ඉදිරිදර්ශන

ඡන්දදායකයින් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබියදී බයිඩන්, “එක්සත් වන” ලෙසට රිපබ්ලිකානුවන්ට ආයාචනා කරයි

සෙනසුරාදා සවස ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් වැදගැන්මකට නැති හා හනමිටි ජයග්‍රාහී දේශනයක් පැවැත්වූ අතර, එහි ප්‍රධාන පනිවුඩය, නව ආන්ඩුවක් පිහිටුවීමේදී රිපබ්ලිකානුවන් සමඟ එක්වීමේ අවශ්‍යතාවයි.

ඔහුගේ කතාවෙන් පසු බ්‍රහස්පතින්දා උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ජාලයන් විසින් බයිඩන්ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කර එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා වූ බවට ප්‍රකාශ කරනු ලැබීය.

මැතිවරනය අන් සියල්ලටත් වඩා, ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහු විසින් මෙතෙක් ඇමරිකානුවන් මිලියන හතරකට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති වසංගතය කෙරෙහි ව්‍යසනකාරී ලෙස වැරදි ප්‍රතිචාර දක්වනු ලැබීමට එරෙහි දැවැන්ත මහජන ප්‍රතික්ෂේපයකි.

රට පුරා නගරවල දස දහස් සංඛ්‍යාත ජනතාවක් ට්‍රම්ප් විරෝධී සටන් පාඨ හඬගාමීන් සෙනසුරාදා විශාල පෙලපාලි වලට එක්වූහ. සිය මහල් නිවාසවල ජනේල වලින් එබී කෑ ගැසූ ජනතාව, ට්‍රම්ප් පාලනයේ කඩාකප්පල් කිරීම් නො තකා තැපල් ඡන්ද බෙදාහැරීමේ යෙදුන, තැපැල් කම්කරුවන් පැසසුමට ලක් කරමින් ප්‍රීතිඝෝෂා කලහ. ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය හා කැනඩාව යන රටවල ද උද්ඝෝෂන පැවැත්විනි.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක හා හිටපු උප ජනාධිපති ජෝ බයිඩන්, කමලා හැරිස් සමග ඩෙලවෙයාහි විල්මින්ටන් නගරයේ දී රැස්වීමක් අමතයි, නොවැම්බර් 5-2020 (ස්තුතිය: ඒපී ඡායාරූප/ කැරොලින් කැස්ටර්

සංගත මාධ්‍ය හා ඩිමොක්‍රටික් පක්ෂය යථාර්ථයට මෙලෝ සම්බන්ධයක් නැති මැතිවරනයේ වැදගත්කම පිලිබඳ ව්‍යාජ ආඛ්‍යානයක් නිර්මානය කිරීමට කඩිනම්ව වැඩ කරමින් සිටිති.

පශ්චාත් මැතිවරන කතාවේ පලමු කොටස වූයේ, ඇමරිකානු ජනතාවට අවශ්‍ය වන්නේ, ඩිමොක්‍රටිකයින් සහ ෆැසිස්ට් ට්‍රම්ප් සමඟ හවුලේ වැඩ කල රිපබ්ලිකානුවන් අතර “එක්සත්කම”ය යන කියාපෑමයි.

ජාතික වශයෙන් විකාශය වූ ඔහුගේ කතාවේ දී බයිඩන්මෙසේ පැවසී ය: “බෙදීමට නොව එක්සත් වීමට උත්සාහ කරන ජනාධිපතිවරයෙකු වීමට මම ප්‍රති ඥා දෙමි.” ඔහු මෙසේ ද පැවසී ය: “මම සාඩම්බර ප්‍රජාතන්ත්‍රවාදියෙක් වන නමුත් මම ඇමරිකානු ජනාධිපතිවරයෙකු ලෙස රට පාලනය කරනවා. මට ඡන්දය නොදුන් අය වෙනුවෙන් මට ඡන්දය දුන් අයට සේම මම වෙහෙස මහන්සි වී වැඩ කරනවා. අපට සහයෝගය නොදීමට තීරනය කල හැකි නම්, අපට සහයෝගයෙන් කටයුතු කිරීමට තීරනය කල හැකියි. මෙය ඇමරිකානු ජනතාව විසින් අපට ලබා දී ඇති වරමෙහි කොටසක් බව මම විශ්වාස කරනවා. ”

සීඑන්එන් රවුන්ටේබල් නම් වැඩසටහන සෙනසුරාදා උදෑසන, රිපබ්ලිකන් සෙනෙට් සභාවේ බහුතර නායක මිච් මැක්කොනෙල්ට ඇතැයි කියන බලය කෙරෙහි අවධානය යොමු කලේය. අටුවාකාරයින් පැවසුවේ, බයිඩන් පාලනයේ කැබිනට් පත්වීම් සම්බන්ධයෙන් “නිෂේධ බලය” ඔහුට ඇති බව යි. බයිඩන් හා මැක්කොනෙල් අතර ඇති සමීප පෞද්ගලික සම්බන්ධතාවය ගැන ධනේශ්වර පුවත්පත්වල විවිධ අදහස් පල වී තිබේ. ඒවාට අනුව මිලියන 75 කට අධික ජනතාවක් මුළුමනින් ම බයිඩන්ට ඡන්දය දුන්නේ, නැවත සෙනෙට් සභාවට තේරී පත්වීමේ දී ඡන්ද මිලියන 1.2 ක් ලබා ගත් මිච් මැක්කොනෙල්ට ජනාධිපති වීමට පමනක් මෙනි!

ආඛ්‍යානයේ දෙවන අංගය වන්නේ, වාර්ගික අනන්‍යතාවය ඡන්ද රටාවන් තීරනය කල බව යි. මැතිවරනය බලාපොරොත්තු වූවාට වඩා කරට කර වීම වෙනුවෙන්, පොදුවේ “සුදු ජාතිකයින්ට” හා විශේෂයෙන් “සුදු කම්කරුවන්ට” දොස් පවරමින් සංගත මාධ්‍ය, වාර්ගික ආඛ්‍යානයක් ඉදිරිපත් කරයි. කමලා හැරිස් උප ජනාධිපති ලෙස සේවය කරන ප්‍රථම අප්‍රිකානු ඇමරිකානු හා ඉන්දියානු ඇමරිකානු කාන්තාව බවට පත්වීමේ “ඓතිහාසික” ස්වභාවය පිලිබඳ නො වැලැක්විය හැකි ප්‍රකාශයන් සමඟ ප්‍රතිඵලය වාර්ගික වචනවලින් අර්ථකථනය කෙරෙමින් පවතී.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විශ්ලේෂනය කර ඇති පරිදි, මැතිවරනයේ ප්‍රතිඵල තීරනය කලේ වාර්ගික නොව සමාජ-ආර්ථික සාධක ය. ඇස්තමේන්තු කර ඇති පරිදි බොහෝ දුරට කම්කරුවන්ගෙන් සමන්විත, සුදු මිනිසුන් මිලියන 6.4, 2016 දී හිලරි ක්ලින්ටන්ට වඩා 2020 දී බයිඩන්ට ඡන්දය දුන් අතර එය සමස්ත මහජන ඡන්ද පරතරයටම වාගේ සමානය. ඊට ප්‍රතිරෝධීව, ට්‍රම්ප් 2016 ට වඩා අප්‍රිකානු ඇමරිකානුවන්ගෙන් මිලියනයකට වඩා වැඩි ඡන්ද ප්‍රමානයක් සහ කාන්තාවන්ගෙන් මිලියන 5.5 ක් ලබාගෙන ඇත. එනමුදු දෙකොට්ඨාශයේම බහුතරය පිටුබලය දී ඇත්තේ බයිඩන්ටය.

ආඛ්‍යානයේ තුන්වන කොටස වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය සමාජවාදය සමඟ සම්බන්ධ වීමෙන් එහි අපේක්ෂකයින්ට ඡන්ද මිලියන ගනනක් අහිමි වූ බව යි.

බයිඩන් අනුමත කල, කැබිනට් තනතුරක් සඳහා කෙටි ලැයිස්තුවේ සිටින, හිටපු ඔහියෝ රිපබ්ලිකන් ආන්ඩුකාර ජෝන් කසිච්, ඩිමොක්‍රටික් ජාතික සමුළුවේදී කථා කල අතර, ඊයේ සීඑන්එන් නාලිකාවේ දී මෙසේ පැවසී ය. “දැන් ඩිමොක්‍රටිකයන්ගේ කාලයයි. මා හිතන්නේ ජෝ බයිඩන් එසේ කරනු ඇති බවයි, එනම්, රටේ අනික් භාගය පවසන දේට ඇහුම්කන් දීමට පටන් ගන්නවා ඇති. ජෝ බයිඩන්ගේ ඇති සමාජවාදයක් නෑ. ”

"අන්ත වමට, ඔහු ඇතිතරම් පීඩනය යෙදූ අතර, අවංකවම ඩිමොක්‍රටිකයින් අන්ත වමට පැහැදිලිව කිව යුතුව ඇත්තේ ඔවුන් බොහෝ දුරට ඔහුගේ මැතිවරනයට පාඩු කල බව" යැයි ඔහු තවදුරටත් පැවසී ය.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් “නැවත කිසි විටෙකත් සමාජවාදී හෝ සමාජවාදය යන වචනය භාවිතා නොකල යුතුය” යි පැවසූ කොන්ග්‍රසයේ ඩිමොක්‍රටික් කාන්තාවක් වන අබිගායිල් ස්පැන්බර්ගර්ගේ අදහස් කසිච් තමන්ට වාසිදායක ලෙස උපුටා දැක්වී ය.

බයිඩන්ගේ “ඓතිහාසික” මැතිවරනය පිලිබඳ මාධ්‍ය හුරේ දැමීම හමුවේ පාලක පන්තිය, පෙර නොවූ විරූ සමාජ, ආර්ථික, භූදේශපාලනික හා දේශපාලන අර්බුදයකට මුහුන දී සිටී.

පලමුවෙන්ම, සමාරම්භක (දිව්රුම් දීමේ) උත්සවයට බොහෝ දුරක් ඇත. ට්‍රම්ප් මැතිවරනය පිලිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඡන්දය පිලිබඳ ඔහුගේ පදනම් විරහිත ව්‍යාජ නීතිමය අභියෝගයන් අනුයමින් සිටී. ඔහුගේ අරමුන, ඔහු බලයෙන් ඉවත් කල හොත් මැතිවරනය සොරකම් කල බවට ආඛ්‍යානයක් නිර්මානය කිරීමයි. කෙසේහෝ අර්බුදය විසඳනු ලැබුව ද එය දේශපාලන සංස්ථාපිතය තවදුරටත් දකුනට මාරුවීමේ පදනම වනු ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය හා සංගත මාධ්‍ය, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ “නව උදාවක්” ලෙස බයිඩන් තේරී පත්වීම ඉදිරිපත් කරමින් සිටී. “ජනාධිපතිවරයා ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම් අඩපන කිරීමට උපරිම උත්සාහයක් ගත්තා” යැයි නිව් යෝක් ටයිම්ස් ඊයේ ප්‍රකාශයට පත් කල කතුවැකියෙහි ලියා තිබේ. "ඒවා දෙදරුවා, නමුත් ඒවා බිඳී ගියේ නෑ ... මෙම පදනම් වැඩි දියුනු කිරීම හා ආරක්ෂා කිරීම, අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අප කෙරෙහි විශ්වාසය නැවත ඇති කර ගැනීමට උපකාර කිරීම, එමෙන් ම ඇමරිකාව වෙන කවරදාටත් වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම දැන් බයිඩන් මහතාට පැවරෙනවා."

නැන්සි පෙලෝසි සෙනසුරාදා ප්‍රකාශ කලේ, “අද ඇමරිකාව සඳහා නව බලාපොරොත්තුවක් උදාවීම සනිටුහන් කරනවා.” ඩැනා මිල්බෑන්ක් වොෂිංටන් පෝස්ට් පුවත්පතේ කතුවැකියට ඉදිරියෙන්, “අපගේ දිගු ජාතික බියකරු සිහිනය අවසන්” යන මාතෘකාව යටතේ ප්‍රකාශයක් ලිව්වා ය.

සියවසක් තිස්සේම, රිපබ්ලිකානුන්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට බලය මාරු වූ සෑම අවස්ථාවකම ඇමරිකානුවන්ට මෙම මන්තරය ඇසී ඇත. එහෙත් බයිඩන්ම පොරොන්දු වූ පරිදි “කිසිවක්” කිසිවිටෙක “මූලික වශයෙන් වෙනස් නො වේ.

කෙසේ වෙතත් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය පැන නගින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුනාංගවලින් නො වේ. ඒ වෙනුවට ට්‍රම්ප් යනු, වඩාත් ගැඹුරු රෝගයක, එනම් ධනවාදයේ ප්‍රකාශනයකි.

මිලියන ගනනක් කම්කරුවෝ හා තරුනයෝ, එක්සත් ජනපදය හා ලෝකයේ ආධිපත්‍යය දරන අර්බුදයන්ට, එනම් පාලනයෙන් තොරව පැතිර යන වසංගතය, මහා විරැකියාව, නිමක් නැති යුද්ධ,

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍ර සමාජවාදීන් (ඩීඑස්ඒ) සහ ජකොබින් සඟරාව වැනි කන්ඩායම් පවසන පරිදි, ඩිමොක්‍රටික් පක්ෂයේ රාමුව තුල එවැන්නක් සිදුවිය නො හැක. ජකොබින් සඟරාවේ ඩේවිඩ් සිරෝටා සිකුරාදා ලිව්වේ, බයිඩන්ගේ ජයග්‍රහනය “අවිවාදිතව ශුභ ආරංචියක්” බව යි. “ප්‍රගතිශීලීන්ගේ පීඩනය” යෙදීමෙන් “අප වැඩෙහි යෙදවීමට කැමති නම්” තත්වය “යහපත් අතට හැරවිය හැකි” බව එය සංඥා කලේ ය.

බයිඩන් පරිපාලනයක් විසින් සමාජ ප්‍රතිසංස්කරන සඳහා “අවකාශයක්” නිර්මානය කරනු ඇතැයි යන ප්‍රකාශය බොරුවකි. බයිඩන් පරිපාලනයක් යනු, රිපබ්ලිකන් පක්ෂය සමඟ සහයෝගයෙන් වැඩකරන, කප්පාදුවේ හා මිලිටරිවාදයේ පරිපාලනයක් වන අතර, එය අන්ත දක්ෂිනාංශයේ තවදුරටත් වර්ධනය සඳහා හොඳ ම කොන්දේසි නිර්මානය කරනු ඇත.

මූල්‍ය වංශාධිපතිත්වයේ පක්ෂ දෙකටම එරෙහිව සියලු වර්ගවල හා ජා  තිකත්වයන්හි කම්කරුවන් එක්සත් කිරීම මත පදනම් වූ, ඩිමොක්‍රටික් පක්ෂය හා බයිඩන් පරිපාලනයට ස්වාධීන ව හා විරුද්ධ ව, අව්‍යාජ සමාජවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා ඉදිරි සටන යොමු කල යුතු ය.

මෙම ලිපිය නොවැම්බර් 07 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

Loading