ප්‍රසිද්ධ ඔන්ලයින් දේශනය: "ෆ්‍රෙඩ්රික් එංගල්ස් ගේ උපතේ සිට වසර දෙසියයක්"

කාල් මාක්ස් සමග එක්ව විද්‍යාත්මක සමාජවාදය ස්ථාපිත කිරීමට සටන් වැදුනු, ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ උපතේ දෙවන ශත සංවත්සරය 2020 නොවැම්බර් මස 28 දාට යෙදී තිබුනි.

නොනැසෙනා අදාලත්වයෙන් යුත් විශිෂ්ඨ කෘති හා ලේඛන ගනනාවක් රචනා කලාවූ ද, පලමු සහ දෙවන ජාත්‍යන්තරයන් සඳහා නායකත්වයේ කාර්යභාර්යයක් ඉෂ්ට කලාවූ ද, එංගල්ස් මාක්ස්වාදයට හා ජාත්‍යන්තර සමාජවාදයට කරන ලද ප්‍රතිපදානය අසමසම එකකි.

වසර දෙසියයකට අනතුරුව එලැඹ ඇති අද දවසේ දී, ඔහු ගේ ජීවිත කාලීන කර්තව්‍යය දැවෙන අද්‍යතන වැදගත්කමකින් යුක්තව ඉස්මතු වී තිබේ.

විසිවන සියවස තුල මානව වර්ගයා අත්විඳි, ලෝක යුද්ධ, ෆැසිස්ට්වාදී කුරිරුකම් හා ආර්ථික අවපාත වැනි කම්පනකාරී සිද්ධීන් මගින් ධනේෂ්වර ලාභ පද්ධතිය සහ එය පදනම් වී ඇති ජාතික රාජ්‍ය පද්ධතිය ඓතිහාසිකව යල්පැන ඇතිබව යලි යලිත් සනාථ වී ඇත.

කෝවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ, මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් ධනපති අතලොස්සකගේ ලාභ අවශ්‍යතා පිහිටුවා ඇති, ලොවපුරා ධනපති ආන්ඩුවල මිනීමරු පිලිවෙත් මගින් ධනවාදයේ යතා ස්වභාවය පෙරනොවූවිරූ අයුරින් එලිමහනට ගෙන විත් තිබේ.

වසංගතය ප්‍රේරක සිද්ධියක් ලෙස ධනේශ්වර අර්බූදය ගැඹුරු කර ගිය සියවසේ දී මෙන් යුද්ධයන්ගේ හා විප්ලවයන්ගේ අවධියකට මානව වර්ගයා ඇද දමා ඇත.

යලිත් සනාථ කෙරී ඇත්තේ මාක්ස්වාදයේ නිරවද්‍යතාවය හා සමාජවාදයේ දැවෙන අවශ්‍යතාවයයි. නිෂ්පාදන බලවේගවල වර්ධනය සහ පවත්නා නිෂ්පාදන සම්බන්ධතා අතර අනිවාර්යයෙන් පැන නගිනා නො පෑහීම සමාජ විප්ලවයන්ට කොන්දේසි නිර්මානය කරන බව මාක්ස් හා එංගල්ස් සිය ඓතිහාසික භෞතිකවාදය මගින් පෙන්වා දුන්නේ ය.

ජාත්‍යන්තර පරිමානව යලි ආරම්භ වී ඇති කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල තුල කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා හිතන මතන බුද්ධිමතුන් මාක්ස්වාදයෙන් සන්නද්ධ කිරීම තීරනාත්මක කර්තව්‍යය යි.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ලේකම් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජර්මන් සංස්කරනයේ ප්‍රධාන සංස්කාරක, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු වන පීටර් ෂ්වාර්ට්ස් විසින් එංගල්ස්ගේ උපතේ සිට දෙසිය වසරක් සම්බන්ධව ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලියන ලද ලේඛනය පාදක කොට ගෙන, 2021 ජනවාරි මස 10 දා සවස 4.00 ට ලංකාවේ සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය සංවිධානය කරන අන්තර්ජාල දේශනය එම කර්තව්‍යයේ වැදගත් පියවරකි.

ප්‍රශ්න හා අදහස් ඉදිරිපත් කරමින් එම දේශනයට සම්බන්ධ වන්නැයි අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා ශිෂ්‍යන්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම රැස්වීමට සහභාගී වීම සඳහා මෙම සබැඳිය ඔස්සේ පෙර ලියාපදිංචි වන්න.

Loading