සසජාතශි වෙතින් ඇමරිකාවේ තරුන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෝ සංවිධානයේ සාමාජිකයින්ට විවෘත ලිපියක්

[මෙය, An Open Letter to members of the Young Democratic Socialists of America from the IYSSE යන මැයෙන්, 2023 අප්‍රේල් 14 දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල වූ ලිපියේ පරිවර්තනයකි.]

මෙම ලිපිය චිකාගෝ හී ඉලිනොයිස් හිදී පැවැත්වෙන ඇමරිකාවේ තරුන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීයෝ සංවිධානයේ වාර්ෂික සමුලුවේදී බෙදා හැරිනි.

ඇමරිකාවේ තරුන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෝ සංවිධානයේ සාමාජිකයින් වෙත,

අප ජීවත් වෙමින් සිටින්නේ ධනපති ක්‍රමයේ ඉතිහාසය තුල ඇති වූ දැවැන්තම අර්බුදය තුලය. ධනපතියෝ න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනය මතු කරන යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපද නැටෝ යුද්ධය තියුනු කරමින් තුන්වන ලෝක යුද්ධයක් දෙසට ගමන් කරමින් සිටිති. පැතිරෙමින් පවතින කෝවිඩ්-19 වසංගතය පසුගිය වසර තුන තුල මිලියන 20 කට වැඩි ජනයා මරනයට පත් කොට ඇත. සමාජ අසමානතාවයේ ප්‍රහාරක බලඇනි ලෙස ෆැසිස්ට්වාදී සහ ආඥාදායක ව්‍යාපාර එක්සත් ජනපදයේ මෙන්ම ලෝකය පුරා වගාදිගා කෙරේ. පරිසර විනාශය සහ කාලගුන විපර්යාස මගින් විනාශකාරී ප්‍රතිවිපාක සහිත සිද්ධීන් ජනනය කරමින් පවතී. සමාජ අසමානතාවයේ ආන්තික මට්ටම් සහ ජීවන වියදම් අර්බුදය මිලියන ගනනින් ජනතාව දුප්පත්කමට ඇද දමමින් සිටී.

ඒ අතරම ප්‍රංශය, එක්සත් රාජධානිය, තුර්කිය, ශ්‍රී ලංකාව, ග්‍රීසිය ඇතුලු තවත් රටවල් වල මිලියන ගනන් සහභාගී වන වැඩ වර්ජන සහ විරෝධතා සහිතව ලෝකය පුරා කම්කරු පන්තියේ වැඩෙන ව්‍යාපාරයක් පවතී. වෘත්තිය සමිති නිලධරයේ සහාය උපයෝගී කරගනිමින් පංති අරගලයේ පූර්න පුපුරා යෑමක් වැලැක්වීමට කල හැකි සෑම දෙයක්ම කරන බයිඩන් පරිපාලනයෙන් යුත් එක්සත් ජනපදය සමාජ පිපුරුමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

කම්කරු පන්තියේ සැබෑ සමාජවාදී ව්‍යාපාරයක් ගොඩ නැගීම පෙර කවරදාකටත් වඩා හදිසි ය. ඔබ බහුතරය ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෝ (ඩීඑස්ඒ) හෝ එහි තරුන සංවිධානය වන ඇමරිකාවේ තරුන ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෝ (වයිඩීඑස්ඒ) වෙත බැඳෙන්නට ඇත්තේ ඉන් සමාජ අසමානතාවයට, යුද්ධයට, ආඥාදයාකත්වයට සහ ධනපති ලාභ පද්ධතියට එරෙහි සටන වර්ධනය කල හැකි වනු ඇතැයි විශ්වාස කල බැවිනි.

කෙසේ වෙතත්, සෑම අවස්ථාවකදීම ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෝ පෙන්වා දෙන්නේ එය සමාජවාදය යථාර්ථයක් කර ගැනීමේ උපකරනයක් හෝ සීමිත සමාජ ප්‍රතිසංස්කරන සඳහා සටන් වදින සංවිධානයක් හෝ නොව, පාලක පන්තියේ දේශපාලන නියෝජිතයන්ගේ ඕනෑම දකුනට හැරීමකට “වාම” කවරයක් සපයන සංවිධානයක් ලෙසය.

සමාජවාදය සඳහා සටනට ධනපති රාජ්‍යයට සහ අතිරික්ත වටිනාකම් උකහා ගැනීමේ උවමනාව සඳහා කම්කරු පන්තිය සූරාකෑම මත පදනම් වී ඇති ආර්ථික පද්ධතියට එරෙහි කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන සංවිධානයක් අවශ්‍යය. සමාජවාදය විප්ලවවාදී ව්‍යාපාරයකි. එය එසේ නොවේනම් එහි වැදගම්මක් නැත.

පසුගිය වසර වලදී ඩීඑස්ඒ හෝ වයිඩීඑස්ඒ වෙත බැඳුනු ඕනෑම තරුනයෙකුට එහි දේශපාලන කාර්යය පිලිබඳව තක්සේරුවක් ඇතිකර ගැනීමට ප්‍රමානවත් කාලයක් ලැබී ඇත. 2016 දී ඩීඑස්ඒ නැවත පන ගැන්වූයේ තරුනයින්ගේ වමට නැඹුරුව සහ සමාජවාදය කෙරෙහි වැඩෙන උනන්දුව පිලිබඳ සැලකිල්ලට ගනිමින් ඊට ප්‍රතිචාර ලෙසය. සමාජවාදයේ ඉතිහාසය, සැබෑවටම සමාජවාදය යනු කුමක්ද යන දෑ පිලිබඳව පවතින අඩු අවබෝධය ගසාකමින් ඩීඑස්ඒ මෙම විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයේ ආවෘත අන්තයට යොමු කලේය.

පසුගිය අවුරුදු කිහිපය තුල අත්දැකීම් කිහිපයක් සැලකිල්ලට ගත යුතුය:

• 2021 මාර්තු මාසයේදී, බයිඩන්ගේ පත් වීමෙන් කෙටි කාලයකට පසු ඩීඑස්ඒ සාමාජිකා ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ කෝටේස් ඩිමොක්‍රටික් පක්ෂය සහ බයිඩන් පරිපාලනයට එරෙහි යුද විරෝධී සහ ධනපති විරෝධී විවේචනයන් “නරක විශ්වාසයන්” සහ “වරප්‍රසාදිත” ඒවා ලෙස හෙලා දැක්කේය.

• 2021 සැප්තැම්බරයේදී ඩීඑස්ඒ නියෝජිත ජමාල් බොව්මාන් ඊශ්‍රාල මිලිටරියට සිය අයන් ඩෝම් අවිගැන්වීමේ ව්‍යාපෘතියට ඩොලර් බිලියන 1.1 සම්පාදනය කිරීමට පක්ෂව ඡන්දය දුන් අතර පසුව එවකට උප අගමැති නෆ්ටාලි බෙනට් සමග සංචාරයේ නියැලිනි. බොව්මාන් නෙරපා හරින ලෙස සංවිධානය තුලින්ම මතුවූ ඉල්ලීම් ඩීඑස්ඒ ජාතික දේශපාලන මන්ඩලය විසින් ප්‍රතික්ෂේප කලේය.

• 2022 මැයි මාසයේදී, කොංග්‍රසයේ සිටින ඩීඑස්ඒ සාමාජිකයෝ රුසියාවට විරුද්ධව යුක්‍රේනය තුල ඇමරිකාවේ වක්‍ර යුද්ධය අනුමත කරමින් ඊට බිලියන 40ක මුදල් සම්පාදනය කරන පනතට ඡන්දය දුන්හ.

• 2022 ඔක්තෝබරයේදී, ඩීඑස්ඒ හී සමස්ත කොංග්‍රස් කන්ඩායම සහ ඩීඑස්ඒ-පිටුබලය ලද නියෝජිතයෝ, රුසියාව සමග ගැටුම තුල සාම සාකච්ඡා කැඳවන ලෙස ඉල්ලා බයිඩන්ට යැවූ ලිපියක් බියගුළු ලෙස ඉල්ලා අස්කර ගත්හ. ඉන් පසුව, “යුක්‍රේනයේ ජයග්‍රහනය දක්වා” - එක්සත් ජනපද-නේටෝ බලයන් විසින් රුසියාව පරාජය කරන තෙක්- යුද්ධය ගෙන යාම අත්‍යාවශ්‍ය බව කීවෝය.

• 2022 දෙසැම්බරයේදී, දුම්රිය කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් නීතිවිරෝධී කෙරුනු සහ කම්කරුවන් ඒ වන විටත් ප්‍රතික්ෂේප කර තිබූ කොන්ත්‍රාත්තුවක්, ඔවුන් මත පැටවීමට නියෝජිත සභාවේ සිටින ඩීඑස්ඒ සාමාජිකයන් සිව් දෙනාගෙන් තිදෙනෙක් ම ඡන්දය දුන්හ.

• 2023 ජනවාරියේදී, කොංග්‍රසයේ ඩීඑස්ඒ සාමාජිකයෝ, දක්ශිනාංශික ඩිමොක්‍රටිකයෙකු වන හකීම් ජෙෆ්‍රිස් නායකත්වය දුන් ඩිමොක්‍රටික් පක්ෂයේ සංස්ථාපිත නායකත්වයට කථානායක සඳහා ඡන්දයේදී යලි යලිත් ඡන්දය පල කලහ. “සමාජවාදයේ භීතිකාව හෙලාදකින බවට” කියමින්, “සමාජවාදයේ සියළුම ආකාරයන්” විසින් සමූහ ඝාතන සඳහා වගකිව යුතු බවට සභාව තුල ඉදිරිපත් වූ යෝජනාවට සහය දුන්නේ මෙම නායකත්වයයි.

ඩීඑස්ඒ කොංග්‍රස් සාමාජිකත්වය පාලක පන්තියේ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර සමග හවුල් වෙමින් සහ බයිඩන් පරිපාලනයට එරෙහිව වමෙන් පැමිනෙන විරුද්ධත්වය විවේචනය කරමින් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මෙහෙයුම් වලට සහය දී ඇත. එය සහයෝහී වන ජැකොබින් වැනි ප්‍රකාශන පාලක පන්තියේ වඩා කුරිරු කොටස් වල “සමූහ ප්‍රතිශක්ති” පිලිවෙත ප්‍රවර්ධනය කරද්දී, පසුගිය වසර තුන තුල බිලියන ගනනක් මහජනතාවගේ ජීවිත විනාශ කල වසංගතය සම්බන්ධයෙන්, සත්තකින්ම ඩීඑස්ඒ ට කීමට කිසිවක් නොතිබුනි. පසුගිය මාස හතර තුල මිලියනයකට ආසන්න චීන ජනතාව මරනයට පත් කොට ඇති චීනයේ ශුන්‍ය කොවිඩ් පිලිවෙත අත් හැරීම, ජැකොබින් සහ වයිඩීඑස්ඒ මෑතකදී අනුමත කලේය.

ඩීඑස්ඒ තම සාමාජිකයින් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයින් බවට පත් කිරීම ගැන පැවසුවේ එමගින් ඇමරිකාවේ දේශපාලන සංස්ථාපිතය වමට හැරවීමට හැකියාව ලැබෙනු ඇති බවයි. ඇත්ත වශයෙන්ම ඩීඑස්ඒ සාමාජිකයින් දකුනට ගිය අතර මෙම සන්තතියේදී රුදුරු ආකාරයෙන් සමාජවාදී ව්‍යාපාරයේ මූලික මූලධර්ම පවා පාවා දුනි.

මෙහි චිකාගෝ හීදී, ඩීඑස්ඒ රාජ්‍යයේ උපකරන වල නායකත්වයේ පුටුවලට නැග ගත්තේය. ඩීඑස්ඒ සාමාජිකයන්ට සහ ඩීඑස්ඒ සහය දෙන නව නගරාධිපති බ්‍රැන්ඩන් ජොන්සන්ට පාලක පන්තිය විසින් ඉල්ලා සිටින පිලිවෙත් ක්‍රියාවට දැමීමේදී කර්තව්‍යයන් පැවරෙනු ඇත.

මෙම කාරනා සම්මුඛ වූ විට ඩීඑස්ඒ නායකයෝ පිලිතුරු දෙන්නේ එය “බහුවිධ - ප්‍රවනතා” සංවිධානයක් සහ එයට තෝරා පත් කරගත් සාමාජිකයන් සම්බන්ධයෙන් කිසිදු පාලනයක් නොමැති බව කියමිනි. මෙය වඩාත් විවෘතම අවස්ථාවාදයට ලබා දෙන කවරයක් පමනි. වඩාත් ප්‍රමුඛ ඩීඑස්ඒ සාමාජිකයින්ගේ ක්‍රියාවන්ගේ මූලයන් පවතින්නේ එම සංවිධානයේම ස්වභාවය තුලය.

ඩීඑස්ඒ 1982 දී එය පිහිටුවීමෙන් අනතුරුව ක්‍රියාකලේ ඩිමොක්‍රටික් පක්ෂ යන්ත්‍රයේ රෝද දැත්තක් ලෙසය. ආදි ඩීඑස්ඒ සංවිධානයේ න්‍යායික සහ දේශපාලනික නායකයා වූ මයිකල් හැරින්ටන්, එක්සත් ජනපදයේ කොරියාවට සහ වියට්නාමයට එරෙහි යුද්ධ වලට සහය දැක්වූවන්ගෙන් ප්‍රමුඛයෙක් බවට පත්වූ හිටපු ට්‍රොට්ස්කිවාදියෙකු වූ මැක්ස් ෂැට්මන් ගේ ගෝලයෙකි. පසුව ශැට්මන්ගේ වඩාත් මිලිටරිවාදී අනුගාමිකයෝ නව කොන්සවේටිව් ව්‍යාපාරයක් ගොඩනැගීමට වැඩ කලහ.

හැරින්ටන්, ෂැට්මන් ගෙන් බිඳුනේ ෂැට්මන් අධිරාජ්‍යවාදයට දැක්වූ විවෘත සහයෝගය ආවරනය කිරීමට නොහැකි වීමෙන් අනතුරුව වන අතර, ඔහු ඩිමොක්‍රටික් පක්ෂය සහ එහි පාලක පන්තියේ පන්දම්කාරයින් වාමාංශය බවට නම් කල හැකිවන අයුරින් ඩීඑස්ඒ දේශපාලනය සූත්‍රගත කරමින් “විභව සංවිධාන වල වාමාංශය” ලෙස නම් කලේය. පාලක පන්තිය සහ ඩිමොක්‍රටිකයන් පසුගිය වසර හතලිහ පුරා වේගයෙන් දකුනට ගමන් කොට ඇති අතර ඩීඑස්ඒ එයත් සමග ගමන් කොට ඇත. ඩීඑස්ඒ දැන් රුසියාවට විරුද්ධ යුද්ධයට සහය දෙන අතර කම්කරු පන්තියේ අරගල සාපරාධීකරනය, ඇත්ත වශයෙන්ම පාලක පන්තිය එහි පිලිවෙත්වලට එරෙහිව ඕනෑම විරුද්ධත්වයක් නොඉවසන බවේ ප්‍රකාශනයකි.

ඩීඑස්ඒ හි ඉතිහාසය මෙයයි. එයට විප්ලවය සමග හෝ සමාජවාදය සමග කවර හෝ සබඳතාවක් නොමැත. ඩිමොක්‍රටික් පක්ෂයේ කොටසක් ලෙස පවතින එයට තමාගේම වන ක්‍රියාමාර්ගයක් පවා නොමැත. එහි එල්ලය පරිපූර්නවම සෘනාත්මක වන අතර, කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ සමාජවාදය සඳහා ස්වාධීන සංවිධානයට අකුල් හෙලීම සඳහා එය කටයුතු කරයි.

එය සිදු කිරීමේදී එය ඓතිහාසික දැනුමේ සහ මාක්ස්වාදයෙන් න්‍යායිකව පුහුනුවීමේ ඌනතාව මත පදනම් වේ. ඩීඑස්ඒ නායකත්වය විසින් ක්‍රියාවේ දමන දේශපාලනය සමාජවාදී ව්‍යාපාරයේ පදනම් මූලධර්ම වලට මුලුමනින්ම ප්‍රතිවිරුද්ධය. ඔවුන් කටින් කුමන වාම වාග්ලාප පිටකලත් ඔවුන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආරක්ෂකයන්ය. ඩිමොක්‍රටික් පක්‍ෂයේ රාමුව තුල ක්‍රියා කරන අය, එහි අවශ්‍යතා සඳහා සේවය කරන්නේ එයට වම සමග එක්ව කිරීමට මොනයම් හෝ දෙයක් ඇතැයි යන මවාපෑම පවත්වා ගැනීමෙනි.

ඩීඑස්ඒ නායකත්වයේ පසුගිය වසර දෙකේ වඩාත් අප්‍රසන්නම ක්‍රියාවන් අතර, 2021 මැයි මාසයේදී එම සංවිධානයේ සමාජිකයින් විසින් 1940 දී රුසියානු විප්ලවයේ සමනායක, හතරවන ජාත්‍යන්තරයේ සමාරම්භකයා සහ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ ලියෝන් ට්‍රොට්ස්කිගේ ඝාතනය සමරමින් ගෙනගිය අන්තර්ජාල උද්ඝෝෂනය පවතී.

සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මෙම උද්ඝෝෂනයේ අරමුන “ඩීඑස්ඒ හි පවතින දේශපාලන පරිසරය ස්ටැලින්වාදයෙන් උපුටා ගන්නා ලද ප්‍රතිගාමී ප්‍රති මාක්ස්වාදී කුනු කන්දල් වලින් දූෂනය කිරීමයි” යනුවෙන් පවසවමින් “ඩීඑස්ඒ ජාතික අධ්‍යක්ෂ මාරියා ස්වාට් ට විවෘත ලිපියක්” යැවූ අතර එයට කිසිදා පිලිතුරු නොලැබිනි. එහි එල්ලය වූයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ආරක්ෂා කරන ලැබූ සහ වර්ධනය කල සමාජවාදී ව්‍යාපාරයේ සැබෑ ඉතිහාසය අධ්‍යයනය කිරීමකින් ඩීඑස්ඒ සාමාජිකයන් වැලැක්වීමය.

මෙම වසර ලියෝන් ට්‍රොට්ස්කි සහ සෝවියට් සංගමයේ සිටි ඔහුගේ සමචින්තකයින් 1923 වාම විපාර්ශ්වය පිහිටුවීමෙන් සියවන වසර සමරයි. එහි ඉතිහාසය පුරාම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය -අද දිනයේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ප්‍රකාශනය වන ලෝසවෙඅ නායකත්වය දෙන- ස්ටැලින්වාදයට, ප්‍රතිසංස්කරවාදයට සහ සැබෑ සමාජවාදය සහ මාක්ස්වාදය පාවාදීම් සහ විකෘති කිරිම් වලට එරෙහිව සටන් කර ඇත.

වර්තමාන අර්බුදය, විසින් ජනිත කොට ඇති ලෝකය පුරා කම්කරු පන්ති අරගලයන්ගේ වර්ධනය, 1924 ලෙනින්ගේ මරනයෙන් පසුව මාක්ස්වාදයේ විද්‍යාව වර්ධනය කල එකම දේශපාලන ව්‍යාපාරය වන ට්‍රොට්ස්කිවාදයේ ඉදිරිදර්ශනයේ සහ ක්‍රියාමාර්ගයේ නිරවද්‍යභාවය සනාථ කරයි. සමාජවාදය සඳහා සටන සුළු උපාමාරු සහ මැතිවරන ක්‍රියාමාර්ග පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. එය කම්කරුවන් විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් සඳහා දිනා ගැනීමට කරන කම්කරු පන්තිය තුල අරගලයකි. නමුත් මෙය පදනම් විය යුත්තේ මාක්ස්වාදී න්‍යාය සහ ඉතිහාසය පිලිබඳ ගැඹුරු සහ සවිස්තරාත්මක අධ්‍යයනයක් මතය.

වයිඩීඑස්ඒ සාමාජිකයිනි, ඔබ ධනවාදයට එරෙහිවීම සහ සමාජවාදය සඳහා සටන් වැදීම සම්බන්ධයෙන් බැරෑරුම් නම් මෙම සටනට එක්වීම ඔබේ වගකීමකි.

ඩීඑස්ඒ නායකත්වය ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය “කට්ටිවාදීන්” ලෙස හෙලා දකියි. මෙයින් ඔවුන් අදහස් කරන්නේ එය ඩිමොක්‍රටික් පක්ෂයට සහ සියලු ධනේශ්වර දේශපාලනයට එරෙහිව ස්ථිර මූලධර්ම හා ස්ථිර වැඩපිලවෙලක් මත පදනම් වූවක් බවයි. දේශපාලන අවස්ථාවාදීන්ගෙන් එන 'කට්ටිවාදය' පිලිබඳ චෝදනාව ඉහලම ප්‍රශංසාවයි.

මෙම ප්‍රශ්න මතු කිරීමට සහ ඩීඑස්ඒ තුලම ඒ ගැන සාකච්ඡාවක් ඉල්ලා සිටීමට ඔබට සහායවනුවස් සමාජවාදී සමානතා පක්ෂය සහ සසජාතශි උනන්දුවෙන් සිටී. කෙසේ වෙතත්, ඩීඑස්ඒ සැබෑ සමාජවාදී සංවිධානයක් බවට පරිවර්තනය කල නොහැකි බවට අපි ඔබට අනතුරු අඟවන්නෙමු. එය පවතින්නේ සමාජවාදයේ අභිප්‍රාය අවහිර කිරීමට මිස ඉදිරියට ගෙන යාමට නොවන අතර එය නියෝජනය කරන්නේ ඉහල මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත ස්ථරයකි.

ඔබට sep@socialistequality.com විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ විය හැක. මෙම ගැටළු වඩාත් විස්තරාත්මකව සාකච්ඡා කරනුවස් රැස්වීම් සඳහා වේලාවක් යොදා ගනිමු. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය සමඟ හුරුවීමට ඔබට ඉඩ සලසන තෝරාගත් ලිපි කිහිපයක් ද අපි පහතින් පල කරමු.

අවංකත්වයෙන්,

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ(එජ), සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය හා තරුන සංවිධානය

• The Historical and International Foundations of the Socialist Equality Party

The Heritage We Defend: A Contribution to the History of the Fourth International, by David North

• “An Open Letter to Maria Svart, National Director of the Democratic Socialists of America,” by David North