[මෙය Sri Lankan SEP to hold memorial meeting in Jaffna to honour Comrade Wije Diasයන මැයෙන් 2023 අගෝස්තු 21පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), සසප හිටපු ප්‍රධාන ලේකම් විජේ ඩයස් සැමරීම සඳහා යාපනයේ රැස්වීමක් පවත්වනු ඇත. එය, අගෝස්තු 31 බ්‍රහස්පතින්දා, පස්වරු 3.30 ට යාපනය නගරයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්වේ.
විජේ සහෝදරයා පසුගිය වසරේ ජූලි 28 වැනිදා උදෑසන හදිසි හෘදයාබාධයකින් මිය යන විට 80 වැනි වියේ පසුවිය.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ප්‍රකාශයක් පසුගිය වසරේ මෙසේ පැහැදිලි කලේය: “නො නවතින විප්ලවයෙහි සමාජවාදී ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගයේ අශමනීය නායකයෙකු වූ විජේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා සටන්කරුවෙකු විය. දේශපාලන අසාර දර්ශනය, ප්රතිගාමීත්වය හා ඛේදනීය ලෙස දිවි අහිමිවීම වැනි රූපාකාරයන්ගෙන් ප්‍රකාශයට පත්වූ, මාක්ස්වාදී හා ට්‍රොට්ස්කිවාදී මූලධර්ම අතහැරීමේ හා පාවාදීමේ ප්‍රතිඵල අත්දැක තිබූ බැවින්, එම මූලධර්ම ආරක්ෂා කිරීමේ දී ඔහු අනම්‍ය විය.”
දශක තුනක වාර්ගික යුද්ධයෙන් විනාශ කර දැමූ ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ ප්‍රධාන නගරය වන යාපනයේදී විජේ සහෝදරයා අනුස්මරනය කිරීම වැදගත්ය. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවල සිංහල ස්වෝත්තමවාදයට සහ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයේ දෙමල බෙදුම්වාදයට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත කම්කරු පන්තියේ එකමුතුකම සඳහා අනවරත දේශපාලන අරගලයක් දියත් කිරීමේ සාඩම්බර ඉතිහාසයක් සසපට ඇත.
විජේ, 1987 දෙසැම්බර් 18 දින විකොස ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය සහෝදරයාගේ අකල් මරනයෙන් පසුව, සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) ප්‍රධාන ලේකම් ලෙස තේරී පත් විය. ඔහු වසර 35 කට වැඩි කාලයක් ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරමින්, කොලඹ සිවිල් යුද්ධය, සහ දිවයිනේ දකුනේ රැඩිකල්වාදී සිංහල තරුනයින්ගේ ලේ වැකි මර්දනය මධ්‍යයේ පක්ෂයට නායකත්වය දුන්නේය.
යාපනයේ සහ ඒ ආසන්නයේ පිහිටි කයිට්ස් සහ කරෙයිනගර් දුපත් වල ප්‍රසිද්ධ රැස්වීම් සහ දේශන පවත්වා තිබීමෙන් විජේ, උතුරේ කම්කරුවන් සහ තරුනයින් අතර ජනප්‍රිය මෙන්ම හොඳින් දන්නා අයෙකි.
විජේ ඩයස්ගේ ජීවිතයේ වැදගත් දේශපාලන පාඩම් සාකච්ඡා කෙරෙන මෙම රැස්වීමට සහභාගී වන ලෙස කම්කරුවන්, තරුනයින්, සිසුන්, ලෝසවෙඅ පාඨකයින් සහ දෙමල ජාතිකවාදයටත් කොලඹ ආන්ඩුවේ පීඩාකාරී පාලනයටත් විකල්පයක් සොයන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.
රැස්වීම https://www.facebook.com/sep.lk හරහා සජීවීව විකාශය වේ.
කෝවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා කරුනාකර N-95 මුව ආවරන පැලැඳ පැමිනෙන්න.
