ශ්‍රී ලංකාවේ සසප සභාපති විජේ ඩයස්ගේ අභාවය වෙනුවෙන් හජාජාක ශාඛාවන් විසින් එවන ලද ශෝක පනිවුඩ

[මෙය Condolences sent by ICFI sections on the death of Wije Dias, Sri Lankan SEP chairman යන මැයෙන් 2022 අගෝස්තු 02 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති විජේ ඩයස්ගේ අභාවය පිලිබඳව හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් විසින් එවන ලද ශෝක පනිවුඩ අපි මෙහි පලකරන්නෙමු. එක්සත් ජනපදයේ සසප සභාපති ඩේවිඩ් නෝර්ත්, සෙනසුරාදා සවස කොලඹ බොරැල්ල කනත්තේ පැවති අවමංගල්‍ය උත්සවයට අන්තර්ජාලය හරහා විජේ ඩයස් වෙනුවෙන් සිය උපහාරය පිරිනැමීය.

විජේ ඩයස්, 2018 දී කොලඹ පැවති හතරවන ජාත්‍යන්තරයේ 80 වැනි සංවත්සර රැස්වීම අමතමින් (ලෝසවෙඅ මාධ්‍ය)

බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයෙන්:

සහෝදරවරුනි,

බ්‍රිතාන්‍යයේ සමාජවාදී සමානතා පක්ෂයේ සියලුම සාමාජිකයෝ අපගේ හිතවත් විජේ ඩයස් සහෝදරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට ඔබ සමග එක්වෙති.

විජේ වෙනුවෙන් ලොව පුරා කම්කරුවන් සහ තරුනයින් ශෝක වනු ඇත. වියෝව පිලිබඳ ගැඹුරු හැඟීමක් අප සැමට දැනෙන අතර, විජේගේ පුත් කීර්ති සහ ඔහුගේ පවුලේ අයට අපගේ හෘදයාංගම සංවේගය පල කරමු.

අපගේ ව්‍යාපාරය, ට්‍රොට්ස්කිවාදය සඳහා එවන් ප්‍රතිපත්තිගරුක, උදාර සහ අසාමාන්‍ය සටන්කරුවෙකු විසින් මෙහෙයවනු ලැබූ බවට යුක්ති සහගත ආඩම්බර හැඟීමකින් අපගේ ශෝකය සංසිඳුවා ඇත. 1985-86 බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ ජාතික අවස්ථාවාදීන් සමඟ භේදයෙන් පසුව, දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා ශාඛාවේ ජාතික ලේකම්වරයා ලෙස ද ඇතුලුව අපගේ ජාත්‍යන්තර පක්ෂය තුල ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට විජේ සහෝදරයාට හැකි විය.

ඔහු කල සෑම දෙයකදීම, විජේට විශාල දේශපාලන අත්දැකීමක්, මාක්ස්වාදය සහ ශ්‍රී ලංකා, දකුනු ආසියානු සහ ලෝක ඉතිහාසය පිලිබඳ ජීවිත කාලය පුරාම අධ්‍යයනයක් ගෙන ආවේය. 'දේශපාලන අධිකාරය' යන වාක්‍ය ඛන්ඩයෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔහුගේ කතා ඇසීමට තරම් වාසනාවන්ත වූ ඕනෑම අයෙකු දැන ගනු ඇත.

ඔහු දැනුවත් කිරීම සඳහා ඉවසිලිවන්තව හා නිරවුල්ව පැහැදිලි කිරීමට උත්සාහ කලේය. සමාජවාදී විප්ලවයේ සාර්ථකත්වය රඳාපවතින්නේ දියුනු කම්කරුවන්ගේ හා තරුනයන්ගේ දේශපාලන විඥානය නඟා සිටුවීම සහ ඔවුන් කේඩර ලෙස වර්ධනය කිරීම මත බව දැන, හදවතට පමනක් නොව හිසට ද ආයාචනා කලේය.

පක්‍ෂ ආයතන තුල සාකච්ඡා කිරීමේදී, ජාත්‍යන්තර ප්‍රතිපත්ති සැකසීමේදී හෝ පෞද්ගලික සංවාදයකදී ඔහු, සවන් දීමට සහ ඉගෙන ගැනීමට හැකි අයකු විය. ඔව්, විශේෂයෙන්ම කම්කරු පන්තියේ දේශපාලන සතුරන්ගේ මවාපෑම් සහ අහංකාරය විසුනු කිරීමේදී—ඔහු තියුනු හාස්‍යයෙන් යුතු විය.

ට්‍රොට්ස්කිගේ තීරනාත්මක නිරීක්‍ෂනය අනුව, “සටන් මැද මනසට ඇතුලු වන අදහස් එහි සුරක්ෂිතව, සදහටම පවතී.” විජේ සම්බන්ධයෙන්ද එය එසේ විය. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් 2018 දෙසැම්බර් 6 වැනි දින ඩේලි මිරර් පුවත්පත සමඟ කල සම්මුඛ සාකච්ඡාවකදී විජේ හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට තමන් දිනා ගැනුනු ආකාරය පැහැදිලි කලේය.

කරුනු දෙකක් කැපී පෙනේ: ඒවා නම්, 1964 දී සිරිමාවෝ බන්ඩාරනායකගේ ධනේශ්වර සභාගයට ලංකා සමසමාජ පක්ෂය එක්වීමේ “මහා පාවාදීමේ” දේශපාලන බලපෑම සහ විජේ ඇතුලු තරුන සම-චින්තකයින් කුඩා කන්ඩායමක් සමාජවාදී ජාත්‍යන්තරවාදීන් ලෙස එම පාවාදීමට එරෙහිව ප්‍රතිචාර දැක්වීම යි.

විජේ එවකට ලසසප (විප්ලවවාදී) පිලේ සාමාජිකයෙකි. ඔහු මෙසේ පැහැදිලි කලේය, “පේරාදෙනිය විශ්වවිද්‍යාල පුස්තකාලයේදී අපට ජෙරී හීලි විසින් නායකත්වය දෙන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) බ්‍රිතාන්‍ය ශාඛාවේ නිවුස්ලෙටර් පුවත්පත මුනගැසුනි. හීලිගේ ‘ශ්‍රී ලංකාව–මහා පාවාදීම’ යන පත්‍රිකාව අපි කියවූ අතර, එහි සැලකිය යුතු වාක්‍යයක් වූයේ: ‘සභාගයේ මූලාරම්භය කොලඹින් සොයාගත නොහැක, එය සොයාගත හැක්කේ පැරිසියෙන් පමනි’ යන්නයි. පැරිසිය පැබ්ලෝවාදීන් විසින් ආධිපත්‍යය දැරූ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර ලේකම් කාර්යාලයේ මූලස්ථානය විය. සමසමාජ පක්ෂය සභාගයට ගෙන ගියේ ඔවුන්ගේ දේශපාලනයයි. ලසසප (වි) නායකයන් මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීමට විරුද්ධ වූයේ ඔවුන්ට එම පැබ්ලෝවාදී පිලිවෙතම අනුගමනය කිරීමට අවශ්‍ය වූ බැවිනි.”

විජේ සහ ඔහුගේ සගයන් ලසසප (වි) වෙතින් කැඩී ගිය අතර, විල්ෆ්‍රඩ් 'ස්පයික්' පෙරේරා සහෝදරයාගේ මගපෙන්වීමට ස්තූතිවන්නට, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය සහ විශේෂයෙන්ම එක්සත් ජනපද සමාජවාදී කම්කරු පක්ෂය 1963 දී පැබ්ලෝවාදීන් සමග යලි එකමුතු කිරීම මගින් මතු කරන ලද ප්‍රශ්න පිලිබඳ දැඩි අධ්‍යයනයක් ආරම්භ කලහ. මෙය, කීර්ති බාලසූරිය සහෝදරයාගේ නායකත්වය යටතේ හජාජාක ශාඛාවක් ලෙස විකොස ආරම්භ කිරීමට හේතු විය.

ට්‍රොට්ස්කිවාදයේ විප්ලවවාදී ජාත්‍යන්තරවාදය සහ මාක්ස්වාදී න්‍යාය කෙරෙහි ගැඹුරු ගෞරවයක් මුල් බැසගත් මෙම ප්‍රතිපත්තිමය ප්‍රවේශය, දේශපාලන නායකයෙකු ලෙස විජේගේ දිගු ඉතිහාසය හැඩගැස්වූ අතර ඔහුට සංකීර්න අදහස් එතරම් පැහැදිලිව හා ඒත්තු ගැන්වෙන ලෙස ප්‍රකාශ කල හැකි වූයේ ඒ හේතුවෙනි.

එක් උදාහරනයක් මෙසේ ය. ඩේලි මිරර් සම්මුඛ සාකච්ඡාව අවසානයේ ඔහුගෙන් ඇසුවේ, “කුඩා රටක කුඩා කම්කරු පන්තියකට ගෝලීය සිදුවීම් කෙරෙහි විශාල බලපෑමක් කල හැකිද?” යනුවෙනි. හජාජාක ගැන සඳහන් කරමින්, දේශපාලන පැහැදිලිතාවයකින් යුත් සරල බවකින් විජේ පිලිතුරු දුන්නේ ය, “අපි කුමන භාෂාවක, සංස්කෘතියක හෝ ජාතිකත්වයක වුවද, අපි කම්කරු පන්තියේ සියලුම කොටස්වල සහෝදර සංවිධානයක් වෙමු... අපි සමානයින්, අපි සමාජ සමානතාවය සඳහා සටන් කරන්නන්. අපි ජීවත් වන්නේ කුඩා රටක, නමුත් එක්සත් ජනපදයට නොඅඩු ලෙස අපි ලෝකයේ කොටසක්. අප සියල්ලන්ම ජීවත් වන ගෝලීය තත්වයන් තිබේ. වර්ධනය වෙමින් පවතින ලෝක යුද්ධයක්, දක්ෂිනාංශික ව්‍යාපාර සහ ලොව පුරා ආඥාදායකත්වයන් සමඟින්, මෙම ඉතා භයානක තත්වයෙන් ගොඩ ඒමට සමාජවාදී පදනමක් මත කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සාක්ෂාත් කරගත යුතුය.

විජේ ඩයස් සහෝදරයා අඩුව නැවත පිරවිය නොහැකි අතර ඔහුගේ වියෝව තදින්ම දැනේ. එහෙත් දේශපාලන නායකයකු පිලිබඳ සැබෑ මිනුම්දන්ඩ වන්නේ ඔවුන් ඉතිරි කර ගිය දෙයයි.

සමාජවාදය සඳහා අරගලයේ ඉතිහාසය තුල ඔහුගේ ස්ථානය සහතික කරන විජේගේ උරුමය දෙ-ආකාර වේ. ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය තුල සියල්ලටත් වඩා ලොව පුරා කම්කරු පන්තියේ අධ්‍යාපනයට දායක වන ඔහුගේ පුලුල් ලේඛන තිබේ. එමෙන්ම, විජේ නායකත්වය දෙමින් වර්ධනය කල කේඩරයන් තිබේ. මෙම කේඩර සහ ඔවුන් මූර්තිමත් කරන ඓතිහාසික ඉදිරිදර්ශනය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව දැන් මතුවෙමින් පවතින විප්ලවවාදී අරගලවලට අවශ්‍ය නායකත්වයයි.

විජේ සහෝදරයා ජීවිතය කැප කරමින් සූදානම් කල අරගලය තුල අපි එක්ව ඉදිරියට යමු.

ක්‍රිස් මාර්ස්ඩන්

ජාතික ලේකම් - බ්‍රිතාන්‍යයේ සසප

***

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයෙන්:

හිතවත් සහෝදරවරුනි,

හජාජාකහි ජර්මානු ශාඛාව වන සසප වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ සසප සහ එහි පූර්වගාමියා වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) දිගු කලක් තිස්සේ ප්‍රධාන ලේකම් වූ විජේ ඩයස්ගේ අභාවය පිලිබඳව අපි ඔබට අපගේ හදපිරි ශෝකය ප්‍රකාශ කරමු.

විජේ සහෝදරයා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විඥානය තුල ජීවත් වනු ඇත්තේ තම මුලු වැඩිහිටි ජීවිතයම එහි විමුක්තිය සහ සමාජවාදය සඳහා අරගලය වෙනුවෙන් කැප කල අයෙකු ලෙස ය. වසර හැටකට පෙර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට බැඳුනු දා සිට, ඔහු ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය සඳහා වෙහෙස නොබලා, ඉතා දුෂ්කර කොන්දේසි යටතේ සටන් කර ඇත.

නමුත් විජේ කැපී පෙනෙන මිනිසෙක් සහ සහෝදරයෙකු ලෙස ද සිහිපත් කරනු ඇත. ඔහුගේ ආකර්ෂනීය පෞරුෂය, ඔහුගේ බලසම්පන්න ගැඹුරු කටහඬ, ඔහුගේ කථික කුසලතාව සහ ඔහුගේ නොසැලෙන හාස්‍යය පිලිබඳ හැඟීම ඔහුව ව්‍යාජ-වාමවාදී කන්ඩායම්වල තානය සකස් කරන වැනෙනසුලු චරිතවලින් තියුනු ලෙස වෙනස් කලේය.

විජේගේ දේශපාලන ජීවිතයේ මුල් අවුරුදු සනිටුහන් වූයේ, 1964 දී බලගතු කම්කරු පන්තික නැගිටීමකට පිටුපසින් පිහියෙන් ඇන, සිංහල ස්වෝත්තමවාදී ශ්‍රීලනිපයේ ධනේශ්වර ආන්ඩුවට බැඳුනු ලසසපයේ ඓතිහාසික පාවාදීමෙනි. මෙම ඓතිහාසික පාවාදීමට එරෙහිව සටන් කර 1968 දී හජාජාකහි ශ්‍රී ලංකා ශාඛාව ලෙස විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ආරම්භ කල තරුන ට්‍රොට්ස්කිවාදීන් අතර විජේ ද විය.

විජේ එකල ආරක්ෂා කල ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී මූලධර්මවලට තම ජීවිත කාලය පුරාම විශ්වාසවන්තව සිටියේය. බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂය සමග භේදය පැවැති සමයේ අපට ඔහුව පෞද්ගලිකව හඳුනා ගැනීමට හැකි විය. කවිප ශ්‍රී ලංකා ශාඛාව ධනේශ්වර ජාතිකවාදීන් සමඟ ඇති ප්‍රතිපත්ති විරහිත සන්ධානවලට බාධාවක් වූ නිසා එය විනාශ කිරීමට වසර ගනනාවක් තිස්සේ උත්සාහ කල නමුත්—එය සාර්ථක වූයේ නැත. කවිප ද්‍රෝහීන්ට එරෙහි අරගලයේ දී, එවකට කීර්ති බාලසූරිය විසින් නායකත්වය දුන් විකොස, ඇමරිකානු වර්කර්ස් ලීගය සමඟ ප්‍රමුඛ භූමිකාව ඉටු කලේ ය.

කීර්ති සහෝදරයා 1987 දී වයස අවුරුදු 39 දී අනපේක්ෂිත ලෙස මිය ගිය විට විජේ සහෝදරයා ශ්‍රී ලංකා ශාඛාවේ වගකීම භාර ගත්තේය. එතැන් පටන්, ජර්මනියේ පැවැත්වුනු හජාජාක රැස්වීම් ගනනාවකදී ඔහු සමඟ සමීපව වැඩ කිරීමට අපට අවස්ථාව ලැබුනි.

1988 දී විජේ ජර්මානු ශාඛාවේ සති දෙකක ගිම්හාන කඳවුරට සහභාගී වූ අතර එහිදී ඔහු නොනවතින විප්ලවයේ න්‍යාය සහ ශ්‍රී ලංකාවේ පාඩම් ගැන කතා කලේය. ගිම්හාන කඳවුරට සහභාගී වූවන්ට මෙය අමතක නොවන අත්දැකීමක් විය. ශ්‍රී ලාංකා ශාඛාවේ නායකයා ලෙස ඓතිහාසික සහ දේශපාලන අත්දැකීම් විශිෂ්ඨ ලෙස විග්‍රහ කිරීමේ හැකියාව විජේ සතු වූවා පමනක් නොව, ඔහු ඒවා මූර්තිමත් කලේය.

දෙමල ජාතිකවාදයෙන් බිඳී හජාජාකට බැඳුනු යුරෝපීය පිටුවහලේ ජීවත් වූ ශ්‍රී ලංකාවේ සහෝදරයන් පුහුනු කිරීමේදී විජේ වැදගත් කාර්යභාරයක් ඉටු කලේය.

1991 දී විජේ, බර්ලිනයේ ජාත්‍යන්තර කමිටුව කැඳවා තිබූ ‘අධිරාජ්‍යවාදී යුද්ධයට හා යටත්විජිතවාදයට එරෙහි කම්කරුවන්ගේ ලෝක සම්මේලනයේ’ දේශනයක් පැවැත්වීය. ඉන් පසුව ඔහු ජර්මනියේ සහ ප්‍රංශයේ දෙමල සහෝදරවරුන් සමඟ දින කිහිපයක් සාකච්ඡා කලේය. ඊලඟ වසරවල දී ද, ඔහු හජාජාකහි රැස්වීම්වලින් පසු සාකච්ඡා සඳහා ස්ටුට්ගාර්ට්, එසන් සහ පැරිසිය වෙත නිතිපතා සංචාරය කලේය.

විජේ සිය අවසන් යුරෝපීය සංචාරය තුල 2007 දී පැරීසියේ ඛේදජනක රිය අනතුරකින් මිය ගිය සෙන්තිල් රවී සහෝදරයා වෙනුවෙන් පැවති මහජන අනුස්මරන රැස්වීමකදී කතා කලේය. තේ වතු කම්කරුවන් අතර හැදී වැඩුනු සෙන්තිල්ගේ චරිතාපදානය චිත්‍රනය කරමින් විජේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පාඩම්, ලසසප පාවාදීමේ ප්‍රතිවිපාක සහ කම්කරු පන්තික එකමුතුව සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන් කිරීමේ අවශ්‍යතාවය ගැන සියයකට වැඩි පිරිසක් අමතමින් කතා කලේය.

විජේගේ වියෝව විශාල පාඩුවකි. සහෝදරයෙක් සහ දේශපාලන නායකයෙක් හැටියට අපිට ඔහු අහිමි වී යනු ඇත. එහෙත් ඔහුගේ ජීවිතය, ඔහුගේ ලේඛන සහ ඔහුගේ කථා සහ ඔහු වසර 35 ක් තිස්සේ මෙහෙයවූ ශ්‍රී ලාංකීය ශාඛාව, ධනවාදයේ බලාපොරොත්තු විරහිත අර්බුදයට මුහුන දෙන සහ දරුනු පන්ති අරගලයට තල්ලු කරන ලොව පුරා තරුන කම්කරු පරම්පරාවට ආශ්වාදයක් සහ දැනුමක් ලබා දෙන මූලාශ්‍රයකි.

ශ්‍රී ලංකාව තුල විජේගේ ජීවිතය සහ කාර්යයේ වැදගත්කම විශේෂයෙන් පැහැදිලි ය. කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා වන සසප අරගලය, දරිද්‍රතාවට පත් ජනතාව මත කුරිරු ජාමූඅ කප්පාදු නියෝගයන් පැටවීමට අවශ්‍ය පාලක පන්තියේ ආඥාදායකත්වයක සූදානමට ඇති එකම ශක්‍ය පිලිතුරයි.

සමාජවාදී සමානතා පක්ෂය වෙනුවෙන්,

උලී රිපර්ට් සහ පීටර් ෂ්වාස්

***

ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂයෙන්:

හිතවත් සහෝදරවරුනි,

සමාජවාදී සමානතා පක්ෂය (ඕස්ට්‍රේලියාව) වෙනුවෙන් විජේ ඩයස් සහෝදරයාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සසපයේ සියලුම සහෝදරවරුන් කාරුනිකව අපගේ ගැඹුරු ශෝකය පිලිගන්න.

ශ්‍රී ලංකාව තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව ගොඩනැගීම සඳහා ඔහුගේ ජීවිත කාලය පුරාවට ගෙන ගිය අරගලය, දිවයිනේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා සිදුකල නොමැකෙන දායකත්වයකි.

විජේ, විල්ෆ්‍රඩ් 'ස්පයික්' පෙරේරා සමග එක්ව 1968 දී හජාජාකහි ශ්‍රී ලංකා ශාඛාව ලෙස කීර්ති බාලසූරිය විසින් නායකත්වය දුන් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) පිහිටුවූ කැපී පෙනෙන තරුන කන්ඩායමෙන් කෙනෙකි. හජාජාක මගපෙන්වීම යටතේ ඔවුන්, 1964 දී අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට ඇතුලු වූ ලංකා සමසමාජ පක්ෂයේ පාවාදීම පැබ්ලෝවාදී අවස්ථාවාදයේ ප්‍රතිවිපාකය බවට වූ අත්‍යවශ්‍ය දේශපාලන පාඩම උකහා ගත්තේය.

පැබ්ලෝවාදී සංකල්ප කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාවත් ස්ටැලින්වාදයට, ධනේශ්වර ජාතිකවාදයට සහ 'වෙනත් බලවේග' සෙවීමට අනුගත වන සියල්ලන්ට එරෙහිව හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමේ අවශ්‍යතාවයත් යන දෙකම ප්‍රතික්ෂේප කලේය. ලසසපයේ පාවාදීමට එරෙහිව, විකොස, පසුගිය මාස තුන පුරා ශ්‍රී ලංකාව තුල මතුවී ඇති විප්ලවවාදී අරගල තුල කම්කරු පන්තිය සඳහා ස්වාධීන සමාජවාදී මාවතක් සකස් කිරීමට සසප හා ජාත්‍යන්තර කමිටුව සඳහා දේශපාලන අත්තිවාරම් දැමීය.

1987 දී කීර්ති බාලසූරියගේ අකල් මරනයෙන් පසුව විජේ ප්‍රධාන ලේකම් ධූරයේ වගකීම් භාර ගත්තේය. වසර 34 ක් විකොස/සසප ප්‍රධාන ලේකම් ලෙස විජේ සහෝදරයා සියලු ආකාරයේ ජාතිකවාදයට සහ වර්ගවාදයට එරෙහිව ප්‍රතිපත්තිමය, ජාත්‍යන්තරවාදී සහ විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් කලේය. ලසසප සමාජවාදී ජාත්‍යන්තරවාදය විවෘතව අත්හැර දැමීමෙන් ඉක්බිත්තේ 1983 දී පිපිරුනු 30 වසරක සිවිල් යුද්ධයේ දුෂ්කරතම කොන්දේසි යටතේ ඔහු පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලදී.

විජේගේ දේශපාලන උරුමය ප්‍රගාඪ ය. ඉතිහාසය පිලිබඳ ඔහුගේ පුලුල් උනන්දුව, ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය උප මහාද්වීපයේ දේශපාලන බලවේග පිලිබඳ ගැඹුරු අවබෝධය, පක්ෂයේ විශ්ලේෂන සහ දේශපාලන මුලපිරීම් වර්ධනය කිරීමේදී ජාත්‍යන්තර කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් පිලිබඳ පුලුල් දැනුමක් ගෙන ආවේය.

1985-86 බ්‍රි‍තාන්‍ය කවිපයේ අවස්ථාවාදී නායකත්වය සමග භේදයෙන් පසුව ජාත්‍යන්තර කමිටුවේ ශ‍්‍රී ලංකා සහ ඕ‍ස්ට්‍රේලියානු ශාඛා අතර වර්ධනය වී ඇති සමීප සහයෝගීතාවයට විජේ කේන්ද්‍රීය විය. ඔහු බොහෝ අවස්ථාවල මෙහි සංචාරය කර ඇත. ඔහුගේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මූලධර්ම හා ක්‍රියාමාර්ගය සඳහා දැඩි සහ අධිෂ්ඨානශීලී කැපවීම පිටුපසින්, සැහැල්ලු සිනහවක් සහ සිනහ බෝ කරන සහිත හාස්‍යයක් ඇති නිහතමානී සහ පුරසාරම් නැති සහෝදරයෙක් විය. ඔහු ගැඹුරු සංස්කෘතියක් ඇති මිනිසෙක් විය, ජීවිතයට එහි සෑම අංශයකින්ම ආදරය කලේය. දශක ගනනාවක් තිස්සේ විජේ මෙම ශාඛාවේ සහෝදරවරුන් සමඟ ගොඩනඟා ගත් සමීප වැඩ සහ පෞද්ගලික සබඳතා මේ සියල්ල දැනුම් දුන්නේය. ඔහුගේ හැර යාම තියුනු ලෙස දැනෙනු ඇත.

ඔහුගේ වියෝව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර කමිටුව පුරා සිටින ඔහුගේ සියලු සහෝදරයින්ට දැනෙනු ඇත, නමුත් ඔහුගේ දැවැන්ත දේශපාලන දායකත්වය ඔහු පුහුනු කල සහ අධ්‍යාපනය ලබා දුන් තරුන කේඩරය සහ නායකත්වය තුල පවතී.

උනුසුම් සහෝදර සුභ පැතුම් සමඟ,

චෙරිල් ක්‍රිස්ප්

සසප ජාතික ලේකම් (ඕස්ට්‍රේලියාව)

***

ප්‍රංශයේ සමාජවාදී සමානතා පක්ෂයෙන්:

හිතවත් සහෝදරවරුනි, මිතුරනි,

විජේ ඩයස් සහෝදරයාගේ අභාවය පිලිබඳව ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ සියලුම සාමාජිකයින්ට ප්‍රංශයේ සසප සිය ගැඹුරු ශෝකය ප්‍රකාශ කරයි. ඔහු ශ්‍රේෂ්ඨ ට්‍රොට්ස්කිවාදියෙක්, තම පවුලට ආදරය කල සෙනෙහෙබර පියෙක් සහ ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ නායකයෙක් විය.

එසේම, විජේ සහෝදරයා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විශිෂ්ට නායකයෙක් ද විය. ප්‍රංශයේ සහ ලොව පුරා, ඔහුගේ වැඩ කටයුතු නව පරම්පරාවල කම්කරුවන් හා තරුනයින් ට්‍රොට්ස්කිවාදය වෙත ගෙන ඒමට උපකාරී විය. ඔහුගේ වියෝව ශ්‍රී ලංකාවට පමනක් නොව යුරෝපයට හා ලෝකයට තදින්ම දැනේ.

කම්කරු පන්තියේ මහා පාවාදීමකින් 1964 දී ධනේශ්වර ආන්ඩුවට ඇතුල් වූ ලංකා සමසමාජ පක්ෂයේ පැබ්ලෝවාදී පරිහානියට ඔහු සහ ඔහුගේ සගයෝ විරුද්ධ වූහ. නැසීගිය කීර්ති බාලසූරිය සහෝදරයා විසින් මෙහෙයවන ලද මෙම ප්‍රතිපත්තිමය අරගලය, ශ්‍රී ලංකා ධනවාදය සිංහල සහ දෙමල ජනයා අතර සහෝදර ඝාතක වාර්ගික යුද්ධයක් දක්වා කඩා වැටීමට එරෙහිව කම්කරු පන්තියට විකල්පය විය. විජේ මූර්තිමත් කලේ වාර්ගික යුද්ධයට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය එක්සත් කිරීමේ අරගලයයි.

කීර්ති සහෝදරයාගේ අකල් වියෝවෙන් පසු ප්‍රංශයේ සහෝදරවරුන්ට ප්‍රථම වරට විජේ සහෝදරයා සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව ලැබුනේ 1988 දීය. අපි ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් පලා ගොස් යුරෝපයේ දේශපාලන රැකවරන පැතූ දෙමල සරනාගතයෝ වෙමු.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අපගේ සහයෝගය, ට්‍රොට්ස්කිවාදයේ විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස විජේ සහෝදරයා දුටුවේය. ඔහු යුරෝපයට කිහිප වතාවක් සංචාරය කලේය, එහිදී, අපි දෙමල ජාතිකවාදයෙන් බිඳී යද්දී ඔහු අප හා අපගේ ආධාරකරුවන් දුසිම් ගනනක් සමඟ පැය ගනන් දීර්ඝ සාකච්ඡාවල නිරත විය. ඔහු ස්ටැලින්වාදයට, ධනේශ්වර ජාතිකවාදයට සහ පැබ්ලෝවාදයට එරෙහි අරගලයේ තීරනාත්මක දේශපාලන කාරනා නැවත නැවතත් ඉවසීමෙන් පැහැදිලි කලේය.

එම ගැටලු අතර ප්‍රධාන වූයේ, ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව ජාත්‍යන්තර කමිටුව සහ එහි ශ්‍රී ලංකා ශාඛාව ඒකාබද්ධව වර්ධනය කල 1987 නොවැම්බර් ප්‍රකාශය යි. පලස්තීන විමුක්ති සංවිධානය හෝ දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි “සන්නද්ධ අරගල” ව්‍යාපාරවල පන්ති ස්වභාවය සමාලෝචනය කරමින්, පීඩිත හා පසුගාමී රටවල ධනේශ්වරය අධිරාජ්‍යවාදී පීඩනයෙන් තම ජාතිය මුදා ගැනීමට අවශ්‍ය බලමුලු ගැන්වීමට සහජයෙන්ම අසමත් බව ඔහු පැහැදිලි කලේය.

එල්ටීටීඊය විසින් ප්‍රවර්ධනය කරන ලද ශ්‍රී ලංකාව තුල ඉන්දියානු මැදිහත්වීම, දෙමල කම්කරුවන්ට සහ ගම්බද දුගීන්ට ව්‍යසනයකින් අවසන් වූයේ මන්දැයි පැහැදිලි කල හැකි වූයේ හජාජාකට පමනි. ඉන්දීය හමුදාව කම්කරුවන් වෙත හැරෙමින් ජනතාව සමූල ඝාතනය කරමින් කොල්ලකෑවේය. එය කලාපයේ ධනේශ්වර ආන්ඩුවල, ජාතිකවාදී ව්‍යාපාරවල සහ ස්ටැලින්වාදී පක්ෂවල, කම්කරු පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී ව්‍යාපාරයකට එරෙහි පොදු විරෝධයේ නිෂ්පාදිතයක් බව හජාජාක පැහැදිලි කලේය.

ශ්‍රී ලංකාවේ උතුරේ ඉන්දීය හමුදාවට එරෙහිව එල්ටීටීඊයේ තාවකාලික යුද ජයග්‍රහනවලට තමාට බලපෑම් කිරීමට විජේ සහෝදරයා ඉඩ දුන්නේ නැත. ඔහුගේ වචන අද සිහිපත් කල යුතුය:

“එල්ටීටීඊය තාවකාලිකව ජයග්‍රහනය කර ඇති බව සත්‍යයකි, නමුත් එය ඔවුන්ගේ අවි බලය නිසා ලැබූ ජයග්‍රහනයක් බවත්, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ගැටලු හුදෙක් ආයුධවලින් විසඳාගත හැකි බවත් සිතීම බලවත් වරදකි. සත්‍යය නම් ඉන්දියානු ධනේශ්වරය, ස්ටැලින්වාදීන් සහ ඉන්දීය දෙමල ජාතිකවාදීන් විසින් කුප්‍රකට ඉන්දීය හමුදාව දෙමල ජනතාවගේ ආරක්ෂකයින් ලෙස ප්‍රචාරය කල බවයි. ඉන්දීය හමුදාව උතුරු නැගෙනහිර ආක්‍රමනය කිරීමත් සමඟ සති කිහිපයකින් මෙම ප්‍රචාරයේ අසත්‍යතාවය තහවුරු විය. ශ්‍රී ලාංකික දෙමල ජනතාව ඔවුන්ව දුටුවේ ආක්‍රමනික හමුදාවක් ලෙසය. එල්ටීටීඊය ඉන්දියානු හමුදාවට එරෙහි පුලුල්ව පැතිරුනු මහජන අප්‍රසාදය තාවකාලිකව ප්‍රයෝජනයට ගත්තේය. එය ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු විය. එහෙත් ඉන්දීය සහ ශ්‍රී ලංකා පාලකයන්ගේ කුමන්ත්‍රනයට එරෙහිව සිංහල, ඉන්දීය කම්කරුවන් සහ පීඩිත ජනතාව බලමුලු ගැන්වීමට එල්ටීටීඊය කිසිවිටෙකත් උත්සාහ කලේ නැත. එය ඔවුන්ට කල නොහැක්කකි. මන්ද, ඒ ව්‍යාපාරයේ වැඩපිලිවෙලත් මේ සූරාකෑමේ ක්‍රමය ආරක්ෂා කරන එකමය...”

1991 දී සෝවියට් සංගමය විසුරුවා හරිමින් ස්ටැලින්වාදය ජාත්‍යන්තර කම්කරු පන්තිය පාවාදීම සම්පූර්න කිරීමෙන් ඉක්බිතිව, අපි යුරෝපීය කම්කරු පන්තිය වෙත හැරීමේ අවශ්‍යතාවය විජේ සහෝදරයා අවධාරනය කලේය. අපේ පක්‍ෂය කම්කරු පන්තියේ පක්‍ෂය ලෙස ගොඩනැගිය යුතු බවද ඔහු අවධාරනය කලේය.

ඔහු අපට කීවේ ය: “පැරනි යටත් විජිත රටවල නොවිසඳුනු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න ජය ගැනීමේ අරගලය සහ ධනේශ්වර සංවර්ධිත රටවල ප්‍රහාරයට ලක්ව ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා අරගලය එකම කාසියක දෙපැත්තකි.”

ලියොන් ට්‍රොට්ස්කිගේ ප්‍රංශය කොයිබටද? පොත ගැන ඔහු නිතර අප සමඟ සාකච්ඡා කලේය. පැබ්ලෝවාදී ලසසප විසින් ගොඩනගන ලද එක්සත් වාම පෙරමුනට එරෙහි ඔහුගේ අරගලය, ප්‍රංශ ජනතා පෙරමුනේ දේශපාලනය පිලිබඳ ගැඹුරු අවබෝධයක් ඔහුට ලබා දුන්නේය. මෙම සන්ධානය—ප්‍රන්ස ධනේශ්වර රැඩිකල් පක්ෂය, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් සහ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය—1936 මැයි-ජූනි ප්‍රංශ මහා වැඩවර්ජනය පාවා දුන්නේය. මෙය යුරෝපයේ දෙවන ලෝක සංග්‍රාමය පුපුරා යාමට සහ ප්‍රංශයේ නාසි ආක්‍රමනයට මග පාදමින් කම්කරුවන් නිරායුධ කලේය.

කම්කරු පන්තිය මත වෘත්තීය සමිති නිලධරයන්ගේ සහ ස්ටැලින්වාදී හා පැබ්ලෝවාදී පක්ෂවල ග්‍රහනය බිඳ දැමීමේ අවශ්‍යතාවය විජේ සහෝදරයා වෙහෙස නොබලා අප සමග අවධාරනය කලේය. ඔහු ඉල්ලා සිටියේ ප්‍රංශය කොයිබටද? දෙමල භාෂාවට පරිවර්තනය කර ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලෙසයි.

සසප විසින් විජේ සහෝදරයා සිහිපත් කිරීම සඳහා ප්‍රංශය කොයිබටද? හි දෙමල පරිවර්තනය ලෝසවෙඅට ගෙන එනු ඇත.

ශ්‍රී ලංකා සසප 2016 දී ප්‍රංශ සසප පිහිටුවීමට ප්‍රංශයේ සිටි එහි සහෝදරවරුන් සමඟ සමීපව කටයුතු කල බැවින් විජේ සහෝදරයා යලිත් ප්‍රමුඛ භූමිකාවක් ඉටු කලේය. 1968 දී ශ්‍රී ලංකා ශාඛාව පිහිටුවීම පිලිබඳ දේශනය සඳහා සසප සහකාර ලේකම් දීපාල් ජයසේකර ප්‍රංශයට පැමිනියේ ය. විජේ සහෝදරයා සමග ජයසේකර සහෝදරයා 2016 මෙම තීරනාත්මක සතිවලදී අප සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූහ.

ප්‍රතිගාමී විධායක ජනාධිපති ක්‍රමය සහ ඒකීය රාජ්‍යය සමග ශ්‍රී ලංකා ධනේශ්වර තන්ත‍්‍රයට එරෙහිව මේ වසරේ කම්කරුවන් විප්ලවවාදී බලමුලු ගැන්වීම, විජේ සහෝදරයා සිය ජීවිතය කැප කල ඉදිරිදර්ශනය සනාථ කලේය. රාජපක්ෂ පාලනය පෙරලා දැමුවේ ජාතික සන්නද්ධ ව්‍යාපාරයකින් නොව කම්කරුවන්ගේ හා තරුනයින්ගේ කැරලිකාරී ව්‍යාපාරයකිනි. එය අධිරාජ්‍යවාදී යුද්ධයට, කොවිඩ්-19 වසංගතයට සහ ජනතාව දරිද්‍රතාවයට ඇද දමන මිල ඉහල යාමට එරෙහිව කම්කරු පන්තියේ වැඩෙන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසකි.

විජේ සහෝදරයාගේ දේශපාලන උරුමය සහ ඔහුගේ අතිවිශාල ජයග්‍රහන, කම්කරු පන්තියේ අරගලවලට ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී නායකත්වය දීමට ඔවුන් කල සටන් සමග ලොව පුරා සිටින ඔහුගේ සහෘදයන්ගේ මතකයේ රැඳේ.

වී. ඥානා, සසප සහකාර ජාතික ලේකම්

ඒ. ලැන්ටියර්, සසප ජාතික ලේකම්.

***

කැනඩාවේ සමාජවාදී සමානතා පක්ෂයෙන්:

සමාජවාදී සමානතා පක්ෂය (කැනඩාව) වෙනුවෙන්, අභාවප්‍රාප්ත විජේ ඩයස් සහෝදරයාට අද උපහාර දක්වන ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින බොහෝ දෙනෙකු අතරට මගේ හඬ එක් කිරීමටත්, ඔහුගේ පවුලේ අයට සහ ශ්‍රී ලංකාවේ සසප කේඩරයට—එනම් කම්කරු පන්තියේ විමුක්තිය සඳහා වන අරගලයේ දී ඔහු හා අඩ සියවසකට වැඩි කාලයක් ඉතා සමීපව වැඩ කල අයට ශෝකය ප්‍රකාශ කිරීමටත් මම කැමැත්තෙමි.

විජේ සහෝදරයා තුලින් දේශපාලන මූලධර්ම, සියල්ලටත් වඩා සමාජවාදී ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලය මූර්තිමත් විය. ඔහුගේ මරනය සනිටුහන් කරමින් හජාජාක විසින් නිකුත් කරන ලද ප්‍රකාශය විසින් දැකගත් පරිදි: විජේ “මාක්ස්වාදී හා ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීමේදී දෘඩතර වූයේ අත්හැරීමේ සහ පාවාදීමේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක—දේශපාලන අවමංගතවීම, ප්‍රතිගාමිත්වය සහ ඛේදනීය ජීවිත විනාශය වැනි දේ—ඔහු දුටු බැවිනි.'

විජේ සහෝදරයා හමුවීමට හා ඔහු සමග වැඩ කිරීමට මට වාසනාව ලැබුනි. ඔහුට බොහෝ කැපී පෙනෙන ගුනාංග තිබුනි—මර්දනයේ සියලු ප්‍රකාශනයන් කෙරෙහි දැඩි වෛරය, මහා බුද්ධිමය කුතුහලය, ඔහු පාලක පන්තියේ දේශපාලන කුලීකරුවන් සොක්කන් බවට පත්කල උපහාසය, මානව කරුනාව, ධෛර්යය සහ අධිෂ්ඨානය. මෙම ගති ලක්ෂන ඔහු විප්ලවවාදී දේශපාලනයට තල්ලු කිරීමට සහ විශාල දුෂ්කරතා හමුවේ නොනැසී පැවතීමට උපකාරී විය. ලසසප නිර්ලජ්ජිත පාවාදීමෙන් සහ හජාජාක ලංකා ශාඛාව පිහිටුවීමට මූලිකත්වය දුන් විජේ, කීර්ති බාලසූරිය සහ අනෙකුත් අය 1968 'මහා පාවාදීමේ' හේතු, ආනයනය සහ ඇඟවුම් සම්බන්ධයෙන් පැහැදිලි කරවා ගැනීමේ තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල බ්‍රිතාන්‍ය කවිපයේ නායකයින්ම පසුව පසුබැසීම සහ අත්හැර දැමීම මගින් මෙම දුශ්කරතා නිර්මානය කලේය.

එහෙත් මුහුකුරා ගොස් තිබූ විජේගේ පෞරුෂය සහ සුවිශේෂී ගුනාංග, අවසානයේ තේරුම් ගත හැක්කේ ඔහු සටන් වැදුනු සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලේ සහ එහි සංවිධානාත්මක ප්‍රකාශනය වන හජාජාක වර්ධනයේ සන්දර්භය තුල පමනි.

විජේ කථිකයෙකු ලෙස ඔහුගේ හැකියාවන් සඳහා කීර්තිමත් වීම නිවැරදි විය. ඔහු ලාලසාවෙන් හා අධිකාරීත්වයෙන් කතා කලේය. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රවේශය සහ විලාසය දකුනු ආසියාවේ බහුලව සිටින වාචාලයන්ගේ ප්‍රවේශයට පටහැනි විය. වතු කම්කරුවන් සමඟ කතා කලත්, පක්ෂ අභ්‍යන්තර සාකච්ඡා වලදීත් ඔහුගේ ප්‍රකාශ ඔහුගේ ප්‍රේක්ෂකයන්ගේ චින්තනය පුබුදුවා ලීම අරමුනු කර ගත් අතර, ලෝක සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය, බටහිර සාහිත්‍යය සහ දකුනු ආසියාවේ ඉතිහාසය, දේශපාලනය සහ සංස්කෘතිය පිලිබඳ පුලුල් දැනුමකින් සන්නද්ධ විය.

විජේ ගැන කතා කරන විට අතීත කාල ක්‍රියාපද භාවිතා කිරීම මට තවමත් කම්පනයකි, මන්ද ඔහු මිය යන දවස දක්වාම අපගේ ලෝක ව්‍යාපාරයේ ජීවිතයේ එතරම් ජවසම්පන්න බලවේගයක් ලෙස රැඳී සිටි බැවිනි. විප්ලවවාදී නායකයෙකු, සහෝදරයෙකු සහ මිතුරෙකු ලෙස ඔහු වේදනාකාරී ලෙස අප හැර දමා ගොස් ඇත.

නමුත් විජේගේ උරුමය ඔබ තුල සහ ඔහු ගොඩනැගීමට තම ජීවිතය කැප කල පක්ෂය තුල රැඳී පවතී. ඇත්ත වශයෙන්ම, විජේ සහෝදරයා සටන් කල මූලධර්ම සහ ඔහු එක්රැස් කිරීමට සහ පුහුනු කිරීමට උදව් කල කේඩරයන්, දැන් දිවයින සොලවාලමින් සිටින කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ මහජන නැගිටීමට විප්ලවවාදී මඟ පෙන්වීමක් සැපයීමට සහ සසප සහ හජාජාක සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස ගොඩනැගීම සඳහා තීරනාත්මක ය.

කීත් ජෝන්ස්, සසප (කැනඩාව) ජාතික ලේකම්

Loading