ඉදිරිදර්ශන

ෆේස්බුක් සමාගම වූහාන් පරීක්ෂනාගාර කුමන්ත්‍රන න්‍යාය හෙලි කරන ලෝක සමාජවාදී වෙබ් අඩවි ලිපිය වාරනය කරයි

[පහත පල කෙරෙන්නේ 2021 පෙබරවාරි 26 දින Facebook censors WSWS article exposing Wuhan lab conspiracy theory යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.]

බදාදා දහවල් සිට, ෆේස්බුක් විසින් තම පරිශීලකයින්ට සමජවඅඩව (ලෝසවෙඅ) පලවූ, “වොෂිංටන් පෝස්ට් හි ‘වුහාන් පරීක්ෂනාගාර ’කුමන්ත්‍රන න්‍යාය හෙලිදරව් වේ" යන ඉදිරිදර්ශන තීරුව බෙදාහදා ගැනීම (sharing) අවහිර කර ඇත.

වාරනය ආරම්භ වූයේ ලිපිය මුලින් පල කිරීමෙන් පැය 12 කටත් අඩු කාලයකට පසුවය. ෆේස්බුක් මැදිහත් වන විට ලිපිය 1,500 වතාවක් නරඹා තිබුනි.

“නැවත නැවත නිෂ්ප්‍රභ කරන ලද ව්‍යාජ තොරතුරු වලට ඉඩ නොදෙන” නිසා ලෝසවෙඅ ලිපියක් වාරනය කර ඇති බවට ෆේස්බුක් සමාගම විසින් දැනුම්දීම.

ලිපිය බෙදාහදා ගැනීමට උත්සාහ කරන විට, ඔවුන්ට “ඔබේ ලිපිය වෙනත් කිසිවෙකුට නැරඹිය නොහැක” යනුවෙන් පනිවිඩයක් ලැබුනු බව බොහෝ පාඨකයින් සනාථ කල අතර, ෆේස්බුක් “නැවත නැවත නිෂ්ප්‍රභ කරන ලද වැරදි තොරතුරු වලට ඉඩ නොදේ” යයි සඳහන් කරන විට එම ලිපියේ “කොවිඩ්-19 පිලිබඳ වැරදි තොරතුරු” අඩංගු බව අඟවයි. සමහර පාඨකයින් වාර්තා කලේ ලිපිය බෙදාහදාගත් වහාම ඔවුන්ගේ ෆේස්බුක් ගිනුම දින තුනකට සහ සමහර අවස්ථාවල දින හතකට අත්හිටුවා ඇති බවයි.

ලෝසවෙඅ ලිපියේ නියත වශයෙන්ම කිසිවක් වැරදි, අසත්‍ය හෝ නොමඟ යවන සුළු නොවීය. ප්‍රශ්නයට ලක්වූ ලිපිය පදනම් වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය මත වන අතර එය ස්වාභාවික නොවන සම්භවයක් ඇති කොවිඩ්-19 පිලිබඳ විමර්ශනය බැහැර කර ඇත්තේ එම ප්‍රකාශයට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බව පවසමිනි.

ලෝසවෙඅ ලිපිය පෙබරවාරි 22 දින කතුවැකිය මගින් විසින් වක්‍රව ප්‍රදර්ශනය කල එකඟතාවයකට අවධානය යොමු කලේය. එනම් මිනිසා විසින් වෛරසයේ මූලාරම්භය නිර්මානය කලේය යන්න “පැහැදිලිව පෙනෙන ආකාරයට නිවැරදි තත්වයක්” බව පුවත්පතේ කලින් ප්‍රකාශ කලේ වුවත්, මෙම ප්‍රකාශයට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර එක්සත් ජනපද ආන්ඩුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ පිලිගත හැකි ඕනෑම තොරතුරක් නිකුත් කරන ලෙසයි.

ලිපිය සම්පූර්නයෙන්ම ෆේස්බුක් හි ප්‍රජා නිති රෙගුලාසි වලට අනුකූල වන හෙයින්, මෙම වාරනය කිරීමේ ක්‍රියාව සඳහා පෙලඹවූයේ කුමක්ද? යන්න පිලිබඳ එකිනෙක අන්තර්ඡේදනය වන පැහැදිලි කිරීම් දෙකක් තිබේ.

ිංටන පෝස්ට් සහ ෆේස්බුක් අතර සෘජු සන්නිවේදනයක් පැවති බවට නිගමනය කිරීමෙන් වැලකී සිටීම දුෂ්කර ය. එහි යටත්වීම හෙලිදරව් වීම නිසා කෝපයට පත් වූ බවට සැකයක් නැත.

නමුත් එය හුදෙක් ිංටන හිමිකරු ජෙෆ් බෙසොස්ගේ හානි වූ අහංකාරය පිලිබඳ කාරනයක් නොවේ. ලෝසවෙඅ ලිපිය ඇමරිකානු පාලක පන්තියේ දේශීය සහ විදේශ ප්‍රතිපත්තිමය අවශ්‍යතා සඳහා කේන්ද්‍රීය වූ ආඛ්‍යානයකට වල කපයි: එනම් කොවිඩ්-19 වසංගතයට බීජිනය වගකිව යුතු බවට කරන ප්‍රකාශයයි.

ලෝසවෙඅ ප්‍රකාශය ඉතා පැහැදිලිව හෙලි කලේ, ිංටන කතුවැකිය විශ්ලේෂනය කිරීමේ පදනම මත, වුහාන් පරීක්ෂනාගාර ආඛ්‍යානයේ වංචනික ස්වභාවය, චීනයට එරෙහි උද්ඝෝෂනයේ කේන්ද්‍රීය වූ ප්‍රචාරක බොරුවක් බවයි. ට්‍රම්ප් විසින් ආක්‍රමනශීලී ලෙස ප්‍රවර්ධනය කරන ලද මෙම බොරුව බයිඩන් පරිපාලනය දිගින් දිගටම ගෙන ගොස් තිබේ.

උත්ප‍්‍රාසාත්මක කාරනය නම්, අප හෙලි කල දේ ගැන, එනම් කොවිඩ්-19 වසංගතයේ මූලාරම්භය පිලිබඳ බොරු ප‍්‍රකාශයන් ගැන ලෝසවෙඅ ට චෝදනා එල්ල වීමයි. සම්ප්‍රදායික ඕර්වෙලියානු ක්‍රමයට, බොරුව නිරාවරනය කිරීම බොරු කීමේ චෝදනාවලට තුඩු දෙයි.

ඉතිහාසය පුරාම යුද්ධය සැමවිටම බොරු හා වාරනයන් සමඟ බැඳී ඇත. එක්සත් ජනපදය සිය මූලික මිලිටරි පරමාර්ථය රුසියාව සහ චීනය සමඟ විශේෂයෙන් “මහා බල ගැටුමකට” සූදානම් වීම බව පැහැදිලි කර ඇති අතර එයින් ගම්‍ය වන්නේ යුද්ධයේ මෙහෙයුම් වලට බාධා කරන ඕනෑම තොරතුරක් පාලනය කිරීමේ හා මර්දනය කිරීමේ අවශ්‍යතාවයි.

2016 සිට එක්සත් ජනපද ආන්ඩුව වාරනය පිලිබඳ දුරදිග යන ආධිපත්‍යයක් ක්‍රියාත්මක කර තිබේ. මෙම වාරන වැඩසටහන ගූගල්, ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාගම් විසින් බලාත්මක කරනු ලැබේ. එහෙත් වාරනය කිරීමේ උපාය සඳහා පෙලඹවීමක් ලැබෙන්නේ රාජ්‍යයේ ඉහලම මට්ටම්වලිනි. බලගතු තාක්‍ෂනය යොදා ගනිමින් පලමු සංශෝධනයේ අයිතිවාසිකම්වල ඉතිරිව ඇති දේ ඉවත් කර ගත හැකිය.

ෆේස්බුක්, එහි අන්තර්ගත නියාමන අංශයේ දස දහස් ගනනක් සේවයේ යොදවයි. 2018 ජනවාරියේ පැවති එක්සත් ජනපද සෙනෙට් නඩු විභාගයකදී අදහස් දක්වමින් ෆේස්බුක් හි ත්‍රස්ත මර්දන අංශ ප්‍රධානී මොනිකා බිකර්ට් පුරසාරම් දෙඩුවේ සමාගම දස දහස් ගනනක් අන්තර්ගත නියාමක වරුන් බඳවා ගෙන ඇති අතර මෙයින් බොහෝ දෙනෙකු මිලිටරි, පොලිස් සහ බුද්ධි අංශ පසුබිමකින් පැමිනියවුන් බවයි. ෆේස්බුක් හි “හිටපු බුද්ධි අංශ සහ නීතිය බලාත්මක කරන නිලධාරීන්ගේ ත්‍රස්ත විරෝධී කන්ඩායමක්” සිටින බව ඇය සඳහන් කලාය.

මිලිටරි / බුද්ධි අංශවල සහ සංගතවල අන්තර්ඡේදනය කෙතරම් සම්පූර්නද යත්, දෙයක් ආරම්භ වන්නේ කොතැනින්ද සහ අනෙක් කෙලවර කොතැනදැයි කිව නොහැක.

වාරන ආධිපත්‍ය පරිමානයෙන් හා හැකියාවෙන් කැපී පෙනේ. බොත්තමක් එබීමෙන්, එක්සත් ජනපද මිලිටරිවාදය පිලිබඳ ඕනෑම හෙලිදරව්වක් අන්තර්ජාලයේ සංසරනයෙන් ඉවත් කල හැකිය. නුසුදුසු යැයි හැඟෙන ලිපියක්, සත්‍යයක් හෝ ප්‍රකාශයක් ආන්ඩුව විසින් හඳුනාගත් වහාම එය යටපත් කිරීමට ෆේස්බුක් සහ ගූගල් වෙත උපදෙස් යවයි. ෆේස්බුක් වාරනය පෙන්නුම් කරන පරිදි, තොරතුරු ප්‍රකාශයට පත් කරන අයට පමනක් නොව එය කියවන සහ බෙදාහරින අයටද එරෙහිව පියවර ගනියි.

වාරනය කිරීමේ සෑම ක්‍රියාවක්ම ඊලඟට අඩිතාලම දමමින් සමාජ මාධ්‍ය පමනක් නොව වෙබ් අඩවි, ඊමේල් සහ වෙනත් සෘජු සන්නිවේදන ආකාරයන් මර්දනය කිරීම සඳහා කොන්දේසි නිර්මානය කරයි. තර්ජනය සියලු සමාජවාදී, වාමාංශික හා ප්‍රගතිශීලී සංවිධානවලට වන අතර එයට විරුද්ධ වීමට පොදු අරගලයක් තිබිය යුතුය.

වඩාත්ම තීරනාත්මක කාරනය වන්නේ අවසාන විග්‍රහයේදී ප්‍රහාරයේ කේන්ද්‍රීය ඉලක්කය වන කම්කරු පන්තියේ සහයෝගය බලමුලු ගැන්වීමයි. කොවිඩ්-19 පිලිබඳ තොරතුරු වෙත ප්‍රවේශ වීම ජීවිතය හා මරනය පිලිබඳ කාරනයකි. කම්කරු පන්තිය සත්‍යය දැනගත යුතු අතර කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැක්කේ එමඟිනි.

මිලිටරි ප‍්‍රචාරයන් නිරාවරනය කිරීම ද ජීවිතය හා මරනය පිලිබඳ ප‍්‍රශ්නයකි. මිලියනයකට අධික පිරිසකගේ මරනයට තුඩු දුන් ඉරාකයේ සහ එක්සත් ජනපද යුද්ධය යුක්ති සහගත කර සකස් කරනු ලැබුවේ බොරුව පදනම් කරගෙන ය. චීනය සමඟ යුද්ධයක් ඊටත් වඩා විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙනු ඇත.

කොවිඩ්-19 හි මූලාරම්භය පිලිබඳ වොෂින්ටනයේ ව්‍යාජ ආඛ්‍යානය නිෂ්ප්‍රභ කරමින් ලෝසවෙඅ හි ලිපිය වාරනය කිරීමට ෆේස්බුක් ගත් තීරනය මෙම යුද සූදානම කෙතරම් දුරදිග ගොස් ඇතිද යන්න පිලිබඳ අනතුරු ඇඟවීමකි.

Loading