ඉදිරිදර්ශන

වසංගතයට දක්වන ප්‍රතිචාරය “සමාජ ඝාතනයක්” බව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව පවසයි

[පහත පල  කෙරෙන්නේ 2021 පෙබරවාරි 8  දින British Medical Journal calls pandemic response “social murder”  යන මැයෙන් පල කෙරුනු  ලිපියේ  සිංහල පරිවර්තනයයි.]

BMJ (කලින් ්‍්‍ය ්‍ය සඟර) විසින් වසංගතයට ලෝක ආන්ඩුවල සාමූහික ප්‍රතිචාරය “සමාජ ඝාතක”යැයි චෝදනා කරමින් කතුවැකියක් පල කලේය.

BMJ යනු ලොව පැරනිතම හා වඩාත්ම කීර්තිමත් වෛද්‍ය වාර සඟරා වලින් එකක් වන අතර එහි ප්‍රකාශන ඉතිහාසය 1840 දක්වා දිව යයි. එහි කතුවැකිය වන “කොවිඩ් -19- ඔවුන් ලියා ඇති පරිදි තෝරාගත්, ගනන් කල නොහැකි සහ පසුතැවිල්ලක් නැති-සමාජ ඝාතනය”, විධායක කර්තෘ කම්රන් අබ්බාසි විසින් ලියා ඇත. එය මිලියන දෙකකට වැඩි පිරිසකගේ මරනයට හේතු වූ පසුගිය වසර තුල ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති පිලිබඳ තදබල චෝදනාවකි.

මෝර්ටිෂන් ට්‍රිස්ටන් මැක්අලිෆ්, 2021 ජනවාරි 28 වන බ්‍රහස්පතින්දා මෝ හි, ස්ප්‍රිංෆීල්ඩ් හි, මියගිය අය රඳවා තබා ගන්නා සිසිලන කාමරයක වැඩ කරමින්. (ඒපී ඡායාරූපය / චාලි රීඩෙල්)

“මිනීමැරුම යනු සිත කලඹන වචනයකි. නීතියට අනුව, ඒ සඳහා පූර්ව සූදානමක් අවශ්‍ය වේ. මරනය නීති විරෝධී යැයි සැලකිය යුතුය. වසංගත ප්‍රතිචාරයක අසාර්ථකත්වයට ‘මිනීමැරුම’ අදාල වන්නේ කෙසේද?” කතුවැකිය ආරම්භ වන මෙම යෙදුම මුලුමනින්ම උචිත යැයි BMJ පසුව තර්ක කරයි:

මහජන ප්‍රතිශක්තිය වෙනුවෙන් හෝ ආර්ථිකය නගා සිටුවීමේ අපේක්ෂාවෙන් දස දහස් ගනනක් අකල් මරනවලට ඉඩ දීමට තමන් කැමති බව දේශපාලනඥයන් සහ විශේෂඥයින් පවසන විට, එය මිනිස් ජීවිතය ගැන කලින් සැලසුම් කරනලද හා නොසැලකිලිමත් උදාසීනත්වයක් නොවේද? ප්‍රතිපත්තිමය අසමත්කම් පුනරාවර්තී හා වෙලාව වරද්දාගත් අගුලු දැමීම් වලට තුඩු දෙන්නේ නම්, එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන කොවිඩ් නොවන මරනවලට වගකිව යුත්තේ කවුද? ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ගයට පටහැනිව තිබීම නිසා දේශපාලනඥයන් විද්‍යාත්මක උපදෙස්, ජාත්‍යන්තර හා ඓතිහාසික අත්දැකීම් මෙන්ම ඔවුන්ගේම භයානක සංඛ්‍යාලේඛන හා ප්‍රක්ෂේපන ආකෘති හිතාමතාම නොසලකා හරින විට, එය නීත්‍යානුකූලද? නිෂ්ක්‍රිය බවද?ක්‍රියාත්මක වීමද?

“අඩු තරමින්, කොවිඩ් -19 සමාජ මිනීමැරුමක් ලෙස වර්ග කල හැකිය” යනුවෙන් BMJ ලියන විට, සමාජවාදී නායක ෆ්‍රෙඩ්රික් එංගල්ස් ගේ "19 වන සියවසේ එංගලන්තයේ කම්කරු පන්තිය කෙරෙහි පාලක ප්‍රභූව සතු දේශපාලන හා සමාජ බලය විස්තර කිරීම” සදහා භාවිත කල යෙදුම මතකයට නැගේ.

“තමන්ට හැකි සෑම දෙයක්ම කර ඇති බව හෝ වසංගතය යනු නොදන්නා කලාපයක් බව සහ පූර්ව පිටපතක් නොතිබුනු බව පවසන ධනේශ්වර දේශපාලනඥයන්ගේ බොරු යුක්ති සහගත කිරීම් වලට කතුවැකිය පහරදෙයි. මේ කිසිවක් සත්‍ය නොවේ. ඒවා ලොව පුරා 'බලපෑම්කාර ලොක්කන්’ විසින් ඔවුන්ගේම උන්නතිය සඳහා ඇදබාන දේශපාලන බොරු ය.”

වසංගතයට ප්‍රතිචාර දැක්වීම පිලිබඳ BMJ හි ගුනාංගීකරනය මුළුමනින්ම නිවැරදි ය. ලොව පුරා දේශපාලනඥයන් හිතාමතාම හා දැනුවත්වම වසංගතයට ආන්ඩුවේ ප්‍රතිචාර දුබල කලහ. බොහෝ විට කියා සිටියේ ජනගහනය විශාල ලෙස ආසාදනය වීම සුදුසු යැයි කියාය. එය “රංචු ප්‍රතිශක්තිය” යන නමින් සරසා ඇත.

එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් ආන්ඩුවේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක ශ්‍රීමත් පැට්‍රික් වැලන්ස් ප්‍රකාශ කලේ, “සියලු දෙනාට රෝගය බෝවීම සියල්ලන්ම නතර කල නොහැකි අතර, ජනගහනයේ යම් කොටසකට ප්‍රතිශක්තියක් අවශ්‍ය බැවින් එය සුදුසු වන්නේද නැති බවයි”. ස්වීඩනයේ රාජ්‍ය වසංගත රෝග විද්‍යාඥ ඇන්ඩර්ස් ටෙග්නෙල් ඉල්ලා සිටියේ රෝගය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා පාසල් විවෘතව තබන ලෙසයි. “පාසල් විවෘතව තැබීම ගැන යමක් කථා කල හැකි නම් ඒ එමගින් රංචු ප්‍රතිශක්තිය ඉක්මනින් ලඟා කර ගත හැකිය” යන්නයි.

එක්සත් ජනපදය තුල, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2020 පුරාම ජනතාවගෙන් රෝගයේ පරිමාව සඟවා ගැනීම සඳහා “පරීක්ෂාව මන්දගාමී කරන ලෙස” තම ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය. “මට එය සැමවිටම අඩු කිරීමට අවශ්‍ය විය,” ට්‍රම්ප් මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ්ට මාර්තු මාසයේදී පැවසීය.

කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ දැවැන්ත තර්ජනය පිලිබඳව ට්‍රම්ප් පමනක් නොව දේශපාලන පක්ෂ දෙකේම කොන්ග්‍රස් සාමාජිකයින්ට සම්පූර්න විස්තර ලබා දුන් නමුත් ඔවුන් මහජනතාව දැනුවත් කිරීම ප්‍රතික්ෂේප කරමින් සංචාරය කිරීමට, අවන්හල්වලට යාමට සහ තම දරුවන් පාසල් වෙත යැවීමට ජනතාව උනන්දු කලහ.

ආන්ඩු වල ප්‍රතිපත්ති එක් ප්‍රමුඛතාවයක් මත නියම කර ඇත: වෛරසය පැතිරීම වැලැක්වීමට මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට බාධා කරන කිසිදු පියවරක් නොගත යුතුය. නිව් යෝර්ක් ටයිම්ස් හි තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මන් විසින් මුලින්ම නිර්මානය කරන ලද “සුව කිරීම රෝගයට වඩා දරුනු විය නොහැක” යන සටන් පාඨය ප්‍රායෝගිකව අදහස් කලේ වෛරසය නැවැත්වීමට අවශ්‍ය පියවර - සියලුම කම්කරුවන්ට පූර්න ආදායමක් සහිතව අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන වසා දැමීම ඇතුළුව - පාලක පන්තියට පිලිගත නොහැකි බවයි.

මෙම සමාජ අවශ්‍යතා මගින් වසංගතය වසන් කිරීම පමනක් නොව, පාසල් හා සේවා ස්ථාන අකාලයේ නැවත විවෘත කිරීම ද සිදු විය. වසන්තයේ දී අර්ධ වශයෙන් අගුලු දැමීම ඉවත් කිරීමෙන් පසු සිය දහස් ගනනකගේ ජීවිත බිලිගත් දැවැන්ත රෝග ව්‍යාප්තියක් ඇති කිරීමට එය ඉවහල් විය.

BMJ එහි අතිශය චෝදනාසහගත ඡේදය තුල නිගමනය කරන්නේ, “ජනතාව සමාජ ඝාතනයට ලක් කිරීම යනු අතීත යුගයේ නෂ්ටාවශේෂයකට වඩා වැඩි දෙයකි. කොවිඩ් -19 මගින් නිරාවරනය කර විශාලනය කර දැක්වූ එය අද ඉතා සැබෑ දෙයකි. එය නොසලකා හැරිය නොහැක. දේශපාලනඥයන් නීතිමය හා මැතිවරන ක්‍රම මගින්, ඇත්ත වශයෙන්ම අවශ්‍ය ඕනෑම ජාතික හා ජාත්‍යන්තර ව්‍යවස්ථාමය ක්‍රමයකින් මේවාට උත්තර බැඳිය යුතුය”

BMJ විසින් සපයනු ලබන විවෘත තක්සේරුවෙන් එලඹියයුතු නිගමන මොනවාද? ජර්නලය වගවීම සම්බන්ධයෙන් බලසම්පන්න ලෙස තර්ක කරයි, නමුත් මෙම වගවීම සාක්ෂාත් කර ගන්නේ කෙසේද? කතුවැකිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ “වගවීමෙන් වැලකී සහ පසුතැවිලි නොවී සිටින තේරී පත් වූ නායකයින් සහ ආන්ඩු ප්‍රතික්ෂේප කරන ලෙසයි.” තව දුරටත් සඳහන් කරමින්, එක්සත් ජනපදය තමන්ට එබඳු දේශපාලන ගනනය කිරීමක් කල හැකි බව පෙන්නුම් කලේයයි කියා සිටියි.

මෙය 2020 එක්සත් ජනපද දේශපාලන මැතිවරනය පිලිබඳ සඳහනක් වන අතර, ලෝකයේ ප්‍රමුඛ පෙලේ “රංචු ප්‍රතිශක්තිය” වෙනුවෙන් පෙනී සිටින්නෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්දදායකයින් විසින් අධිකතර ලෙස ප්‍රතික්ෂේප කරමින් ඩිමොක්‍රටික් පක්ෂයට ධවල මන්දිරය පමනක් නොව කොන්ග්‍රසයේ නිවාස දෙකම පාලනය කිරීමද භාර දුන්නේය.

නමුත් සමාරම්භක දිනයේ සිට සති දෙකකට වඩා වැඩි කාලයක් තුල බයිඩන් පැහැදිලි කර ඇත්තේ තම පරිපාලනය වූකලී එහි පූර්වගාමියාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමක් බවයි. සමාරම්භක දිනයේ සිට මිචිගන්, ඉලිනොයිස් සහ නිව්යෝර්ක් යන සියල්ලෙහිම ගෘහස්ථ භෝජන සඳහා ඇති සීමාවන් ඉවත් කර ඇති අතර පාසල් දුරස්ථව පවතින සෑම ප්‍රාන්තයකම ඉක්මනින් නැවත විවෘත කිරීමට යයි. මෙම ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානය වන්නේ චිකාගෝ හි අධ්‍යාපන සේවකයින් 23,000 ක් නැවත සේවයට බලෙන් පිටත්කර යැවීමයි. එයට දේශපාලන සංස්ථාපිතයේ සියලුම කොටස්වල සහාය ලැබේ.

“සමාජ ඝාතන” ප්‍රතිපත්තිය ඡන්ද පෙට්ටිය හරහා ප්‍රතික්ෂේප කිරීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. BMJ අභියාචනා කරන උසාවි සම්බන්ධයෙන් ගත් කල, වසංගතය පාලනය කිරීම සඳහා වඩාත් මූලික පියවරයන්ට ඔවුන් නැවත නැවතත් පහර දී තිබේ. වෙනත් වචන වලින් කිවහොත්, ධනවාදී රාජ්‍යයේ කිසිදු ආයතනයකට ධනේශ්වර පංතියේ අතිමූලික සමාජ අවශ්‍යතා සඳහා මුල් බැස ඇති වසංගත ප්‍රතිපත්තිය වෙනස් කිරීමට හැකියාවක් නැත.

“රංචු ප්‍රතිශක්තිය” හෝ BMJ පවසන පරිදි “සමාජ ඝාතනය” මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ පන්ති අවශ්‍යතා මත පදනම් වී ඇතිවා සේම, මෙම ප්‍රතිපත්තිවලට එරෙහි විරෝධය වෙනත් සමාජ බලවේගයක, එනම් කම්කරු පන්තියේ අවශ්‍යතා මත පදනම් විය යුතුය.

BMJ සටහන් කරන පරිදිම, “සමාජ ඝාතනය” යන වචනය එංගල්ස් විසින් 1845 දී රචනා කරන ලද, විද්‍යාත්මක සමාජවාදයේ න්‍යාය සැකසීමේදී මාක්ස් සහ එංගල්ස්ගේ මුල් කෘතිවලින් එකක් වන එංගලන්තයේ කම්කරු පන්තියේ තත්වය නම් කෘතියේ සඳහන් වේ. එංගල්ස් මෙසේ ලිවීය:

සමාජය සිය ගනන් නිර්ධන පංතිය අනිවාර්යයෙන්ම ඉක්මන් හා අස්වාභාවික මරනයක් අත්විඳින තත්වයකට පත් කරන විට, එය කඩුවෙන් හෝ වෙඩි උන්ඩයකින් සිදුවන ප්‍රචන්ඩත්වයෙන් මරනයක් හා සමානය; එය, ජීවිතයේ අවශ්‍යතා දහස් ගනනක් අහිමි කරමින්, ඔවුන්ට ජීවත් විය නොහැකි තත්වයන් යටතේ තබයි - නීතියේ ප්‍රබල හස්තය හරහා, එම මරනය නොවැලැක්විය හැකි ප්‍රතිවිපාකය වන තෙක් එවැනි තත්වයන් තුල රැඳී සිටීමට ඔවුන්ට බල කරයි - මෙම දහස් ගනන් වින්දිතයින්ගේ විනාශය සිදුවන අතර මෙම කොන්දේසි දිගටම පැවතීමට ඉඩ දී ඇත්නම්, එය මිනීමැරීමකි. වෙස්වලාගත්, ද්වේෂ සහගත මිනීමැරුමකි, කිසිවෙකුට තමාව ආරක්ෂා කර ගත නොහැකි මිනීමැරුමකි, එය කුමක්දැයි නොපෙනෙ මුත්, මිනීමරුවා කිසිවෙකු නොදකින නිසා, වින්දිතයාගේ මරනය ස්වාභාවික එකක් ලෙස පෙනෙන නිසා, වරද ආඥාවකට වඩා අතපසු වීමකි. නමුත් මිනීමැරීම තවමත් පවතී.

වසර තුනකට පසු, මාක්ස් සහ එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනය ප්‍රකාශයට පත් කරන ලද අතර, එය පාලක පන්තියේ “සමාජ ඝාතන” ක්‍රියාවන්ට නිශ්චිත ප්‍රතිචාරයක් සම්පාදනය කළේය: “නිර්ධන පංති ව්‍යාපාරය යනු අතිමහත් බහුතරයකගේ ලැදිකම් සහ අයිතිවාසිකම් ප්‍රකාශ කරන සවිඤ්ඤානික, ස්වාධීන ව්‍යාපාරයයි.” මෙම ව්‍යාපාරයේ පරමාර්ථය විය යුත්තේ ධනේශ්වර දේපල සබඳතා පෙරලා දැමීම සහ සමාජවාදී විප්ලවය හරහා පාලක පන්තිය පලවාහැරීමයි.

එවකට සත්‍ය වූ දෙය දැන් ඊටත් වඩා සත්‍යයකි. පූර්න ආර්ථික වන්දි සහිත අගුලු දැමීම් හරහා වසංගතය පාලනය කිරීමට අවශ්‍ය හදිසි පියවරයන් සඳහා වන ඉල්ලීම තුල ප්‍රකාශිත සියලු සමාජයේ අවශ්‍යතා නියෝජනය වන්නේ කම්කරු පන්ති ව්‍යාපාරය තුල මිස කොතැනකවත් නොවේ.

කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතා සහ සමස්තයක් ලෙස මානව සමාජයේ අවශ්‍යතා සමාජවාදය සඳහා වන ලෝක ව්‍යාප්ත අරගලය තුල ප්‍රකාශිත වේ. මෙම ව්‍යාපාරය මිනිස් ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පමණක් නොව අවසානයේ වසංගතය මෙල්ලකර ගැනිමින් සමාජ ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ දේශපාලනඥයන් සහ ආයතනික විධායකයින් නීතිය හමුවට පමුනුවනු ඇත.

Loading