ආරක්ෂාව හා හතරවැනි ජාත්‍යන්තරය

සිල්වියා ඇගිලොෆ් සහ ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය

සිව් වන හා අවසාන කොටස

[පහත පල කෙරෙන්නේ 2021 පෙබරවාරි 8 දින Security and the Fourth International Sylvia Ageloff and the assassination of Leon Trotsky යන මැයෙන් පල කෙරුනු කොටස් හතරකින් යුතු ලිපියේ ් වන ා අවස කොටසේ සිංහල පරිවර්තනයයි.]

ය ම වන අවසන ටසයි. ටස .පෙබරවාරි 24 ,  පෙබරවාරි 23 ද ටස පෙබරවාරි 18 න ද සවපල. බරවි 6 ා 7 නවල ටස, 8 වන න එහි  3 වන ා 4 වන ටසද අඩව්‍පල.

1940 අගු 20 වන න රවරයේ කොයෝආපරයනත නගරයමරඩරනමඒජනතය්‍තනය කල. ්‍ඨ ලවවකරා ප්‍රවිෂ්ට මට මරඩරට අවකශ පයසමජවකමකරපකෂයේ (එසඩබී) වකඇගසමඟ ඔහසමබනධය හරහ. තනයඉකඇගමරඩරටකකමඅහිංසක රකසය. ඇගම මට එසඩබඅභග .

ම ව ඇගව බඳව ්‍්‍රය කරන ලද පලම්‍රමල මරශනය, හතරවන ්‍යනතරය්‍යනතර කමේ 'ආරකව සහ හතරව්‍යනතරය' මරශනයගටම පවතයනලබන කටයවලද සමනත ේ. එය ටසහතරක්‍රකශයටපතේ.

තනය සමබනධයකල මරශනය

ඇගිලොෆ්ගෙන් හා ජැක්සන්-මොනාර්ඩ්ගෙන් සිදු කල ආරම්භක ප්‍රශ්න කිරීම් සමඟ මෙක්සිකානු විමර්ශනය අව්‍යාජ ලෙස ආරම්භ කෙරින.

ට්‍රොට්ස්කි ඝාතනය තවමත් මෙක්සිකෝවේ සලකනු ලබන්නේ තම රටේ නූතන ඉතිහාසය තුල සිදු වූ වඩාත් වැදගත් මිනීමැරුම් විභාගය ලෙසය. ඝාතනය පිලිබඳව සිදු කෙරුනු එකම බැරෑරුම් සමකාලීන විමර්ශනය වූයේ මෙක්සිකානු ආන්ඩුවේ පරීක්ෂනයයි. ඝාතන සැලසුම තුල ඇගිලොෆ්ගේ භූමිකාව පිලිබඳ විමර්ශනයක් ද ඊට ඇතුලත් විය. ඇයටම වාසිදායක වන පරිදි ඇයට පැවැති අන්‍යස්ථානික භාවයන් (වෙනත් තැනක සිටි බැව්) ද, සන්නි මූර්ඡාවන් ද, නිර්දෝෂීභාවය ප්‍රකාශ කර සිටීම් ද කරුනුවල පදනම මත ඇගිලොෆ්ගේ ක්‍රියාකලාපය විචාරාත්මකව තක්සේරු කිරීමට මෙක්සිකානු පරීක්ෂකයන්ට බාධාවක් වූයේ නැත.

ලසාරෝ කර්ඩෙනාස්ගේ ආන්ඩුව හා මෙක්සිකානු නාගරික පොලීසිය විසින් මෙම පරීක්ෂනය සලකනු ලැබූයේ අතිශය වැදගත් නෛතික කටයුත්තක් ලෙසය. ඉහල පෙලේ අවධානයක් දිනා ගත් සරනාගතයෙකු - විශේෂයෙන්ම ට්‍රොට්ස්කි වැනි කම්කරු පන්තියේ ගෞරවාභිමානයට පාත්‍ර වූවෙකු - විදේශීය ඒජන්තයන් විසින් ඝාතනය කරනු ලැබීම මෙක්සිකෝවේ ජාතික පරමාධිපත්‍යයට එල්ල කල අභියෝගයක් විය. ආන්ඩුව මෙම ඝාතන විභාගය භාර කලේ සිය ප්‍රමුඛතම පොලිස් විමර්ශකයන්ට හා රාජ්‍ය චෝදකයන්ට ය. එහි විමර්ශනය වෛෂයික හා වෘත්තීයමය එකක් විය. නිලධාරීන් ප්‍රශ්න කිරීම් දුසිම් ගනනින් සිදු කල අතර, පරීක්ෂනය සඳහා වැඩි දියුනු ක්‍රමවේද යොදා ගැනින. මෙකී ක්‍රමවේද මෙක්සිකෝවේ අපරාධවේදීන්ට අද දවසේ පවා උගන්වනු ලැබේ. සුප්‍රකට මෙක්සිකානු අපරාධවේදී අල්ෆොන්සෝ ක්විරෝස් කුවරොන් ඇතුලු විමර්ශනය සඳහා වගකිව යුතු වූ නිලධාරීන් මෙම ඝාතනය හා එහි සහභාගීකරුවන් පිලිබඳව පෙන්නුම් කල සැලකිල්ලේ මට්ටම එස්ඩබ්ලිව්පීයේ ප්‍රතිචාර තුල දක්නට ලැබුනේ නැත. [161]

[Photo by David North]

මෙක්සිකානු විමර්ශකයන් පරීක්ෂන ආරම්භ කලේ ඇගිලොෆ් හා ජැක්සන්-මොනාර්ඩ්ගෙන් ප්‍රශ්න කරමිනි. ඔවුන්ගේ ආරම්භක විමර්ශනය තුල දී විමර්ශකයන්ට බලගතු පරිවේශනීය සාක්ෂි ඒකරාශී කර ගැනීමට හැකි වූ අතර, ඇගිලොෆ් ප්‍රකාශ කර සිටි නිර්දෝෂීභාවය ඒවායින් විඛන්ඩනය කෙරෙන බව ඔවුහු විශ්වාස කලහ.

මෙක්සිකානු ප්‍රාරම්භක පරීක්ෂන

ඇගිලොෆ් ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට පටන් ගත් කල්හි, ඇගේ හැසිරීම නිරීක්ෂනය කිරීමේ හා හෙලිදරව් වී පැවැති දේ සම්බන්ධ ඇගේ පැහැදිලි කිරීම් ජැක්සන්-මොනාර්ඩ්ගේත් අන්‍ය සාක්ෂිකරුවන්ගේත් ප්‍රකාශ සමඟ සසඳා බැලීමේ අවස්ථාව පොලීසියට හා චෝදකයන්ට හිමි විය. ඇගිලොෆ්ගේ පසුබිම හා ඇගේ ක්‍රියාකලාපයන් පිලිබඳව ඔවුන් එක්රැස් කොට ගෙන තුබූ තොරතුරු මත පදනම් වෙමින් ඔවුන් නිශ්චය කලේ තමන් රවටන ලද බවට ඇය කල ප්‍රකාශය විශ්වාස කල නොහැකි බවයි.

මෙකී නිශ්චය කරා එලැඹීමට ආධාරකාරී වූ ප්‍රාරම්භක පරිවේශනීය සාක්ෂි වූයේ පහත දැක්වෙන ඒවාය:

• ෂස්ලර් සමඟ රාත්‍රි භෝජනය සඳහා සූදානම් කිරීම සම්බන්ධයෙන් ඇගිලොෆ් ඉටු කල කාර්ය කොටස ඇය පිලිබඳ දැඩි සැකයක් ඇති කරවන සුලු බව මෙක්සිකානු බලධාරීන්ගේ විශ්වාසය විය. ඔවුන් විශ්වාස කලේ, ඝාතනයට පහසුකම් සපිරෙන පරිදි ෂස්ලර් ට්‍රොට්ස්කිගේ නිවහන් සංකීර්නයෙන් බැහැර ව සිටින බැව් සහතික කර ගැනීම සඳහා ඇගිලොෆ් හා ජැක්සන්-මොනාර්ඩ් ෂස්ලර්වරුන් සමඟ එකී සැලැස්ම යොදා ගත් බවයි.

• තමන්ගේ පවුලේ සාමාජිකයන් රුසියාවේ වෙසෙන බැව් ඇය පිලිගත්තාය. මෙය දක්නා ලද්දේ, රුසියාවේ වෙසෙන්නන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය භාවිතා කරන බවට තර්ජනය කිරීම මඟින් ඇයට බලපෑම් කිරීමේ අවකාශයක් ජීපීයූවට පැවැතියේ ද යනුවෙන් ප්‍රශ්න මතු කෙරෙන ආකාරයෙනි.

• එක් අවස්ථාවක දී [මර්කාඩර්] "සිය ප්‍රධානියාට ලිපියක් ලියන විට එය කේත භාවිතා කරමින් සිදු කරනු" තමා දුටු බැව් ඇගිලොෆ් පිලිගත්තාය. කේත සම්බන්ධයෙන් ඇය විමසූ බවත්, "එවිට ඔහු කොල කැබැල්ලක කේත ලකුනු රාශියක් ලකුනු කර ක්ෂනිකවම එය ඛන්ඩනය කල" බවත් ඇය කීවාය. [162] ඉදින් ඇය එවැන්නක් දුටුවේ නම්, එය ට්‍රොට්ස්කිට වාර්තා කිරීමට ඇය අපොහොසත් වීම මඟින් අපරාධකාරී කුමන්ත්‍රනයට සම්බන්ධ වීමක් පෙන්නුම් කෙරෙතැයි අභිචෝදකයෝ විශ්වාස කලෝය.

• ඊටම සමාන ලෙස, පරීක්ෂනයෙන් පහත දැක්වෙන දෑ ද අනාවරනය විය. "ජැක්සන්, මුද්‍රා තබා තුබූ තමාගේ ලිපි හුවමාරු පරීක්ෂා කිරීමට සිල්වියාට කිසිවිටෙකත් ඉඩ නොදුන් බවත්, නිව්යෝර්ක් සිට මෙක්සිකෝ කරා පැමිනෙන විට ඔහු අත වූ සූට්කේසයක් සෑම විටම තමන් ලඟම තබා ගැනීමට ඔහු වග බලා ගත් බවත් ඇය තහවුරු කලාය." [163] මෙම විස්තර ට්‍රොට්ස්කි වෙත වාර්තා කිරීමට ඇය අසමත් වීම මඟින් ද හැඟවුනේ ඇය සැලසුමට සම්බන්ධ නමුදු තමන් නිර්දෝෂී සේ පෙන්වීමේ පසුබිම් කථාවක් නිර්මානය කර ගැනීමට ප්‍රයත්න දරමින් සිටි බවයි.

• ඇගිලොෆ්ගේ නිර්දෝෂිභාවය ප්‍රකාශ කර සිටීමට ජැක්සන්-මොනාර්ඩ් ක්‍රියා කලේය යන කරුන, අභිචෝදකයන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් දෙදෙනා සහයෝගයෙන් කටයුතු කරන බවට වූ වැඩිමනත් පරිවේශනීය සාක්ෂියක් විය. නඩු විභාගය අතරතුර ජැක්සන්-මොනාර්ඩ් විනිසුරුට මෙසේ කියා සිටියේය: "ඉහත පැවසූ නියෝගයේ අදාල කොටසේ පෙල කියැවීමෙන් හා යලි කියැවීමෙන් පසුව මට පෙනී යන්නේ සිල්වියා සම්බන්ධයෙන් එම නියෝගයේ කියැවෙන සියල්ල මට ඒත්තු ගැන්වීමට එය අපොහොසත් බවයි; තව ද, ඉදින් මම විනිශ්චයකරු වුනෙම් නම්, මා ඇය නිදහස් කරනු ඇත." [164]

• රාජ්‍ය චෝදක ෆ්‍රැන්සිස්කෝ කබේස ඩි වකා ප්‍රකාශ කලේ, මොනාර්ඩ් හා ඇගිලොෆ් ප්‍රේමයෙන් බැඳී සිටි බවටත්, ඝාතකයා ට්‍රොට්ස්කි මරාදැමීමට හේතු වූයේ ට්‍රොට්ස්කි ඔවුන්ගේ සම්බන්ධතාවයට ඇඟිලි ගැසීම බවටත් ජැක්සන්-මොනාර්ඩ් කියා සිටින කථා ප්‍රවෘත්තිය "සහමුලින්ම අභූතරූපී එකක්" බවයි. "ඔබ මේ දක්වා ප්‍රකාශ කොට ඇති දේ පිලිගත නොහැක. එය කවර හෝ සිහි බුද්ධියෙන් යුතු පුද්ගලයෙකුගේ මොලයට, ලමයෙකුගේ මොලයට හෝ, නොපිලිගැනෙනු ඇත. අපට එය පිලිගත නොහැක, අපි එය නොපිලිගන්නෙමු." [165] කබේස ඩි වකා පැවසුවේ, ජැක්සන්-මොනාර්ඩ්, "තම තර්ක මුලුමනින්ම තුච්ඡ බව, එය පිලිගත නොහැකි බව, සාමාන්‍ය වැටහෙන නුවන මඟින් එය ප්‍රතික්ෂේප කෙරෙන බව වටහා ගත යුතු" බවයි. "සත්‍යය පැවසීමේ අවස්ථාව අවසාන වතාවට මම ඔබට ලබා දෙන්නෙමි." [166]

ඇගසහ ඇය අත දලවස

එපමනක් නොව, ජැක්සන්-මොනාර්ඩ් ඇගිලොෆ්ට පැරීසියේ රැකියා ගනනාවක් සම්පාදනය කොට තිබූ බවත්, ඔවුන්ගේ සම්බන්ධතාවය ලෙස හඳුන්වන ලද්දෙහි කාලසීමාව තුල ඇයට ඩොලර් දහස් ගනනක් ලබා දී තිබූ බවත් පොලිසිය හා චෝදකයෝ සිය විමර්ශනය තුල දැන ගත්හ. නිව්යෝර්ක්හි ලමා මනෝ වෛද්‍යවරියක ලෙස කල රැකියාවෙන් ඇය ඉපැයුවේ ඩොලර් 103 ක් පමනක් වූ මාසික වැටුපක් බැව් මෙක්සිකානු විමර්ශකයන් තහවුරු කර ගත් අතර, බැරන් කෲස් සඳහන් කල පරිදි, යුරෝපය හා මෙක්සිකෝව කරා "නැවත නැවතත් සංචාරය කිරීම සඳහා ආර්ථික සම්පත් ඇයට ලැබුනේ කෙසේදැයි නිසැකවම බලධාරීහු ප්‍රශ්න කලෝය." [167]

බැරන් කෲස්ට අනුව, "ජැක්සන් තමාට ඩොලර් 3,000 ක් නිව්යෝර්ක්හි දී ලබා දුන් බවත්, ඔවුන් එය බ්‍රෝඩ්වේ මාවතේ පිහිටි, නම සිහිපත් කල නොහැකි බැංකුවක තැන්පත් කල බවත් සිල්වියා සඳහන් කිරීම" මඟින් ඇය කෙරේ මහත් අපරාධාරෝපනයක් පැවරෙන බව කබේස ඩි වකා විශ්වාස කලේය. "මේ සම්බන්ධයෙන් ඇය නිවැරැදි කිරීමට ඉදිරිපත් වෙමින් ජැක්සන් සඳහන් කලේ එම මුදල ඇත්තෙන්ම ඩොලර් 3,500 ක් බවයි." [168] උද්ධමනය සමඟ ගලපා ගත් කල 1940 දී ඩොලර් 3,000 ක් අද දින ඩොලර් 55,000 ක් පමන වේ. ඇගිලොෆ් මෙම මුදල වැය කලේ මෙක්සිකෝවේ සිටි ජැක්සන්-මොනාර්ඩ් වෙත යාමේ චරපුරුෂ කටයුතු සම්බන්ධ පිරිවැයක් ලෙස බැව් මෙක්සිකානු පොලිසිය විශ්වාස කලේය.

එෆඅයමරශනය

ට්‍රොට්ස්කි ඝාතනය සම්බන්ධයෙන් ඇගිලොෆ්ගේ වගකිව යුතු බවට නිගමන කරා එලඹුණු එකම විමර්ශක කන්ඩායම වූයේ මැක්සිකානු විමර්ශකයන් පමනක් නොවේ. තමන්ගේ ම වෙනම පරීක්ෂනයක් පැවැත්වූ එෆ්බීඅයි සංවිධානය ද මෙක්සිකානුවන්ගේ එකී නිගමන කරා ම එලැඹ ගත්හ.

විශේෂයෙන්ම ඩොලර් 3,000 ක් පවරා දීම එෆ්බීඅයිය දුටුවේ ඇය ජීපීයූ ඒජන්තවරියක බවට බොහෝ දුරටම පෙන්නුම් කරන සාක්ෂියක් ලෙස ය.

1940 සැප්තැම්බර් 5 එෆ්බීඅයි වාර්තාව යොමුව: "ට්‍රොට්ස්කි මෙක්සිකෝවේ දී ඝාතනය කිරීම" [Photo: FBI]

1940 සැප්තැම්බර් 5 වන දින දරන වාර්තාවකින්, රේමන්ඩ් ඊ මර්ෆි නම් ඒජන්තයාගේ අදහස් සන්නිවේදනය කරන එෆ්බීඅයි ඒජන්ත ජේ.බී. ලිට්ල්, අනෙකුත් සෝවියට් චරපුරුෂ කාර්යයන්හි දී ජීපීයූ සහ-කුමන්ත්‍රනකරුවන් සිය සහකරුවන්ට තම ප්‍රයෝජනය සඳහා "ඩොලර් 3,000 ක් තැන්පත් කරන්නැ"යි බල කල බව පැහැදිලි කරයි. "මෙකී පුද්ගලයන්ගේ පැත්තෙන් ගත් කල ඩොලර් 3,000 ක් තැන්පත් කිරීම රුසියානු ඒජන්තයන්ගේ මෙහෙයුම් සම්බන්ධයෙන් එකසේම සිදුවන්නක් සේ පෙනෙන්නට ඇතැයි මර්ෆි මහතා උපදෙස් දුන්නේය. තව ද, ඔහු මෙය බියුරෝව විසින් සලකා බලනු ලැබීම සඳහා එහි අවධානයට යොමු කලේය." [169] ඇගිලොෆ් කියා සිටියේ, ඇය විසින් ලබා ගැනුනු ඩොලර් 3,000, "ජැක්සන්-මොනාඩ්ගේ මව මිය යන විට ඔහුට ඉතිරි කොට ගිය මුදලක් ලෙස"ය. [170]

මොන්ටි සහ සිල්වියා ඇගිලොෆ් ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු [Photo: El País]

මෙම විමර්ශනය පිලිබඳ එෆ්බීඅයි ලේඛනවල "මොනාර්ඩ්" හා "ඇගිලොෆ්" යන දෙදෙනාම අපරාධයේ හවුල්කරුවන් ලෙස දක්වා ඇත. 1940 අගෝස්තු 29 වන දින එෆ්බීඅයි සංවිධානය ඇගෙන් සිදු කල තුන්වන ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වාර්තා කලේය. වාර්තාව මඟින් පෙන්නුම් කෙරුනේ කිසිවක් නොසඟවා, ඇගිලොෆ් විසින් සඟවනු ලැබෙතැයි ඒජන්තයන් විශ්වාස කල සත්‍යය පැවසීමට ඇය දිරි ගන්වනු වස්, සිල්වියා ඇගිලොෆ් හා ඇගේ පවුලේ සාමාජිකයන් වෙත එෆ්බීඅයිය පීඩනය යෙදූ බවයි. ජීපීයූවේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිලිබඳව ඇගිලොෆ් දැන සිටියේ මොනවාදැයි සොයා ගැනීමට එෆ්බීඅයිය උනන්දුවෙන් සිටියේය. වාර්තාවේ මෙසේ කියැවේ:

සිල්වියා ඇගිලොෆ්ගේ සොහොයුරා වන මොන්ටි ඇගිලොෆ් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලද අතර, ඔහුගේ සහෝදරිය සැබෑ ගැටලුවකට මැදි වී සිටින බවත්, ඇය ඝාතක ජැක්සන් ආරක්ෂා කරන බවට මෙක්සිකානු බලධාරීන් විශ්වාස කරන බවත්, ඔවුන් ඇය අපරාධ සහායකයෙකු ලෙස දන්ඩනාධිකරනය හමුවට පැමිනවීමට බොහෝදුරට ඉඩ ඇති බවත්, ඉදින් ඇය කෙරේ කිසියම් බලපෑමක් ඔහුට කල හැකි නම් සම්පූර්න සත්‍යය පැවසීමට ඇයට ඒත්තු ගැන්වීම සඳහා ඔහු ක්‍රියා කල යුතු බවත් ඔහුගේ සිතට කා වැද්දීමට ක්‍රියා කරන ලදී. මොන්ටි සහ ඔහුගේ සොහොයුරිය අතර පැවැති ප්‍රථම සම්මුඛ සාකච්ඡාව අවස්ථාවේ මෙම ලේඛකයා ද එහි සිටි අතර, ලේඛකයා දී තිබූ උපදේශය ඔහු සිය සොහොයුරියට ලබා දෙනු ඇසින. එම උපදෙස් තිබියදීම, ඉනික්බිතිව ඇය සමඟ පැවැත්වුනු සාකච්ඡාවක දී හෙලිදරව් වූයේ, ඔහු සිදු කල අපරාධය සඳහා ජැක්සන්ගේ අභිලාශය පිලිබඳ කිසිදු අදහසක් ඇයට නොවූ බවට හා ඔහුගේ සහායකයන් කවුරුන්දැයි තමා නොදන්නා බවට වන ප්‍රවාදය මත ඇය තරයේ පිහිටා සිටි බවයි. [171]

1940 අගෝස්තු 29 එෆ්බීඅයි වාර්තාවෙන් උපුටා ගත් කොටසක් [Photo: FBI]

වාර්තාවෙන් යෝජනා කෙරෙන පරිදි එෆ්බීඅයි හි "නිව් යෝර්ක් කාර්යාලය" හිල්ඩා ඇගිලොෆ් හා රොස්මර්වරුන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති නමුදු, ප්‍රසිද්ධියට පත් කොට ඇති වාර්තා අතර එම සම්මුඛ සාකච්ඡා පිලිබඳ වාර්තා ඇතුලත් නොවේ. රැවටීමට ලක්වූ බවට ඇය සිදු කල ප්‍රකාශවලට පටහැනිව, එෆ්බීඅයි ඒජන්තවරයාගේ වාර්තාව මෙසේ නිගමනය කරයි: "හරියටම අවශ්‍ය වෙලාවේ දී සන්නි කම්පන දැක්වීමට මෙම තරුනිය අතිශය සමර්ථ වන අතර, මගේ අදහසට අනුව ඇය මුරන්ඩු ගනුදෙනුකාරියකි. ජැක්සන් විසින් ට්‍රොට්ස්කි ඝාතනය කරනු ලැබීම පසුපසින් පැවැත්තේ හරියටම කුමක්දැයි නිර්නය කර ගැනීමෙහි ලා ප්‍රයෝජනවත් විය හැකි ඇය දන්නා සියල්ල ඇය කිසිවිටෙක නොකියනු ඇත." [172]

ඇගපවල බඳ ටකරබරඇගය

ඝාතනයෙන් ඉක්බිති දිනවලදී, ඝාතනය තුල ඇගිලොෆ්ගේ භූමිකාව සම්බන්ධයෙන් සිය මතය දක්වන ලෙස එස්ඩබ්ලිව්පීය විටකර් චැම්බර්ස්ගෙන් ඉල්ලා සිටියේය.

විටකර් චැම්බර්ස්

ජීපීයූවේ ක්‍රියාකාරීත්වයන් පිලිබඳ සමීප දැනුමක් චැම්බර්ස් සතුව තිබින. 1932 සිට 1938 දක්වා ඔහු එක්සත් ජනපද ආන්ඩුව තුල කටයුතු කරමින් සිටි රහසිගත ජීපීයූ ඔත්තුකරුවන් කන්ඩායමක ප්‍රධානියා ලෙස කටයුතු කලේය. එහි ප්‍රාරම්භකයා වූ හැරල්ඩ් වෙයාර්ගේ නමින් වෙයාර් කන්ඩායම ලෙස නම් කරන ලද මෙම ඔත්තු ජාලය තුල චැම්බර්ස්ගේ සම්බන්ධතාවය මඟින් ඔහුට, එජ තුල ජීපීයූ ඒජන්තයන්ගේ කාර්යභාරය සම්බන්ධ ඉහල මට්ටමේ තොරතුරු කරා ප්‍රවිෂ්ඨ වීමේ අවකාශය හිමි විය.

1937 දී ඉග්නේස් රේස් සහ ඔහුගේ මිතුරා ද ස්ටැලින්වාදී සගයා ද වූ ජුලියා ස්ටුවර්ට් පොයින්ට්ස් ස්ටැලින්වාදීන් විසින් ඝාතනය කරනු ලැබීම නිසා භීතියට පත් චැම්බර්ස් 1938 දී පමන කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී යමින් සැඟවී ගත්තේය. 1939 දී චැම්බර්ස් එක්සත් ජනපද ආන්ඩුවට තොරතුරු දීමට පටන් ගත්තේය.

1948 දී ඇමරිකානු-විරෝධී විරොධී කටයුතු පිලිබඳ මන්ත්‍රී මන්ඩල කමිටුව හමුවේ සාක්ෂි දෙමින් වෙයාර් කන්ඩායම සමන්විත වූ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ නම් ලැයිස්තුගත කල කල්හි චැම්බර්ස් නාමය දොරින් දොර කියැවෙන නමක් බවට පත් විය. මෙසේ කියන ලද නම් අතර තමන් ඔත්තු සපයන්නෙකු ලෙස කටයුතු කරන බව ප්‍රතික්ෂේප කල, එහෙත් 1950 දී බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් වරදකරු බවට තීන්දු කෙරුනු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු වූ ඇල්ගර් හිස්ගේ නාමය ද ඇතුලු වී තිබින. චැම්බර්ස් ප්‍රමුඛ පශ්චාත්-යුද කාලීන නව කොන්සර්වේටිව්වාදියෙකු බවට පත් විය.

කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී යාමත් සමඟම පාහේ චැම්බර්ස්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට තොරතුරු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ එස්ඩබ්ලිව්පී සාමාජිකයෙකු සමඟ රහස් සාකච්ඡාවක් පැවැත්වීය. එස්ඩබ්ලිව්පීය විසින් අනුපත් කරන ලද මෙම සාකච්ඡාව "ඩබ්ලිව් ලියැවිල්ල" ලෙස හඳුන්වනු ලැබේ. ඇගිලොෆ් පවුල පිලිබඳ චැම්බර්ස්ගේ නිර්නයන් පහත දැක්වේ:

ඇගිලොෆ් තරුනියන්ගේ නිර්දෝෂීභාවය විශ්වාස කල නොහැක්කකි. ජීපීයූ ඒජන්තයෙකු සමඟ වාසය කරමින් එය හඳුනාගැනීමට අසමත් වනු ඇත්තේ පල් මෝඩයෙකු පමනෙකි. සිල්වියාගේ වත්මන් හැසිරීම ඔහුගේ අදහස් වෙනස් කිරීම සඳහා තීරනාත්මක බලපෑමක් නොකරයි; ඇය තමාගේ බේරී යාම සඳහා උත්සාහ කරනු විය හැකිය, නැතහොත් පසුතැවිල්ලෙන් (එහෙත් සියල්ල පැවසීමට ප්‍රමානවත් නොවන තරමින්) පසු වනු විය හැකිය, එසේත් නැතිනම් තමාගේ කොටස රඟපානු වුව විය හැකිය. ඉහත දැක්වූ සිදු විය හැකි දේවල් ත්‍රිත්වයෙන් කුමක් වුව ඇගේ නිර්දෝෂීභාවයට වඩා වැඩි සම්භාවිතාවකින් යුතු බව ඔහුගේ අදහසයි. ඇගිලොෆ්ගේ කුටුම්භයේ පරිස්ථිතිය, ජීපීයූව විසින් යොදා ගන්නා ලද ඊට සමාකාර වූ ගෘහයන් විශාල සංඛ්‍යාවක් පිලිබඳව ඔහුට සිහිපත් කරවයි: පවුලේ සාමාජිකයන් දෙතුන් දෙනෙකු සංවිධානය තුල (එතුල කවර කන්ඩායමකට අයත් ද යන්න අදාළ නොවේ) කටයුතු කරන අතර අන්‍යයෝ සංවිධානය සමඟ කවර හෝ සම්බන්ධයක් නැතත් ඔවුහු ද ජීපීයූවට සේවය කරති. පියා දේපල වෙලඳාම්වලට සම්බන්ධ බව මා පැවසූ විට ඔහු සිනාසුනේය. සාම්ප්‍රදායිකව යොදා ගැනෙන ව්‍යාපාරය එය බව ඔහු කියයි. "ජීපීයූ කටයුතු ක්‍රියාත්මක වන්නේ පවුල් පෙලපත් ලෙසය." තව ද, විශේෂයෙන්ම විශාල යුදෙව් ජන සමාජ වෙසෙන නගර තුල යුදෙව් පවුල් අතරය. ඔහු ප්‍රමුඛ මාවත් එක දෙකක් ඔස්සේ ඇගිලොෆ් පවුලේ සියලු අවධීන් ක්‍රමානුකූලව පීරා බැලීම සම්බන්ධයෙන් සලකා බලයි. [173]

එස්ඩබ්ලිව්පීය ජීපීයූවේ ගතිකයන් පිලිබඳ චැම්බර්ස්ගේ අවබෝධය බැරෑරුම්ව පිලිගත්තේය. එසේ නොවීනම්, එය සිල්වියා ඇගිලොෆ්ගේ භූමිකාව පිලිබඳව විමසීමට ඔහු කරා ප්‍රවිෂ්ඨ නොවනු ඇත. එම විමසීමට ප්‍රතිචාර ලෙස චැම්බර්ස් ඇගිලොෆ්ගේ ක්‍රියා කලාපය ජීපීයූවේ ක්‍රියාකාරිත්වයේ රටාවලට සීහෙන්නේ කෙසේදැයි සඳහන් කරමින් පැහැදිලි පිලිතුරක් එස්ඩබ්ලිව්පීයට ලබා දුන්නේය. ජීපීයූ "පවුල් පෙලපතක්" පැවතීමේ ශක්‍යතාව පරීක්ෂා කිරීමට පක්ෂය පටන් ගත යුත්තේ කෙසේදැයි යෝජනා කල ඔහු, ඇගිලොෆ්ගේ උන්මත්තක සන්නියෙන් ඔහුගේ සැකසංකා දුරු නොවූ බව සුපැහැදිලි ලෙස දැක්වීය. ඇය කරන්නේ රඟපෑමකැයි තමාට හැඟී ගිය බව ඔහු පෙන්වා දුන්නේය. ඇගේ හැසිරීම මඟින් ඇය නිර්දෝෂී බවක් පෙන්නුම් කරන්නේය යන්න අවම ශක්‍යතාවයකැයි ඔහු පැවසීය.

චැම්බර්ස් සමඟ සාකච්ඡාව රහසිගත එකක් වූ අතර එහි අරමුන ඝාතනය සම්බන්ධයෙන් එස්ඩබ්ලිව්පීයේම පරීක්ෂනයක් සඳහා පහසුකම් සම්පාදනය කිරීම වූ නමුදු, ජෝසෆ් හැන්සන් එස්ඩබ්ලිව්පීයේ අනුමැතියකින් තොරව 1940 සැප්තැම්බරයේ දී මෙම අගනා තොරතුරු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනාවරනය කලේය. චැම්බර්ස්ගේ යෝජනා බැරෑරුම් ලෙස සැලකූ එෆ්බීඅයිය ඒ අනුව සිය පරීක්ෂන පුලුල් කලේය. ඊට පටහැනි ලෙස එස්ඩබ්ලිව්පීය චැම්බර්ස්ගේ තොරතුරුවලට ප්‍රතිචාර දැක්වූයේ ඇගිලොෆ් හා ඇගේ පවුලේ අයට ජීපීයූව සමඟ පැවැති බැඳීම් පිලිබඳ විමර්ශනයක් සිදු කිරීම ප්‍රතික්ෂේප කරමිනි.

චය කරට ල යවනට මරන තරජන

මෙක්සිකෝ පුරවරයේ පැවැත්වීමට නියමිත වූ අපරාධ නඩු විභාගය සඳහා කොයෝවාකාන්හි සයවන අපරාධ අධිකරනයේ විනිසුරු රාවුල් කරන්සා ට්රුජිලෝ පත් කරන ලදී. 1940 දී බල පැවැත්වූ මෙක්සිකානු අපරාධ නීතියට අනුව විත්තිකරුවෙකු වරදකරු කිරීම හෝ නිදහස් කිරීම ජූරි සභාවකට නොව විනිසුරුට පැවරී තිබින.

ඇගිලොෆ් හා ජැක්සන්-මොනාර්ඩ් අත්අඩංගුවට ගැනීම ජීපීයූවට ඉදිරිපත් කලේ තමන් හෙලිදරව්වීම පිලිබඳ දැවැන්ත තර්ජනයකි. ඝාතකයා පොලිස් අත්අඩංගුවේ පසු වන විට ශෙල්ඩන් හාට් නිහඬ කල පරිදි ඔහු නිහඬ කිරීම පහසු නොවේ. එක්සත් ජනපදයේ පුරවැසියෙකු වූ ඇගිලොෆ් සිර භාරයට ගැනීම ඔවුන්ගේ එක්සත් ජනපද ජාලයන් හෙලිදරව් වීමේ තර්ජනය ගෙන එමින් කරුනු වඩාත් සංකීර්න බවට පත් කලේය.

විනිසුරු කරන්සා ට්රුජිලෝ [Photo: UNAM]

 අපරාධය පසුපස සිටින ජීපීයූ ජාලය හෙලි නොකරන්නැයි අනතුරු හඟවමින් විනිසුරු කරන්සාට ස්ටැලින්වාදීන්ගෙන් මරන තර්ජන එල්ල වන්නට විය. මෙක්සිකානු ජාතික ලේඛනාගාරයේ ඇති එවැනි එක් ලිපියක මෙසේ දැක්වේ:

ට්‍රොට්ස්කි ඝාතනය කිරීම වෙනුවෙන් ජැක් මෝනාර්ඩ්ට එරෙහිව පවතින නඩු විභාගය තුල දී තමා ජීපීයූ ඒජන්තයෙකු බව ප්‍රකාශ කිරීමට සහ එමඟින් ගැඹුරු හා බැරෑරුම් වැදගත්කමකින් යුතු ජාත්‍යන්තර මට්ටමේ කරුනක් පැහැදිලි කිරීමට ඔහු නැඹුරු කෙරෙන පරිදි ඔබ ගන්නා කවර හෝ පියවරක් සඳහා ඔබට බරපතල ලෙස වන්දි ගෙවීමට සිදු වනු ඇත. බිඳලිය නොහැකි රැකවරනයක් ඇතැයි විශ්වාස කල නිවෙසක් තුලට රිංගා ගැනීමට සංවිධානයක බලගතු ක්‍රියා මාර්ගය සමත් වී ඇති අයුරු මතක තබා ගන්න. [174]

මෙම තර්ජනය විසින්මත් වඩාත් පුලුල් සැලසුමක් පැවැති බව හා, "බිඳලිය නොහැකි රැකවරනයක් ඇතැයි විශ්වාස කල නිවෙසක් තුලට රිංගා ගැනීම" සම්බන්ධයෙන් ජීපීයූව වගකිව යුතු බව පිලිගනු ලැබ ඇත. තවත් තර්ජනයකින් මෙසේ කියැවින: "රාවුල්, ජීපීයූව ඉතා ඉක්මනින්ම ඔබ ට්‍රංක පෙට්ටියක් තුල අසුරනු ඇත. ඉතාමත් ප්‍රවේශම් වන්න."

චෝදක කබේස ඩි වකාට ද එවැනිම තර්ජන එල්ල විය. වික්ටර් සර්ජ් මෙසේ සඳහන් කරයි: "ෆ්‍රැන්සිස්කෝ කබේස ඩි වකා මරා දමන බවට විවිධ අවස්ථාවලදී තර්ජනය කෙරින." [175] කබේස ඩි වකාගේ මුනුපුරු, (2005 සිට 2006 දක්වා මෙක්සිකෝවේ නීතිපති ධුරය දැරූ) ඩැනියෙල් කබේස ඩි වකා පසුකලෙක පැහැදිලි කල පරිදි, එකී තර්ජන සුවිශේෂිව ම, ඇගිලොෆ් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ඔහු ගත් තීරනයට සම්බන්ධ ඒවා වූ අතර, "සිල්වියා ඇගිලොෆ් නිදහස් කිරීමට අවසර නොදීම හේතුවෙන්" සිය මුත්තනුවන්ට "තර්ජනය කරන ලදී." [176]

රජයදකයඇගරඳවය ඉලඇයට එරව දනකරය

මෙකී තර්ජන නොතකා, මූලික පරීක්ෂන අවසානයේ දී චෝදක කබේස ඩි වකා ඇගිලොෆ් හා මර්කාඩර් යන දෙදෙනාටම එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල කලේය. අපරාධ නඩු විභාගයේ තීන්දුව ලැබෙන තුරු ඔවුන් දෙදෙනාම සිර භාරයේ තැබිය යුතු බවට ඔහු ඉල්ලා සිටියේය.

මෙක්සිකානු අපරාධ නඩු පටිපාටියට සුවිශේෂී වූ නීරස නෛතික ආකාරයකින් ලියැවුනු ඔහුගේ ගොනුව, පරීක්ෂනයෙන් නිරාවරනය වූ පරිවේශනීය සාක්ෂි වර්ධනය කල අතර ඇගිලොෆ්ට එරෙහිව පහත දැක්වෙන තර්ක ඉදිරිපත් කලේය:

ට්‍රොට්ස්කිට එරෙහි ප්‍රචන්ඩත්වය අවස්ථාවේ සිල්වියා එහි නොසිටි බව සත්‍යයක් නමුදු, මෙම නඩු විභාගය තුල පෙල ගැස්වූ තත්ත්වයන් මාලාව හේතු ගෙන, ඉහත සඳහන් පුද්ගලයා ජැක්සන් හෝ මොනාර්ඩ් විසින් වර්ධනය කෙරුනු සැලසුම් නොදැන නොසිටි බවට විශ්වාසයක් පවතින බව ද සත්‍යයකි. මක්නිසාද යත්, දැන් මරනයට පත් වී සිටින තැනැත්තාගේ ජීවිතය ඉලක්ක කර ගත් ඉහත ප්‍රයත්නයන් පිලිබඳව ඇය දැන සිටි හෙයින් ද, මෙකී තතු යටතේ, ක්‍රියාවෙන් පෙන්වා දී ඇති පරිදි ට්‍රොට්ස්කි පවුලේ මිත්‍රත්වය හා විශ්වාසය ප්‍රීතියෙන් භුක්ති විඳින්නියක සේ පෙනෙන්නට ඇති සිල්වියා, -අවසානයේ සැබැවින්ම සිදු වූ පරිද්දෙන් - තම පෙම්වතාට නිවෙසට ඇතුලු වීමට මාර්ගයක් තමා මඟින් පෑදෙන්නට හැකිය යන්න සොයා ගෙන තිබූ තතු තුල, සැකයෙන් හා ප්‍රවේශමින් යුතුව කටයුතු කල යුතුව තිබිනි. ...... විශේෂයෙන්ම ජැක්සන්ට මාක්ස්වාදියෙකු ලෙස පසුබිමක් නොතිබූ බැව් හා හතරවැනි ජාත්‍යන්තරයේ සාමාජිකයෙකු ලෙස බොහෝ සෙයින් අඩු පසුබිමක් තිබූ බැව් සිල්වියාම දැන සිටි හෙයින් ද, කොයිහැටි වෙතත් ඇය නැවතනැවතත් පෙම් කල, දැන් චෝදනා ලබා සිටින පෙම්වතා සිය නම වෙනස් කොට ගෙන තුබූ බවත්, ඔහුට දන්නා කියන රැකියාවක් නොමැති බවත්, ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කර තුබූ බවත්, එමෙන්ම ඇයට ලබා දී තුබූ ලිපින පවා බොරු ඒවා බවත් ඇය දැන සිටියාය. මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ, සිය පෙම්වතා සම්බන්ධයෙන් තම සැකසංකා සන්නිවේදනය කිරීමට ඇය අසමත් වූ බැවින් ද, විශ්ව විද්‍යාල උපාධියක් දරන්නියක ලෙස කියා සිටින හෙයින් නූගත්කම ගැන කියාපෑමට නොහැකි හෙයින් ද, ඉහත සඳහන් කල සිල්වියා ලියොන් ට්‍රොට්ස්කිට පක්ෂපාත නොවූ බවයි. [177]

ඇගිලොෆ්ගේ නීතිඥයෝ මෙම මෝසමට විරුද්ධ වූහ. එහෙත් විනිසුරු කරන්සා චෝදකගේ ඉල්ලීමට අවසර දෙමින්, කබේස ඩි වකාගේ තර්ක නිවැරැදි බව පිලි ගෙන, ඇය නිර්දෝෂී විය හැකිය යන තර්කය පිලිබඳ තම අවිශ්වාසය පල කොට, ඇගිලොෆ් හා ජැක්සන්-මොනාර්ඩ් යන දෙදෙනාම සිර ගත කලේය.

මෙම නියෝගය හුදු නඩු විභාගයට පූර්වයෙන් සිදු කෙරෙන විධිගත පටිපාටියක් නොවීය. බැරන් කෲස් අගෝස්තු 31 වන දින ලියූ පරිදි, "මන්‍තනඅපරධයසඳහ්‍සනඇගයනවගකවයබවඔපමට්‍රමණවතධකපවතබවටමකටපතවිනිසුරු කරන්සා ටෘජිලෝ ඔවුන් දෙදෙනාටම එරෙහිව විධිමත් සිරගත කිරීමේ නියෝගයක් පැනවීමට තීරනය කලේය (අවධාරනය එක් කරන ලදී)." [178]

මෙක්සිකානු පුවත්පත් ඇගිලොෆ්ගේ සිරගත කිරීම ගැන පුලුල් ලෙස වාර්තා කලෝය. ලා ප්‍රෙන්සාහි මෙසේ ලියා තිබින: ඇගිලොෆ්ට "විධිමත් සිරගත කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට විනිසුරු ක්‍රියා කලේය යන ප්‍රවෘත්තිය ලැබුනු විට එය මහත් විමතියක් විය." [179]

ඇගිලොෆ්ගේ නීතිඥවරු ඇයගේ නිදහස සුරක්ෂිත කර ගැනීම සඳහා තවත් මෝසමක් ගොනු කලෝය. චෝදක කබේස ඩි වකා, ඝාතන චෝදනාව පිලිබඳව විනිශ්චයකාරවරයාගේ අවසන් තීන්දුව ලැබෙන තුරු ඇය සිරභාරයේ රඳවා තබන ලෙස ඉල්ලා සිටිමින් ඊට පිලිතුරක් ගොනු කලේය. යලිත් එම දීර්ඝ මෙක්සිකානු නෛතික ආකෘතියෙන්ම ලියැවුනු, ඇගිලොෆ්ගේ නීතිඥයන්ට කබේස ඩි වකා දුන් පිලිතුර ඇගිලොෆ්ට එරෙහි මෙක්සිකානු නඩුකරය සංක්ෂිප්තව දැක්වීය:

ලියොන් ට්‍රොට්ස්කි මහතා ක්‍රියාත්මක වූ දේශපාලන වටාපිටාව හේතු කොට ගෙන ... නිතිපතා ඔහු හමු වූ ඔහුට සහාය දෙන්නන් හා මිතුරන් අතරින් කිසිවෙකුත්, ඕනෑම අවස්ථාවක අලුත් ප්‍රචන්ඩත්වයක ගොදුරක් වීමේ අනතුරකට මුහුන පා (සිටි හෙයින්) මේ පුද්ගලයා මුහුන දුන් අනතුරුදායක තත්ත්වයෙන් ගැලැවී සිටියේ නැත. .... මේ තත්ත්වය යටතේ මිය ගිය තැනැත්තාගේ මිතුරන් ලෙස එකිනෙකා හඳුන්වා ගත් මේ අය අතර, ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේ දී, මියගිය අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්ලේෂනය කිරීම් සම්බන්ධයෙන් අධිමාත්‍ර අවිශ්වාසයක් පැවැතින. ඒ අනුව මෙකී මිතුරන්ගේ කිසියම් ආකාරයක අමුතු ලීලාවක් සත්තකින්ම අනෙකුත් අය අතර, ..... සමනය කල නොහැකි සැකයක් මතු කරනු ඇතැයි ... උපකල්පනය කිරීම තර්කානුකූලය. .... ඔහුට [ජැක් මොනාර්ඩ්ට] මාක්ස්වාදියෙකු ලෙස පසුබිමක් නොතිබූ බැව් හා හතරවැනි ජාත්‍යන්තරයේ ආධාරකරුවෙකු හා සාමාජිකයෙකු ලෙස පැවැති පසුබිම බොහෝ සෙයින් අඩු බැව් ....... සිල්වියා දැන සිටියාය; සැකකරුවා යුරෝපයේ සිට ඇමරිකාව කරා පැමින, ඔහුගේ නම ෆ්‍රෑන්ක් ජැක්සන් ලෙස වෙනස් කල විට, එවැනි අදහසක් සිල්වියා තුල ඇති ඇති කරන්නට ඇති අමුතු හැඟීම පිලිබඳව ඔහුගෙන් පැහැදිලි කිරීමක් නොලැබුනි. ... ඇමරිකාව තුල තමන් නියැලී සිටින බවට මොනාර්ඩ් කියා සිටින වැඩ කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ අසත්‍ය ප්‍රකාශ, මේවා, මොනාර්ඩ් ගුප්ත ආකාරයෙන් ජීවත් වීම පිලිබඳ සිල්වියාගේ සැකය තීව්‍ර කල [යුතු වූ] බව දැන හිඳිමින් .... ඊට ද වඩා ඔහු ඇතැම්විට නගරයේ ඔහුගේ සැබෑ ලිපිනය ලබා නොදුන් බවට කරුනු ඉදිරිපත් කිරීමෙන් පසුව සිල්වියාට ඒ පිලිබඳ සතුටුදායක පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමෙන් වැලකීමට නොහැකි විය යුතුව තිබිනි.

ට්‍රොට්ස්කි මහතාට පක්ෂපාතී මිතුරෙකුගේ අධිමාත්‍ර අවිශ්වාසය මත, සිය පෙම්වතා වූ මොනාර්ඩ් මියගිය අයගේ නිවසේ දී දුටු විට සිල්වියාට නිහඬව සිටීමට නොහැකි විය යුතුව තිබිනි. ... සිල්වියා මියගිය තැනැත්තාට පක්ෂපාතීව හිඳ තිබිනි නම්, සැකකරුගේ සැබෑ අභිප්‍රායයන් පිලිබඳව ඇය තුල ඔහු සම්බන්ධයෙන් වූ සැක ශංකා පිලිබඳව සන්නිවේදනය නොකර සිටියායැයි උපකල්පනය කිරීම නොකල හැක්කකි. අත්අඩංගුවට පත් ඔත්තුකරුවන් දෙදෙනාගේ ඉරනම සම්බන්ධයෙන් මොනාර්ඩ් අතිශය උනන්දුවක් දැක්වූ විට ඔහුගේ ආකල්පය සැක සහිත බව තමාට හැඟී ගියේයැයි සිල්වියාම පිලිගනියි නම්, ඇය තම සැකය යම් අයෙකුට දැනුම් දී, වංක ආකාරයෙන් හැසිරෙන යමෙකු සමඟ සබඳතා පැවැත්වීමේ අනතුර පිලිබඳව මියගිය අයට අනතුරු හැඟවීමට කටයුතු නොකලේ ඇයි? ඇය දිගටම ඔහුගේ පෙම්වතිය ලෙස සිටීම පැහැදිලි කල හැක්කේ කෙසේද?

මේ පිලිබඳව ඇත්තේ එකම තාර්කික පැහැදිලි කිරීමක් පමනෙකි: මේ මස 20 වන දින ප්‍රයත්නය පිලිබඳ මොනාර්ඩ්ගේ සැබෑ අභිප්‍රායයන් ඇගිලොෆ් දැන සිටියාය. සිල්වියා මියගිය අයගේ පක්ෂපාතී මිතුරියකැයි සැලකීමට කිසිදු හේතුවක් නැත. මක්නිසාදයත්, එවැනි පක්ෂපාතීත්වයක් පෙනීයාමට හේතුභූත වන කිසිදු ක්‍රියා කලාපයක් ඇය විසින් ගන්නා ලද බවක් වාර්තා වලින් පෙනී යන්නේ නැත. සැකකාරිය ට්‍රොට්ස්කිගේ මරනය සම්බන්ධයෙන් පරල වීම ද ඔහුගේ ඝාතකයා කෙරේ ගැඹුරු වෛරයක් පෙන්වා සිටීම ද ඇය විනිශ්චය කරන කිසිවෙකුට හෝ, කිසිසේත්ම (ඇය පිලිබඳ) සාධනීය සංකල්පයක් ලබා දීමට හේතුභූත නොවිය යුතුය.

සිල්වියා මේ තත්ත්වය හොඳින් දැන සිටින තතු තුල, මෙක්සිකෝවේ දී මනුෂ්‍ය ඝාතන සැලසුම් සඳහා හවුල්කරුවෙකු ලෙස ඇය යොදාගත් මොනාර්ඩ්ගේ මුදල් මෙම තත්ත්වය දැනදැනම සිල්වියා විසින් භාර ගනු ලැබීමෙන් තොරව, ඩොලර් 124 ක සුලු මාසික වේතනයකින් ජීවත් වීමටත්, එක්සත් ජනපදයේ සිට මෙක්සිකෝව දක්වා සුවපහසුවෙන් සංචාරය කිරීමටත් සිල්වියා සමත් වීය යන කරුන පිලිබඳ කවර හෝ පැහැදිලි කිරීමක් කල හැකි නොවේ. මොනාර්ඩ්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඔහු හා සිල්වියා අතර පූර්ව අවබෝධයක් පැවැති බව ඔප්පු කිරීම සඳහා පහත සඳහන් දේ සඳහන් කිරීම ප්‍රමානවත්ය. ඇය මෙක්සිකෝව කරා පැමිනියේ:

1) මේ වසරේ ජනවාරියේ, කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා වන අතර, කෙසේ වෙතත්, මොනාර්ඩ් ට්‍රොට්ස්කි මහතාගේ නිවෙසට යාම් ඊම් පටන් ගත් කාලයට අඩුවැඩි වශයෙන් සැසඳෙන මාර්තු මාසය වන තුරු ඇය රැඳී සිටියාය; 2) සිදුවීම් සිදු වූ දිනයේ මෙම රැඳවියෝ දෙදෙනාම - බොහෝ විට සිතිය හැකි පරිදි ඔහු මියගිය තැනැත්තාගේ නිවෙසින් ඉවත් කොට තැබීම සඳහා - ෂස්ලර්ට රාත්‍රී භෝජනයට ආරාධනා කලෝය; 3) මෙම මස විසිවන දින සිල්වියා මොනාර්ඩ් සමඟ කොයෝවාකාන් නිවෙසට නොගියාය යන කරුන - එම නොපැමිනීම මොනාර්ඩ්ගේ සැලසුම්වලට ආධාරකාරී වූ අතර, ඇගිලොෆ් විසින් එම නිවස තුල භුක්ති විඳින ලද මිත්‍රත්වය සැලකිල්ලට ගත් විට එය පැහැදිලි කල නොහැකිය; 4) ප්‍රහාරයෙන් පසු දින ඔවුන් දෙදෙනාම විසින් සැලසුම් කරන ලද සංචාරය. [180]

තමාට ලැබෙමින් තිබූ මරන තර්ජන නොතකා විනිසුරු කරන්සා මෙම ගොනු කිරීමට එකඟ වෙමින්, ඇගිලොෆ් මුදා හැරීමට නියෝග කිරීම ප්‍රතික්ෂේප කලේය.

1940 බර්: ඇගට එරව දනමට ්‍ය දක නම

බෘක්ලින් ඩේලි එජ් පුවත්පතට අනුව, සිය දියනිය නිදහස් කර ගැනීමේ කටයුතු සඳහා ඇගිලොෆ්ගේ පියා මෙක්සිකෝ නගරය කරා පෞද්ගලිකව පැමිනියේය. පුවත්පතේ 1940 අගෝස්තු 24 සංස්කරනය සඳහන් කලේ සැමුවෙල් ඇගිලොෆ් "අද දින පැමිනීමට නියමිත" බව හා "වොෂින්ටනයේ සිට ගුවන්ගත වී ඇති බැව් වාර්තා වූ" බවයි. ජනාධිපති කාඩෙනාස්ට ද ලිපියක් යැවූ ඔහු තම දියනිය නිදහස් කිරීමට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉන් දෙසතියක් ඉක්ම යන්නට ද පලමුව ඩේලි ඊගල් වාර්තා කලේ මිනීමැරුමේ සහායිකාවක ලෙස හිල්ඩා ද සිර භාරයට ගැනීමට ඉඩ ඇතැයි ඇගිලොෆ්ගේ නීතිඥයන් සැක පහල කරන බවයි. එහි 1940 සැප්තැම්බර් 4 සංස්කරනයේ මෙසේ පල විය:

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ අපරාධ සහායිකාවක වීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන බෘක්ලින් කාන්තාවගේ - සිල්වියා ඇගිලොෆ් මෙනෙවියගේ - සොහොයුරිය වන, අද දිනයේ නිව්යෝර්ක් සිට ගුවන් යානයෙන් මෙහි පැමිනි හිල්ඩා අත්අඩංගුවට ගැනීම වලක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිල්වියා වෙනුවෙන් පෙනී සිටින විත්තියේ නීතිඥවරු අද දින අගනුවර ප්‍රථම අපරාධ අධිකරනයට අයැදුමක් ඉදිරිපත් කලෝය. .... ඇගෙන් සිදු කෙරෙන ප්‍රශ්න කිරීම් මඟින් ඇගේ සොහොයුරියගේ මිතුරා වන, මිනීමැරුම් චෝදනා ලබා සිටින ෆ්‍රෑන්ක් ජැක්සන් පිලිබඳව කවදා හෝ ඇය තුල සැක ශංකා ඇති වී තුබූ බවක් හෙලිදරව් වුවහොත් හිල්ඩා ඇගිලොෆ් මෙනෙවිය සිර භාරයේ රඳවා තැබීමට නෛතික ඉඩකඩ පවතී.

නොවැම්බරයේ, ඝාතන චෝදනාවේ විනිසුරුගේ තීන්දුව ලැබෙන තුරු සිල්වියා ඇගිලොෆ් තවමත් සිරභාරයේ පසු වෙද්දී, හිල්ඩා අත්අඩංගුවට ගැනීමට හා පරීක්ෂනය ඇගිලොෆ් පවුල තුලට ප්‍රසාරනය කිරීමට කබේස ඩි වකා තර්ජනය කලේය. මේ අවස්ථාවේ සැමුවෙල් ඇගිලොෆ් සිල්වියාගේ නිදහස දිනා ගැනීමට එජ ආන්ඩුවේ ආධාරය ඉල්ලා බල කර සිටින ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කලේය.

1940 නොවැම්බර් 19 වන දින ඩේලි එජ් පුවත්පත "දියනිය නිදහස් කර ගැනීමට ඇගිලොෆ් එජ සහාය පතයි" යන මැයෙන් යුත් ලිපියක් පල කලේය. ලිපියේ මෙසේ කරුනු දක්වා තිබින:

අයිස් පොරොවක් ආධාරයෙන් ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ සහායිකාවක ලෙස චෝදනා ලබා මෙක්සිකෝ නාගරික රෝහලේ රඳවා ගෙන සිටින සිය දියනිය සිල්වියා නිදහස් කර ගැනීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආධාරය ඉල්ලා සිටිමින් 76 රෙම්සන් වීදියේ පදිංචි සැමුවෙල් ඇගිලොෆ් ආයාචනයක් ඉදිරිපත් කොට ඇති බව, ඔහුගේ නීතිඥ ඇල්ෆ්‍රඩ් එෆ්. රිටර් අද නිවේදනය කලේය.

1940 බර්: ඇගරයදහස

මෙම නඩුව මෙක්සිකානු රජය මත එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය යන දෙපාර්ශවයෙන්ම අතිමහත් පීඩනයක් එල්ල කලේය. අවසානයේ දෙසැම්බරයේ දී, ඇගිලොෆ් වරදකරු නොකොට නිදහස් කිරීම සහතික කර ගැනීමට හැකි සේ රාජ්‍යෝපායික ගනුදෙනුවක් පසුපස දොරෙන් ඇති කර ගන්නා ලද බව පෙනී යයි.

ඇගිලොෆ් නිදහස් කිරීම තහවුරු කර ගත්තේ හරියටම කෙසේද යන්න පැහැදිලි නැත. කෙසේවෙතත්, ඉහල පෙලේ තීන්දු ගන්නන් අතර කිසියම් ගනුදෙනුවක් සූදානම් කර ගෙන තුබූ බව එෆ්බීඅයි වාර්තා මඟින් හැඟවේ. ඇගිලොෆ් වරදකාරියකය යන්න පිලිබඳ බොහෝදුරට නිසැකව සිටි එෆ්බීඅයිය, තමන් දත් දේ ඔවුන්ට හෙලිකිරීම මඟින් මිනීමැරීමේ වරදට දීර්ඝ සිර දඬුවමක් විඳීමට තමන්ට සිදු වීමේ ඉරනමට මුහුන නොපාන්නේ නම්, ඇය ජීපීයූවේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිලිබඳ තමන් දත් සියල්ල ඔවුන්ට හෙලිකිරීමට බොහෝ සේ ඉඩ ඇතැයි විශ්වාස කලේය. ඇගිලොෆ් සමඟ වඩාත් හොඳින් ගනුදෙනු කල යුත්තේ කෙසේදැයි ඇමරිකානු හා මෙක්සිකානු ආන්ඩු අතර ඉහත දැක්වූ තිරය පසුපස පැවැත්වෙමින් තිබූ රහස් සාකච්ඡා වර්ධනයක් අත්පත් කර ගනිමින් පැවැති බව එෆ්බීඅයි වාර්තාවක මෙසේ දැක්වේ:

තරුනිය බොහෝදුරට තවත් සතියක් හෝ දෙකක් වැඩිපුර රඳවා ගනු ඇතැයි ද, ඉන්පසුව කොයෝවාකාන්හි විනිශ්චයකරු විසින් නිදහස් කරනු ලැබ එක්සත් ජනපදයට ආපසු පැමිනීමට අවසර දෙනු ඇතැයි ද රහස්‍ටහමකපවතී. එක්සත් ජනපදයේ දී ඇය වැඩි දුරටත් ප්‍රශ්න කිරීමෙන් මෙක්සිකෝවේ මුහුන දුන් අසීරු ප්‍රශ්න කිරීමේ දී වර්ධනය වී ඇති දේට වඩා වැඩි යමක් වර්ධනය විය හැකිය (අවධාරනය එක් කෙරින). [181]

ඇගිලොෆ් දිගටම සිර අඩස්සියේ තැබීම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධ චෝදනා ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කබේස ඩි වකා දිගින් දිගටම පෙනී සිටි අතර, ඔහු එක්සත් ජනපදය හා මෙක්සිකෝව තුල ගැඹුරු බැඳීම් ඇති ජීපීයූ ජාලයක් අනාවරනය කරමින් සිටින බව ඒත්තු ගෙන සිටියේය.

එහෙත් අවසානයේ, ඉහල මට්ටමේ පීඩනයට නතු වූ කරන්සා ඇය බන්ධනාගාරයෙන් මුදා හරිමින් මනුෂ්‍ය ඝාතන චෝදනාවෙන් ඇය නිදොස් බවට තීන්දු කලේය. ඔහුගේ කෙටි ලිඛිත තීන්දුව තුල කරන්සා ප්‍රකාශ කලේ, තම තීන්දුව පදනම් වූයේ, "ඉහත සඳහන් කල සිල්වියා" ඝාතනය තුල "කිසිදු කොටසක් ඉටු නොකල බවට ජැක්සන් හා ඇගිලොෆ් සෑම විටම ප්‍රකාශ කර තිබීම" යන කරුන මත බවයි. [182] තම තීන්දුව සඳහා ඊට අතිරේක හේතු දැක්වීමක් ඔහු සිදු නොකලේය.

සිල්වියා ඇගිලොෆ් (වම් කෙලවරේ) ඇගේ සොහොයුරු මොන්ටි ඇගිලොෆ් (වමේ සිට දෙවැන්නා) සහ මර්කාඩර් (මැද-බැන්ඩේජ් පටි සමඟ)

 මේ වූ කලී නෛතික විශ්වාසනීයත්වයෙන් තොර වූ දේශපාලන තීන්දුවක් විය. මෙම හේතු ප්‍රකාශනයට තාර්කික යුක්තියුක්තකරනයක් නොමැති බව කරන්සා සහ මීට සම්බන්ධ සියල්ලෝ දැන සිටියාහ. මක්නිසාදයත්, ඒ අවස්ථාවේ දී ජැක්සන්-මොනාර්ඩ් ඝාතනය තුල තම භූමිකාව සම්බන්ධ සෑම අංගයක් පිලිබඳව ම බොරු කියමින් සිටියේය. ඔහුගේ සැබෑ නම පවා 1950 වන තෙක් හෙලිදරව් නොවී පැවතින. කෙසේවෙතත්, ඇගිලොෆ් නිදහස් කරවා ගැනීමට අවශ්‍ය තරමේ පීඩනයක් යොදවා තිබින. ඇය 1940 දෙසැම්බරයේ නිව්යෝර්ක් කරා පෙරලා පැමිනියාය.

1940 බර්: සන්-ට එරව ම ඇග්‍රතප කරය

නිව්යෝර්ක් කරා ආපසු පැමිනීමෙන් පසුව, තවමත් මෙක්සිකෝ නගරයේ පැවැත්වෙමින් ඇති නඩු විභාගයේ දී ජැක්සන්-මොනාර්ඩ්ට එරෙහිව සාක්ෂි දීමට සිල්වියා හෝ පවුලේ කිසියම් සාමාජිකයෙකු හෝ සූදානම්දැයි ජනමාධ්‍ය හිල්ඩා ඇගිලොෆ්ගෙන් විමසූ විට, සිය සහෝදරිය වෙනුවෙන් දැක්වූ ඇගේ ප්‍රතිචාරය වූයේ, "අප සම්බන්ධයෙන් ගත් කල මේ නඩුව වසා දමා අවසානය" යනුවෙනි. [183]

මෙම ප්‍රතික්‍රියාව සේවය කලේ හුදු ස්ටැලින්වාදීන්ගේ උත්සුකයන්ටය. ට්‍රොට්ස්කිගේ ආධාරකරුවෙකු නම් ජැක්සන්-මොනාර්ඩ්ගේ සැබෑ භූමිකාව හෙලිදරව් කිරීමකට බල කරනු ඇත. ඒ අවස්ථාව වන විට ජීපීයූව කියමින් සිටියේ ට්‍රොට්ස්කි ඝාතනයට ඔවුන්ගේ සම්බන්ධයක් නොමැති බවටය. තවද, ජාත්‍යන්තර ස්ටැලින්වාදී පුවත්පත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය අපකීර්තියට හෙලීමේ අරමුනින්, තමන් අමනාපයට පත් ට්‍රොට්ස්කිවාදියෙකු බවට ජැක්සන්-මොනාර්ඩ් සිදු කල කියාපෑම ප්‍රසිද්ධියට පත් කරමින් සිටියේය. ඉදින් සිල්වියා ඇගිලොෆ් හුදෙක් අහිංසක ගොදුරක් විනි නම්, ජැක්සන්-මොනාර්ඩ්ගේ ජීපීයූ බැඳීම් හෙලිදරව් කිරීමට විමර්ශනයට ආධාර කිරීම සඳහා ඇයට වඩා හොඳින් ස්ථානගතව හුන් අනෙකෙකු නොවීය.

එහෙත් ඇගිලොෆ්වරුන් සම්බන්ධයෙන් ගත් කල නඩුව වසා දමා තිබින. එස්ඩබ්ලිව්පීයට හෝ අධිකාරීන්ට තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම මඟින් හිල්ඩා සහ සිල්වියා ට්‍රොට්ස්කිගේ ඝාතකයාට ආධාර කරමින් ද ජීපීයූව ආවරනය කරමින් ද සිටියෝය.

1940 බර්: ඇගවතපතදනය

1940 දෙසැම්බරයේ නිව්යෝර්ක් නගරය කරා පෙරලා පැමිනීමෙන් පසුව සිල්වියා ඇගිලොෆ් සිය පියාගේ දේපල වෙලඳාම් කාර්යාලය හරහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කලාය. එහි මෙසේ සඳහන් විය:

තමන්ට අවශ්‍ය දේ පමනක් තෝරා බේරා ගනිමින් පුවත්පත්වල මුද්‍රනය කර තිබූ ඇතැම් වාර්තා නිවැරැදි කිරීමට මෙම අවස්ථාව භාවිතා කිරීමට මට අවශ්‍යය. මා කිසිදිනෙක ලියොන් ට්‍රොට්ස්කිට ජැක්සන් හඳුන්වා දී නැත. මෙය රැස් කර ගෙන ඇති සාක්ෂිවලින් පැහැදිලිව තහවුරු වී ඇති අතර, ඒ සඳහා වෙහෙස වීමට සූදානම් ඕනෑම අයෙකුට එය සනාථ කර ගත හැක.

තවද, සාධක හා වාචික සාක්ෂිවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇත්තේ, විනිශ්චයකරුමත් සිය තීන්දුව දීමේ දී සඳහන් කල පරිදි, මා මුලුමනින් මුලා වූ ද, මට පාලනය නොකල හැකි වූ ද සිදුවීම් මාලාවක ගොදුර බවට මා පත් වූ බවයි.

මම ලියොන් ට්‍රොට්ස්කි මහතා හා එම මහත්මිය කෙරේ ගෞරවයෙන් සලකන්නියක හා පෞද්ගලික මිතුරියක වීමි. මට දේශපාලන සබඳතා නොතිබිනි.

දැන් මගේ බලගතුම ආශාව වන්නේ සිදු වූ දේ අතීතයට අත්හැර දැමීමට උත්සාහ කිරීමයි. මට සාමාන්‍ය පුරවැසියෙකුගේ ජීවිතය කරා පෙරලා පැමිනීම සඳහා උත්සාහ කිරීමට අවශ්‍යය. සමාවන්න. මේ දිනවල කිසිදු පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවකට සහභාගී විය නොහැකි තරමට මම රෝගී වී සිටින්නෙමි. [184]

සිල්වියා ඇගිලොෆ් කටේ තොලේ නොගෑවී බොරු දෙසමින් සිටියාය. මෙම ප්‍රකාශයේ සත්‍යයේ අංශුමාත්‍රයක් හෝ ගැබ් වී නොතිබින.

සිල්වියා හා හිල්ඩා ඇගිලොෆ්, නිවාක් කරා පැමිනෙති - 1940 දෙසැම්බර් [Photo: Newsweek]

මෙක්සිකානු පොලීසිය හා චෝදකයන් ට්‍රොට්ස්කි ඝාතනය හා ජීපීයූ ඒජන්තයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා කරන ලදැයි යන කරුන පිලිබඳ සඳහන් කල පුවත්පත් වාර්තාවල "තමන්ට අවශ්‍ය දේ පමනක් තෝරා බේරා ගනිමින්" ඉදිරිපත් කල කිසිවක් හෝ නොවීය.

ඇය ඇත්තෙන්ම ට්‍රොට්ස්කි ඔහුගේ අනාගත ඝාතකයාට හඳුන්වා දුන්නාය. ප්‍රහාරයට සතියකට ඉහත, 1940 අගෝස්තුවේ, ජැක්සන්-මොනාර්ඩ් හා ට්‍රොට්ස්කි අතර මුහුනට මුහුන හමුවීමක් ඇය පිලියෙල කලාය. තමන් මුන ගැසෙන්නට යන්නේ සිල්වියා පමනෙකැයි සිතා සිටි සෙඩොවාට මෙය මවිතයක් විය. අයිස් පොරොව සිය හිස්කබල සුනුවිසුනු කල අවස්ථාවේ ට්‍රොට්ස්කි විචාරමින් සිටි "ලිපිය" ජැක්සන්-මොනාර්ඩ් කෙටුම්පත් කලේ ට්‍රොට්ස්කි සමඟ මෙම දිනයේ සිදු කල සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසය.

වැඩිදුරටත් කිව යුත්තේ, ඝාතනයට පූර්වයෙන් ඇගිලොෆ් සාවද්‍ය ලෙස ජැක්සන්-මොනාර්ඩ් සිය "සැමියා" ලෙස ට්‍රොට්ස්කිවරුන් හමුවේ ඉදිරිපත් කල බවයි. සෙඩොවා පසුව සඳහන් කල පරිදි, ඝාතකයා "පලමුව හා ප්‍රමුඛ ලෙස පිලි ගනු ලැබුනේ සිල්වියාගේ සැමියා ලෙසය." ඇගිලොෆ්ගේ බේගලය මොනාර්ඩ්ගේ නිර්ව්‍යාජත්වය තහවුරු කරමින් ප්‍රහාරය දිනයේ නිවාස සංකීර්නයට ඇතුලු වීමේ අවකාශය ඔහුට සලසා දුන්නේය. තවද, විවාහය පිලිබඳ මෙම සාවද්‍ය කියාපෑම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා ඝාතකයාගේ කල්පිත අභිප්‍රාය බවට පත්වීමට නියමිත විය. එනම්, ට්‍රොට්ස්කි ඇගිලොෆ් හා "විවාහයට" එරෙහි වීය යන ආකාරයෙනි.

ඝාතනයට තදාසන්න පූර්වයේ සිදුවීම්වලට එපිටින්, තමන් ජැක්සන්-මොනාර්ඩ් ට්‍රොට්ස්කිට හඳුන්වා දුන්නේ නැතැයි යන ඇගිලොෆ්ගේ ප්‍රකාශය, දෑවුරුද්දක් පුරා ඔවුන් අතර පැවැති සහයෝගිත්වයේ කාල සීමාව තුල ඇගේ භූමිකාව සම්බන්ධයෙන් අමුඅමුවේ කල වසං කිරීමක් විය.

මේ සෑම අදියරක්ම පාසා, ජැක්සන්-මොනාර්ඩ් වඩවඩාත් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට ද, අවසානයේ ට්‍රොට්ස්කිගේ නිවෙස තුලට ද සමෝධානය කිරීමේ තීරනාත්මක පුරුක වූයේ ඇගිලොෆ්ය. 1938 ගිම්හානයේ ඔහු ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ නායකත්වයට හඳුන්වා දුන් ඇය, හතරවැනි ජාත්‍යන්තරය පිහිටුවීමේ සමාරම්භක සම්මේලනයට ඔහු ගෙන එමින් නියෝජිතයන්ට ඔහු හඳුන්වා දුන්නාය. නිව්යෝර්ක්හි එස්ඩබ්ලිව්පීයේ සිය මිතුරන්ට ඇගිලොෆ් 1939 දී ද, මෙක්සිකෝ පුරවරයේ දී රෝස්මර්වරුන්ට 1940 මුල් දිනවල දී ද ඔහු හඳුන්වා දුන් ඈ, එම මාර්තුවේ ප්‍රථම වරට ඔහු නිවාස සංකීර්නයේ බිත්ති ඇතුලතට ගෙන ආවාය. එම ජූනියේ මෙක්සිකෝ නගරයට සංචාරය කල එස්ඩබ්ලිව්පී නායකයන්ට ද ඔහු හඳුන්වා දෙන ලදැයි යුක්තියුක්ත ලෙස උපකල්පනය කල හැක. නිව්යෝර්ක්හි සිටින ජීපීයූවේ සිය හසුරුවන්නන් හමුවීමට එම මාසයේ ඔහු පැමිනි විට එජ ආගමන නිලධාරීන් මඟහැර යාමට ඇය ඔහුට ආධාර කලාය. ට්‍රොට්ස්කි ඝාතනය කිරීම සඳහා ඔහු පෙරලා පැමිනෙන විට, මෙක්සිකෝවට නැවත ඇතුල්වීමේ දී ද අල්ලා ගැනීමෙන් වැලකී මඟහැර සිටීමට ද ඇය ඔහුට ආධාර කලාය.

ඇගිලොෆ්ගේ ඊලඟ කියාපෑම - එනම්, මෙක්සිකෝවේ අපරාධ නඩු විභාගය අතරතුර ඉදිරිපත් වූ සාක්ෂිවලින් ඇය "මුලුමනින් මුලා වී සිටි, හා සිය පාලනයෙන් තොරව පැවැති සිදුවීම් මාලාවක ගොදුර බවට පත් වූ" බැව් "ප්‍රබල ලෙස තහවුරු" වූ බවට විනිසුරු කරන්සා තහවුරු කලේය යන්න - ද මුසාවක් විය.

විනිසුරු කරන්සාගේ තීන්දුවේ පෙල දැන් ප්‍රසිද්ධ ලියවිල්ලක් ලෙස ලබා ගත හැක්කකි. මෙකී ඇඟවීම් ඔස්සේ වූ කිසිදු ප්‍රකාශයක් එහි ගැබ් නොවේ. අපරාධ නඩු විභාගයේ දී ඇය ජැක්සන්-මොනාර්ඩ්ගේ සැබෑ අභිලාෂයන් සම්බන්ධයෙන් "මුලුමනින් මුලා වී සිටි" බවක් හෙලි වූ බවට ඇය කරන කියාපෑම ඇගේම වාචික සාක්ෂියෙන් පවා නිෂ්ප්‍රභ කෙරේ. ඇගේ සාක්ෂියේදී, ඇත්තෙන්ම ජැක්සන්-මොනාර්ඩ්ගේ සැක සහිත හැසිරීම සම්බන්ධයෙන් ඇය විපරම්කාරී වූ අවස්ථා ගනනාවක්ම වූ බව ඇය පිලිගත්තාය. අත්අඩංගුවේ සිටියදී ඇය කියා සිටියේ තමා "මුලුමනින් මුලා වී" සිටි බව නොව, ආලයෙන් අන්ධව සිටි හෙයින් ඔහුගේ කථාන්තරයේ පැවැති අසංගතතාවයන් තමාට නොපෙනී ගිය බවයි. පෙරලා එක්සත් ජනපදයට සම්ප්‍රාප්තව, තමා විභාග කල මෙක්සිකානු අධිකාරීන්ගේ අධිකරන බල සීමාවලින් ඔබ්බේ සිටි ඇයට, සත්‍යයෙන් ඊට ද වඩා ඈතට යමින් තමන් ආරක්ෂා කිරීමට අවකාශ සැලසී තිබින.

තමන් "දේශපාලන සබඳතා නොවූ", හුදෙක් "ට්‍රොට්ස්කි මහතා හා එම මහත්මිය කෙරේ ගෞරවයෙන් සලකන්නියක හා පෞද්ගලික මිතුරියක"ව සිටි බවට ඇගිලොෆ් කරන කියාපෑම ද තමන් භාග්‍යයේ අඥානයා (භාග්‍යයේ අඥානයා - ඉරනම විසින් දරුනු සරදමකට පත් කරන ලද තැනැත්තා - රොමියෝ ජුලියට් නාටකයේ එන යෙදුමකි) ලෙස ඉදිරිපත් කිරීම අරමුනු කොට ගත් තවත් මුසාවකි. ඇගිලොෆ් 1934 සිට ම සමාජවාදී දේශපාලනයේ ක්‍රියාශීලීව සිටි බවත්, 1938 දී හතරවැනි ජාත්‍යන්තරයේ සමාරම්භක සම්මේලනයට ඇය සහභාගී වූ බවත්, ඇය එස්ඩබ්ලිව්පීයේ සාමාජිකාවක්ව කටයුතු කරමින් හිඳ ඇති බවත්, මෙක්සිකානු බලධාරීන්, එෆ්බීඅයිය හා එස්ඩබ්ලිව්පීය ඇතුලුව විමර්ශනයට සම්බන්ධ වූ සෑම අයෙකුම දැන සිටියෝය. එහෙත් එස්ඩබ්ලිව්පීය මෙම මුසාවාදයන්ට එරෙහිව කිසිදා අභියෝග නොකල අතර, ඇගිලොෆ් මහජන ඇසින් කෙමෙන් වියැකී ගියාය.

1943 අප්‍්: ව දක කබවකතනය කරය

ඇගිලොෆ්ට එරෙහි පැමිනිල්ල මෙහෙයවූ චෝදකයා වූ ෆ්‍රැන්සිස්කෝ කබේස ඩි වකා එතරම් වාසනාවන්ත නොවීය. 1943 අප්‍රේල් මස ජැක්සන්-මොනාර්ඩ්ට අපරාධය සිදු කල අතීත දිනයේ සිට බල පැවැත්වෙන පරිදි 20 අවුරුදු සිර දඬුවමක් හිමි විය. ජැක්සන්-මොනාර්ඩ්ට දඬුවම් නියම කිරීමේ විභාගය අත්හිටුවීමෙන් මඳ වේලාවකට පසු කබේස ඩි වකා මධ්‍යම කොයෝවාකාන්හි මාවතකට ඇවිද ගිය අතර, ඔහුගේ පවුලේ අය පවසන පරිදි, ඔහු ඝාතනයට ලක් විය. විමර්ශනය පිලිබඳ බැරන් කෲස්ගේ සමාලෝචනයට ලියූ හැඳින්වීම තුල කබේස ඩි වකාගේ මුනුපුරු, ප්‍රමුඛ රාජ්‍ය නීතිඥයෙකු හා මෙක්සිකෝවේ නීතිපති ලෙස 2005 සිට 2006 දක්වා සේවය කල ඩැනියෙල් කබේස ඩි වකා මෙසේ ලියා ඇත:

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ පරීක්ෂනයට සම්බන්ධ වූ අන් සියලු අය අතරින්, ෆ්‍රැන්සිස්කෝ කබේස ඩි වකා අකොස්තා පිලිබඳව ප්‍රසිද්ධියේ කිසිවක් හෝ කියැවී නැති තරම්ය. අද දින ඔහු යලි මතුපිටට පැමිනීම අතිශය යෝග්‍යය. .....

අප - මගේ සහෝදර සහෝදරියන්, ඥාති සොහොයුරු සොහොයුරියන් හා මා - කුඩා ලමුන්ව සිටියදී, අපේ මිත්තනිය මහත් හැඟීමකින් යුතුව අපේ මුත්තනුවන් පිලිබඳව කථා කිරීමට පුරුදුව සිටියාය. විශේෂයෙන්ම, යුක්තිධර්මයට ආදරය කිරීම වෙනුවෙන් මිය ගිය මිනිසෙකු විසින් අපට ලබා දී තිබූ යුක්තිධර්මයට ආදරය කිරීමේ උරුමයට අප ගරු කල යුතුව ඇතැයි ඇය කීවාය. රතු වූ දෙනෙතින් යුතුව අතීත වෘත්තාන්තයක් විස්තර කරමින් ඇය කියා සිටියේ පසුකාලීනව ප්‍රසිද්ධියට හා පිලිගැනීමට ලක්වීමට නියමිත බව ඉතා ඉක්මනින්ම විදහා දක්වා තිබූ විමර්ශනය නවත්වන ලෙස මගේ සීයාට තර්ජනය කල බව, හා දැන් එය ඉතිහාසයට එක් වී ඇති බවයි: එනම් ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳ සෝවියට් ජීපීයූව වගකිව යුතු බව හා ඝාතකයාගේ සැබෑ අනන්‍යතාවය පිලිබඳ විමර්ශනයයි.

ට්‍රොට්ස්කි ඝාතනය කුමන්ත්‍රනයකැයි සඳහන් කල මගේ මිත්තනිය, මගේ මුත්තනුවන් ද ඝාතනය කලේ එකී ඝාතකයන්ම බව පැවසුවාය. මගේ සීයා ඇයට වෙන්ව යාමේ සුබපැතුම තෙපලූ සැටි ඇය කියා සිටියාය: තමන් මධ්‍යම කොයෝවාකාන්හි ආපනශාලාවකින් පිට වන විට ට්‍රොට්ස්කි මරා දැමූ එම ඝාතකයන්ම තම සමට යමක් එන්නත් කල බවත්, විෂ නාශකයක් නොමැති කිසියම් විෂක් ඔවුන් ඔහුට දී ඇති බවත් පැවැසූ ඔහු, නඩු ලිපි ගොනුවේ පිටපත් ඇය අතට දී පසුව මරනයට පත් වී ඇත. පසුකලෙක ඔවුන් ස්ටැලින්වාදී ඝාතකයන් භාවිතා කල උපකරන හා විෂ සොයා ගෙන ඇත.

ඒ කාලයේ මගේ මිත්තනිය සතුව තිබූ සාක්ෂි වූයේ ඔහුගේ මරන මංචකයේ දී ඔහු රහසේ ඇයට දී තිබූ විමර්ශනයේ පිටපත් හා, තිස් වස් වියේදී දරුවන් හය දෙනෙකු සමඟ ඇයට කොයෝවාකාන්හි නිවාසය අත්හැර දමා ගුවනජුවාටෝවේ ලියොන් නඟරයේ සිය පවුලේ රැකවරනය පතන්නට සිදුවීය යන කරුන ද පමනෙකි." [185]

ඩැනියෙල් කබේස ඩි වකා තවදුරටත් මෙසේ ලියයි:

ට්‍රොට්ස්කි විමර්ශනය සඳහා වගකිවයුත්තා ලෙස සිය සංකීර්න ව්‍යායාමය ආරම්භ වූ තැන් පටන්ම, රාමොන් තනිව ක්‍රියාත්මක වූවා විය නොහැකි බවත්, ඔහු සංකීර්න ආවරනයක් සහිතව ක්‍රියා කල හා පුහුනු වූ බවත් පිලිබඳව ඔහු තිරසාර ලෙස ඒත්තු ගෙන සිටියේය. රාමොන්ට ට්‍රොට්ස්කි කරා සමීප වීමේ මාරක ඉඩකඩ පාදා දුන් රාමොන්ගේ පැරනි පෙම්වතිය වූ සිල්වියා ඇගිලොෆ් නිදහස් කර යැවීමට ඉඩ නොදීම සම්බන්ධයෙන්, අවස්ථා ගනනාවක දී තර්ජනයට පාත්‍ර වීමෙන් පසු, කනගාටුවට හේතු වන පරිදි ඔහු සැකසහිත තතු යටතේ මිය ගියේය; ඒ, හරියටම රාමොන්ට එරෙහි දඬුවම ප්‍රකාශයට පත් කෙරුනු එම දිනයේ දීම, නොහඳුනන ද්‍රව්‍යයක් සිරුර තුලට විදීමෙන් පැය ගනනකට පසුවය. ...

මේ සියලු හේතු නිසා, ඩේවිඩ් අල්ෆාරෝ සික්විරෝස්, ඔහුගේ මස්සිනා වූ ලුවීස් අරනාල් සහ තවත් අය සමඟ ට්‍රොට්ස්කි ඝාතනය කිරීමට ප්‍රථම ප්‍රහාරයට සහභාගී වීම පිලිබඳ චෝදනාවෙන් ට්‍රොට්ස්කි විසින්ම නිර්දෝෂී කෙරුනු රොබට් ශෙල්ඩන් හාර්ට් සම්බන්ධ කරුනටම සිල්වියා සම්බන්ධ කරුනත් සමාන හෝ ඊට සමාන්තර එකක් වීමට හොඳටම ඉඩ ඇත. මක්නිසාදයත්, රොබට් ද, සිල්වියා මෙන්ම, ට්‍රොට්ස්කිගේ හා ඔහුගේ පවුලේ සමීපතාවයේ හා විශ්වාසයේ වාසිය ලැබූවෙකි. එහෙත් කාලයා විසින් පෙන්වා දෙනු ලැබූ පරිදි, විරෝධාභාසී ලෙස, රොබට් ඇත්තෙන්ම ක්‍රියා කර තිබුනේ කරිඩාඩ් [ඩෙල් රියෝ, මර්කාඩර්ගේ මව]ගේ පෙම්වතා ලෙස කලක් සිටියා වූ ද, ස්පාඤ්ඤයේ එන්කේවීඩීයේ ප්‍රධානියා වූ ද, පසුකලෙක සිල්වියා හා රාමොන්ගේ ප්‍රධානියා වූ ද ලියොනිඩ් ඒ. එයිටිංටන්ගේ අන පරිදිය. [186]

රාජ්‍ය චෝදකයාගේ මුනුපුරු මෙසේ සිය රචනය සමාප්ත කරයි: "මේ අර්ථයෙන් ගත් කල, තොරතුරු විවෘත වීම හා මෑතකදී අනාවරනය වූ සොයා ගැනීම් සිල්වියා මෙන්ම ඇය හා සබඳතා පැවැත්වූ වෙනස් වෙනස් අයවලුන් විසින් ඉටු කෙරුනු සැබෑ භූමිකාව පිලිබඳ නව උපකල්පිතයක් ඉදිරිපත් කිරීමට ඉවහල් වනු ඇත." [187]

1950 බර්: ඇමර්‍රකමබඳ මන්‍මනඩල කමව ඉදඇග

ඝාතනයෙන් වසර දහයකට පසු, 1950 දෙසැම්බරයේ, හිල්ඩා ඇගිලොෆ්, සිල්වියා ඇගිලොෆ් හා රූබි වේල් ඇමරිකානු විරෝධී ක්‍රියාකාරකම් පිලිබඳ මන්ත්‍රී මන්ඩල කමිටුවේ (එච්යූඒසීයේ) සිතාසි ලැබ, එය ඉදිරියේ සාක්ෂි දීමට පෙනී සිටියෝය. එකී විභාගයේ මාතෘකාව වූයේ, "ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ ඇමරිකානු පැතිකඩවල්" යන්නයි. මෙම ස්ත්‍රීන් තිදෙනා කැඳවන ලද්දේ ඝාතනය සූදානම් කිරීම තුල ජීපීයූව ඉටු කල කාර්යභාරය පිලිබඳව ඔවුන් දන්නා දේ සම්බන්ධයෙන් වාචික සාක්ෂි දීමටය. [188]

තම විප්ලවවාදී විරුද්ධවාදියා ඝාතනය කිරීමට වගකිවයුත්තන්ට දඬුවම් කිරීමේ ආස්ථානයෙන් ට්‍රොට්ස්කි ඝාතනය විභාග කිරීමට එච්යූඒසීයට උනන්දුවක් නොවීය. 1950 වන විට එජ විමර්ශකයෝ, සම්බන්ධිත වැදගත්ම පුද්ගලයන් සැලකූ කල ට්‍රොට්ස්කි ඝාතනය කිරීම සඳහා වූ ජීපීයූ මෙහෙයුම හා පසුකාලීන යුද්ධ සමයේ සහ පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ සමයේ න්‍යෂ්ඨික ඔත්තු බැලීම් අතර අන්තර්ඡේදනය ගැන - එනම්, එම මෙහෙයුම් දෙකටම සම්බන්ධ වූ වැදගත්ම පුද්ගලයන් ගැන - තීක්ෂන දැනුමකින් යුතුව සිටියෝය. එච්යූඒසීය සිල්වියා ඇගිලොෆ් සාක්ෂිකාරියක ලෙස කැඳවීමට එකම හේතුව, එක්සත් ජනපදය තුල සෝවියට් චරපුරුෂ සේවය පිලිබඳ සැලකිය යුතු තොරතුරු ඇය සතුව තිබූ බවට විශ්වාස කිරීමට ඔවුන්ට හේතු පැවතීමයි; එසේ නැතහොත් ඔවුන් නිසැකව ඒ බව දැන සිටීමයි.

"ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ ඇමරිකානු පැතිකඩවල්" විමර්ශනය කිරීමේ පරීක්ෂන වාර හතරෙන් අවසාන එක වූ දෙසැම්බර් විභාගය පැවැත්වුනේ, ජැක්සන්-මොනාර්ඩ් මෙක්සිකානු සිර ගෙයින් මුදා ගැනීම සහතික කෙරෙනු වස් මෙක්සිකෝව තුලට මුදල් විශුද්ධිකරනය කිරීම සඳහා දැරුනු අසාර්ථක සැලසුම තුල ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ සම්බන්ධය පිලිබඳව එච්යූඒසීය පරීක්ෂන වාර තුනක් පැවැත්වීමෙන් ඉක්බිතිවය. විමර්ශනයේ කොටසක් ලෙස, ඇගිලොෆ්ලා සහ වේල්ට අමතරව ජීපීයූ ඒජන්තයන් ලෙස සැක කල තවත් අට දෙනෙක් ප්‍රසිද්ධියේ සාක්ෂි දුන්හ.

මෙම විභාගයට මාස හයකට ඉහත 1950 ජූනියේ දී හාපර් ඇන්ඩ් බ්‍රදර්ස් ප්‍රකාශන සමාගම, ලුවිස් බඩෙන්ස්ගේ දෙවැනි පොත වන 'මෙන් විතවුට් ෆේසස්' (මුහුනු නැති මිනිස්සු) ප්‍රකාශයට පත් කලේය. එය, සාතිශය ලෙස පුලුල් ජීපීයූ ජාලයක් පවතින බව පෙන්වා දුන්නේය. "හෙලන්" නම් ජීපීයූ ඒජන්තවරියක් එස්ඩබ්ලිව්පීය තුල ක්‍රියාත්මකව සිටින බව බඩෙන්ස් පල කලේය. තවද, තමා රුබි වේල් ජීපීයූ ඒජන්තවරියක වීමට බඳවා ගත් සැටිත්, මොනාර්ඩ්-ජැක්සන් මුන ගැසීමට ඇය හා සිල්වියා ඇගිලොෆ් යුරෝපයට යැවූ සැටිත් ඔහු එහි විස්තර කලේය.

ඇගිලොෆ්වරුන් සමඟ පැවැත්වූ 1950 දෙසැම්බර් විභාගයට තෙසතියකට පෙර එච්යූඒසීය බඩෙන්ස් විසින් යොමු කරන ලද දිවුරුම් ප්‍රකාශයක් වාර්තාගත කලේය. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුලට රහසින් රිංගා ගැනීමටත් ට්‍රොට්ස්කිගේ ඝාතනය සංවිධානය කිරීමටත් යෙදවීමට තමා කටයුතු කල ජීපීයූ ඒජන්තයන්ගේ නිශ්චිත විස්තර මෙම දිවුරුම් ප්‍රකාශයට ඇතුලත් විය. පලමුවරට මෙහි දී බඩෙන්ස් "හෙලන්"ගේ නම හෙලි කලේය. ඇය ජේම්ස් පී. කැනන්ගේ ලේකම්වරිය වූ සිල්වියා ෆ්‍රෑන්ක්ලින් (විවාහයට ඉහත කැලන්) වූවාය. තවද ඔහු සඳහන් කලේ කොමියුනිස්ට් පක්ෂයේ සිටින විට ඔහු ස්ටැලින්වාදී කන්ඩායම සඳහා ඒජන්තයන් ලෙස ක්‍රියා කල අයවලුන් ගනනාවක් ට්‍රොට්ස්කිවාදී කඳවුර තුල ස්ථාපනය කල බවයි." [189]

අවශ්‍යතාවය පැන නැඟුනහොත් ජීපීයූ ඒජන්තයන් ලෙස ප්‍රසිද්ධ කිරීම සඳහා තවත් බොහෝ අය ඔහු විසින් සූදානම් කෙරුනු බව බඩෙන්ස් පැහැදිලි කලේය. "සඳහන් කල අයට අමතරව මා" ජීපීයූ කල්ලි නායක ආචාර්ය ග්‍රෙගරි රැබිනොවිට්ස්ට "හඳුන්වා දුන් අය බොහෝ සංඛ්‍යාවක් වෙතැ"යි ඔහු ලිවීය. [190] ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ අවසාන වාක්‍යය මෙසේය: "මෙම ට්‍රොට්ස්කිවාදීන් සම්බන්ධ කරුන සම්බන්ධයෙන් වෙනත් තොරතුරු අවශ්‍ය වෙතොත්, සහ මා විසින් සඳහන් නොකෙරුනු කරුනක් වේ නම්, මම මට හැකි සෑම ආකාරයකින්ම කොන්ග්‍රසයට එවැනි සේවාවක් ලබා දීම සඳහා සෑමවිටම සූදානමින් සිටින්නෙමි." [191]

සිල්වියා ඇගිලොෆ් එච්යූඒසීය ඉදිරියේ සාක්ෂි දුන්නේ මෙම සන්දර්භය යටතේය. 1950 දෙසැම්බර් 4 වන දින පැවැති නියම විභාගය සඳහා ගත වූයේ, පෙ.ව. 11 සිට ප.ව. 12.15 දක්වා වූ විනාඩි 75ක් පමනෙකි. මෙම විභාගයට පූර්වයෙන් සාක්ෂි දීමට කැඳවා සිටියවුන් හා එජ රාජ්‍ය විමර්ශකයන් අතර සම්මුඛ සාකච්ඡා ගනනාවක් යලියලිත් පැවැත්වී තිබින. රුබි වේල් පිලිගත් පරිදි, පරීක්ෂනය හමුවේ සාක්ෂ්‍ය දීමට පෙර ඇය "වාර ගනනාවක් ම මෙම කථා ප්‍රවෘත්තිය රජයේ අයට කියා තිබිනි." [192]

සිල්වියා ඇගිලොෆ්ගේ සාක්ෂියේ අනුපිටපත හුදු පිටු හයකට සීමා වී ඇත. කොන්ග්‍රස් සභිකයන් හා කාර්ය මන්ඩල නීතිඥවරුන් ඇය සම්බන්ධයෙන් කටයුතු කලේ, පසුව ගතු කියන්නන් බවට පත් වූ පැරනි ඒජන්තයන් වෙනුවෙන් වෙන් කොට ඇති සුවිනීත ගරුසරුවකින් යුතුවය. මෙක්සිකෝවේ දී ඇගිලොෆ් අත්අඩංගුවට ගනු ලැබ ට්‍රොට්ස්කි ඝාතනය පිලිබඳව චෝදනාවලට ලක් වූ බව සඳහන් නොකිරීමට ඔවුහු විනීත ලෙස වග බලා ගත්හ.

යුරෝපය කරා ගිය සිය 1938 සංචාරය "හුදෙක් විනෝද චාරිකාවකැ"යි ඇගිලොෆ් සාක්ෂි දෙමින් කියා සිටියාය. [193] ඇය ජැක්සන්-මොනාර්ඩ් මුන ගැසුනු අවස්ථාව ගැන කියමින් ඇය මෙසේ සඳහන් කලාය: "පලමුවැනි අවස්ථාවේ මා ට්‍රොට්ස්කිකාරියකැයි මම ඔහුට නොකීවෙමි." [194] ඝාතකයා ට්‍රොට්ස්කිගේ නිවෙසට ඇතුලුවීමේ අවස්ථාව පාදා ගත්තේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් කිසිදු "ඍජුව ලැබුනු තොරතුරක්" තමා සතුව නොමැති බව ඇගිලොෆ් කමිටුවට කියා සිටියාය. [195] ජැක්සන්-මොනාර්ඩ් ජීපීයූවේ ඒජන්තයෙකැයි කිසිදු හැඟවීමක් තමාට දැනී නොතිබුනු බව ද ඇය කියා සිටියාය. [196]

කමිටුවේ කාර්ය මන්ඩල නීතිඥයා ඇගෙන් මෙසේ විමසීය: "ඔබ නිරායාශයෙන් හෝ නොදැනීම හෝ මෙයට සම්බන්ධ වී ඇතැයි කවරාකාරයකින් හෝ ඔබට හැඟුනේ ද?" ඇගේ පිලිතුර වූයේ මෙයයි: මා සිතන හැටියට, ඉදින් මා කිසිදිනෙක ඔහු හමු නොවිනි නම්, ඔහුට නිවෙසට ප්‍රවිෂ්ඨ වීමේ මාර්ගයක් නොපෑදෙනු ඇතැයි මම අනුමාන කරමි. ඒ තාක් දුරට මා මීට සම්බන්ධයැයි මම සිතමි. එහෙත් වාර්තාගත කිරීම සඳහා මා කිව යුත්තේ, මා කිසි විටෙකත් ඔහු එම නිවෙසට රැගෙන නොගිය බවයි. ... ට්‍රොට්ස්කි මහත්මිය ඒ බව තහවුරු කලාය." [197] "ඔබ මෙක්සිකෝ නගරයේ දී ලියොන් ට්‍රොට්ස්කි වෙනුවෙන් වැඩ කලෙහිදැ"යි අසනු ලැබූ විට ඇගේ පිලිතුර වූයේ මෙයයි: "නැහැ. මම ඔහු මුන ගැසීමට ගියෙමි. මා එහි සිටියේ එක වරකි. හරියටම පැය භාගයකි." [198] හිල්ඩා ඇගිලොෆ්ගේ සාක්ෂිය සිල්වියාගේ කථා පුවත තහවුරු කරන්නක් විය.

මෙම ප්‍රකාශ සාවද්‍ය බව එච්යූඒසීය දැන සිටියේය. දිවුරුම් පිට බොරු කීමෙන් තමන් බොරු සාක්ෂි දීමේ චෝදනාවට ලක් විය හැකිය යන්න පිලිබඳව ඇගිලොෆ් ප්‍රත්‍යක්ෂ ලෙසම කිසිදු සැලැකිල්ලක් නොදැක්වූවාය. මෙක්සිකානු නඩු විභාගය හා එෆ්බීඅයිය සිදු කල ඊට සමකාලීන තමාගේම විමර්ශනය ද මඟින්, ඇගිලොෆ් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල ඇගේ සියලු මිතුරන්ට ජැක්සන්-මොනාර්ඩ් හඳුන්වා දී තිබූ බවත්, ඇය ට්‍රොට්ස්කිගේ නිවෙසට එක් වරක් නොව 1940 ජනවාරි හා මාර්තු අතර ද, අගෝස්තු 9 වන දින හා අගෝස්තු 20 වන දින අතර ද අවස්ථා ගනනාවකදීම ගොස් තිබූ බවත් තහවුරු කොට ගෙන තිබින. ඊට ද අමතරව, මාර්තු අවසානයේ එක්සත් ජනපදය කරා පෙරලා යාමට පෙර ද, නැවතත් අගෝස්තුවේ මෙක්සිකෝ නගරය කරා පෙරලා ආ අවස්ථාවේ ද ඇය ජැක්සන්-මොනාර්ඩ් නිවාස සංකීර්නය තුලට ගෙනැවිත් තිබුනි.

කැපී පෙනෙන ලෙස, ඇගේ සාක්ෂියේ දෙවතාවක දී ඇගිලොෆ් ස්ටැලින්වාදීන් විසින් වහරන ලද පරිභවාත්මක යෙදුමක් වූ "ට්‍රොට්ස්කිකාරයා" යන්න භාවිත කලාය. සමූහ ඝාතන හා බොරු නඩු සඳහා යටි උගුල් මැනීම් සමඟ එහි පැවැති සම්බන්ධය නිසාම, එම යෙදුම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමඟ සම්බන්ධ වූවන් කිසිදා යොදා නොගන්නා එකක් විය.

ඇගේ සාක්ෂිය සම්පූර්න වීමෙන් පසු එච්යූඒසීය එම සාක්ෂියේ නිල සංක්ෂිප්තයක් ප්‍රසිද්ධියට පත් කලේය:

ඇගිලොෆ් සොහොයුරියන්ගේ සාක්ෂිය සම්බන්ධයෙන් ගත් කල, මේ කාරනය සම්බන්ධයෙන් ඔවුන්ගේ නම් අනෙකුත් ප්‍රභවයන් විසින් ද සඳහන් කරනු ලැබ ඇති හෙයින්, ඔවුන් දුෂ්කරතාවයන්ට පත් වී ඇති බව පෙන්වා දෙනු ලැබේ. ඔවුන් කමිටුව සමඟ පූර්න සහයෝගයකින් කටයුතු කල බව ද, සිය ක්‍රියාව නිසා තමන්ට මුහුන පෑමට සිදු විය හැකි පෞද්ගලික අවදානම නොතකා මෙම නිශ්චිත විමර්ශනයේ දී වටිනා තොරතුරු සම්පාදනය කල බව ද, ඔවුන් වෙනුවෙන් පවසා සිටින්නට කමිටුව කැමැති වේ. [199]

සංක්ෂිප්තයේ සඳහන් කෙරෙන "අනෙකුත් ප්‍රභව" යනු සිය විමර්ශනය තුල රජය විසින් ප්‍රශ්න කරන ලද අනෙකුත් ජීපීයූ ඒජන්තයන්ය. වාර්තා මඟින් පෙන්නුම් කෙරෙන්නේ හිටපු ජීපීයූවට බඳවා ගන්නෙකු වූ ලුවිස් බඩෙන්ස් සහ මෙක්සිකෝ නගරයේ සිර ගෙය බිඳ ජැක්සන්-මොනාර්ඩ් නිදහස් කරගැනීමට ප්‍රයත්න දැරීමෙහිලා සම්බන්ධ වූ ජීපීයූ ඒජන්තයන් ගනනාවක් ම ද, ඒ අතර වූ බවය. බඩෙන්ස් විසින් බඳවා ගෙන තුබූ ඇතැම් ඒජන්තයන් ද ඊට ඇතුලුව සිටීම බොහෝදුරට සිදුවිය හැක්කකි. එච්යූඒසීය සමඟ විටකර් චැම්බර්ස් පැවැත්වූ ස්ථාවර සහයෝගය සමඟ සලකා බැලූ කල හොඳටම සිදු විය හැකි පරිදි කමිටුව ඔහුට කථා කලේ නම්, සිල්වියා ඇගිලොෆ් ඒජන්තවරියක වී ය යන සිය මතය ඔහු ඔවුන්ට පවසනු ඇත. මෙකී ප්‍රභව, "මෙම කාරනය සම්බන්ධයෙන්" ඇගිලොෆ් සහෝදරියන්ගේ නම් "සඳහන් කොට" තිබිනි. වෙනත් වචනවලින් කිවහොත්, සිල්වියා ඇගිලොෆ්ම ද ට්‍රොට්ස්කි ඝාතනය ක්‍රියාත්මක කිරීමෙහි ලා සම්බන්ධව සිටි ජීපීයූ ඒජන්තවරියක බව ජීපීයූ ඒජන්තයන් ගනනාවක් ගනනාවක් එච්යූඒසීයට කියා සිටියෝය.

සංක්ෂිප්තය වැඩි දුරටත් සඳහන් කලේ ඇගිලොෆ් කමිටුවට "පූර්න සහයෝගයක්" දුන් බව හා "වටිනා තොරතුරු සම්පාදනය කල" බවය. තොරතුරු වටිනා ඒවා වන්නේ එය කමිටුවේ විමර්ශනයෙහි ප්‍රකාශිත අරමුන වන ට්‍රොට්ස්කිගේ ඝාතනය සැලසුම් කිරීමෙහි ලා සම්බන්ධ වූ ජීපීයූ ඒජන්තයන් නිරාවරනය කර ගැනීමට ඉවහල් වූ තාක් දුරටය. ඇගේ 1950 දෙසැම්බර් 4 සාක්ෂිය රජයට වටිනා එකක් විය නොහැක්කේ, එය හුදෙක් ඇගේ හොඳින් දන්නා කියාපෑම වූ, මෙක්සිකෝවේ සිරභාරයේ සිටි ජැක්සන්-මොනාර්ඩ් සමඟ පෙමින් බැඳීමේ කථාවේ ම පුනරුච්ඡාරනයක් වූ හෙයිනි. ඇය ලබා දුන් වටිනා තොරතුරු ඇය ලබා දෙන්නට ඇත්තේ පෞද්ගලිකව ය. ඊට ඇය දැන සිටි ජීපීයූ ඒජන්තයන්ගේ නම් ඇතුලත් වන්නට ඇත.

කමිටු සාරාංශයේ, එජ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සොහොයුරියන් මුහුන දී සිටි "පෞද්ගලික අවදානම" පිලිබඳව ද සඳහන් වේ. මේ වූ කලී එස්ඩබ්ලිව්පීය පිලිබඳව කල සඳහනක් විය නොහේ. තමන් මධ්‍යයේ ම ක්‍රියාත්මක වෙමින් සිටි ස්ටැලින්වාදී ඒජන්තයන් නිරාවරනය කිරීමේ කිසිදු උනන්දුවක් නොපෑ එය, සිය පක්ෂ පුවත්පතේ මෙම විභාගය පිලිබඳව වාර්තා කිරීමට පවා සමත් වූයේ නැත. එකම යුක්තිසහගත පැහැදිලි කිරීම විය හැක්කේ එච්යූඒසීය ඇගිලොෆ් සොහොයුරියන්ට ජීපීයූවෙන් එල්ල විය හැකි "පෞද්ගලික අවදානම" ගැන සඳහන් කල බවයි.

ඇගිලොෆ්ගේ සාක්ෂියෙන් ඉක්බිතිව එලැඹි වර්ෂවල දී රජය, 1930 ගනන්වල හා 1940 ගනන්වල "ප්‍රති-ට්‍රොට්ස්කිවාදී" කටයුතුවල නියැලී සිටි ජීපීයූ ඒජන්තයන් ගනනාවකට එරෙහිව අභිචෝදනා ගෙන ඒමට, මෙම මුල්කාලීන විමර්ශන වලින් අත්පත් කර ගැනුනු තොරතුරු භාවිතා කලේය. එජ ආන්ඩුව මෙම ඒජන්තයන් ගැන උනන්දු වූයේ ඔවුන් ප්‍රති-ට්‍රොට්ස්කිවාදී චරපුරුෂ කාර්යයේ සිට ට්‍රොට්ස්කිගේ ඝාතනයෙන් පසු යුදමය හා න්‍යෂ්ඨික ඔත්තු බැලීම් කරා මාරු වූ කල්හි ය. ජැක් සොබ්ල් 1957 දී අත්අඩංගුවට ගැනුනු අතර, මාක් ෂ්බොරොව්ස්කි 1958 දී ද, සොබ්ල්ගේ සොහොයුරු රොබට් සොබ්ලන් 1960 දී ද අත්අඩංගුවට පත් වූහ. සොබ්ලන්ට එරෙහිව චෝදනා නැඟීමේ දී, ජේම්ස් පී. කැනන්ගේ ලේකම් සිල්වියා ෆ්‍රෑන්ක්ලින් (විවාහයට පෙර කැලන්) හා එස්ඩබ්ලිව්පීයේ සාමාජික ෆ්ලොයිඩ් ක්ලේව්ලන්ඩ් මිලර් අධිචෝදනා නඟනු නොලැබූ සහ-කුමන්ත්‍රනකරුවන් ලෙස නම් කරන ලදී.

මෙම නඩු විභාග පැවැත්වෙන විට ට්‍රොට්ස්කි ඝාතනයෙන් ගත වී තිබුනේ වර්ෂ 20ක් පමනෙකි. චෝදනා ඉදිරිපත් කිරීමේ දී හා වරදකරු ලෙස දුන් තීන්දු වලදී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉහල පෙලේ සාමාජිකයන් ජීපීයූ ඒජන්තයන් ලෙස කටයුතු කර ඇතැයි තහවුරු වූ නමුදු, මෙකී නඩු විභාග හෝ ඒවායේ ප්‍රතිඵල හෝ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පීයේ) පුවත්පතේ වාර්තා නොකෙරින. එෆ්බීඅයිය විමර්ශන පවත්වමින් සිටියේය. එහෙත් එස්ඩබ්ලිව්පීය එසේ නොකලේය.

වසර විසි හයකට පසුව ද එෆ්බීඅයිය හා ජේ. එඩ්ගාර් හූවර් තවමත් දිගටම ඇගිලොෆ් අපරාධ සහාය පිලිබඳ සාකච්ඡාව සමීපව නිරීක්ෂනය කරමින් හුන්හ. 1966 ඔක්තෝබර් 17 වන දින හූවර්ට කිසියම් පුද්ගලයෙකුගෙන් ලිපියක් ලැබින. පසුව නිකුත් කෙරුනු එෆ්බීඅයි ලිපි ගොනුවල ඔහුගේ නම වෙනස් කොට ඇත. මේ තැනැත්තා ඉසාක් ඩොන් ලෙවින්ගේ මයින්ඩ් ඔෆ් ඇන් ඇසසින් (ඝාතකයෙකුගේ මනස) නම් පොත පිලිබඳව සඳහන් කරමින් මෙසේ අසයි:

වරදකරු බවට තීන්දු කරනු ලැබූ ඝාතකයාට මෙක්සිකෝ නගරයේ ලියොන් ට්‍රොට්ස්කිගේ නිවෙසට ඇතුලු වීමට ඉඩකඩ සලසා දීමෙහි ලා ආධාරකාරී වූ ඇමරිකානු තරුනියන් දෙදෙනා තම රටේ දී නඩු විභාගයකට මුහුන දීම සඳහා පිටුවාහල් කරන ලෙස මෙක්සිකෝ ආන්ඩුව කිසිදා ඉල්ලා නොසිටියේ මන්දැයි මට දැනුම්දීමට ඔබට හැකිද? පොතේ මේ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොවේ. ඝාතනය සඳහා උපකාරී වූ මෙම උපකාරකයන් - මෙහි දී වේවා, මෙක්සිකෝවේ දී වේවා, කෙතෙක් දුරට කවර හෝ ආකාරයකින් නෛතිකව වගකිව යුතු ද?

1966 ඔක්තෝබර් 20 වන දින හූවර් පෞද්ගලිකව ප්‍රතිචාර දැක්වීය:

ඔබේ විමසීම සම්බන්ධයෙන්, ඔබ සඳහන් කරන කරුන එෆ්බීඅයියේ විමර්ශනාත්මක බල සීමාව තුල සිදු වූ නීතිවිරෝධී කටයුත්තක් නොවේ. එබැවින් ඔබ අපේක්ෂා කරන ආකාරයේ අදහස් දැක්වීමක් කිරීමට මට නොහැක. ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය කිරීම මෙක්සිකෝව තුල සිදු වූ තාක් දුරට, ඊට සම්බන්ධ පුද්ගලයන්ට චෝදනා එල්ල කිරීම ආරම්භ කල යුත්තේ එම රටේ බලධාරීන් විසිනි.

සිල්වියා ඇගිලොෆ්ට එරෙහිව මෙක්සිකෝ රජයේ බලධාරීන් නඩු පවරන ලද බවත්, චෝදකයන් හිල්ඩා ඇගිලොෆ්ට ද නඩු පැවරීමට බලාපොරොත්තු වූ බවත් යන කරුන මේ පිලිතුර තුල හූවර් හෙලි නොකොට රඳවා ගනී. පෙනී යන පරිදි හූවර්ගේ මේ අතහැරීමේ අරමුන වී ඇත්තේ, ඇගිලොෆ් සහෝදරියන්ගේ නිදහස්වීම සහතික කර ගත්තේ කෙසේදැයි දැන ගැනීමෙන් මෙම ප්‍රශ්න අසන්නා වලක්වා ලීමයි.

මරඩරඇගඉරනම

රාමොන් මර්කාඩර් 1960 මැයි මාසයේ මෙක්සිකෝහි සිර ගෙයින් නිදහස් කරන ලදී. චෙක් තානාපති නිලධාරීන්ගේ භාරයේ තැබුනු ඔහු කියුබාව හරහා සෝවියට් සංගමයට ප්‍රවාහනය කරන ලදී. කියුබාවේ දී සුලු ධනපති ගරිල්ලා නායක හා කර්කශ ට්‍රොට්ස්කි විරෝධියෙකු වූ චේ ගෙවාරා ඔහුට වීරයෙකුගේ පිලිගැනීමක් ලබා දුන්නේය.

එඩුවාඩෝ සෙනිසෙරෝස් - මර්කාඩර්ගේ නීතිඥයා, 1976 දෙසැම්බරයේ (අනුග්‍රහය: ඩේවිඩ් නෝර්ත්) [Photo by David North]

 1977 ජනවාරියේ දී ඩේවිඩ් නෝර්ත් හා (බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂය විසින් පල කෙරුනු නිව්ස් ලයින් පුවත්පතේ එවකට කර්තෘ ධුරය දැරූ) ඇලෙක්ස් මිචෙල් මෙක්සිකෝවේදී සිදු කල ගවේෂනයක් මත පදනම් වූ තොරතුරු ප්‍රසිද්ධියට පත් කරමින් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, මර්කාඩර් හා ඔහුගේ නීතිඥයා වූ එඩුවාඩෝ සෙනිසෙරෝස් අතර සිදු කෙරුනු ලිපි හුවමාරුවක් මත පදනම්ව, මර්කාඩර් සෝවියට් දේශයේ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටින බව තහවුරු කලේය.

මර්කාඩර් සෙනිසෙරෝස් වෙත එවූ ලිපිය, දෙසැම්බර් 1976 (අනුග්‍රහය: ඩේවිඩ් නෝර්ත්) [Photo by David North]

 සෝවියට් සංගමය තුල වාසය කරන අතරවාරයේ ස්ටැලින්වාදී නිලධරය ඔහුට රටෙහි ඉහලම ගෞරව සම්මානය වන ඕඩර් ඔෆ් ලෙනින් සම්මානය පුද කලේය. තවද, ඔහුට සැපපහසු අනුනිවස්නයක නවාතැන් දෙන ලද අතර, එහිදී ඔහු ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂයේ පිටුවාහල් කෙරුනු නායකත්වය සමඟ නිරතුරු සම්බන්ධකම් පැවැත්වීය. සෝවියට් සංගමය හා කියුබාව අතර ඔහු එහා මෙහා සංචාරයේ යෙදුනේය. කියුබාවේදී ඔහු ගරු කටයුතු ආගන්තුකයෙකු ලෙස හා ෆිදෙල් කැස්ත්‍රෝගේ පෞද්ගලිකව දන්නා හඳුනන්නෙකු ලෙස පිලිගැනින. 1978 දී, සිය 65 වන වියේ දී ඔහු කියුබාවේ දී මරනයට පත් විය.

රාමොන් මර්කාඩර් (වමේ සිට දෙවැන්නා) සහ රාමොන් කැස්ත්‍රෝ [Photo: Olivia Gall]

නිව්යෝර්ක් නගරයේ සුවපහසු දිවියක් ගෙවූ සිල්වියා ඇගිලොෆ් 1995 දී, 86 වන වියේ දී මරනයට පත් වූයේ කොයෝවාකාන් සිදුවීම් වලින් පසු අර්ධ ශතවර්ෂයක් ඉක්මවා ජීවත් වීමෙන් පසුවය.

2011 දී ඇගේ සමීප මිතුරියක වූ ලිලියන් පොලක් සමඟ මැන්හැට්න්හි ඉහල බටහිර පැත්තේ වූ ඇගේ නිවස්නයේ දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලදී. සිල්වියා ඇගිලොෆ් "ජීවත් වූයේ මෙතැනට ඉතා නුදුරුව පිහිටි පියකරු නිවස්නයකයැ"යි ඇය කීවාය. [200] දුරස්ථ ඥාතීන් ඇගිලොෆ් සොහොයුරියන් පිලිබඳව පැවැසුවේ, තමන්ගේම පවුලේ අය හරහා මෙම සොහොයුරියන් පිලිබඳව ඔවුන්ට කිසිදා කිසිවක් අසන්නට නොලැබුනු බවයි. ඔවුන්ගේ ජීවිත පිලිබඳ දැනගැනීමට ලැබුනු එකම නිසැක තොරතුරු ඔවුන්ට ලැබුනේ ප්‍රසිද්ධ මරන දැන්වීම්වලින් පමනෙකි. [201] එෆ්බීඅයියට අනුව, සිල්වියා නිව්යෝර්ක් නගරාසන්නයේ බාලාංශ පාසලක් පවත්වා ගෙන ගියාය. ඇය එජ රජයට ජීපීයූව පිලිබඳ "වටිනා තොරතුරු" සම්පාදනය කිරීමෙන් පසු, ට්‍රොට්ස්කිගේ ඝාතනයේ ඇය ඉටු කල භූමිකාව සම්බන්ධයෙන් කිසිත් බලගතු අපහසුතාවයකට මුහුන පෑමට ඇයට සිදු නොවීය.

ගමනය

ලබාගත හැකි සියලු තොරතුරු මත පදනම් ව, "දුප්පත් කුඩා සිල්වියා" පිලිබඳ මිත්‍යාව, 1940 අගෝස්තු 20 දේශපාලන ව්‍යසනය තුල ඇගේ භූමිකාව පිලිබඳ නිරවද්‍ය කථා ප්‍රවෘත්තියක් මඟින් විස්ථාපනය කිරීමට දැන් පුලුවන. සැබෑ පුද්ගලයා අවසානයේ ගොඩනඟන ලද පුද්ගලතාවයේ ස්ථානය ගනී.

සිල්වියා ඇගිලොෆ් යනු කවරෙක් ද? සාක්ෂි විසින් ප්‍රබල ලෙස මඟ පෙන්වනු ලබන්නේ ඇය, ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටු කල ජීපීයූ ඒජන්තවරියකය යන නිගමනය කරා ය.

සමාප්තයි.

***

සටහන්:

[පෙන්වා නැති මුල් ප්‍රකාශයන් පලමු කොටසේ හෝ දෙවන කොටසෙහි හෝ තෙවන කොටසෙහි ඇත]

[161] මර්කාඩර්ගේ නියම නම ප්‍රසිද්ධියට පත් කෙරුනේ මෙක්සිකානු විමර්ශක අල්ෆොන්සෝ ක්විරෝස් කුවරොන් විසින් සිදු කරන ලද පරීක්ෂනවල ප්‍රතිඵලයක් ලෙස 1949 දී හෝ 1950 දී ය.

[162] බැරන් කෲස්, පි. 59.

[163] එම, පි. 76.

[164] එම, පි. 83.

[165] එම, පි. 60.

[166] එම, පි. 61.

[167] එම, පි. 54.

[168] එම, පි. 76.

[169] 1940 සැප්තැම්බර් 5 දින ජේ.බී. ලිට්ල් විසින් එච්.එච්. ක්ලෙග් වෙත එවන ලද එෆ්බීඅයි වාර්තාව - යොමුව: "මෙක්සිකෝවේදී ට්‍රොට්ස්කි ඝාතනය කිරීම".

[170] නිව්යෝර්ක් ටයිම්ස්, 1940 අගෝස්තු 22, “ට්‍රොට්ස්කි සිය තුවාලවලින් මිය යයි; විප්ලවය පෙරට යා යුතුයැයි ඉල්ලා සිටී."

[171] 1940 අගෝස්තු 29 එෆ්බීඅයි සිහිපත යොමුව: “ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය.”

[172] එම. ආරක්ෂාව හා හතරවැනි ජාත්‍යන්තරය විමර්ශනයේ කොටසක් ලෙස සිදු කරන ලද ඩේවිඩ් නෝර්ත් සමඟ 1977 දී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී, ඝාතනයට සම්බන්ධ ස්ටැලින්වාදීන් පිලිබඳ විමර්ශනයට ක්‍රියාකාරී ලෙස සම්බන්ධව සිටි එෆ්බීඅයි ඒජන්ත එම්.ආර්. ග්‍රීෆින් කියා සිටියේ ඇගිලොෆ් ජීපීයූ ඒජන්තවරියක බව තමා විශ්වාස කරන බවයි.

[173] The Gelfand Case, වෙලුම I (Detroit: Labor Publications, 1985), පි. 15.

[174] ලුරි, පිටු 259–60.

[175] එම, පි. 280.

[176] බැරන් කෲස්, පි. xix.

[177] එම, පි. 67.

[178] එම, පි. 77.

[179] එම, පි. 82.

[180] එම, පිටු 83–85.

[181] 1940 අගෝස්තු 29 එෆ්බීඅයි සිහිපත, යොමුව: “ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය .”

[182] බැරන් කෲස්, පි. 179.

[183] ලුරි, පි. 272.

[184] එරික් ගුරෙවිච්, “Thinking with Sylvia Ageloff,” Hypocrite Reader, 2015 අගෝස්තු. මෙතැනින් බලන්න.

[185] බැරන් කෲස්, පිටු xiv–xv.

[186] එම, පිටු xix–xx.

[187] එම

[188] රූත් ඇගිලොෆ් වෙත ද සිතාසි නිකුත් කරන ලදී. එහෙත් කමිටුවේ කාර්ය මන්ඩල නීතිඥයාට අනුව, ඇය අසනීපයෙන් පසු වූවාය. දිවුරුම් පිට සාක්ෂි දෙන ලෙස සහ වාර්තා කිරීම සඳහා සාක්ෂි යොමු කරන ලෙස ඇගෙන් ඉල්ලා නොසිටීමට කමිටුව තීරනය කලේය.

[189] එම, පි. vi.

[190] එම, පි. ix.

[191] එම

[192] American Aspects of the Assassination of Leon Trotsky, US House of Representatives Committee on Un-American Activities, 1950, පි. 3,416.

[193] එම, පි. 3,402.

[194] එම, පි. 3,403.

[195] එම, පි. 3,404.

[196] එම

[197] එම, පි. 3,406.

[198] එම

[199] එම, පි. xiv.

[200] අංක 51 දරන සටහන බලන්න. මෙතැනින් බලන්න. පිටු 15-16.

[201] ඇමි ෆෙල්ඩ් සමඟ එරික් ලන්ඩන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව, 2020 අගෝස්තු 17; එරික් එම්. ගුරෙවිච් සමඟ එරික් ලන්ඩන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව, 2020 අගෝස්තු 17

Loading