ලෝක බැංකුව සිය ගෝලීය වර්ධන පුරෝකථනය විශාල වශයෙන් පහල දමයි

[මෙය World Bank makes major reduction in global growth forecast යන මැයෙන් 2023 ‌ ජනවාරි 11 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ලෝක බැංකුව 2023 සඳහා වන එහි ගෝලීය වර්ධන පුරෝකථනය අර්ථභාරී ලෙස පහල දමා ඇත්තේ, ලෝක ජනගහනෙන් විශාල කොටසක් ජීවත් වන දුගීම රටවල් ලක්වන විනාශකාරී තත්වය විදහා දක්වමින්ය. ගෝලීය ආර්ථිකය “අතුරේ” ගමන් කරමින් සිටින අතර එය ලෙහෙසියෙන්ම අවපාතයකට ඇදවැටිය හැකි බව එය අනතුරු අඟවයි.

ලෝක බැංකුවේ කන්ඩායම් සභාපති ඩේවිඩ් මැල්පාස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු කණ්ඩායමේ වාර්ෂික රැස්වීම 2022 ඔක්තෝම්බර් 14 වන සිකුරාදා වොෂින්ටනයේ දී අමතමින් [AP Photo/Manuel Balce Ceneta]

පසුගිය අඟහරුවාදා නිකුත් කෙරුනු, වාර්ෂිකව දෙවරක් නිකුත් කරන ගෝලීය ආර්ථික අනාගතය නමැති සිය වාර්තාවේ දී ලෝක බැංකුව, සියයට 3ක් වේ යැයි ජුනි මාසයේ දී පුරෝකථනය කල වර්ධන වේගය සියට 1.7 දක්වා පහත දමන ලදී. 2008 මූල්‍ය අර්බුධය නිසා සහ වසංගතය ආරම්භයේදී ඇතිවුන සංකෝචනයන් හැරුනු විට, එය දශක තුනක් තුල පහලම අගය වන අතර පුරෝකථනය කෙරෙන ප්‍රමානයට වඩා අඩු වීමට ද හැකිය.

නැගී එන වෙලඳ පලවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් කෙරෙහි ඇතිවන බලපෑම අතිශය විනාශකාරීය. 2024 අවසන් වන විට ඔවුන්ගේ ආර්ථිකයන්ගේ ප්‍රමානය, වසංගතය ආරම්භ වීමට පෙර පුරෝකථනය කල අගයට වඩා සියයට 6කින් අඩුවනු ඇතැයි මේ වන විට තක්සේරු කර ඇත. 2020 සහ 2024 අතර සමුච්චිත නිෂ්පාදන අලාභය, 2019 වාර්තා වූ දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 30කි.

උද්ධමනය සහ වසංගතයේ ප්‍රතිවිපාක ඇතුලු සාධක ගනනාවක් ගෝලීය වර්ධනය බාධා කරමින් ඇතැයි සඳහන් කෙරෙයි. කෙසේවෙතත්, මූලික හේතුව වන්නේ, එජ ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් මූලිකත්වය ගෙන එක විට සිදුකරන ලද මූල්‍ය පිලිවෙත් දැඩි කිරීම සහ ලෝකයේ මහා බැංකු විසින් පොලී අනුපාතික ඉහල දැමීමයි.

වසර 40 ක් තුල අත්විඳි ඉහලම උද්ධමනය මධ්‍යයේ, වැටුප් වැඩිවීම් ඉල්ලසිටිමින් කෙරෙන කම්කරු පන්තියේ නැගී සිටීම මර්ධනය කිරීම සඳහා පිහිටුවුනු මෙම නව පොලී අනුපාතික රෙජිමයේ බලපෑම කෙරෙහි මෙම වාර්තාවේ බොහෝ කොටස් වලදී අවධානය යොමු කරයි.

සිය පුරෝකථනය සියයට 1.3කින් පහත දැමීම මගින් “වඩා ආක්‍රමනශීලී මූල්‍ය පටිතද කිරීම්, පිරිහෙන මූල්‍ය තත්වයන් සහ පහත වැටෙන විශ්වාසය” පිලිබිඹු කරන බව සිය ආරම්භක පරිච්චේදයේදී ම එය පවසයි.

2023 සඳහා, නැගී එන ආර්ථිකයන්ගෙන් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ගෙන් (ඊඑම්ඩීඊස්) තුනෙන් දෙකක පමන සහ “2024 දී සියලුම ආර්ථිකයන්ගෙන් හරි අඩක” ඇතුලුව ඉහල ආර්ථිකයන් “සියල්ලගේම පාහේ” වර්ධන ප්‍රක්ෂේපනයන් පහත දැමිනි.

පහත දැමීම් වලින් අදහස් කරන්නේ “ඊඑම්ඩීඊස් රටවල් බොහොමයක් ආර්ථික හිඟයන්ට මුහුනදෙමින්, ගෝලීය ක්‍රියාකාරීත්වය, පුරෝකථනයට විෂය වන කාල සීමාව තුල පූර්ව-වසංගත සමයේ එහි ප්‍රවනතාවටත් වඩා පහල වැටීමට නියමිත බව දැන් අපේක්ෂාකරන” බවයි.

ඉහල ආර්ථිකයන් තුල ආර්ථික කොන්දේසි “පිරිහී” ඇති අතර එජ තුල “මෑත කාලීන ඉතිහාසයේ අත්විඳි වඩාත්ම ආක්‍රමනශීලී මුල්‍ය ප්‍රතිපති දැඩි කිරීමේ චක්‍රයක්” විසින් “වර්ධනය තියුනු ලෙස මන්දගාමී කිරීමට” බලාපොරොත්තු වන බව එය සඳහන් කරයි.

ආර්ථික වර්ධනය “තවදුරටත් පිරිහීමට නියමිතය”. නැවත නැවතත් සිදුවන ඍනාත්මක සැපයුම් කම්පනයන් සහිත, ඉහල උද්ධමන තත්වයක් තුල, ප්‍රමානය සහ නිශ්චිත කාලය මෙන්ම දැනට පවතිනවාටත් වඩා වැඩි විය හැකි උද්ධමනය සහ පොලී අනුපාතිකයන් ඉහල දැමීම් ස්ථාවරව පැවැතීම යන කාරනා ද්විත්වය සම්බන්ධයෙන්ම සැලකු විටමහා බැංකු පිලිවෙත් වල බලපෑම සමබන්ධයෙන් සැලකිය යුතු මට්ටමේ අවිනිශ්චිත තාවයක් පවතී යැයි එය සඳහන් කරයි.

“රටවල්, බැංකු, සහ බැංකු නොවන මූල්‍ය ආයතන අතර මුල්‍යමය ආතතියට, අතිරේක මූල්‍යමය පටි තද කිරීම්, මෘදු වර්ධනය සහ නය ඉහල යන වටපිටාවක ඇතිවන බිඳ වැටෙන විශ්වාසය යන කරුනු වල එකතුවක් හේතු විය හැකිය.”

ගෝලීය වර්ධනය දැනටමත් දුර්වල වී තිබෙන තත්වයක් තුල, තියුනු මූල්‍යමය පිලිවෙත් දැඩි කිරීම් සහ ඉහල ගිය මූල්‍ය මය ආතතියේ සංකලනයක් විසින් “වඩා තියුනු මන්දගාමී වීමක් හෝ ඇතැම් විට ගෝලීය අවපාතයක් [ඒක පුද්ගල ආදායමේ අඩුවීමක් ලෙස ලෝක බැංකුව විසින් අර්ථදක්වා ඇත] මෙම වසරේදී ඇති විය හැක.”

2008 අර්බුධ සමයේදී චිනය ගලවා ගැනීම සඳහා මැදිහත් වූයේ, පහල ආදායම් සහිත අපනයන සිදුකරන රටවලට මෙන්ම ඔස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි ඉහල ආදායම් ලබන රටවලට ද ස්වාරක්ශකයක් සැපයූ අතිවිශාල උත්තේජක පැකේජ තමන් විසින් ප්‍රධානය කිරීම හරහාය. ගෝලීය අවපාත රැල්ල හරි මැද චීනය සිටින තත්වයක් තුල මෙය නැවත සිදුවන්නේ නැත.

චීනයේ වර්ධනය 2022 දී සියයට 2.7ක් දක්වා එනම් කලින් පුරෝකථනය කල අගයට වඩා සියයට 1.6 කට වඩා අඩු අගයකට පහල වැටේයැයි තක්සේරු කරන බව වාර්තාව සඳහන් කරයි. එමෙන්ම 2020 වසංගතය ආරම්භයේදී හැරුනු විට, චීනය “1970 දශකයේ මැද සිට මෙතෙක් අත්විදි දුර්වලම වර්ධන වේගය” අත්විදිමින් සිටී.

මෙම තත්වය තවත් ප්‍රධාන කලාප දෙකක් වන එජ සහ යුරෝපයේද මෙලෙසමය.

එජ වර්ධනය 2023 දී සියයට 0.5ක් දක්වා පහල වැටීමට නියමිතය. එය වසර පනහක් තුල නිල අවපාතයන්ගෙන් පරිභාහිරව වාර්තා වන අඩුම අගයයි.

ලෝක බැංකුව යුරෝපා ප්‍රදේශය සඳහා එහි කලින් පුරෝකථනය වූ සියයට 1.9, සියයට බින්දුව දක්වා පහත හෙලා ඇත්තේ “දිගින් දිගටම ඇති වන බලශක්ති සැපයුම් වලට සිදුවන බාධා වීම් සහ බලාපොරොත්තුවූ මට්ටමට වඩා වැඩි මූල්‍ය පිලි වෙත් දැඩි කිරීම්” නිසාය.

ඊඑම්ඩීඊ රටවල තත්වය නරක අතට හැරීම වසංගතය විසින් තීව්‍ර කර තිබියදී, දැන් සිදුවන පොලී අනුපාතික ඉහල නැංවීම් සමග ඇතිවෙන ප්‍රවනතාව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

වර්ධනයේ ප්‍රධාන එලවුම් සාධකය ආයෝජනය වන අතර, ශක්තිමත් නිෂ්පාදන වර්ධනය, නය පුලුල් වීම, ඉහල යන ප්‍රාග්ධන සංචරන සහ වෙලඳ කොන්දේසි වර්ධනය වැනි එය පොලඹවන සියලුම සාධක “2008-2009 ගෝලීය මූලය අර්බුධයේ සිට පහත වැටෙන ප්‍රවනතාවයක් අත්විඳ ඇත.”

අතීතයේදී වෙලඳාමේ ඉහලයාමක් දුගී රටවලට යම් සීමා සහිත සහනයක් සපයන ලදී. නමුත් එය තව දුරටත් එසේ නැත. සියයට 4ක් දක්වා පහල අගයකට 2022 දී පහත වැටීමන් පසු, ගෝලීය වෙලඳාමේ වර්ධනය 2023 දී තව දුරටත් සියයට 1.6 දක්වා අඩු වීමට නියමිත වන්නේ, “ගෝලීය වෙලඳාමේ වර්තමාන පශ්චාත් අවපාත නැවත පොලා පැනීම වාර්තාගත පහල අගයක් වෙත ගමන් කිරීමත් සමග” පහත වැටුනු ගෝලීය ඉල්ලුම පිලිබිඹු කරමින්ය.

එජ ඩොලර් වලින් ගත් කල බලශක්තියේ සහ ආහාර ද්‍රව්‍ය වල මිල ගනන් වල යම් කිසි පහත වැටීමක් පසු ගිය මාස හය තුල දැකගත හැකි වුවද, ලෝකය බොහොමයක් ජනතාව හට මෙය අඩු මිල ගනන් බවට පරිවර්තනය නොවන්නේ අනෙකුත් මුදල් ඒකක හා සැසඳීමේදී ඩොලරයේ මිල ඉහල ගොස් ඇති නිසාය.

උදාහරනයක් ලෙස පෙබරවාරි සිට නොවැම්බර් දක්වා බ්‍රෙන්ට් බොර තෙල් වල මිල එජ ඩොලර් වල මිලෙන් ගත විට සියයට 5කින් පහල ගොස් තිබුනද, ස්වදේශීය මුදල් ඒකක වලින් ගත් විට ඉහල ආර්ථිකයන් සහිත රටවල් තුල සියයට 7කින් සහ තෙල් ආනයනය කරන ඊඑම්ඩීඊ රටවල සියයට 5කින් තෙල් මිල ඉහල ගොස් ඇත.

“එහි ප්‍රථිපලයක් ලෙස බොහෝ රටවල වෙලඳ භාන්ඩ විසින් මෙහෙයවුනු උද්ධමන පීඩනයන්, මෑතකාලීන ගෝලීය වෙලඳ භාන්ඩ මිල පහත වැටීම් වලින් ඇඟවුම් කෙරුනාට වඩා කල් පැවතිය හැකිය.”

මූල්‍යමය දැඩි කිරීම් අතහැර දැමීමක් සිදුනොවනු ඇති බවට එජ ෆෙඩරල් රිසව් බැංකුවේ අවධාරනයත් සමග මෙම ප්‍රවනතාවය ඉදිරියට ගමන් කරනු ඇත.

මෙහි ප්‍රතිපලය වන්නේ මිලියන 220ක් මිනිසුන් “දැඩි ආහාර අනාරක්ෂිතභාවක්” හා අභිමුඛ වනු ඇති අතර “ආහාර මිලගනන් ඉහල යාමේ අනතුරක් ඇති වුවහොත්” මෙම සංඛ්‍යාව “තවත් ඉහල යා හැක.”

වෙලඳ භාන්ඩ වල මිල පහල ගිය පමනකින් එය “නැවත යහපත් අතට හැරීමේ” සලකුනක් නොවනවා පමනක් නොව එය වර්ධනය මන්දගාමී වීමේ සහ අවපාතයක් වර්ධනය වීමේ සලකුනකි.

“ඊඑම්ඩීඊ රට වල නය ආපදාවන් ඇතිවීමේ සහ ගෝලීය අවපාතයක් ඇතිවීමේ අවදානම අවමකිරීමට අවශ්‍ය ප්‍රයත්නයන් නොපමාව ගත යුතුව ඇතැයි” ලෝක බැංකුව සිය වාර්තාවේ විධායක සාරාංශයේ සඳහන් කරයි. නමුත් එය මෙම වර්ධනය වන තර්ජනයට මුහුන දීමට කිසිදු පිලිවෙතක් ඉදිරිපත් කරන්නේ නැත.

වාර්තාව ඒ වෙනුවට රාජ්‍ය වියදම් කප්පාදුව කෙරෙහි අවධානය යොමු කරන්නේ, “සීමාසහිත ප්‍රතිපත්ති අවකාශය” - මෙය ඉහල යන නය වල ප්‍රථිපලයයි - මගින් අදහස් කෙරෙන්නේ ප්‍රතිපත්ති සම්පාදකයන්, උද්ධමන අපේක්ෂාවන් හොදින් ආරක්ෂා කරගනිමින් සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගන්නා අතරම “ඕනෑම මූල්‍ය සහයක් වඩාත්ම අසරන කොටසත් වෙත කේන්ද්‍ර කල යුතු බවයි ” යන්න සඳහන් කරමින්ය.

පිලිවෙත් සම්පාදකයන්ට පිලිතුරු ඇතැයි යන හැගීම ලබාදීමේ අදහසින් ඉදිරිපත් කෙරෙන මෙම වචන, වාර්තාව විසින් පැහැදිලි කරන ආකාරයට, ගෝලීය ධනවාදයේ සියලුම ආයතන වේගයෙන් සිය පාලනයෙන් ගිලිහෙමින් යන තත්වයක් හා අභිමුඛ වෙමින් සිටී යන කරුන වසන් කිරීම සඳහා දුම්වලාවක් ලෙස භාවිත කරයි.

නමුත් ඔවුන් ට පිලිවෙත් නැතැයි එයින් අදහස් නොකෙරෙයි. ඔවුන්ට ඔවුන්ගේම පිලිවෙත් ඇත. කෙසේවෙතත්, ඔවුන් ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන පිලිවෙත් ඉලක්ක කෙරී ඇත්තේ ගැඹුරු වන අර්බුධය අඩු කිරීමට නොව, එහි බර දියුනු ධනපති රටවල් වල සහ සංවර්ධනය වෙමින් පවතින රටවල කම්කරු පන්තිය මත පැටවීමටය.

ලෝක බැංකුව එහි 2022 වර්ෂයේ ජුනි මස වාර්තාව නිකුත් කල විට අප පැවසුවේ එම අන්තර්ගතය, එහි අභිප්‍රාය කෙසේ වෙතත්, “ගෝලීය ධනවාදී පද්ධතියේ මෙහෙයුම සම්බන්ධයෙන් ප්‍රමුඛ අධිචෝදනා පත්‍රයක්” බවයි. එම තක්සේරුව ඕනාවටත් වඩා නව වාර්තාව තුල ඔප්පු වී අතර මෙය විසින් කම්කරු පන්තියට සිය අත්‍යවශ්‍ය කර්තව්‍ය මතු කෙර ඇත.

බිලියන ගනනක් මිනිසුන් දරිද්‍රතාවයට සහ කාලකන්නිභාවයට මුහුන පෑම, එම පීඩාවන් අතික්‍රමනය කිරීමට අවශ්‍ය වෛෂයික සම්පත් නොමැති නිසා නොවේ. ඒවා විශාල ප්‍රමානයෙන් පවතී. නමුත් ඒවා මනුෂ්‍ය අවශ්‍යතාවන් යොදා ගත හැක්කේ ඒවා පුද්ගලික ලාභය හා පුද්ගලික ලාබය මත පදනම් වූ ධනවාදී සමාජ සබඳතාවන්ගෙන් ගෝලීය කම්කරු පන්තියේ - සියලු ධනයන්ගේ නිෂ්පාදකයන් - එක්සත් අරගලයක් හරහා ජාත්‍යන්තර සමාජවාදය සඳහා මුදා ගැනීම මගින් පමනි.

Loading