ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) විධානයන් මත ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ක්‍රියාත්මක කරන කප්පාදු වැඩපිලිවෙල යටතේ නිදහස් මහජන සෞඛ්‍ය සේවය බිඳ වැටීමේ අද්දරට පැමින ඇත. මෙම ප්‍රහාරය, පසුගිය දශක ගනනාව පුරා විවිධ ධනපති ආන්ඩු විසින් ක්‍රමානුකූලව අයවැය ප්‍රතිපාදන කපා හරිමින් උත්සන්න කරමින් පැවැතුනි.
ජනවාරි 23-24 ඉල්ලීම් පහක් මුල්කරගනිමින් රජයේ වෛද්‍යවරුන් පැවැත්වූ සංකේත වැඩවර්ජනය සහ වෘත්තීමය ක්‍රියාමාර්ගය මෙම ප්‍රහාරවලට එරෙහිව වෛද්‍යවරුන් මෙන්ම පොදුවේ සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන විරෝධය පෙන්නුම් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) මෙන්ම අවශේෂ සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම විරෝධතාවන් පුලුල් අරගලයක් බවට වැඩීයාමේ හැකියාව පිලිබඳව තැතිගෙන, ආන්ඩුව සමග ඊනියා සාකච්ඡා සඳහා කනිපින්දම් ගසන ව්‍යාපාරයක් බවට මෙම විරෝධය සිඳවා තිබේ. පසුගිය ජනවාරි 29දා සෞඛ්‍ය සමිති නායකයන්, ජීඑම්ඕඒ කාර්යාලයට රැස් ව පැවත්වූ ඒකාබද්ධ රැස්වීමේ මූලික අරමුනවූයේ මෙයයි.
සෞඛ්‍ය වෘත්තීය සමිති නිලධරයේ එවන් ප්‍රතිගාමී ප්‍රයත්නවලට එරෙහිව විරුද්ධ වන අතරේම නිදහස් සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන්ගේ අරගලය ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව (සෞකක්‍රික) ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද මැදිකරගෙන සටනක් දියත් කර තිබේ මේ මස 20දා රාත්‍රී 8ට , “වෛද්‍යවරුන්ගේ විරෝධතා සහ නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ සටන” යන මැයෙන් ඔන්ලයින් රැස්වීමක් කැඳවා ඇත්තේ මෙම සටනේ කොටසක් ලෙස ය.
මෙම රැස්වීම ගොඩ නැගීම සඳහා සසප සහ සෞකක්‍රික සාමාජිකයෝ, වෛද්‍යවරුන් ඇතුලු අවශේෂ සෞඛ්‍ය සේවකයන් මෙන්ම අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන්, තරුනයින් අතර වැදගත් සාකච්ඡාවන් වර්ධනය කලහ. මෙහි කොටසක් ලෙස,සසප සහ සෞකක්‍රික සාමාජිකයන්, මහරගම පිලිකා රෝහලේ සේවකයන්, මොරටුව සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන් හි ශිෂ්‍යයන් සහ කම්කරුවන් සමග කල සාකච්ඡාවන් හි දී, “රෝගීන් බිල්ලට දෙන” බවට ධනපති මාධ්‍ය සහ ආන්ඩුව වෛද්‍යවරුන්ට එල්ල කරන චෝදනාව බහුතරයක් දෙනා ප්‍රතික්ෂේප කලෝ ය. රෝගීන්ගේ ජීවිතවලට ඇති ප්‍රධාන තර්ජනය ආන්ඩුවේ අයවැය කප්පාදුව බව ඔවුහු එම සාකච්ඡා තුලදී නිවැරැදිව හඳුනා ගත්හ.
මෙම මැදිහත්වීම්වලදී, උද්ඝෝෂකයෝ, සෞකක්‍රික ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල “නිදහස් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සටන් කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනඟමු!” සහ “රජයේ වෛද්‍ය නිලධාරි වර්ජනයට සහාය දෙමු! නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට සෞඛ්‍ය සේවකයන් ඇතුලු කම්කරු පන්තිය බලමුලු ගන්වමු!” යන ලිපි ද බෙදා හැරියහ.
මේ එක සාකච්ඡාවකදී, මහරගම පිලිකා රෝහලේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකයෙක් වෛද්‍යවරුන්ගේ අරගලයට සහාය ප්‍රකාශයට පත්කරන අතරම, ජීඑම්ඕඒ එම අරගලය ඔවුන්ට පමනක් සීමාකර තිබීම ගැන විරෝධය ද ප්‍රකාශයට පත් කලේ ය. මෙය පිලිකා රෝහලක් බැවින්, ජීඑම්ඕඒ ගත් තීන්දුවක් මත, එහි වෛද්‍යවරු විරෝධතා ක්‍රියාවන්ට සහභාගි නොවූහ.
ඔහු මෙසේ කීවේ ය: “වෛද්‍යවරුන්ට ඔවුන්ගේ රාජකාරී කරගෙන යන්න ඉල්ලීම් ලැබෙන්න ඕනෙ. නමුත් ඔවුන්ගෙ වෘත්තීය සමිති කියන්නෙ එම දීමනා ලැබෙන්න ඕන ඔවුන්ට පමනයි කියලා. මේක වැරදියි. සෞඛ්‍ය කාර්ය සහායකයින් හැටියට අපිත් බොහෝ දුෂ්කරතාවලට මුහුන දෙනවා.”
වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයන් එක්ව සෞඛ්‍ය සේවය රැකගැනීමට සටන්කල යුතු නමුත්, තමා සාමාජිකත්වය දරන වෘත්තීය සමිතිය සහ අනෙකුත් සමිති වෛද්‍යවරුන්ගේ සටන ගැන මෙතෙක් කවර හෝ දැනුවත් කිරීමක් සිදුකොට නොමැති බව ඔහු පැවසීය.
සමිති නායකත්වය පිලිබඳව තවදුරටත් චෝදනා කල සෞඛ්‍ය කම්කරුවා කීවේ, “සමිති කරන එකම දේ සාමාජික මුදල් කපා ගැනීම. අපේ ප්‍රශ්න ගැන කතා කිරීමක් ඇත්තෙත් නැහැ. කාටත් පඩි වැඩි වෙන්න ඕනේ”. ඔහු එයට මෙසේ ද එකතු කලේ ය: “එකට එකතුවෙලා කරන උද්ඝෝෂනයකට වෘත්තීය සමිති සූදානම් නැති බව වෘත්තීය සමිතිවල වැඩ වලින් පේනවා”.
සසප/සෞක්‍රික සාමාජිකයෝ රෝහල වෙත පැමින සිටි රෝගීන්ගේ ඥාතීන් සමගද සාකච්ඡා කලහ.
ඇඹිලිපිටිය පල්ලේබැද්ද ප්‍රදේශයේ සිට පැමිනි ගොවියෙකු සඳහන් කලේ තම බිරිඳ මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඇයගේ කටයුතු සඳහා මහරගම පන්සලක නතරවී සිටින බවයි. තම ප්‍රදේශයේ ආරෝග්‍ය ශාලාවල බෙහෙත් නොමැති නිසා ඔහුට බිරිඳ මෙහි රැගෙන ඒමට සිදුවී තිබේ. මෙහිදී ද කිහිප අවස්ථාවකම බෙහෙත් පිටතින් මිලදී ගැනීමට සිදුවූ බව ඔහු පැවසීය.
“පල්ලේබැද්දේ සිට මහරගමට එන ගමන පීඩාකාරීයි, ලෙඩෙකුට දරන්න අමාරුයි. ඒවගේම දවසකකට රුපියල් දෙදාහකට ආසන්න මුදලක් ගමන් ගාස්තුවලට වියදම් වෙනවා. මම දැන් ජීවිකාව ගෙනගිය ගොවිතැන අතහැරලා, එකතුකරගත්ත මුදලින් අවුරුද්දක් විතරම ලෙඩාගේ වැඩවලට කැප වෙලා සිටිනවා. ඒ වගේම බිරිඳ ලඟ ඉන්න කෙනෙකුට දවසකට රුපියල් 3000-4000ක් අතර මුදලක් ගෙවන්න වෙනවා. තවත් වියදම් බොහෝම යි” ඔහු කීවේ ය.
මහරගම පැමිනි විට පන්සලක නවාතැන් ගන්නා බවත් එහිදී කෑම බීම දානපතියන්ගෙන් ලැබෙන බවත් සඳහන් කල ඔහු, දැන් ගොවිතැන්බත් ද පාලුවීමෙන් තමන් ඉතාම පහල අඩියකට වැටී සිටින බව ශෝකබරිතව සඳහන් කලේ ය.
වෛද්‍යවරුන්ගේ වර්ජනයට එරෙහි විෂකුරු මාධ්‍ය වාර්තා පිලිකුලෙන් ප්‍රතික්ෂේප කල ගොවියා ඔවුන්ගේ සේවය අගමින් කීවේ, “වෛද්‍යවරුන්ටත් ඔවුන්ගේ වෘත්තීය නිදහසේ කරගෙනගෙන යන්න අවශ්‍ය පරිමානයට හොඳ පඩියක් ලැබෙන්න ඕනේ. ඒ නිසා ඒ අය උද්ඝෝෂනවලට යන එකේ වැරැද්දක් මට පේන්නේ නැ. වෛද්‍යවරුන් රෝගීන් ඇපයට තියනවා කියන ප්‍රචාර මම ප්‍රතික්ෂේප කරනවා. මොකද අපි හොඳට අත්විඳිනවා මේ ආන්ඩුව යටතේ අපි මුහුන දෙන වද වේදනා.”
අනතුරුව ඔහු දැන් උග්‍රවී පවතින, ගොවියන් මුහුන දෙන නය, පොහොර හා අස්වැන්න විකුනා ගැනීමේ ප්‍රශ්න පිලිබඳව දීර්ඝ ලෙස විස්තර කලේය.
මේ ආකාරයෙන් ම, තම පියාගේ ලේ පිලිකාව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට තිස්සමහරාමයේ සිට පැමිනි මැදිවියේ තරුනයෙකු ද සසප/සෞක්‍රික සාමාජිකයන් සමග සාකච්ඡාවට එක් විය. වියපත් ගොවියෙක් වූ සිය පියාට එවැනි රෝගයක් වැලඳී ඇතිබව දැනගැනීමට හැකිවී ඇත්තේ මීට මාස කීපයකට පෙර මහරගම පිලිකා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනීමෙන් පසුවයි. දැනටමත් පරීක්ෂන සහ ප්‍රතිකාර සඳහා වාර ගනනාවක් වරකට ගමන් ගාස්තු ලෙස රුපියල් 5000ක පමන මුදලක් වැයකරමින් කිලෝමීටර් 200කට අධික මග ගෙවා රෝහලට පැමිනීමට සිදුවී තිබේ.
මෙවැනි රෝග වේගයෙන් පැතිරීම වැලැක්වීමටත් ප්‍රතිකාර කඩිනමින් ලබා ගැනීමටත් ජීවත්වන ප්‍රදේශවල පහසුකම් පැවතිය යුතු වුවද සුලු පහසුකම් පවා කපා දමන තත්වයක් නිර්මානය වී ඇති අයුරු ද ඔහු විස්තර කලේය. පෙබරවාරි 20 වෙනිදා සවස 8.00 පැවැත්වෙන ඔන්ලයින් රැස්වීමට සම්බන්ධ වී නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂාකර ගැනීමේ සසප වැඩපිලිවෙල සම්බන්ධයෙන් දැනුවත්වන බව ඔහු පැවසීය.
පෙර ආන්ඩු යටතේ මෙන්ම, වර්තමාන ආන්ඩුව යටතේ ද අධ්‍යාපනයට සහ නිදහස් රෝහල් සේවයට ප්‍රහාර එල්ලවන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙක් පැවසීය. අනතුරුව ඔහු, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී තමා අත්විඳින දුෂ්කරතා විස්තර කලේය.
“රෝහල්වල ඖෂධ හිඟය, කාර්ය මන්ඩලය හිඟය නිසා මහජනයා පීඩාවට පත්වෙලා ඉන්න හැටි අපි අත්දකිනවා. ඒ වගේම මේ ආන්ඩුව ක්‍රියාවට දාලා තියෙන පීපීපී ( රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය) වැඩපිලිවෙලත් එක්ක සමහර වෛද්‍ය පරීක්ෂන විශාල වියදමක් දරාගෙන එලියෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට දරන්න අමාරුයි”. මෙය, “අයිඑම්එෆ් නියෝග මත නිදහස් රෝහල් සේවය විනාශ කිරීමට ගත් පියවරක්” බව ඔහු තවදුරටත් සඳහන් කලේ ය.
නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න ගැන වැඩිදුර දැනගැනීම සඳහා රැස්වීමට සම්බන්ධ වන බව ඔහු කියා සිටියේය.
මහරගම පිලිකා රෝහලේ තරුන වෛද්‍යවරයක් මෙසේ පැවසීය: “බෙහෙත්වල ඌනතාවයක් තිබුනා. මේ ආන්ඩුව යටතේ මේ තත්ත්වය අඩුවෙලා නැහැ. වෛද්‍යවරු මුහුනදෙන ප්‍රශ්නත් ඒ එක්කම ඉහල ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිවී තිබීම නිසා ප්‍රවාහනයට ලොකු වියදමක් දරන්න වෙනවා. මෙම ඉල්ලීම් ආන්ඩුව ලබාදිය යුතුයි.”
වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින මෙවන් සංවිධානයක් මින් පෙර තමාට හමුවී නැති බව කී ඔහු, වෛද්‍යවරුන්ට එරෙහි ආන්ඩුවත් මාධ්‍යත් ගෙනියන ප්‍රචාරය හේතුවෙන් තමන් කම්පනයට පත්ව සිටි බව කීවේ ය.
සාකච්ඡාවේදී සඳහන් කෙරුනු, වෛද්‍යවරුන් සඳහා වෙනම සේවාවක් ස්ථාපිත කිරීමට සසප විරුද්ධත්වය පිලිබඳව පැහැදිලි කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. වෛද්‍යවරු ඉල්ලා සිටින දීමනා ඇතුලත් බොහෝ ඉල්ලීම් අනෙකුත් කම්කරුවන්ටත් පොදු ඒවා බවත් ඒවා ලබා ගැනීම සඳහා ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් අවශ්‍ය වී ඇති තතු යටතේ, මෙම ඉල්ලීම කම්කරුවන් බෙදා එම පොදු අරගලයට බාධා කෙරෙන ආකාරය පැහැදිලි කලවිට, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සසප එකඟ වන්නේ දැයි ප්‍රශ්න කලේය.
සසප, රවෛනිස හෝ වෙනත් කිසිදු වෘත්තීය සමිතියක් සමඟ එකඟතාවයක් නැති බවත්, එසේ වුවද වෛද්‍යවරුන්ගේ අනෙකුත් යුක්තියුක්ත ඉල්ලීම් වලට සසප එකඟ බවත් ඔහුට පැහැදිලි කරමින් කෙරුනු සාකච්ඡාවට ඔහු උනන්දුවෙන් සහභාගි විය.
2022 වසරේ වේගයෙන් ඉහලගිය ජීවන වියදම සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිඟය හමුවේ ඇතිවූ මහජන නැගිටීම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන සමග එක්ව පාවාදුන් වෘත්තිය සමිති, රනිල් වික්‍රමසිංහ ආන්ඩුවට බලයට පැමිනීමට ඉඩ ලබාදුන් ආකාරයත්, එම ආන්ඩුව ගෙනගිය සහ වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව ගෙනයන ජාමූඅ හි කප්පාදු වලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් සංවිධානය කිරීම දැනුවත්ව වැලැක් වූ ආකාරයත් උද්ඝෝෂකයෝ ඔහුට පැහැදිලි කලහ.
සෞඛ්‍ය සේවකයන් ඇතුලු සියලුම කම්කරුවන්, සටන තම අතට ගැනීම සඳහා, වෘත්තීය සමිති වලින් ස්වාධීන වූ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවත්, එම කමිටු වටා ශ්‍රේනි භේදයකින් තොරව සියලුම කම්කරුවන්ට එක්වියහැකි බවත් පැහැදිලි කල විට, “සැබැවින්ම එය සිතා බැලිය යුතු තර්කානුකූල අදහසක්” බව කිවේය. අවසානයේ රැස්වීම සඳහා ලියාපදිංචි වීමට ඔහු පොරොන්දු විය.
සසප/සෞකක්‍රික සාමාජිකයන් උතුරේ කයිට්ස් මූලික රෝහලේ කාර්යමන්ඩලය අතර ද උද්ඝෝෂනයේ නිරතවූ අතර එහිදී, කයිට්ස් මූලික රෝහලේ හෙද නිලධාරියෙක් කීවේ, ජනවාරි 29දා සෞඛ්‍ය සමිති, ජීඑම්ඕඒ සමග පැවත්වූ සාකච්ඡාව ගැන කිසිදු දැනුම්දීමක් තමන්ට ලැබී නැති බවයි. “අසාමාන්‍ය ලෙස ඖෂධ සැපයුම්වල අඩුවක් අපි අත්දකිනවා. ආන්ඩුව ගෙන යන පෞද්ගලීකරන වැඩපිලිවෙල එක්ක සම්බන්ධයක් මෙයට පවතිනවාදැයි අපට සැකයක් මතු වෙනවා” ඔහු කීවේ ය.
දැනටමත් කොන්ත්‍රාත් පදනම මත සුලු සේවකයන් බඳවා ගන්නා බවත්, එය අනෙක් අංශවලටත් පැතිරෙනු ඇතයි සෞඛ්‍ය සේවකයන් අතර සැකයන් පවතින බවත් ඔහු කීවේ ය. අත්‍යවශ්‍ය සේවා පැනවීමට විරුද්ධත්වය පලකල ඔහු කීවේ, ආන්ඩුවේ අයිඅයිඑෆ් වැඩපිලිවෙලට විරුද්ධත්වය මැඩීම එහි අරමුන බවයි.
සෞඛ්‍ය සේවයේ සියලු පිරිස් අලලා ගත් ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය බවත් එහෙත් එවන් අරගලයකට වෘත්තීය සමිති සූදානම් නැතයිද ඔහු සඳහන් කලේ ය.
මහජන සෞඛ්‍ය සේවාව රැකගැනීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් කතාකල කාරෙයිනගර් ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙක් වර්ජනයට විරුද්ධ මාධ්‍ය මෙහෙයුම විවේචනය කලේ ය. “දොස්තරලාට වර්ජනය කරන්න වුනේ ආන්ඩුව සෞඛ්‍ය සේවයට දක්වන නොතැකීම කියන එක මේ මාධ්‍ය වසන් කරනවා. බේත් නොමැති නම් දොස්තර බැලුවත් ලෙඩ්ඩුන්ට වෙන්නේ මොකක්ද? පාලනය කරල තිබ්බ ක්ෂය රෝගීන් නැවත වාර්තා වෙනවා. ඇදුම රෝගීන්ට දුම් ඇල්ලීමට අවශ්‍ය ඖෂධ වර්ග නෑ. මැසුම් දැමීමට අවශ්‍ය නූල් වර්ග නෑ. බේත්වලට වියදම් කල නොහැකි අන්ත දුගීන් අනන්තවත් රෝහලට පැමිනෙනවා. විදෙස්ගත දානපතියන් මාර්ගයෙන් ඇතැම් ඖෂධ සපයා ගෙන දුගී රෝගීන් වෙනුවෙන් ලබා දෙනවා. මේ කාරනාවලට එරෙහිවයි වෛද්‍යවරු අරගලයට ආවේ.”
පෙබරවාරි 20දා රාත්‍රී 8.00 පැවැත්වෙන ඔන්ලයින් රැස්වීමට සම්බන්ධ වී නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂාකර ගැනීමේ සසප/සෞකක්‍රීක වැඩපිලිවෙ සාකච්ඡා කරමින්, එම අරගලය හා ඒකාබද්ධ වන ලෙස අපි ඉල්ලා සිටිමු.
