිදරව් කිරීම් පිලිබඳව අදහස් දක්වා නොමැත. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන හඬ වන ටයිම්ස්, එක්සත් ජනපදයේ ව්‍යවස්ථාමය පාලනය පෙරලා දැමීමට දරන උත්සාහයට වඩා එහි විකාර ලිංගික මායාකාරී දඩයම් සඳහා වැඩි කාලයක් කැප කරයි.
වොෂිංටන් පෝස්ට් එක් කතුවැකියක් පල කරමින්, “එම ස්ථානයේ සිටි නිලධාරීන්ගේ දැඩි හා පුන පුනා කරනලද ඉල්ලීම් සහ ව්‍යාකූලත්වය රූපවාහිනියේ සජීවීව විකාශනය වෙමින් තිබියදීත්, ආරක්ෂක දෙපාර්තමේන්තුව උදව් යැවීම ප්‍රමාද කලේ ඇයිද යන්න පිලිබඳව හොඳ පැහැදිලි කිරීමක් කර නොමැත” යයි කියා සිටියි. එය අවසන් වූයේ “කොන්ග්‍රසය ජනවාරි 6 සිදුවීම් විමර්ශනය කිරීම සඳහා ද්වි පාර්ශවීය කොමිසමක් පත් කරන මෙන්” යටහත් පහත් ලෙස ඉල්ලා සිටීමෙනි.
ඩිමොක්‍රටික් සභා කථානායක නැන්සි පෙලෝසි විසින් ඉදිරිපත් කර ඇති ජනවාරි 6 වන දින සිදුවීම් පිලිබඳව ඒකාබද්ධ පරීක්ෂනයක් සඳහා කරන කැඳවීමේදී, කුමන්ත්‍රනයේ යෙදී සිටින පාර්ශවය ද ඇතුලත් වන්නේනම් කිසිදු පරීක්ෂනයක් සිදු නොවනු ඇති බවට පමනක් සහතික කරයි.
මහජනයා නිර්වින්දනය කිරීමට උත්සාහ කරන අතරම, ඩිමොක්‍රටිකයෝ බ්‍රහස්පතින්දා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සැසිවාරයන් අවලංගු කිරීමේ අසාමාන්‍ය පියවර ගත්තේ ෆැසිස්ට් කන්ඩායම්වල විරෝධතා පිලිබඳ වාර්තා වලට ප්‍රතිචාර වශයෙනි. බයිඩන්, මේ අතර, කොන්ග්‍රසයේ සභා දෙකම අමතමින් සිදුකරන සාම්ප්‍රදායික වාර්ෂික කථාව ප්‍රමාද කර ඇත. එය සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේදී නව ජනාධිපතිවරයෙකු අතින් සිදු වන්නකි. මූලික වශයෙන් සැලකිලිමත් විය යුත්තේ මේ අවස්ථාවේ දී එතරම් වැදගත් නොවන බලවේගයක් නියෝජනය කරන දක්ෂිනාංශික පෙලපාලිකරුවන් කෙරෙහි නොවේ, නමුත් රාජ්‍යයේ ඉහලම මට්ටම් තුල පවතින කුමන්ත්‍රනයන් පිලිබඳව ය.
ඩිමොක්‍රටික් පක්ෂයේ අනුග්‍රහය යටතේ සිදුකරන කිසිදු පරීක්ෂනයක් කුමන්ත්‍රනයට සම්බන්ධ බලවේග හෙලිදරව් කිරීමට උපකාරී නොවේ. වෝල් වීදියේ සහ හමුදාවේම පක්ෂයක් ලෙස ඩිමොක්‍රටිකයින් හෙලිදරව් කිරීම්වල දේශපාලන හා සමාජීය ප්‍රතිවිපාක ගැන භීතියට පත්ව සිටිති.
ජනවාරි 6 වන දින මිනිත්තු එකසිය අනූ නවය අනතුරු ඇඟවීමකි. සිදුවීමේ බැරෑරුම්කම හා සමානවම, ඊට දක්වන ප්‍රතිචාරය අඩු වැදගත්කමක් දරන දෙයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, පාලක පන්තිය හෝ එහි දේශපාලන නියෝජිතයින්ගේ කිසිදු කන්ඩායමකට භාර දිය නොහැක. කම්කරු පන්තියට ඊලඟ අදියර සඳහා සූදානම් නොවී සිටිය නොහැක. ධනේශ්වර ක්‍රමයට එරෙහිව තමන්ගේම වැඩපිලිවෙලක පදනම මත ඔවුන් ස්වාධීනව සංවිධානය විය යුතුය.
