වසර 100 කට පෙර: සමාජවාදී නායක ඉයුජින් වී. ඩෙබ්ස් ෆෙඩරල් බන්ධනාගාරයේ සිට ජනාධිපති තරඟය මෙහෙයවයි

මෙම ලිපිය මැයි 25 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

1920 ඩෙබ්ස් සිරගෙදර සිට ජනාධිපතිවරනයට සම්බන්ධවූ සැටි, ක්ලිෆර්ඩ් බෙරිමන්ගේ කාටූනයක්

එක්සත් ජනපදය පලමුවන ලෝක සංග්රාමයට ඇතුළුවීමට විරුද්ධ වීම නිසා 1919 අප්රියෙල් මාසයේ සිට සිරගත කර සිටි ඉයුජින් වී. ඩෙබ්ස්, 1920 මැයි 29 වන දින ඇට්ලන්ටා ෆෙඩරල් සිරකඳවුරේදී, එක්සත් ජනපද ජනාධිපතිවරන අපේක්ෂකයා ලෙස සමාජවාදී පක්ෂය විසින් ඔහු නම්කරනු ලැබීම පිලිගත්තේය. ඔහු ඔහියෝහි රිපබ්ලිකන් සෙනෙට් සභික වොරන් ජී. හාඩිං සහ ඔහියෝහිම ඩිමොක්රටික් ආණ්ඩුකාර ජේම්ස් එම්. කොක්ස් යන මහ ව්යාපාරිකයේ අපේක්ෂකයන් දෙදෙනාට එරෙහිව තරඟ වැදුනි. 1920 මැතිවරනයේ සෙසු අපේක්ෂකයින් අතර, ගොවි කම්කරු පක්ෂයේ හිටපු ඌටා ප්රාන්ත සෙනෙට් සභික පාර්ලි ක්රිස්ටෙන්සන් ද විය.

1918 දී ඔහියෝහි කැන්ටන්හිදී, යුද විරෝධී කතාවක් කිරීම සම්බන්ධයෙන් ප්රතිගාමී ඔත්තු බැලීමේ පනත යටතේ ඩෙබ්ස් වරදකරු කරනු ලැබීය.

කම්කරු පන්තියේ ගෝලීය මහජන ව්යාපාරයක උච්චතම අවස්ථාවේ දී මැතිවරෙනය පවත්වන ලදී. එක්සත් ජනපද කම්කරුවන් මිලියන 4 කට වැඩි පිරිසක් 1919 දී වැඩ වර්ජනයක යෙදී සිටියහ. වානේ සහ ගල් අඟුරු පතල් කම්කරු වැඩ වර්ජන සහ සියැටල්හි මහා වැඩ වර්ජනය ද ඇතුළුව. ඩෙබ්ස්ට ඡන්ද 913,693 ක් ලැබුනි. 1912 ජනාධිපතිවරනයේදී ඩෙබ්ස් ලැබූ ඡන්ද ප්රමානය ඊට වැඩි වුව ද එය ඇමරිකානු ඉතිහාසයේ සමාජවාදියෙකු ලැබූ විශාලතම මහජන ඡන්දයයි. මෙය ධනවාදය කෙරෙහි පලවූ කම්කරු පන්තියේ දැවැන්ත විරෝධය පෙන්නුම් කලේය. විල්සන් පරිපාලනය යටතේ ජේ. එඩ්ගර් හුවර්ගේ නායකත්වයෙන් අලුතින් පිහිටුවන ලද විමර්ශන කාර්යාංශය, කම්කරුවන්ට අඩන්තේට්ටම් කිරීම හා ඔවුන්ට විරුද්ධව ඔත්තු බැලීමේ නිරතවිය. සමාජවාදීන් සහ අරාජිකවාදීන් දහස් ගනනක් වටලනු ලැබූ සමාජ විරෝධී මර්දනයක් විල්සන් ආන්ඩුව විසින් මුදාහැර තිබුනි.

ධනවාදය ප්රතිසංස්කරනය කිරීමට උත්සාහ කල අය සහ එය පෙරලා දැමීමට උත්සාහ කල අය අතර බෙදී ගිය සමාජවාදී ව්යාපාරයේ එක්සත්කම සඳහා ඩෙබ්ස් යකඩ කූරු පිටුපස සිටිමින් ම ආයාචනා කලේය. පසුව කී අය 1919 දී සමාජවාදී පක්ෂයෙන් ඉවත්ව, කම්කරු පන්තිය බලයට පත්කල 1917 රුසියානු විප්ලවය මෙහෙයවූ බොල්ෂෙවික්වාදයේ සංකල්ප මත පදනම්ව කොමියුනිස්ට් පක්ෂ දෙකක් පිහිටුවා ගත් අතර දෙකම කොමියුනිස්ට් ජාත්යන්තරයට පක්ෂපාතී විය. ඔවුන් ජූලි මාසයේදී එක්සත් වීමට නියමිතව තිබුනි.

විප්ලවවාදී සමාජවාදයේ අරමුනු වලට ඩෙබ්ස් සැමවිටම සහාය දැක්වුව ද ඔහු ප්රතිසංස්කරනවාදී සමාජවාදී පක්ෂයේ රැඳී සිටියේය. 1921 දී ප්රෙසිඩින් හාඩිං ඔහුගේ දඬුවම වරින් වර වෙනස් කල නමුත් සිරගෙදර සිටි කාලය තුල ඔහුගේ සෞඛ්ය තත්වය පිරිහී ගිය අතර 1926 දී ඩෙබ්ස් මිය ගියේය.

Loading