කුරුඳු ගොවියන් හා කම්කරුවන් පිරිහෙන සමාජ කොන්දේසි පිලිබඳව කතා කරයි

[මෙය, Sri Lankan cinnamon farmers and workers discuss worsening social conditions යන මැයෙන් 2023 මාර්තු 30 දා පලවූ ලිපියේ පරිවර්තනයකි.]

බලයට පත්වූ සෑම ධනපති ආන්ඩුවක්ම, ශ්‍රී ලංකාවේ කාෂි කර්මාන්තය වර්ධනය කරන බවට පොරොන්දු දී ඇත. කුරුඳු වගාවේ යෙදී සිටින අය ඇතුලු, ගොවීන්ගේ හා කම්කරුවන්ගේ සමාජ තත්ත්වයන් සහ ජීවන තත්ත්වයන් ඉහල නැංවීමට ඔවුන් ඉඳහිට ප්‍රතිඥා දී තිබේ. එහි මෑතම උදාහරනය වන්නේ 2019 බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රට හදන දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුරුදු කර්මාන්තය සංවර්ධනය කිරීම ගැන කෙරුන සඳහනයි.

විකිණීමට සූදානම් වන විට කාන්තාවක් කුරුඳු අත්තෙන් පොත්ත ඉවත් කරයි. [ඡායාරූපය: WSWS]

තත්ත්වයෙන් ඉහල කුරුඳු නිපදවීම සඳහා වගාකරුවන්ට පහසුකම් සැලසීමට ද, නූතන තාක්ෂන ක්‍රම කුරුදු තැලීමට සහ සැකසීමට යොදා ගැනීමටද, ඊට අමතරව කුරුඳු තැලීම සහ සැකසීම ගොරවනීය රැකියාවක් බවට පත් කිරීමට සහ ජාතික වාත්තීය පුහුණු සහතිකයක් ලබා දීමට ද කටයුතු කරන බවට එහි පොරොන්දු වී ඇත. එමෙන්ම අක්කර 5 ට අඩු කුරුඳු වතු හිමියන් සඳහා සැකසුම් මධ්‍යස්ථාන ඉදි කිරීමට සහන ලබාදීම සහ කුරුඳු වලින් අපතේ යන කොටස් පදනම් කරගෙන නව නිෂ්පාදන ආධාර ක්‍රම හඳුන්වා දෙන බව ද එහි සඳහන් කර තිබුනි.

ධනපති දේශපාලන පක්‍ෂ මැතිවරන ප්‍රචාරක කටයුතු තුලදී ලබා දෙන බොරු පොරොන්දු ඉක්මනින්ම අමතක කර දමනු ලැබේ. රාජපක්ෂගේ මැතිවරන ප්‍රකාශයේ සඳහන් දෙයට විපරීතව, කුඩා කුරුඳු ඉඩම් වගා කරන ගොවියෝ හා කම්කරුවෝ, පොහොර හා උපකරන මිල වැඩිවීමත් ඒ සමගම දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහලයාමත් හේතුවෙන් රුදුරුම සමාජ හා ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව සිටිති.

කාබනික පොහොර භාවිතය උත්කර්ෂයට නැංවීමේ මුවාවෙන් හිටිවනම රසායනික පොහොර හා කාෂි රසායන සඳහා පැවති සහන අහෝසි කිරීම හේතුවෙන් දරාගත නොහැකි අයුරින් නිෂ්පාදන වියදම ඉහලගොස් ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ රුදුරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමේ පිලිවෙත අනුව, රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව තීරනය කර ඇත්තේ පොහොර ඇතුලු කුරුඳු නිෂ්පාදනයේ සියලු අවශ්‍යතාවයන් සැපයීමේ ඒකාධිකාරය පුද්ගලික සමාගමි වලට පැවරීමටයි. මෙම ක්‍රියා පිලිවෙත සුලු පරිමාන කුරුඳු ගොවීන්ගේ තත්ත්වය තව තවත් දුෂ්කර කර ඇත.

ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කරන ඉඩම් පුමානය හෙක්ටයාර 35000 පමනවේ. වැඩි වශයෙන් මෙම වගාව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල පුචලිතව ඇති අතර ගොවීහු 30000 පමන එහි නියැලී සිටිති. ඒ අනුව, මෙම වගාවට සම්බන්ධිතව 300000 ක් පමන ජීවිකාව සරිකර ගනිති. කුඩා ඉඩම්වල වගාවේ යෙදෙන ගොවීන්ගේ මෙන්ම කම්කරුවන්ගේ ද ආදායම් ඉතාම පහල මට්ටමක පවතී.

ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදනයන් හි ප්‍රධාන වෙලදපොල බවට මෙක්සිකෝව පත්ව ඇත. ජනප්‍රිය කුලුබඩු විශේෂයක් වන මෙය තවත් රටවල් ගනනාවකට එනම් ඇමෙරිකා එක්සත් ජනපදය පේරු, බොලීවියාව, චිලී, ගෝතමාලාව සහ යුරෝපා රටවලටද අපනයනය කෙරේ. 2021වර්ෂයේදී ශ්‍රී ලංකාව කුරුඳු මෙට්‍රික් ටොන් 18,813 ක් අපනයනය කර උපයා ඇති ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 230 කි.

කුරුඳු පොතු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල රටතුල හා විදේශ වෙලඳපොල තුලද බෙහෙවින් ඉහළ ගොස් ඇත. එසේ වුවත් මෙම වාසිය කුරුඳු ගොවීන්ට නොලැබේ. එහි වාසිය අත්පත් කරගෙන ඇත්තේ අතරමැදි පුද්ගලික වෙලෙන්දන්ය.

නිෂ්පාදන වියදම ඉහලයාම සහ තරගකාරීත්වය වේගවත්වීම හේතුවෙන් ඉන්දුනීසියාව, චීනය සහ වියට්නාමය වැනි රටවල් යොදන පීඩනය හමුවේ තේ හා රබර් වැනි කර්මාන්ත මුහුන දී ඇති අර්බුදකාරී තත්ත්වයටම ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයද මුහුන පා ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවන් කුරුඳු වගාවේ යෙදෙන ගොවීන් හා කම්කරුවන් මුනගැසී ඔවුන්ගේ ජීවන තත්ත්වයන් පිලිබඳව සාකච්ඡාවක යෙදුනි.

ශ්‍රී ලංකාවේ කුරුඳු පොතු සැකසීමේ යෙදී සිටි සේවක ශාඛාව. [ඡායාරූපය: WSWS]

කුඩා පරිමාන කුරුඳු වගාවක නියැලී සිටින අජන්ත කුරුඳු වගාවේ මතුව ඇති දුෂ්කරතා හා ජීවන තත්ත්වය පිලිබඳව පැහැදිලි කිරීමක් කලේය.

'මට අයිති අක්කර භාගයක විතර පොඩි ඉඩමක්. ශ්‍රී ලංකාවේ කුරුඳු නිෂ්පාදන විශාල වශයෙන් අලෙවි වන්නේ ලෝක වෙලඳ පොල තුල යි. ඒ වුනත්, ඉන් ලැබෙන ආදායමෙන් අප වැනි කුඩා ගොවීන්ට ලැබෙන වාසියක් නෑ. අතරමැදි වෙලෙන්දන් ඉන් ඉහල ලාභ ඩැහැ ගන්නවා.'

'කුරුඳු වගාවේ දී සහ සැකසීමේදී වන වියදම් බෙහෙවින් ඉහල ගොස් ඇති නිසා එය කරගෙන යාම දැන් හරිම දුෂ්කරයි. අපට ලැබෙන කුඩා ආදායමෙන් ජීවිතය ගෙන යාමට සිදුවෙලා තිබෙනවා. කිලෝ 50 පොහොර මිටියක පැවැති මිල රුපියල් 1200 ක්. නමුත් දැන් මිල රුපියල් 12500 ක්. මගේ වගාවට පොහොර මිටි දෙක හමාරක් යෙදිය යුතු යි.'

'මේ සා වියදම් දැරීමෙන් පසුව ඉතිරි වන මුදල කිසිසේත්ම පවුලේ වියදම් පියවා ගැනීමට පුමානවත් නෑ. මට ගෙදර ආහාර පාන සඳහා මසකට රුපියල් 35000 පමන වැය වෙනවා. ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මසකට රුපියල් 30000 ක් පමන අවශ්‍ය වෙනවත. වෙනදා ගෙදර කෑම වේලකට වයංජන දෙකක් තුනක් සාදාගත්තත් දැන් බොහෝ විට එකකින් සෑහීමට පත්වෙන්න සිදුවෙලා.'

කුරුඳු පොතු ජනප්‍රිය කුලුබඩු විශේෂයකි. ඒ වාගේම මේ නිෂ්පාදන සුවඳ විලවුන් සහ බෙහෙත් වර්ග නිෂ්පාදනයේ දී අමු ද්‍රව්‍ය ලෙස පුයෝජනයට ගැනේ. ශ්‍රී ලංකාවේදී කුරුඳු පොතු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 3700 කට පමන වේ. එසේ වුවත් ලෝක වෙළෙඳ පොළේ ඇමෙරිකන් ඩොලර් 30 කට එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 10000 ක පමන මුදලකට අලෙවි වේ.

සාකච්ඡාවට සහභාගිවූ 49 වියෙහි පසුවන සුමිත් පදිංචි වී සිටින්නේ දෙහිගහවෙල ගම්මානයේය. ඔහුගේ බිරිඳ මැද පෙරදිග රැකියාවක යෙදී සිටින අතර ඇය ලබා දෙන මුදල් දරුවාගේ සහ ඔහුගේ වියදම් පියවා ගැනීම සඳහා උපකාර වෙයි. ඔහු දැක්වූ අදහස් මෙසේ ය.

'මම අපොස සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය ලැබුවා. ආර්ථික අපහසුතා නිසා දෙමාපියන් නිරතවූ කුරුඳු කර්මාන්ත වැඩවල යෙදී මුදල් උපයා ගැනීමට සිදුවුනා. අධ්‍යාපන කටයුතු නතර වීමෙන් පසුවත් එම කටයුතු වලම යෙදීමට සිදු වුනා. හැමදාම වැඩ ලැබෙන්නේ නැහැ. වැඩ ලැබෙන දිනකට රුපියල් 3000 පමන ලබා ගැනීමට හැකියි. වැඩ නොමැති දිනවල කිසිදු ආදායමක් නැහැ.'

'අවුරුද්ද ලඟා වෙමින් තිබෙනවා. මේ දිනවල මුදල් අවශ්‍යතාවය නිසා කුඩා කුරුඳු ගොවීන් අඩු මුදලට හෝ තමන් ලඟ තියෙන අස්වැන්න විකුනනවා. ලමයින්ට අවශ්‍ය දේ ගැනීමටයි එසේ කිරීමට සිදුව ඇත්තේ. අපි වැඩ කලත් ගෙවන මුදල අඩුයි. අපට ගෙවන්නේ අප සකස් කර ඇති කුරුඳු පුමානය අලෙවි කර ලැබෙන මුදලින් පහෙන් දෙකක් ලෙසයි.'

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ඉලුක්පිටිය ගම්මානයේ පදිංචි දෙදරු පියෙක් වන 48 වියැති මංජුල දැක්වූ අදහස් මෙසේ ය:

මම අපොස සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය ලැබුවා. මගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. ඇය ගෙදරදොරේ වැඩ කරන අතරෙ මගේ වැඩටත් උදව් වෙනවා. මගේ ලමා වියේදී දෙමව්පියන් සමග පාසල් කාලයෙන් පසු කුරුඳු වගා කටයුතුවල නිරතවුනා. මේ වැඩට පුරුද්ද තිබූ නිසා අධ්‍යාපනය නිමවීමෙන් පසු මෙම රැකියාවේ යෙදෙනවා. දිනකට රුපියල් 2500 ක් පමන ලැබෙනවා. ගෙදර වියදම සහ ලමයින්ට අමතර පන්ති ගාස්තු දැරුවාම වෙනත් වැඩකට කිසිදු මුදලක් ඉතිරි වන්නේ නෑ.'

'ආන්ඩුව විදුලි බිල හා ආහාර මිල ගනන් වේගයෙන් ඉහල දමනව. ඒ වුනත් අපට ලැබෙන කුලියෙ කිසිම වැඩිවීමක් සිදුවෙල නෑ. අපි මුහුන දෙන ප්‍රශ්න වලට ආන්ඩුව කිසිදු විසඳුමක් ලබා දෙන්නෙ නෑ. අතර මැදි ව්‍යාපාරිකයන් කම්කරුවන් සූරාකමින් දිගින් දිගටම පොහෝසතූන් බවට පත්වෙනව.'

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 2.9 ක නය මුදල පිලිබඳව සඳහන් කරමින් ඔහු මෙසේ කීවේය: 'සෑම කෙනෙකුම මේ නය මුදල ගැන කතා කරනවා. අනාගතයේ හැම දරුවෙකුට මේ නය ගෙවන්න වෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ පාලනය තුල අවසානයක් නැතිව අපව පීඩනයට පත්වුනා. දැන් මේ ආන්ඩුව නය මුදල ලැබුනා කියලා පම්පෝරි ගසනවා. ආන්ඩුව රාජ්‍ය දේපල විකුනනවා. අනාගතයේ මොනවා වේවිද කියා හිතාගන්න බෑ. නමුත් මට ජේවීපී නායක අනුර කුමාර දිසානායක කියන දේවල් ගැන මොනම විශ්වාසයක් නැහැ. අපි කවුරුත් ඔවුන්ගේ ඉතිහාසය ගැන දන්නවා.'

'කම්කරුවන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම පිලිබඳ අදහසට මම කැමතියි. අපට සෑමදාම වහලුන් වගේ ජීවත් වෙන්න බෑ. මේ විනාශය වැලැක්වීමට වැඩපිලිවෙලක් අවශ්‍යයි. ඒ ගැන සාකච්ඡා කිරීමට මම කැමැතියි.'

පසුගිය සැප්තැම්බර් මාසයේදී ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ කුරුඳු නිෂ්පාදනයේ නියැලුනු ගොවීන් හා කම්කරුවන් කන්ඩායමක් සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන මග පෙන්වීම අනුව ක්‍රියාකාරී කමිටුවක් ආරම්භ කලේය. එම කමිටුව, තම සාමාජිකත්වය පලල් කර ගැනීමට හා රනිල් වික්‍රමසිංහ ආන්ඩුවෙන් සමාජ හා []අයිතීන්ට එල්ල වන ප්‍රහාරයන් පරාජය කිරීමට හැකි කෙසේ දැයි සාකච්ඡා කිරීමේ නිරතව සිටී.

වතු කම්කරුවන්ට එරෙහිව ගොනු කර ඇති බොරු නඩු ඉල්ලා අස්කරගනු! අත්හිටවූ සියලුම සේවකයන් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවනු!

Loading