ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයින්ට පහර දීම සහ ඉන්දීය හා ශ්‍රී ලාංකික ධීවරයින් සඳහා ඉදිරි මාවත

ජනවාරි 18 වන දින රාත්‍රියේදී ශ්‍රී ලංකාවේ උතුරු වෙරල තීරයේ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකුගේ බෝට්ටුව ගිල්වා පසු ව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඔවුන් පහර දී මරා දමනු ලැබ ඇති බවට තමිල්නාඩුවේ රාමේශ්වරම් ධීවරයෝ චෝදනා කරති. ධීවරයන් වද දී ඝාතනය කර ඇති බවට ඔවුන්ගේ සිරුරුවල ලේ පැල්ලම් සහ පිලිස්සුම් තුවාල තිබෙන බවට ඔවුහු පවසති.

තමිල්නාඩුවේ තංගච්චිමඩම්හි මෙසියා (30), මන්ඩපම්හි සැම්සන් ඩාර්වින් (28), උච්චිපුලිහි නාගරාජන් (52), සෙන්දිල් කුමාර් (32) මිය ගිය අය වෙති. මෙහි එන ඩාර්වින්, ලංකාවේ වර්ගවාදී යුද්ධයේ අවසන් අදියරේ බේරි ගොස් මන්ඩබම් සරනාගත කඳවුරේ ජීවත් වූ අයෙකි. ඔහුට දවස් විස්සක් වයසැති දරුවෙකු සිටී.

මෙසියා, සෙන්දිල් කුමාර්, සැම්සන් ඩාර්වින් සහ නාගරාජන්

ඉන්දියානු ධීවරයින්ට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දශක ගනනාවක් තිස්සේ සිදුකරන ලද මර්දන මාලාවක නවතම සිදුවීම මෙයයි.

මුර සංචාරයට ගිය ශ්‍රී ලංකාවේ නාවික හමුදා කන්ඩායමක් “සීමාව පැන ඇවිත් මසුන් අල්ලනවා” යයි කියමින් අත් අඩංගුවට ගත් දෙමල ධීවරයන්ගේ බෝට්ටුවක් හප්පා ගිල්වනු තමන් දුටු බවට බේරි ගිය ඉන්දියානු ධීවරයෝ සඳහන් කරති.

එමෙන් ම මරනයට පත් ධීවරයෝ තම රැහැන් රහිත සන්නිවේදන උපකරන මගින් ලංකාවේ නාවික හමුදාව තමන්ව හප්පන බවටත් බේරා ගැනීමට පැමිනෙන ලෙසටත් උදවු ඉල්ලා පනිවුඩ නිකුත් කර ඇත. මෙතෙක් කාලයක් මරන අත්දැකීම්වලින් භීතියට පත් වූ ධීවරයෝ ඔවුන් බේරා ගැනීමට නොහැකි වීම ගැන පසු තැවෙති.

සැම්සන් ඩාර්වින්ගේ බිරිඳ විජේ ලක්ෂ්මි (වම) සහ ඇයගේ දරුවා (පින්තූරය-පාන්ඩියන්, විගඩන්)

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බීබීසී දෙමල සේවයට අදහස් දැක් වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මෙම ඝාතන සාධාරනීකරනය කිරීමේ මංමුලා සහගත උත්සාහයක නිරත විය. ලංකාවේ මුහුදු තීරයට නීතිවිරෝධී ව ඇතුල් වූ පනහකට අධික ඉන්දියානු ධීවර යාත්‍රාවන් අත්‍අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී එම බෝට්ටු පලා ගිය අතර එක් ධීවර යාත්‍රාවක් පැමින නාවික හමුදා යාත්‍රාවක් හප්පා හානි කල බව ඔහු ප්‍රකාශ කලේ ය. ඉන්දියානු ධීවර යාත්‍රා ලංකාවේ නාවික හමුදාවෙන් බේරි යාම සඳහා පුරුද්දක් වශයෙන් නාවික හමුදාවේ යාත්‍රාවන්ට හානි කරන බව විකාර සහගත ව ඔහු ප්‍රකාශ කලේ ය.

මෙය අමූලික බොරුවකි. එල්ටීටීඊයට එරෙහි යුද සමයේ සිට ම, ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය ධීවරයන් මුහුදු සීමාව උල්ලංඝනය කල බවට චෝදනා කර ඝාතනය කිරීම, වධහිංසා පැමිනවීම සිරගත කිරීම ආදියට දශක ගනනාවක ඉතිහාසයක් පවතී. ඉන්දියානු ධීවර බෝට්ටු සිය ගනනක් වසර ගනනාවක් තිස්සේ යාපනයේ වෙරල තීරයේ අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත.

යාපනයේ කාරෙයිනගර් හි රඳවා තබා ඇති ඉන්දීය ධීවර බෝට්ටු

ශ්‍රී ලංකාවේ ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මෙම ඝාතන යුක්ති සහගත කිරීම සඳහා “ඉන්දීය ධීවරයින් විසින් ශ්‍රී ලංකාවේ ධීවරයින්ට ඇති කරන පාඩු” ගසා කමින් චෝදනා කලේ “ඉන්දීය ධීවරයින් දේශ සීමාව හරහා අපගේ මුහුදට ඇතුලු වී නීති විරෝධී, අනවසර හා තහනම් කටයුතුවල නිරත වන” බවයි.

දූපත් ප්‍රදේශවල ස්ථානගත ව සිටින ශ්‍රී ලංකාවේ නාවික හමුදාව බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටින්ට (එල්ටීටීඊ) එරෙහි යුද්ධයේදී ඝාතන, පැහැරගැනීම් සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් කුප්‍රකට ය. ඩග්ලස් දේවානන්ද සහ ඔහුගේ ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) ශ්‍රී ලංකා ආන්ඩු සමඟ හවුල්කරුවන් වූවා පමනක් නොව, යුද්ධයේ දී හමුදාවේ සහ නාවික හමුදාවේ පැරාමිලිටරි කන්ඩායමක් ලෙස ද සේවය කලේය.

ධීවරයින් ඝාතනය කිරීම තමිල්නාඩුවේ ධීවරයින් අතර දැවැන්ත විරෝධතා අවුලුවා තිබේ. මෙම ඝාතනයන් හෙලා දකිමින් ජනවාරි 21 හා 23 දිනවල ධීවරයෝ රාමේෂ්වරම්හි පිකට් උද්ඝෝෂනවල හා විරෝධතා උපවාසවල නිරත වූ අතර සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙසත්, ශ්‍රී ලංකා ආන්ඩුවෙන් වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු පවරා ඇත.

විරෝධතාවේ යෙදෙන ධීවර පවුල්

තමිල්නාඩුවේ මහඇමති එඩප්පාඩි පලනිසාමි මහජන කෝපය සංසිඳවීමට මරනයට පත් වූ පවුල්වලට ලක්ෂ 10 බැගින් සුලු මුදලක් ලබා දුන් අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා “සිද්ධිය පිලිබඳව නිසි පරීක්ෂනයක් පවත්වන ලෙස” ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවා ඇත. තමිල්නාඩු ධීවර ඇමති ටී. ජයකුමාර් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට දඬුවම් ලබා දීමට කටයුතු කරමින් සිටින බව සඳහන් කලේ ය.

පෙබරවාරි 3 වන දින ඉන්දීය පාර්ලිමේන්තුවේ තමිල්නාඩු සාමාජිකයින් දෙදෙනෙක් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කෝපයෙන් කතා කලහ. එවිට විදේශ ඇමති ජයශංකර් පවසා ඇත්තේ සිද්ධිය හෙලා දකිමින් ඉන්දියානු ආන්ඩුව වහාම ශ්‍රී ලංකා රජයට දැනුම් දීමක් කර ඇති බව ය. එවිට ඔවුහු නිහඬ වූහ. තමිල්නාඩුවේ සියලු ම දේශපාලන පක්ෂ පාහේ හෙලා දැකීම් ප්‍රකාශ කල අතර මරනයට පත් වූවන්ගේ නිවෙස් වලට පැමින ශෝකය ප්‍ර‍කාශ කලහ. ලබන මැයි මාසයේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරනය පැවැත්වීමට නියමිතව ඇති හෙයින්, එවැනි කයිවාරු කතා ඔවුන්ගේ ඡන්ද බැංකු නොනවත්වා තබා ගැනීමට කඩතුරාවක් පමනි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ ඉන්දියානු ධීවර බෝට්ටු මුහුදට ඇතුලු වී ශ්‍රී ලංකා ධීවරයින්ගේ දැල් හා ස්වාභාවික සම්පත් විනාශ කර ඇති බවට නැවත නැවතත් චෝදනා එල්ල වී තිබේ. ඇත්ත වශයෙන්ම, තමිල්නාඩු ධීවරයෝ තම ජීවනෝපාය සඳහා ධීවර බෝට්ටු සිය ගනනක් හිමිකරගෙන සිටින මහා ව්‍යාපාරිකයන් යටතේ දෛනික වැටුප් කම්කරුවන් හෝ සතිපතා වැටුප් ලබන කම්කරුවන් ලෙස මසුන් ඇල්ලීම සිදු කරති. බෝට්ටු හිමියෝ වැඩි ලාභයක් ලබා ගැනීම සඳහා ධීවර කම්කරුවන්ට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට යාමට බල කරති.

පසුගිය වසරේදී ඉන්දීය ධීවරයින් දුසිම් ගනනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, දෙසැම්බර් මාසයේදී ඉන්දීය සහ ශ්‍රී ලාංකික බලධාරීන් අතර සාකච්ඡා මගින් නාවික හමුදා දෙක අතර ඒකාබද්ධ මුර සංචාර පැවැත්වීමට තීරනය විය. මෙම යෝජනාවේ පරමාර්ථය වන්නේ මෑත ඝාතනයන්ගෙන් පෙන්නුම් කල පරිදි විසඳුමක් ලබා දීමට වඩා ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපාය ගැටලු තුවක්කු පෙන්නා තර්ජනයෙන් විසඳීමට යාමකි.

කිලෝමීටර් 53-82 ක් පමන පලල සහ මායිම් නොමැති පෝක් සමුද්‍ර සන්ධියේ නොගැඹුරු ජලයේ ශ්‍රී ලංකා සහ ඉන්දියානු ධීවරයෝ මසුන් අල්ලති.

ශ්‍රී ලංකා ධීවරයින්ගේ ජීවනෝපාය වැඩිදියුනු කිරීමට පියවර නොගන්නා ශ්‍රී ලංකාවේ දෙමල දේශපාලකයෝ තමිල්නාඩුවේ සහ උතුරු ශ්‍රී ලංකාවේ ධීවරයින් අතර බෙදීම් හා ගැටුම් අවුලුවාලීම සඳහා ශ්‍රී ලංකා ධීවරයින්ට ඉන්දීය ධීවරයින් විසින් සිදු වන හානි ගසාකමින් සිටිති.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කච්චතීවූ දූපත අවට ඉන්දියානු ධීවරයින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ධීවරයින් කිසි විටෙකත් විරුද්ධ වී නැත. කච්චතිව් සම්බන්ධ ගිවිසුමේ හයවන වගන්තියේ ඒ සඳහා අවසරයක් ද ඇත. නමුත් දැන්, ඩග්ලස් දේවානන්දගේ උසිගැන්වීම මත, උතුරු ධීවර සංගම් සම්මේලනය විසින් ඉන්දීය ධීවරයින්ට එරෙහිව විරෝධතා පවත්වනු ලැබේ.

පසුගිය දෙසැම්බරයේ දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායකයින් සහ දෙමල ජාතික මහජන පෙරමුනේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ශ්‍රී ලංකාවේ මුහුදේ මසුන් ඇල්ලීමට එරෙහිව මුලතිවු දිස්ත්රික්කයේ ධීවර සංගම් සමඟ විරෝධතා උද්ඝෝෂනයක යෙදී ගත්හ. තම මහජන පදනම් ඛාදනය වීම සම්බන්ධයෙන් කලබලයට පත් ව ඇති දෙමල ධනපති පක්ෂ මහජන අරගල ඉස්මත්තට පැන ගනිමින් තම පදනම් රැක ගැනීමට බලයි.

මෙම ඛේදජනක සිදුවීම් සඳහා එක් ඓතිහාසික හේතුවක් වන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් ඉන්දියානු උප මහද්වීපය ඛන්ඩනය කරමින් ජාතික රාජ්‍යයන් පිහිටුවීමයි. 1974 දී ඉන්දියානු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක ඉන්දියා-ශ්‍රී ලංකා අභ්‍යන්තර සමුද්‍රීය මායිම් ගිවිසුමට (India-Sri Lanka Maritime Boundary Agreement) අත්සන් තැබූහ.

1976 දී ඉන්දියාව හදිසි තත්වයක් ප්රකාශයට පත් කිරීමෙන් පසු දෙරටේ විදේශ අමාත්යාංශ අතර සිදු වූ ලිපි හුවමාරු මගින් තීරනය කලේ “දෙරටේ ධීවරයින් ඉදිරියට තම රටවල මුහුදු සීමාව තුල පමනක් මසුන් ඇල්ලීම කල යුතු” බවයි.

1983 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භ වන විට එවකට පැවති ජේ.ආර්. ජයවර්ධන රජය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පැනවූ අතර සමුද්‍ර දේශසීමා ආරක්ෂන පනත යටතේ මුහුදු මුර කලාපයක් ප්රකාශයට පත් කලේය. එතැන් පටන් ඉන්දීය ධීවරයින් මෙවැනි ඝාතන මාලාවකට මුහුන දී තිබේ. මෙතෙක් 265 දෙනෙකු ඝාතනයට ලක් ව ඇති බව ඉන්දීය ආන්ඩුව සඳහන් කරන අතර එය 565ක් බව ඉන්දීය ධීවරයෝ සඳහන් කරති.

ට්රෝලර් මගින් මසුන් ඇල්ලීමට විරුද්ධ වීම හැර ශ්‍රී ලංකාවේ ධීවරයෝ ඉන්දියානු ධීවරයින් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට විරුද්ධ නැත. ඔවුන් මුහුන දෙන්නේ දේශසීමා ගැටලුවට නොවේ. ඒ වෙනුවට එය විශාල ධීවර සමාගම්වලට ලාභ ගොඩ ගැසීමේ ප්‍රශ්නයකි.

උතුරු ශ්‍රී ලංකාවේ ධීවරයින්ගෙන් බහුතරයක් ධීවර දැල්, ඉස්සන් කූඩු, වෙරල දැල්, විසි දැල් සහ බිලි කොකු වැනි සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරති. සමහරු මුහුදේ කිමිදී ජීවිකාව සලසා ගන්නේ මුහුදු කූඩැල්ලන් එකතු කරමිනි. තමිල්නාඩු හාම්පුතුන්ගේ බහුදින යාත්‍රා සහ මහ බෝට්ටු ශ්‍රී ලංකාවේ නොගැඹුරු උතුරු මුහුදට ඇතුලු වෙමින් සමුද්ර සම්පත් වලට හානි කරන ධීවර උපකරන භාවිතා කිරීම නිසා එය සාගර සම්පත් වලට හා මත්ස්‍ය ප්‍රජනනයට බලපා ඇත. ඒ සමග ම ශ්‍රී ලාංකික ධීවරයින්ගේ වටිනා දැල්වලට ද හානි සිදු වෙයි.

ඉන්දියානු ධීවරයින් බෝට්ටු හිමියන් සහ ගැනුම්කරුවන් විසින් සූරාකනු ලබනවා සේම, ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් උතුරේ ධීවරයින්, මාලු, මුහුදු ආහාර, ඉස්සන් හා කකුලුවන් අපනයනයකරුවන් විසින් දරුනු ලෙස සූරාකනු ලැබේ. ලාභයේ පොදු සතුරෙකුට මුහුන දෙන මෙම ධීවරයින්ගේ ගැටලුව විසඳීමට ඇති එකම ප්රගතිශීලී ක්රමය වන්නේ සමුද්ර සම්පත් සාමූහිකව හා සමානව බෙදා ගැනීමයි.අ

ඉන්දියාවේ සහ ලංකාවේ කම්කරු පංතිය, පීඩිත ගොවීන් සහ ධීවරයන් තමා පසුපස රැලිකර ගනිමින්, දෙරටේ ධනපති ආන්ඩු පෙරලා දමා, දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ඉන්දීය-ශ්‍රී ලංකා සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ස්ථාපිත කිරීමට සටන් කිරීම මෙම එකමුතුවට පදනම සපයනවා ඇත. මේ සඳහා, කම්කරුවන්, ගොවීන් සහ ධීවරයන් සියලු ම වර්ගයේ ධනේශ්වර හා ස්ටැලින්වාදී, මාඕවාදී හා කුලවාදී පක්ෂවලින් බිඳීම අත්‍යවශ්‍ය වේ.

කොරෝනා වෛරසය පැතිරීම සමග ම ලොව පුරා ධනපති ආන්ඩු ගෙන යන කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව බොහෝ රටවල කම්කරුවෝ තම අරගල වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව තමන්ගේ අතට ගැනීමෙහි යෙදී සිටිති. මෙම අරගල සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ එක්සත් කිරීමට සටන් වදින්නේ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකත්වය ලබන ලොව පුරා සමාජවාදී සමානතා පක්ෂ පමනකි.

සමාජවාදී සමානතා පක්ෂයේ මඟ පෙන්වීම යටතේ වතු කම්කරුවන්, සෞඛ්‍ය සේවකයින් සහ ගුරුවරුන් විසින් පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටු අනුයමින් ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයන් ද ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගෙන ඇත. මෙම ක්‍රියාකාරී කමිටුවට හා එහි සාකච්ඡාවලට එක්වන ලෙස අපි සියලු ධීවරයින්ට ආරාධනා කරමු.

Loading