ඉන්දියාවේ කොවිඩ්-19 ව්‍යසනය ගැන ශ්‍රී ලංකාවේ සසප ඔන්ලයින් රැස්වීමක් පවත්වයි

[මෙම දැන්වීම SEP (Sri Lanka) to hold online meeting on COVID-19 catastrophe in India  යන මැයෙන් 2021 මැයි 11 දින ඉංග්‍රීසි බසින් පල විය.] 

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය “කොවිඩ්-19 වසංගතය සහ සමාජවාදී මූලෝපායක අවශ්‍යතාව” යන මැයෙන් මැයි 30 වැනි දා ඉරිදා ඉන්දියානු සම්මත වේලාවෙන් සවස 6ට ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. රැස්වීම ඉංග්‍රීසි සහ දෙමල භාෂාවලින් පැවැත්වෙනු ඇත.

ලෝකයේ ඕනෑ ම රටක් ගත් විට ඉහල ම දෛනික ආසාදිතයන් වාර්තා වන ඉන්දියාව කොවිඩ් 19 වසංගතයේ අපිකේන්ද්‍රය බවට පත් වී ඇත. වසංගතය පාලනයකින් තොර ව රට පුරා වේගයෙන් පැතිර යන්නේ මිලියන සංඛ්‍යාත ජනතාවන්ට දරුනු ප්‍රතිඵල අත් කර දෙමින් සහ නිල වශයෙන් වාර්තාගත වූ ආසාදිතයන් ගනන මිලියන 22 සහ මරන 240 000 සීමාවන් ද ඉක්මවමිනි.

ඉෂාර් හුසේන් ෂායික්, වමේ, හේල්ප්නව් සංවිධානයේ ගිලන්රථ රියැදුරෙක් සහ මුම්බායි හි නිවසක සිට කොව්ඩ්-19 රෝගියෙකු ගෙනයන අනෙක් අය (ඒපී ඡායාරූප/රෆීක් මක්බුල්)

අප්‍රමානවත් ප්‍රතිපාදනවලින් දිගුකාලීන ව පවත්වා ගෙන ගිය ඉන්දියාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවන් ඉක්ම ගොස් ඇත. හද කම්පා කරවන මාධ්‍ය වාර්තාවන්, ප්‍රධාන නගරයන්හි, රෝහලකට ඇතුලුවීමට නොහැකිව දරුනු ලෙස රෝගයෙන් පීඩා විඳින ජනයා සහ රෝහල්වල වෛද්‍ය ඔක්සිජන් අවසන් වීම නිසා හුස්ම හිර වීමෙන් මියයන රෝගීන් පෙන්නුම් කරයි. නොදියුනු සෞඛ්‍ය සේවයක් පවතින ගම්බද පලාත්වල ඛේදවාචකය වඩාත් විශාල ය. එන්නත්කරන වැඩසටහන අවුල් ජාලාවකට පත් ව ඇති අතර, පලමු මාත්‍රාව ලබා දුන් ප්‍රතිශතය ජනගහනයෙන් සියයට 10කි. මාත්‍රා දෙක ම ලබා දී ඇත්තේ ජනගහනයෙන් සියයට 2.5කට ය.

මෙම දැවැන්ත මානුෂීය ඛේදවාචකයට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුවත් සමස්ත දේශපාලන සංස්ථාපිතයමත් ජාතික සහ ප්‍රාන්තීය මට්ටම්වලින් වගකිව යුතු ය. තමන්ගේ ජාත්‍යන්තර සගයන් මෙන් මෝදි ද මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ ව්‍යාපාරිකයන්ගේ ලාභ තබන “ආර්ථිකය විවෘත කිරීමේ” සාපරාධී ප්‍රතිපත්තිය අනුගමනය කලේ ය. දෛනික ආසාදනයන් වේගයෙන් ඉහල යන තත්ත්වයක පවා ආන්ඩුව ජාතික පරිමාන ලොක්ඩවුන් කිරීමක් ප්‍රතික්ෂේප කරයි.

ඉන්දියාවේ බිලියනපතියන්ගේ ධනය පසුගිය අවුරුද්දේ දී ආසන්න වශයෙන් දෙ ගුන වෙද්දී යැපීම් මාධ්‍යයන්ගෙන් වියෝ කරනු ලැබූ මිලියන සංඛ්‍යාත ඉන්දියානුවෝ දරිද්‍රතාවයට ඇද දමනු ලැබූහ. සීමිත අගුලු ලෑම් ක්‍රියාත්මක වූ අවස්ථාවල දී පවා රැකියා අහිමි වූවන්ට සහනාධාරයක් නොලැබුනු තරම්ය. එ මෙන් ම, තව දුර රැකියා සහ සේවා කොන්දේසි විනාශ කර දමන වෙලඳපොල ගැති නව පියවර මාලාවක් කඩිනමින් ක්‍රියාවට දැමීමට මෝදි වසංගතය ඩැහැ ගෙන ඇත.

සීඝ්‍රයෙන් ගැඹුරුවන සමාජ අර්බුදය විරුද්ධත්වය අවුලුවාලයි. පසුගිය වසරේ දී මෝදි ආන්ඩුවේ වෙලඳපොල ගැති ප්‍රතිසංස්කරනවලට එරෙහි ව මිලියන සංඛ්‍යාත කම්කරුවෝ එක් දින වැඩ වර්ජන දෙකකට එක් වූහ. බොහෝ ක්ෂේත්‍ර ගනනාවක වැඩ වර්ජන සහ විරෝධතා පැන නැගී ඇත. ආන්ඩුවේ ව්‍යාපාර ගැති කෘෂි පනත්වලට එරෙහි ව, ගොවියෝ දිල්ලි නගර සීමාව මාස හයක් පුරා වාඩි ලා ගෙන සිටිති.

වෘත්තීය සමිති, විශේෂයෙන් ම ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීඑම්) සහ ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය (සීපීඅයි) යන ඉන්දියාවේ ප්‍රධාන ස්ටැලින්වාදී පක්ෂ දෙක විසින් පාලනය කෙරෙන වෘත්තීය සමිති කම්කරුවන්ගේ අරගල මෝදි ආන්ඩුවට බලපෑම් දැමීමේ සහ මහා ව්‍යාපාරිකයේ සෙසු ප්‍රධාන පක්ෂය වන කොංග්‍රස් පක්ෂයට ආයාචනා කිරීමේ නිෂ්පල උත්සාහයන්ට කොටු කර ගෙන සිටී.

සෞඛ්‍යාරක්ෂාවට සහ ජීවත් වීමට ඇති අයිතිය ඇතුලු තම අති මූලික අයිතීන් ආරක්ෂා කර ගැනීමට, කම්කරු පන්තිය ධනවාදයේ ආරක්ෂකයන් වන වෘත්තීය සමිතිවලත් ස්ටැලින්වාදීන්ගේත් විලංගු බිඳ නිදහස් ව තම පන්ති අවශ්‍යතාවන් උදෙසා සටන් කල හැකි නව ස්වාධීන සංවිධාන එනම්, ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු ය.

අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර, පන්ති කාමර තුල කෙරෙන අධ්‍යාපනය වහා ම නතර කිරීමත්, බලපෑමට ලක් වන සියලු කම්කරුවන්ට සම්පූර්න වැටුප් ගෙවීමත්, මහජන සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත පරිමාවකින් ප්‍රසාරනය කිරීමත් මෙයට ඇතුලත් ය. එබඳු පියවර නොවැලැක්විය හැකි ලෙස මහා ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම් සමග ගැටෙන්නේ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් ව සටන් කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරමිනි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මෙම වසරේ මැයි දිනය දා, ගෝලීය වසංගතයට පාලක පන්තියේ සාපරාධී ජාත්‍යන්තර ප්‍රතිචාරයට එරෙහි ව ලෝකය පුරා කම්කරුවන්ගේ අරගල ඒකාබද්ධ කෙරෙන ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩ නැගීමට කැඳවුම් කලේ ය.

දකුනු ආසියාවේ පමනක් නොව, ජාත්‍යන්තර ව ම අපගේ සියලු ම පාඨකයන්ට හජාජාකයේ මෙම ආරම්භකත්වයට සහයෝගය ලබා දෙන ලෙසත් ඔන්ලයින් රැලියට සහභාගී වන ලෙසත් උනන්දු කරවන්නෙමු. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ලේකම් දීපාල් ජයසේකර ප්‍රධාන කථිකයා වනු ඇත.

දිනය සහ වේලාව: මැයි 30 වැනි දා ඉරිදා සවස 6.00 (ශ්‍රී ලංකා වේලාව)

භාෂාව: ඉංග්‍රීසි සහ දෙමල

පහත දැක්වෙන සබැඳියට පිවිස රැස්වීමට ලියාපදිංචි වන්න.

https://attendee.gotowebinar.com/register/4191651001271117581

Loading