[මෙය 2022 පෙබරවාරි 15 වැනි දින Thousands ofAustraliannursesstrike inNSW, defyinggovernment-court ban යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]
ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්න ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් (එන්එස්ඩබ්ලිව්) පුරා හෙද හෙදියන් දහස් ගනනක්, 2013 න් පසු සිය පලමු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට එක් වෙමින් අද වැඩ නැවැත්වූහ. හෙද හෙදියන් ඉල්ලා සිටින්නේ, දශක ගනනාවක් තිස්සේ පවතින හිඟය පියවීම සඳහා කාර්ය මන්ඩල වැඩි කිරීම, ඔවුන් මත වැටුප් කප්පාදු පනවන වැටුප් වර්ධක අත්හිටවීමේ දඬුවම් නතර කිරීම, කොවිඩ්-19 වසංගතය මගින් උග්‍ර වී ඇති ඔවුන්ගේ රුදුරු සේවා කොන්දේසි ඉක්මනින් ඉහලදැමීම ආදිය යි.
සැලකිය යුතු කරුනක් නම්, ප්‍රාන්ත ලිබරල්-ජාතික සභාග ආන්ඩුව විසින් කරන ලද ඉල්ලීමක් අනුමත කරමින්, නිව් සවුත්වෙල්ස් කාර්මික සම්බන්ධතා කොමිසම (අයිආර්සී) විසින් ඊයේ පස්වරුවේ එය තහනම් කර තිබියදීත් හෙදියන් සිය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමයි. හෙදියන්ගේ විරෝධය හුදෙක් හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මන්ඩලය අතර පමනක් නොව, කම්කරු පන්තිය පුරා වැඩෙන ප්‍රතිරෝධයේ මනෝභාවයක් පෙන්නුම් කරයි.
ආන්ඩුව කොවිඩ් පැතිරීමට ඉඩ දීම හේතුවෙන් රෝහල් පිරී ඉතිරී ගොස් ඇත. ඒ අතරම, එය කාලයක් තිස්සේ අඩුවෙන් අරමුදල් සපයන මහජන සෞඛ්‍ය පද්ධතියට කිසියම් තල්ලුවක් සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත. ඇත්ත වශයෙන්ම, වසංගතයේ ආරම්භයේ තිබුනාට වඩා දැඩි සත්කාර ඒකක (අයිසීයූ) ඇඳන් අඩුය. එහෙත්, ආන්ඩුව සහ ව්‍යාපාරික ගැති අයිආර්සී තරයේ කියා සිටියේ, වෛද්‍ය සේවාවන් කඩාකප්පල් කිරීම මගින් “මහජන සෞඛ්‍යයට සහ ආරක්ෂාවට අවදානමක් ඇති කරන” නිසා හෙදියන්ට වර්ජනය කල නොහැකි බවයි.
හෙදියන් දහස් ගනනක් සිඩ්නි හි නිව් සවුත්වෙල්ස් පාර්ලිමේන්තුවෙන් පිටත පෙලපාලි ගිය අතර තවත් දහස් ගනනක් ග්‍රාමීය හා ප්‍රාදේශීය මධ්‍යස්ථාන 30 ක විරෝධතාවලට සම්බන්ධ වූහ.
සිඩ්නි රැලියේ සෞඛ්‍ය සේවකයින් සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උද්ඝෝෂකයන්ට පැවසුවේ, කොවිඩ් හේතුවෙන් දැනටමත් දුර්වල කාර්ය මන්ඩලය, ඉතා කුඩා අගයක් දක්වා අඩු කර ඇති බවයි. එක් ලියාපදිංචි හෙදියක් පැවසුවේ තම මිතුරිය පැය 12 ක මුර හතක් එක දිගට වැඩ කර ඇති බවත්, “බොහෝ හෙදියන්ට කොවිඩ් ආසාදනය වන තුරු විවේකයක් නොලැබුනු” බවත් ය.
තවත් සමහරු පැවසුවේ, “අපි අපේ උපරිමය කලා,” යනුවෙනි, නමුත් ඔක්සිජන් ලබාදීමේ උපකරන අවශ්‍ය කොවිඩ් රෝගීන් රැකබලා ගැනීමට ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දී නොතිබුනි. ඒ වෙනුවට, රෝගීන්, කොවිඩ් වාට්ටු බවට පරිවර්තනය කරන ලද, සාමාන්‍ය දැඩි සත්කාර ඒකකයේ නොවන වාට්ටු වෙත යැවේ. ඒ වාට්ටු හැමදාම පිරී ගොසිනි. එක් සේවකයෙක් මෙසේ පැවසීය: “එක් රෝගියෙකු නිදහස් කරන විට දෙදෙනෙකු ඇතුලත් කරනු ලැබේ. එය නියත වූ අතර, එය මාස ගනනක් තිස්සේ එසේම විය.'
පැහැදිලි මනෝගතිය වූයේ තත්වය බිඳවැටීමේ ලක්ෂ්යයකට පැමින ඇති බවත් බරපතල සටනක් දියත් කල යුතු බවත් ය.
ඊට ප්රතිවිරුද්ධව, නිව් සවුත්වෙල්ස් හෙද සහ වින්නඹු මාතාවන්ගේ සංගමයේ (එන්එස්ඩබ්එන්එම්ඒ) අරමුන වූයේ හැකිතාක් කාර්මික ක්‍රියාමාර්ග සීමා කිරීමට, හෙදියන් අතර දේශපාලන සාකච්ඡාව යටපත් කිරීමට සහ නිව් සවුත්වෙල්ස් සභාග ආන්ඩුව වෙත කරන ආයාචනා පසුපසින් කම්කරුවන් දැක්කීමයි.
පෙර වසර දෙක පුරාවට සීමිත කාර්මික ක්‍රියාමාර්ග පවා අවලංගු කරමින් සිටි වෘත්තීය සමිතිය වැඩවර්ජන ඡන්දය පැවැත්වූයේ, එය නොකලහොත් කෝපය පිපිරෙනු ඇතැයි යන බිය නිසාය. වෘත්තීය සමිති නිලධාරීන් ආන්ඩුවේ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ සඳුදා දහවල් වන විට සිදුකල පසුපෙල සාකච්ඡා වලදී, කාර්මික ක්‍රියා අවම කිරීම හෝ එය සම්පූර්නයෙන්ම නතර කිරීම අරමුනු කර ගත්හ.
ඒ අනුව, විවිධ රෝහල්වල හෙදියන් විවිධ වේලාවන් වල වර්ජනයට කැඳවීමට වෘත්තීය සමිතිය වග බලා ගත්තේය. මෙය යම්කිසි ඒකාබද්ධ බලමුලු ගැන්වීමක් වැලැක්වීම ඉලක්ක කරගනිමින් ද, විරෝධතා සුලු ප්‍රාදේශීය ක්‍රියාවන් බවට පත් කරමින් ද ඔවුන් බෙදීමට සේවය කලේය.
වැඩ නැවැත්වීම ආරම්භ වීමට පෙර, එන්එස්ඩබ්එන්එම්ඒ එහි සාමාජිකයින්ට කෙටි පනිවිඩයක් යැවූ අතර, එහි සඳහන් වූයේ: “වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියට යනු ඇත! කරුනාකර ප්‍රවේසම් වන්න, අනෙකුත් විරෝධතා කන්ඩායම් අද (15) පැවැත්වෙන රැලිවලට සහභාගී විය හැකිය. ඒවා සමග එක් නොවන්න, අපි කොටස් වශයෙන් එය සිදුකිරීමට අවධානය යොමු කරමු. ඔබට කිසියම් ගැටලුවක් ඇත්නම් එන්එස්ඩබ්එන්එම්ඒ කාර්ය මන්ඩලය දැනුවත් කරන්න. තොරතුරු සඳහා එන්එස්ඩබ්එන්එම්ඒ සමාජ මාධ්‍ය පමනක් භාවිතා කරන්න'
මෙය පැහැදිලිවම සසප ගැන සඳහනකි. සසප වසංගතය පුරාවටම ආන්ඩුව සමග සමිතියේ සහයෝගීතාවය හෙලිදරව් කර ඇති අතර, තමන් විසින් පැවැත්වීමට බලකෙරුනු එක්දින වැඩවර්ජනය පවා අඩපන කිරීම සඳහා එහි උපාමාරු හෙලිදරව් කර ඇත.
සසප,සෙනසුරාදා සාර්ථක ඔන්ලයින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වූ අතර එහිදී එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවකයෙකු සහ සිඩ්නි හෙදියක් කතා කලහ. එවිසින් ඉල්ලා සිටිනු ලැබූයේ, 'පැතිර යාමට ඉඩහැරීමේ' වසංගත ප්‍රතිපත්තිවලට එරෙහිව සහ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියේ දැවැන්ත පුලුල් කිරීමක් ඇතුලුව මූලික සමාජ අයිතීන් සඳහා වන පොදු අරගලයක දී, ගුරුවරුන් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමගින්, සියලුම සෞඛ්‍ය සේවකයින් ඒකාබද්ධ කිරීම අරමුනු කර ගනිමින්, හෙදියන්ට ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ය.
එන්එස්ඩබ්එන්එම්ඒ සටහන, හෙදියන් අතර පොලිස්කාර සාකච්ඡා පැවැත්වීමට, ඔවුන් සාකච්ඡා කල හැක්කේ කුමක් ද සහ කවුරුන් සමඟ ද යන්න තීරනය කරමින් සඳහා ඔවුන්ට ඇති “අයිතිය” ප්‍රභල ලෙස තහවුරු කරමින් සහ ඕනෑම විකල්ප ඉදිරිදර්ශනයක් මුනගැසීමට ඔවුන්ව තහංචි දැමීමට උත්සාහ කරමින් ක්‍රියාත්මක කරගෙන යන වෘත්තීය සමිති භූමිකාව පැහැදිලිවම හෙලිදරව් කලේය.
සිඩ්නි රැලියේ සහ අනෙකුත් විරෝධතාවල ගමන් දිශාව ගැන කල්තියා ඇඟවුම් කල සේයාවක් වූ මෙම සටහනේ සඳහන් සියල්ල, පැයකට මඳක් වැඩි කාලයකට සීමා විය. කාර්යමන්ඩල කොටස් කිරීම පිලිබඳ ගැටලුව ඉදිරිපත් කරන ලද්දේ ඕනෑම පුලුල් දේශපාලන හෝ ඓතිහාසික සන්දර්භයකින් පරිබාහිරව ය. වසර ගනනාවක් තිස්සේ පැවති මෙම ගැටලුව නිරූපනය කෙරුනේ, මාස හයකට පෙර බලයට පැමිනි, නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ආන්ඩු ප්‍රධානී ඩොමිනික් පෙරෝටෙට්ගේ පක්ෂග්රාහිත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි.
සිඩ්නි හි දී කතා කරමින්, එන්එස්ඩබ්එන්එම්ඒ ප්‍රධාන ලේකම් බ්‍රෙට් හෝම්ස්, වසංගතය පිලිබඳ නොපැහැදිලි ඉඟි කිහිපයක්ම කලේය. එහි දැවැන්ත ව්‍යාප්තියට හේතු වී ඇති ප්‍රතිපත්ති පිලිබඳ ඔහුගේ එකම නිශ්චිත සඳහනෙහි, ප්‍රජාව තුල දැනටමත් සංසරනය වෙමින් පවතින අධික ලෙස බෝවන ඔමික්‍රෝන් ප්‍රභේදය නොතකා, පෙරෝටෙට් දෙසැම්බර් 15 වන දින “නිදහස් දිනය” සැමරූ බව ඔහු පැවසීය.
හෝම්ස් මෙය, ලේබර් පක්ෂය ප්රමුඛ ප්‍රාන්ත ද ඇතුලුව සියලුම ප්‍රාන්ත, ප්‍රදේශ සහ ෆෙඩරල් ආන්ඩු සම්බන්ධ ජාතික ප්රතිපත්තියක කොටසක් බව සඳහන් කලේ නැත. එසේම ඔහු වෘත්තීය සමිතියේ භූමිකාව පිලිබඳ කිසිදු සලකා බැලීමක් කලේ නැත. කිසිම අවස්ථාවක එය 'වෛරසය සමඟ ජීවත්වීමේ' වැඩසටහනට විරුද්ධ වී නැත. කාර්ය මන්ඩල හිඟය හේතුවෙන්, ආසාදිත යයි සිතිය හැකි හෙදියන්ට රැකියාවේ රැඳී සිටීමට බල කරමින් සමීප සම්බන්ධතා නීති වෙනස් කිරීමට, වෘත්තීය සමිතිය ජනවාරි මාසයේදී සහාය දැක්වීය.
හෝම්ස් සහ සෙසු වෘත්තීය සමිති කථිකයන් හෙදියන්ට සමාන දුක්ඛිත තත්වයට මුහුන දෙන අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ කොන්දේසි ගැන කිසිවක් කීවේ නැත. රෝහල් පද්ධති, සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයකම පාහේ සමාන ගරාවැටීමක පවතින බව ඔවුන් සඳහන් කලේ නැත. වෙනත් ප්‍රාන්ත ගැන සඳහන් කලේ නම්, ඒ, කාර්ය මන්ඩල කොටස් ක්‍රමය නොපිලිපදින නමුත් ඒවා පැවතීම නිසා ඒවායේ හෙදියන් සඳහා වඩා හොඳ කොන්දේසි පවතී යැයි ව්‍යාජ ලෙස පැවසීම සඳහා ය.
හැම දෙයක්ම පෙරෝටෙට්ගේ ප්‍රශ්නයට සීමා විය. හෝම්ස්ගේ කතාව, එන්එස්ඩබ් ප්‍රාන්ත ප්‍රධානී හෙලා දැකීම සහ ඔහුට 'මේසයට එන ලෙස' කනගාටුදායක ලෙස ආයාචනා කිරීම අතර මාරු විය. ප්රාන්ත්ර ප්‍රධානියා හෙදියන්ට විධිනියෝග සහ අනුපාත ක්‍රමය තුලින් අරමුදල් සැපයීම මගින් උපකාර කිරීමට කැමති වෙමින්, භාන්ඩාගාරයේ විරුද්ධත්වයට එරෙහිව පැමිනියේ නම්, එවැනි ක්‍රියාමාර්ග තුලින් “මුදල් ඉතිරි කර ගත හැකි” බව පවසන ලෙස හෝම්ස් ඔහුට උපදෙස් දුන්නේය.
“සටන දිගටම පවතිනු ඇත,” සහ “මෙය ආරම්භය මිස අවසානය නොවේ” යන අර්ථ විරහිත ප්‍රකාශයන් හැරුනුකොට, ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ කිසිදු ඇඟවීමකින් තොරව රැලි අවසන් විය. යථාර්ථයේ දී, එන්එස්ඩබ්එන්එම්ඒ තව දුරටත් සීමිත වැඩ වර්ජන පවා වැලැක්වීමට හැකි සෑම දෙයක්ම කරනු ඇත.
සියල්ලටත් වඩා, වෘත්තීය සමිතිය උත්සාහ කරන්නේ හෙදියන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මන්ඩලයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යා හැකි එකම ඉදිරිදර්ශනය අවහිර කිරීමට ය. එනම්, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, යලි විවෘත කිරීමේ ව්‍යාපාරයට මුලුමනින්ම සහය දක්වන සහ බලයේ සිටියදී සෘජුවම සෞඛ්‍ය කප්පාදුව ක්‍රියාවට නංවා ඇති ලේබර් පක්ෂය ඇතුලු සියලුම නිල පක්ෂවලට එරෙහිව යොමු වූ සෞඛ්‍ය සේවකයින්ගේ ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා ය.
නිව් සවුත්වෙල්සයේ, රටේ සහ ජාත්‍යන්තරව අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සමඟ මෙන්ම, වසංගතයේ ඉදිරි පෙල සිටින ගුරුවරුන් සහ විශාල වෙලඳසැල් සේවකයින් වැනි කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමඟ සම්බන්ධ වීමට හෙදියන්ට ඔවුන්ගේම ක්‍රියාකාරී කමිටු අවශ්‍ය වේ. එවැනි අංශවල යහපත් වැටුප් හා සේවා කොන්දේසි සඳහා වන අරගලය, සෞඛ්‍යය හා ජීවිතය ඇතුලු සමාජ අවශ්‍යතා පුද්ගලික ලාභයට යටත් කිරීම මත පදනම් වූ නිල වසංගත ප්‍රතිපත්තිවලට එරෙහි අරගලයකින් වෙන් කල නොහැකි ය.
මහා ව්‍යාපාරික ආන්ඩුවලට කරන ආයාචනා වෙනුවට, හෙදියන් සහ අනෙකුත් කම්කරුවන් විසින් ගත යුතු මග වන්නේ කම්කරුවන්ගේ ආන්ඩු සඳහා අරගලයයි. බැංකු සහ සමාගම් ජන සතු කර ප්රජාතන්ත්රවාදී කම්කරුවන්ගේ පාලනය යටතට පත් කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතියට ඩොලර් ට්‍රිලියන ගනන් යොමු කිරීම ඇතුළු සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන අතරම, වෛරසය තුරන් කිරීම සඳහා අවශ්‍ය විද්‍යාත්මකව පදනම් වූ ප්‍රතිපත්ති යටතේ මේවා ක්‍රියාවට දැමෙනු ඇත.
