රෝසා ලක්සම්බර්ග්ගේ 150 වැනි ජන්ම සංවත්සරය සමරන ඔන්ලයින් දේශනයක්

රෝසා ලක්සම්බර්ගේ උපතින් 150 වැනි සංවත්සරය සමරන ඔන්ලයින් දේශනයක් සහ සාකච්ඡාවක්, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය කර ඇත. අප්‍රේල් 9 වැනි දා සවස 7.00ට පැවැත්වෙන මෙම දේශනය, හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ෂ්වාර්ට්ස් විසින්, මෙම සංවත්සරය සනිටුහන් කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියන ලද ඉදිරි දර්ශන ලිපිය මත පදනම් වෙයි.

රෝසා ලක්සම්බර්ග්

රෝසා ලක්සම්බර්ග් පෝලන්තයේ සමාජවාදී ව්‍යාපාරයේ ආරම්භකයා සහ දෙ වැනි ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පක්ෂයක් වූ ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (එස්පීඩී) පක්ෂයේ ප්‍රධාන නායිකාවකි. දෙ වැනි ජාත්‍යන්තරය පසු කාලීන ව අධිරාජ්‍යවාදයට අනුගත වී සිදු වූ පරිහානිය නියෝජනය කල බර්න්ස්ටයින්ගේ සංශෝධනවාදයට මෙන් ම කවුට්ස්කිගේ මාධ්‍යමිකවාදයට එරෙහි ව ඇය සටන් වැදුනා ය.

පලමු වැනි ලෝක යුද්ධය පුපුරා යාමත් සමග එස්පීඩීය ජර්මානු යුද අයවැයට පාර්ලිමේන්තුවේ දී ඡන්දය පල කිරිමෙන් පසු පක්ෂය තුල අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ආස්ථානයට සටන් වදිමින් කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී විප්ලවවාදී මූලධර්ම තහවුරු කිරීමට ස්පාටකස් ලීගය ගොඩ නැගීමට කාල් ලීබ්නෙක්ට් සමග ඇය නායකත්වය සම්පාදනය කලා ය.

පසු ව, ඔවුහු 1918 ජර්මානු විප්ලවය දිග හැරෙන තතු තුල එයට නායකත්වය සම්පාදනය කිරීමට තුන් වැනි ජාත්‍යන්තරයේ ජර්මානු ශාඛාව වශයෙන් ජර්මානු කොමියුනිස්ට් පක්ෂය ගොඩ නැගීමට මූලිකත්වය ගෙන කටයුතු කල හ. ජර්මානු කොමියුනිස්ට් පක්ෂය ගොඩ නැගීමෙන් සති දෙකකට පසු ව, 1919 ජනවාරි 15 වැනි දින ඇය සහ ලීබ්නෙක්ට්, ෆ්‍රෙයිකෝප් භටකායන් විසින් අත් අඩංගුවට ගෙන කුරුරි ලෙස මරා දමනු ලැබූහ.

කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී මූලධර්මයන් මත දෘඪතර ව පාදක වුනු ඇයගේ උරුමය මුසාකරනයට එරෙහි ව ආරක්ෂා කර ගනිමින් අද දින කම්කරු පන්තියේ විප්ලවවාදී අරගලයට සමීකරනය කර ගැනීම සසජාතශි රැස්වීමේ අරමුනයි.

දේශනය පවත්වනු ලබන්නේ සමාජවාදී සමානතා පක්ෂයේ මධ්‍යම කාරක සභික ප්‍රගීත් අරවින්ද විසිනි. සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු මූලාසනය දරනු ඇත.

දිනය: 2021 අප්‍රේල් 9

වේලාව: සවස 7.00

ලියාපදිංචිය: https://attendee.gotowebinar.com/register/5585842739545125904

Loading