කටුනායක ස්ටාර් ගාමන්ට් කම්කරුවෝ නිරෝධායනය අත්හැර වැඩට කැඳවීම ප්‍රතික්ෂේප කරති

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) පිහිටි ස්ටාර් ගාමන්ට් කම්හලේ කම්කරුවන්, තමන්ට නියමිත නිරෝධායනය අත්හැර වැඩට එන ලෙස කම්හලේ පාලකයන් කරන බලපෑම් ප්‍රතික්ෂේප කර ඇත. කිහිප දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වීමත් සමග විටින්විට කෙරුනු පරීක්ෂන වලින් සේවකයන් 70ක් පමන අසාදනයට ගොදුරුවී සිටින බව හෙලිවීමත් සමග මෙම කම්කරුවන් නිරෝධනයට යොමු කෙරුනි.

පලමු කොවිඩ්-19 අසාදිත කම්කරුවකු සොයා ගැනුනේ නොවැම්බර් මස මුලය. පසුව, ඔහු සමග බස් රථයේ ගිය සේවකයන් කන්ඩායමක් නිරෝධනයට යොමු කෙරිනි. කම්හලේ කම්කරුවන් තවත් කන්ඩායමක් පීසීආර් පරීක්ෂනයට භාජනය කලවිට ඔවුන්ගෙන් ද 17දෙනකු අසාදිත බව තහවුරු විය.

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ මත රෝගීන් රෝහල් වෙත යොමු කොට, ඔවුන්ගේ ආශ්‍රිතයින් පමනක් නිරෝධායනය කරමින් පාලකයින් උත්සුකව සිටියේ සෙසු සේවකයින් මගින් කම්හලේ නිෂ්පාදනය අඛන්ඩව ගෙන යාමට යි. කෙසේ වුවද සිදුවුයේ, ඉතිරි කම්කරුවන් 350 දෙනෙකුගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරීමයි. මේ නිසා, නොවැම්බර් අගවන විට ඉතිරි සේවකයන්ගේ ද පීසීආර් පරීක්ෂන සිදු කිරීමට බලකෙරුනු තතු යටතේ ආසාදිත කම්කරු සංඛ්‍යාව 70 දක්වා නැගුනි.

650ක් පමන සේවය කරන කම්හල දින තුනක් වසා දැමූ නමුත්, පාලකයන් වැඩට පැමිනීමට බලකරමින් සිටින්නේ එලෙස දින 14ක නිරෝධායනයට නියම කෙරුනු සේවකයන්ටයි. සමහරෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතිකය නොමැති වුවද වාර්තා කරන මෙන් බලකර තිබිනි. එහෙත් බොහෝ දෙනෙක් මෙය ප්‍රතික්ෂේප කලහ.

ස්ටාර් ගාමන්ට්ස්

ස්ටාර් ගාමන්ට්ස්, ස්ටාර් ඒ කොමාර් සමාගම් සමූහයට අයත්ය. එම සමාගම් සමූහයේ 1500ක් පමන සේවයේ යෙදෙති.

ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග කතා කල එක කම්කරුවෙක් දැඩි සැකයෙන් පැවසුවේ 'දැන් මේ ෆැක්ටරිය නිරෝධායන නීති යටතේ දුවනවාද, මේවා විෂබීජහරනය කරනවද දන්නෙත් නැහැ' යනුවෙනි.

ඔහු තවදුරටත් පැවසුවේ “මේක [කම්හල] වැඩ කරන්න සුදුසු තත්වයක තියෙනව කියල' ආයෝජන මන්ඩලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ සහ සහතිකයක් තිබිය යුතු බවය. තවත් කම්කරුවෝ ද එවැනි ම අදහස් පල කලහ.

'බස්වලින් වැඩට එන සේවකයින්ට පාලකයො තර්ජනය කරල තියෙනවා නෝ පේ දානවා, පඩියෙන් කැපෙයි, ඔයාලා අනිවාර්යයෙන් එන්න කියල' යැයි එක් කම්කරුවෙක් පැවසීය. 'ලමයි [සේවකයන්] කියල තියෙනවා අපිට වැඩට එන්න බයයි කියල' ඔහු තවදුරටත් පැවසීය.

ඔහු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ වෛරසය දරුනු ලෙස පැතිරීම ගැන මතක් කලේ එහි කම්කරුවන් රෝගීව සිටියදී පාලකයන් බලහත්කාරෙන් වැඩ ගත් බව පවසමිනි.

මෙම කම්හලේ පාලකයන් වෘත්තීය සමිති නායකයින් නම්මාගෙන සිටි ආකාරය ගැන කතා කරමින්, සමිතිවල පවාදීමේ නින්දිත අතීතය පිලිබඳව ද කම්කරුවෝ ලෝසවෙඅ ට පැහැදිලි කලහ.

මෙම කම්හලේ ඇන්ටන් මාකස්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයේ (නිවෙකපොසේස) හා ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිතිය වන අන්තර් සමාගම් සේවක සංගමයේ (අසසේස) ශාඛා පැවතුනි. බොහෝ කම්කරුවන් මුලදී නිවෙකපොසේසං යේ සාමාජිකත්වයේ සිටියද දැන් ඉන්නේ දුසිම් කිහිපයකි.

වසර 15 ට පමන පෙර වැටුප්, ආහාර සැපයීම, ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටිමින්, කම්කරුවන්ගේ අරගලයක් පුපුරා ගිය විට ඉල්ලීම් ලබා දීමට පාලනාධිකාරියට බල කෙරී ඇත. එවක පැවතී ඇත්තේ අසසේස සමිතියකි. කෙසේවුවද, මෙම අරගලයෙන් පසු සමිති එහි නායකත්වයේ සිටියවුන් හා ක්‍රියාකරින් දහයක් පමන අස්ව යාමෙන් සමිතිය දියවී ඇත. ඇතැම් කම්කරුවන් සැකකරන්නේ සමිතිය දියකිරීමට පාලකයන් එම කන්ඩායම සමග අතයට ගනුදෙනුවක යෙදෙන්නට ඇති බවයි.

ස්ටාර් ඒ කොමාර් සමාගම් සමූහය යටතේ කනිවෙකයේ පිහිටි ආයතන හතරෙන් තුනක කනිෂ්ඨ ශ්‍රේනි සහ අධීක්ෂන මට්ටමේ සේවකයින් 10 ක් පමන මැයි මස මැද සිට රැකියා වලින් ඉවත් කෙරිනි. මෙයට හේතුව ලෙස දක්වා තිබුනේ ඇනවුම් අඩු වී ඇතැයි යන්නයි.

ස්ටාර් ගාමන්ට් කම්හලේ සේවකයින් මුහුදෙන තත්වය පෙන්නුම් කරන්නේ කොරෝනා වෛරසය වැලැක්වීමේ නමින් ආන්ඩුව නිකුත්කර ඇති 'මාර්ගෝපදේශ' පොතට සීමාවී ඇතිබවයි. ආන්ඩුව ද මේ බව දනී. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ෆැෂන් වෙයාර් කම්හලේ සිදුවූයේ ද සේවකයන්ගේ විරුද්ධත්වය නොතකා සේවයේ යෙදවීමෙන් සිය ගනන් කොරෝනා වෛරසයේ ගොදුරුබවට පත්වීමයි.

සෞඛ්‍යමය වසයෙන් අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් බලෙන් සේවයේ යෙදවීම කම්හල් ගනනාවකින් වාර්තාවිය.

දෙසැම්බර් මස මුලදී ගම්පහ බඩල්ගම සිරියෝ ඇඟලුම් කම්හලේ දහසක් පමන සේවකයන් අතරින් 55 දෙනෙකු ආසාදිතයන් බව සොයාගෙන ඇති අතර අලුත්ගම, දර්ගා නගරයේ ඇඟලුම් කම්හලක සේවය කරන කාන්තාවන් තිදෙනෙක් ද අසාදනය වූහ.

ඇහැලියගොඩ දියුරුම්පිටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් පසුගිය මස අගදී කම්කරුවන් 51 ට වෛරසය අසාදනය වූ අතර 1,200 ක් පමන නිරෝධායනයට යොමු කෙරිනි.

ලංකාවේ තවත් දැවන්ත ඇඟලුම් නිෂ්පාදකයෙකු වන මාස් හෝල්ඩින්ග්ස් සතු හොරන සහ අගලවත්ත පිහිටි බොඩිලයින් කර්මාන්තශාලා වලින් සිය ගනන් ආසාදිතයන් පසුගිය මාසයේ හමුවිය.

කනිවෙක යේ පිහිටි චීෆ්වේ කටුනායක, නෙක්ස්ට් මැනුෆැක්චරින්, නාගායි ලංකා සහ ඔකායා ලංකා, ඔක්තෝබර් මාසයේ දුසිම් ගනනක් කම්කරුවන් වෛරසයට ගොදුරුවීම් වාර්තාවූ තවත් කම්හල් කිහිපයකි.

ධනපති සංගත යෙදී සිටින්නේ ලාභ හඹායාමේ නිෂ්පාදනයකයි. ඒ සඳහා ආන්ඩුවේ අනුමැතිය මෙම සමාගම් වලට ලැබෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව අවධාරනය කර ඇත්තේ වෛරසය පාලනය කරද්දීම ආර්ථික කටයුතු ගෙනයා යුතු බවයි. එය 'නව සාමාන්‍ය' තත්වය ලෙස පිලිගත යුතුබව ආන්ඩුව කියා සිටි. සංගත සම්බන්ධයෙන් එහි තේරුම මාරක වෛරසයේ තර්ජනය පවතිද්දීම කම්කරුවන් වැඩකලයුතු බවයි.

කම්කරු පන්තිය, ධනපති පන්තියේ හා එහි ආන්ඩුවේ විධාන ප්‍රතික්ෂේප කර තමන්ගේ අයිතීන් සඳහා ස්වාධීනව සටනට එලඹීම අවශ්‍යය.

වෛරසය පාලනය කරන තුරු: අත්‍යවශ්‍ය නොවන සේවා හා කර්මාන්ත වසා දැමිය යුතුය. සේවය තාවකාලිකව නතර කෙරෙන සේවකයන්ට පූර්න වැටුප් ගෙවිය යුතුය. අත්‍යවශ්‍ය වන සේවා හා කර්මාන්ත වල සේවය කිරීම සඳහා පූර්න සෞඛ්‍ය ආරක්ෂාව සැලසීම අනිවාර්යෙන් ම කල යුතුය. වසංගතය පැතිරී යන කේන්ද්‍රයන් බවට පත්වන හෙයින් පාසල් මුලුමනින්ම වසා දැමීම අවශ්‍යය. වසංගතය ව්‍යසනකාරි ලෙස පැතිරී යන තතු තුල මෙම ඉල්ලීම් සෑම රටකටම පොදුය.

මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට නම්, කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳී. තමන්ගේම ක්‍රියාකාරී කමිටු හා සෞඛ්‍යාරක්ෂක කමිටු වැඩපල බදව පිහිටුවා ගැනීම අවශ්‍ය බව සමාජවාදී සමානතා පක්ෂය යෝජනා කරයි. මන්දයත් සමිති, සංගතවල සහ ආන්ඩුවේ අත්ගෙඩි බවට පත්ව කම්කරුවන්ට එරෙහිව ක්‍රියා කරන හෙයිනි.

කම්කරුවන්ගේ අයිතීන් දිනා ගැනීම ද, වසංගතයේ කොන්දේසි අවසන් වසයෙන් අහෝසි කිරීම ඇතුලු ව්‍යසනකාරී සමාජ කොන්දේසි අහෝසි කිරීම ද, ධනවාදය පෙරලා දමා සමාජවාදී ක්‍රමයක් පිහිටුවීම සඳහා සටන් කිරීම සමග බැඳී ඇත.

Loading