ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක්: “ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේ ද?”

වැටුප් විෂමතා ඉවත් කිරීම මූලික කොට ගෙන ලංකාවේ රජයේ පාසල් ගුරුවරු මේ මස 12 දා සිට සති දෙකක් පුරා ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව සිටිති. පාලක පන්තිය විසින් අවුලවාලනු ලබන වාර්ගික හා ආගමික භේදකරනයන් නොතකා රටපුරා දෙලක්ෂ පනස් දහසකට ආසන්න ගුරුවරුන්ගේ සහාය වර්ජනයට ලැබී ඇත.

මෙම තතු යටතේ “ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේ ද ?” යන මාතෘකාව යටතේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් නායකත්වය දෙන ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා ක්‍රියාකාරී කමිටුව විසින් මේ මස 30 වන සිකුරාදා සවස 7 ට සූම් තාක්ෂනය ඔස්සේ ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි.

පිම්මේ ඉහල යන ජීවන වියදම හමුවේ ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වැටුප් දිනා ගැනීම සඳහා ගුරුවරු අතර වර්ධනය වී ඇත්තේ බරපතල සටන්කාමීත්වයකි. යහපත් වැටුප් දිනාගැනීම සඳහා මෙන්ම සිසුන්ගේ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ආන්ඩුවෙන් පහසුකම් නොසැපයීම, අධ්‍යාපන පෞද්ගලීකරනය, මිලිටරීකරනය සහ රාජ්‍ය මර්දනයට එරෙහිව පසුගිය බ්‍රහස්පතින්දා දෙදහසකට අධික ගුරුවරු සහ විදුහල්පතිවරු කොලඹදී විරෝධතා දැක්වූහ.

නමුත් වසර 24 ක් තිස්සේ ආන්ඩුවල බොරු පොරොන්දු ජයග්‍රහන ලෙස හුවා දක්වමින් ගුරු අරගල පාවා දී ඇති ගුරු වෘත්තීය සමිති මෙවරත් ආන්ඩුවේ සාකච්ඡා හා කැබිනට් පත්‍රිකා මගින් විසඳුම් ලැබේය යන මිත්‍යාව වපුරමින් ගුරුවරුන්ගේ සටන්කාමීත්වය අවමංගත කිරීමේ යෙදී සිටිති.

ආන්ඩුවට බලපෑම් දැමීමේ හුදකලා විරෝධතා මගින් එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයන් පරාජය කිරීම හෝ ඉහල වැටුප් ඇතුලු යහපත් රැකියා කොන්දේසි දිනාගැනීම කල නො හැක්කකි. ඒ සඳහා වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් මිදී ගුරුවරුන් අවශේෂ කම්කරු පන්තිය සහ පීඩිත කන්ඩායම් සමග එක්ව ධනපති ක්‍රමයට එරෙහි ව සමාජවාදී ප්‍රතිපත්ති මත ඒකාබද්ධ අරගලයක් වර්ධනය කල යුතුය.

මෙම තීරනාත්මක වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරෙන උක්ත රැස්වීමට සම්බන්ධ වන ලෙස ගුරුවරුන්, දෙමාපියන්, ශිෂ්‍යයන් හා අවශේෂ කම්කරුවන්ට අපි ආරාධනා කරමු.

රැස්වීමට ලියාපදිංචිය මෙතැනින්.

https://us02web.zoom.us/meeting/register/tZItf-mprTwsHdLPBfdncZuwAnmN3D45FJFd

Loading