ඉදිරිදර්ශන

තුර්කියේ භූ-චලන ව්‍යසනය පිටුපස පවතින ධනපති ආර්ථික විද්‍යාව හා අධිරාජ්‍යවාදී භූ දේශපාලනය

[මෙය The capitalist economics and imperialist geopolitics behind the earthquake disaster in Turkey මැයෙන් 2023 පෙබරවාරි 7 පල වූ ඉදිරි දර්ශන ලිපියේ පරිවර්තනයයි.]

ඊයේ, තුර්කි-සිරියා දේශසීමා කලාපය බලගතු භූ-චලන දෙකක් විසින් සොලවා දැමුවේ ය. හිමිදිරි උදෑසන දකුනු තුර්කියේ කාරාමාන්මරාස් නගරය තුල 7.7ක විශාලත්වයෙන් යුත් භූ-චලනයක් හටගත් අතර, ඉන්පසුව දහවල් කාලයේ ඒකක 7.6ක විශාලත්වයෙන් යුත් යෝධ පසුකම්පනයක් සිදු විය. ලෙබනනය හා සයිප්‍රසය තරම් ඈතට දැනුනු මෙම චලනයන් දෙක, දහස් ගනනක මරනයට හේතු වූ අතර, සුන්බුන් අතරට මැදි වී සිටින තවත් දසදහස් ගනනක් මුදාගැනීමේ මෙහෙයුම් ලඟාවන තුරු අසරනව බලා සිටින තත්වයට පත් කලේය..

මෙම භූ-චලන දෙක, තුර්කිය තුල අවම වසයෙන් ගොඩනැගිලි 6,200ක් විනාශ කලේ, මිලියන 15ට අධික ජනකායක් ජීවත් වන නගර 10ක් තුල පුද්ගලයින් 2,921ක් මරා දමමින් හා 16,000කට තුවාල සිදු කරමිනි. රෝහල්, මහා මාර්ග හා ගුවන් තොටුපොලවල් සියල්ල විනාශ වී හෝ හානියට බඳුන් වී හෝ ඇත්තේ, විදුලි ට්‍රාන්ස්ෆෝමර හා ස්වාභාවික වායු නල මාර්ගවල සිදු වූ හානිය පලල් විදුලිබල හා වායු ක්‍රියා විරහිතවීම්වලට තුඩු දෙද්දී ය.

2023 පෙබරවාරි 6 සඳුදා තුර්කියේ ගැසියාන්ටෙප් නගරයෙහි විනාශ වුනු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිටින පුද්ගලයන් ව සොයන මිනිසුන් සහ හදිසි සේවා කන්ඩායම් [AP Photo/Mustafa Karali]

තන්ත්‍ර-මාරුවක් අපේක්ෂාවෙන් නැටෝව වසර 12ක් තිස්සේ ගෙන යන යුද්ධයෙන් විනාශභාග් වී ඇති සිරියාව තුල තහවුරු කල මරන සංඛ්‍යාව දැනට මත් 1,300 ඉක්මවා තිබේ. දැනට පැවතීගෙන යන යුද්ධය, මුදවාගැනීමේ කන්ඩායම් බොහෝ ප්‍රදේශ වෙතට ලඟාවීම වලක්වමින් තිබේ. වයඹදිග සිරියාවේ ප්‍රදේශ තුර්කි හමුදාවේ හා එහි කුලීකාර හමුදා කන්ඩායම්වල පාලනය යටතේ තිබෙන්නේ, ඊසානදිග සිරියාව එක්සත් ජනපදයේ හමුදාවන් හා ඔවුන්ගේ කුර්දි ජාතිකවාදී සගයන්ගේ යටතෙහි පවතිද්දී ය. 

ඛේදනීය ලෙස, තුර්කිය හා සිරියාව යන රටවල් දෙක තුල ම කඩාවැටුනු ගොඩනැගිලි යට, බොහෝ පුද්ගලයන් තවමත් සිරවී හසු වී සිටින තතු තුල, මරන සංඛ්‍යාව බොහෝ සෙයින් ඉහල යාමට නියමිත ය. අධික ශීතල යටතේ හෝ භූ-චලනය විසින් හානි කරන ලද ගොඩනැගිලි තුල, පුද්ගලයන් ලක්ෂ ගනනකට රාත්‍රීය ගත කිරීමට බලකෙරී ඇත. මරන සංඛ්‍යාව අට ගුනයකින්, එනම් 30,000ට ආසන්න ප්‍රමානයකට ඉහල යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ජනාධිපති රෙසෙප් ටැයිප් අර්ඩොගාන්ගේ ආන්ඩුව දවස් හතක ජාතික ශෝක කාලයක් ප්‍රකාශ කර ඇත්තේ, භූ-චලන කලාපය පුරා සිටින පුද්ගලයන්ට තමාගේ පිහිටට තමා පමනක් ව අතැර දමනු ලබද්දී ය.

යන්තම් තුර්කි මුදාගැනීමේ කම්කරුවන් 9,000ක් මෙහෙයුමට යොදවා ඇති අතර, බොහෝ ස්ථාන කරා නිල කන්ඩායම් තවමත් පැමින නැත. කලාපීය පරීක්ෂා කිරීමේ මුදාගැනීමේ ප්‍රයත්නයන් සමග ඒකාබද්ධ වීමට, විවිධ පලාත්වල පතල් කම්කරුවෝ ස්වේච්ඡායෙන් ම ඉදිරිපත් වෙමින් සිටිති. ඇතන්ස් නගරයට පහර දිය හැකි දිගු දුර මිසයිල හා ඝාතක ඩ්‍රෝන් යානා නිෂ්පාදනය කිරීම පිලිබඳ ව තුර්කි ආන්ඩුව උදම් අනද්දී, සිය මිතුරන් හා ආදරනීයයන් සුන්බුන් අතරින් මුදාගැනීමට උත්සාහ කරන පුද්ගලයන්ට සපයා ඇත්තේ ගල් කටු හා සවල් පමනි.

මූල්‍ය කතිපයාධිකාරය මෙම ව්‍යසනයට දක්වන නොසැලකිලිමත් ප්‍රතික්‍රියාව, ඉස්තාන්බූල් කොටස් හුවමාරුව විසින් සම්පින්ඩනය කරනු ලැබී ය. භූ-චලනයෙන් පසුව, සිමෙන්ති සමාගම්වල කොටස් පිම්බී ගියේ ය.

මෙම භූ-චලන හේතුවෙන් හටගත් දැවැන්ත මරන සංඛ්‍යාව, මුලුමනින් ම වලක්වාගත හැකි ව තිබූ අතර, එය පුලුල් ලෙස පෙරදක්නා ලද කරන ලද ඛේදවාචකයක් විය. යථාර්ථයේ දී, පලමුකොට ම ස්වාභාවික ව්‍යසනයක් නො වන එය, ධනපති ක්‍රමය විසින් වගකීම දැරෙන සමාජ අපරාධයකි.

ඊයේ භූ-චලනයන් හටගත්තේ, ඊනියා “ඇල්පයිඩ් තීරුව” නමින් හඳුන්වනු ලබන, ලෝකයේ දෙවැනියට විශාල භූකම්පන-ජනක කලාපය තුල ය. ප්‍රධාන විභේදන රේඛා මත පිහිටා ඇති එයට, භූ-චලන විනාශයන්ගේ දීර්ඝ වාර්තාවක් ඇත. 1999 දී තුර්කියේ හටගත් මාර්මාරා භූ-චලනය, නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, ආසන්න වසයෙන් පුද්ගලයන් 18,000ක් මරා දමා, තවත් දසදහස් ගනනකට තුවාල සිදු කලේ ය.

විද්‍යාඥයෝ, ඊයේ සිදු වූ ව්‍යසනය අතලඟ බවට වඩ වඩා අනතුරු අඟවමින්, ගොඩනැගිලි ශක්තිමත් කරන ලෙස රාජ්‍ය අධිකාරීන්ට ආයාචනා කර තිබුනේ, එසේ කිරීමට අසමත් වීම බියකරු ජීවිත වන්දියකට තුඩු දෙනු ඇතැයි අනතුරු අඟවමිනි.

2020 ජනවාරියේ දී, තුර්කියේ හටගත් එලාසිග් භූ-චලනයෙන් අනතුරු ව, භූ-විද්‍යා ඉංජිනේරු සංගමයේ සභාපති හුසේයින් ඇලන් සඳහන් කලේ, ඊයේ භූ-චලනයෙන් ප්‍රධාන අනතුරුවලට මුහුන පෑ කාරාමාන්මරාස් හා හතායි ඇතුලු නගර මධ්‍යස්ථාන 18ක් තුල, “භූ-චලනයන් ජනනය කිරීමේ ඉහල විභවයක් සහිත සක්‍රීය කම්පන මූලයක්” පවතින බව යි. බරපතල භූ-චලනයකින්, එම ස්ථානවල ගොඩනැගිලි “විනාශ වනු” ඇතැයි ඔහු සඳහන් කලේ ය.

තුර්කියේ වඩාත් ම ගෞරවයට පාත්‍ර භූ-විද්‍යාඥයෙක් හා භූ-චලනයන්ට ප්‍රතිරෝධී නගර නිර්මානය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් වන මහාචාර්ය නැසී ගෝරූර් දීර්ඝ කාලයක් තිස්සේ ජපානය හා තුර්කිය අතර සන්සන්දනයට අවධානය යොමු කර ඇත. 2022 දී ෆුකුෂිමාහි හටගත් ඒකක 7.4ක විශාලත්වයෙන් යුත් භූ-චලනයෙන් පුද්ගලයන් හතර දෙනෙක් පමනක් මිය ගිය අතර, 1999 මාර්මරාහි හටගත් එම විශාලත්වයේ ම භූ-චලනයෙන් පුද්ගලයන් 20,000ට ආසන්න පිරිසක් මිය ගිය බව ඔහු ලීවේ ය. මෙය අවධාරනය කරන්නේ, කාරාමාන්මරාස්හි ඊයේ හටගත් භූ-චලනයෙන් සිදු වුනු මරන සියල්ල ම පාහේ වලක්වාගතහැකි ව තිබුනු බව යි.

වසර ගනනක් තිස්සේ, මෙම කලාපය තුල ප්‍රධාන භූ-චලන සිදු වීමේ අන්තරායට ගෝරූර් අවධානය යොමු කර ඇත. භූ-චලනයෙන් පසුව, ඊයේ රාත්‍රීයේ රූපවාහිනී වැඩසටහනක පෙනී සිටි ගෝරූර්, ඔහුගේ කන්ඩායම මෙම අහිමිවීම් වලක්වා ගැනීමේ ව්‍යාපෘතියක් සූදානම් කර තිබුනු නමුත්, බලධාරීන් එය නො තකා හැර තිබුනු බව සඳහන් කලේ ය.

ඉස්තාන්බූල්හි හටගත හැකි ප්‍රධාන භූ-චලනයක් ගැන ගෝරූර් යලිත් අනතුරු ඇඟවී ය. අවම වසයෙන් මිලියන 16ක් ජීවත් වන මහා නගරය තුල ඒකක 7ක විශාලත්වයෙන් යුත් භූ-චලනයක් අපේක්ෂා කරනු ලැබේ.  රිපබ්ලිකානු මහජන පක්ෂය (සීඑච්පී) නමැති ධනපති විපක්ෂය විසින් පාලනය කරන ඉස්තාන්බූල් නගර සභාව, එය මරන 14,000කට “පමනක්” හේතු වනු ඇතැයි කියාපාද්දී, ගෝරූර් පුරෝකථනය කරන්නේ සැබෑ මරන සංඛ්‍යාව 400,000 ඉක්මවනු ඇති බව යි.

භූචලන-ප්‍රතිරෝධී නිවහන් ඉදිකිරීම, ධනවාදය තුල විසඳීමට අසමත් බව ඔප්පු කර ඇති තීරනාත්මක ගෝලීය ගැටලුවකි. ජාත්‍යන්තර ව්‍යසන අවදානම් විද්‍යා සඟරාවට 2021 දී ලියූ ලිපියක, චීන, ඕස්ට්‍රේලියානු, එක්සත් ජනපද, කැනේඩියානු හා ජර්මානු විද්‍යාඥයන් සොයාගත්තේ, 2015 දී, ඇඟකිලිපොලා යන බිලියන 1.5ක පුද්ගලයන් සංඛ්‍යාවක් භූ-චලන අනතුරුවලට නැඹුරු ප්‍රදේශ තුල ජීවත් වන බව යි. ප්‍රධාන වසයෙන්, මැද පෙරදිග සහ මධ්‍යම හා දකුනු ආසියාවේ ඇෆ්ගනිස්තානය, පකිස්තානය, ඉන්දියාව හා බංග්ලාදේශය වැනි ගොදුරුවනසුලු රටවල් තුල මෙම සංඛ්‍යාව පිම්මේ ඉහල යමින් පවතී.

අද වන විට, විද්‍යාවේ හා කර්මාන්තයේ වර්ධන මට්ටම කොතෙක් ද යත්, ලොව පුරා භූචලන-ප්‍රතිරෝධී නගර ඉදිකරනු ලැබිය හැකි ය. පසු භූචලන මුදාගැනීමේ මෙහෙයුම් හා ප්‍රතිකාර සඳහා සූදානම් වන ලෙස ආයාචනාවන් මෙන් ම, සමාජීය යටිතල පහසුකම් අනවරත ව නො තකා හරින්නේත්, භූ-චලනයන්ට ප්‍රතිරෝධී බවට පත් කිරීම සඳහා නගර පුරවරයන් ප්‍රතිනිර්මානය කරන ලෙස හා ගොඩනැගිලි අලුත් වැඩියා කරන ලෙස ඉදිරිපත් කරන කැඳවුම ගනනකට නොගැනෙන්නේ ඇයි?

1991 දී ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රය සෝවියට් සංගමය බිඳ විසුරුවා හැරීමෙන් අනතුරු ව, මැද පෙරදිග තුල දශක තුනක් පුරා කරගෙන ගොස් ඇති එක්සත් ජනපදය නායකත්වය දෙන නැටෝ බලයන්ගේ අධිරාජ්‍යවාදී යුද්ධවල කේන්ද්‍රයෙහි ඊයේ භූ-චලනය සිදු විය. ඉරාකයේ, ඇෆ්ගනිස්තානයේ හා සිරියාවේ යුද්ධ ඩොලර් ට්‍රිලියන ගනනක් හා ජීවිත මිලියන ගනනක් ගිල දමා ඇත. නැටෝවේ 12-අවුරුදු වක්‍ර යුද්ධය විසින් සිරියාව විනාශ කර ඇත්තේ, ජීවිත 500,000ක් බිලිගනිමින් හා මිලියන 10ට අධික පිරිසක් අවතැන් කරමිනි. 

සිය ජීවිත ආරක්ෂාව පතා, සිරියාවෙන් පලාගොස් දකුනු තුර්කිය තුල දරිද්‍රතාවේ ගිලී ජීවත් වන බොහෝ සිරියානු සරනාගතයන් ව, භූ-චලනයෙන් පසුව ඔවුන්ගේ ඉරනම තුලට අතහැර දමා තිබේ.

නැටෝ රාජ්‍යයන් දුසිම් ගනනක්, සිය තුර්කි නැටෝ සගයාට ආධාර යැවීම ගැන සංකේතාත්මක ප්‍රකාශ යවා ඇතත්, එසේ කර ඇත්තේ, වර්තමාන ව්‍යසනයට මුහුන දීමට පමනක් නො ව, දෛනික ජීවිතය පවත්වාගෙන යාමට පවා කඩිමුඩියේ අවශ්‍ය කරන වෛද්‍යමය හා අනෙකුත් සම්පත් කරා වන ප්‍රවිෂ්ටය මහජනයාට අහිමි කරන, එක්සත් ජනපද සම්බාධක යාන්ත්‍රනයක් යටතේ පවතින, එම ව්‍යසනයට ම මුහුන දුන් සිරියාවේ මිනිසුන් බොහෝ සෙයින් නො තකා හරිමිනි.

යථාර්ථයේ දී, භූ-චලනයට ගොදුරු වූවන් වෙත කුහක ලෙස ශෝකය පලකරන අධිරාජ්‍යවාදී ආන්ඩුවල නායකයෝ, සිරියාව තුල යුද්ධයටත්, මහජන සෞඛ්‍යය හා ආරක්ෂාව වෙනුවට යුද්ධයට විනාශකාරී සමාජීය ධනය පැහැරගැනීමටත්, ප්‍රමුඛ වසයෙන් වගකීම දරති.

ස්වාභාවික විනාශයන් වැලැක්වීම ඇතුලු අද දින පවතින සියලු ප්‍රධාන සමාජ ප්‍රශ්න, ඒවායේ ස්වභාවයෙන් ම, සමාජීය ලෙස සම්බන්ධීකෘත විසඳුමක් අවශ්‍ය කරන ගෝලීය ගැටලු ය.එහෙත්, ධනේශ්වරයේ පුද්ගලික අවශ්‍යතා සහ ලෝකය ප්‍රතිමල්ලව ජාතික-රාජ්‍යයන්ට බෙදී තිබීම, ඕනෑ ම ප්‍රගතිශීලී ප්‍රතිචාරකයට එරෙහි ව හරහට හිටී. කෝවිඩ්-19 වසංගතයට හෝ ගෝලීය දේශගුන වෙනසට ලෝක පරිමාන විද්‍යාත්මක ප්‍රතිචාරයක් නො පැවතී තිබෙන්නේ මේ නිසා ය. 

ඒ වෙනුවට, ගෝලීය පරිමාන ව පුද්ගලයන් මිලියන 21ක මරනවලට තුඩු දෙමින්, කෝවිඩ්-19ට සාපරාධී ලෙස “පැතිරීමට ඉඩදීමේ” පිලිවෙත් අනුගමනය කල අධිරාජ්‍යවාදී බලයෝ, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ඔවුන්ගේ යුද්ධය තීව්‍ර කිරීම මගින් තුන්වැනි ලෝක යුද්ධයක් සමගින් සමස්ත මානවයන්ට දැන් තර්ජනය කරති.

ජාත්‍යන්තර කම්කරු පන්තිය, පාලක පන්තියේ බලයට හා ධනයට පෙරමුනු ප්‍රහාරයක් එල්ල කරමින් ද ඒ හරහා පුද්ගලික ලාභ අවශ්‍යතා සමාජීය අවශ්‍යතාවන්ට යටත් කිරීම මගින් ද පමනක් ම, හදිසි සමාජීය ගැටලුවලට සැලසුම්ගත, තාර්කික ප්‍රතිචාරයකට පවතින බාධාව ඉවත් කරනු ලැබිය හැකි ය. ඊයේ සිදු වූ භූ-චලනයන් හේතුවෙන් සිදු වූ වලක්වාගතහැකි ව තිබූ විනාශය යලි වතාවක් ප්‍රදර්ශනය කර ඇත්තේ, ගෝලීය සමාජවාදය මගින් ධනවාදය විස්ථාපනය කිරීමේ හදිසි අවශ්‍යතාව යි.

Loading