සසජාතශි බ්‍රසීලයේ සාඕ පෝලෝ විශ්ව විද්‍යාලයේදී යුක්‍රේනයේ යුද්ධයට එරෙහිව රැස්වීමක් පවත්වයි

[මෙය IYSSE holds meeting against Ukraine war at Brazil’s University of São Paulo යන මැයෙන් 2023 මාර්තු 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මාර්තු 20 වනදා, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), යුක්‍රේනය තුල යුද්ධය සහ එය නතර කල හැක්කේ කෙසේද නම් වූ සිය ජාත්‍යන්තර උද්ඝෝෂනයේ කොටසක් ලෙස බ්‍රසීලයේ සාඕ පෝලෝ විශ්ව විද්‍යාලයේදී බලගතු යුද විරෝධී රැස්වීමක් පැවැත්වීය.

මාර්තු 20 වනදා සාඕ පෝලෝ විශ්ව විද්යාලයේ පැවති සසජාතශි රැස්වීම [ඡායාරූප: WSWS]

රැස්වීම සංවිධානය කරනු ලැබුයේ බ්‍රසීලය තුල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටු ශාඛාවක් (හජාජක) ගොඩනැගීමට සටන් වදින සමාජවාදී සමානතා කන්ඩායමේ මූලික සහෝදරවරුන් විසිනි. එහිදී හජාජකහි සහයෝගී කන්ඩායමක් වන පැරනි සෝවියට් සංගමයේ රටවල් තුල පාදක වන බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවල විසින් බ්‍රසීලයේ තරුනයින්ට සහ කම්කරුවන්ට නිකුත් කල ප්‍රකාශයක්ද ඉදිරිපත් කෙරිනි.

රැස්වීම අමතා කල කතා තුලදී, යුද්ධයේ ඓතිහාසික මූලයන්, ලෝක ධනවාදයේ අර්බුදයට සහ වැඩෙන ගෝලීය කම්කරු අරගල වලට එහි සම්බන්ධය සහ 21 වන සියවසේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට අවශ්‍ය දේශපාලන ඉදිරි දර්ශනය පිලිබඳව අවධානයට ලක් කෙරිනි.

රැස්වීමේ සංවිධායක, ගුල්හර්ම් ෆෙරේරා යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව එක්සත් ජනපද නැටෝ ගැටුමෙහි වර්තමාන තත්වය සම්පින්ඩනය කරමින් කතාව ආරම්භ කලේය. ඔහු මෙසේ පැවසුවේය:

“යුද්ධය ආරම්භයෙන් වසරක් ගතවන තැන එහි නිමාවක් නොපෙනේ. සත්‍ය වශයෙන්ම එය පාලනයෙන් බැහැර වීම පිලිබඳ තර්ජනය මතු කරමින් අන්තරායකාරිව වර්ධනය වෙමින් පවතී. පහුගිය සති කිහිපයේදී, රතු ඉරි පනිමින්, න්‍යෂ්ටික බලයන් අතර විවෘත යුද්ධයක් දෙසට ලෝකය වඩ වඩාත් සමීප කර ඇත.”

එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමනය කොට විසිවසරක් පිරෙන දිනයේ පවත්වන මෙම රැස්වීමේ වැදගත්කම ෆෙරේරා මතු කලේය. ඔහු සඳහන් කලේ එදා මෙන්ම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සැබෑ අවශ්‍යතාවන්, බොරු සහ ඔවුන්ගේ වත්මන් විරුද්ධවාදීන් රාක්ෂකයන් බවට පත් කිරීමේ ව්‍යාපාරයන් පිටුපස සැඟවී ඇති බවයි.

මෙම යුද්ධයේ ඓතිහාසික සහ දේශපාලන පසුබිම සාකච්ඡා කිරීම සඳහා ෆෙරේරා මීලඟ කථිකයා වන තෝමස් කැස්ට්න්හෙයිරා ට කැඳවුම් කලේය.

කැස්ට්න්හෙයිරා සිය කථාව ආරම්භ කලේ යුක්‍රේනය තුල වර්තමාන ගැටුම පුටින් විසින් දියත් කල “අප්‍රකෝපිත යුද්ධයක්” බවට කරන අධිපතිධාරී ආඛ්‍යානය සමග ගැටෙමිනි. “මෙම යුද්ධය තේරුම් ගත හැක්කේ ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය 1991 බිඳ විසුරුවා හැරීමෙන් ඉස්මත්තට පැමිනි පරස්පර විරෝධයන්ගේ සන්දර්භය තුල පමනකි” යැයි ඔහු කිවේය.

වොෂින්ටනය විසින් පසුගිය දශක කිහිපය තුල ඔවුන්ගේ ගෝලීය ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමට ගෙන ගිය යුද්ධ සහ මැදිහත්වීම් වලට අවධානය යොමු කරමින් කැස්ට්න්හෙයිරා පැහැදිලි කලේ “රුසියාවට එරෙහි වර්තමාන යුද්ධය, සහ යුක්‍රේනය මෙම අරමුන සඳහා වේදිකාවක් ලෙස යොදාගැනීම” දිගු කාලයක් තිස්සේ සූදානම් කල එකක් බවයි.

එමෙන්ම ඔහු ධනපති රාජ්‍යයන් අතර මිලිටරි ගැටුම් වර්ධනය වීමේ තීරනාත්මක ධාවක බලවේගය පුපුරනසුලු ගෝලීය ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදය බව පෙන්වා දුන්නේය. යුද්ධය සහ කෝවිඩ්-19 වසංගතයෙන් තීව්‍ර කරන ලද අර්බුදය අතර සම්බන්ධය අවධාරනය කරමින් ඔහු මෙසේ කීය:

“ලෝක ධනපති පන්තියට කොරෝනා වෛරසයෙන් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමේ විසඳුමක් සංවිධානය කිරීමට ඇති නොහැකියාවත්, මානව වර්ගයාගේ අවසානය පිලිබඳ තර්ජනය මතු කරන යුද්ධය දියත් කිරීමට ගෝලීය බලයන් අතර දැවැන්ත සම්පත් බලමුලු ගැන්වීම සහ සම්බන්ධීකරනයත් අතර පවත්නා පරස්පර විරෝධය වත්මන් සමාජයේ අර්බුදය සාරාංශගත කරයි.'

සෝවියට් සමූහාන්ඩු සංගමය බිඳ විසුරුවා හැරීමෙන් අනතුරුව දිග හැරුනු කාල පරිච්ඡේදය, “පලමුවන ලෝක යුද්ධයටත් අනෙක් අතින් 1917 ඔක්තෝබර් විප්ලවයටත් තුඩු දුන් ඒ සමාන ප්‍රතිවිරෝධතාවයන්ම ගැඹුරු වීමක්” බවට හජාජාක පුරෝකථනය කල බව පැවසූ කැස්ට්න්හෙයිරා, එය ධනපති ක්‍රමයේ ඓතිහාසික අර්බුදය පෙර දුටු බව පෙන්වා දුන්නේය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන දූරදර්ශී භාවය සහ විප්ලවවාදී ආස්ථානය, ස්ටැලින්වාදයට සහ ජාතිකවාදයේ සියලු රූපාකාරයන්ට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ දීර්ඝ අරගලයේ නිශ්පාදිතයක් බව ඔහු පැහදිලි කලේය.

'ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල තුල ස්ටැලින්වාදයේ පාවාදීම් නොවන්නට, හිට්ලර් කිසිදා ජර්මනිය තුල බලයට පත් නොවනු ඇති අතර, සමාජවාදී විප්ලවය අඛන්ඩව ඉදිරියට ගොස් දෙවන හා ඊටත් වඩා කුරිරු ලෝක යුද්ධයක් වලක්වනු ඇතැ' යි කැස්ට්න්හෙයිරා පැවසීය. “යුද්ධයේ අවසානයත් සමඟ නැඟී ආ විප්ලවයන් පාවාදීමෙන් තොරව ධනවාදයට නව ලෝක සමතුලිතතාවයක් ඇති කිරීමට නොහැකි වනු ඇතැ” යි ඔහු තවදුරටත් පැවසීය.

1953 දී ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමත් සමග පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහි සටන සහ ට්‍රොට්ස්කිවාදීන්ගේ අරගලය නව අදියරකට අවතීර්න වුනු බව කැස්ට්න්හෙයිරා කීවේය. “ජාතිකවාදී ඉදිරි දර්ශන ආරක්ෂා කරනුවස් හතරවන ජාත්‍යන්තරයෙන් බිඳුනු පැබ්ලෝවාදීහු, ප්‍රථම කොටම, ස්ටැලින්වාදී නිලධරය අධිරාජ්‍යවාදයට විරුද්ධ බලවේගයන් ලෙස ද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වර්ධනය කිරීමේ ලා විකල්පයන් ලෙස ද දුටුවහ.”

පැබ්ලෝවාදීන් මෙන් නොව, ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීම හේතුවෙන්, 'නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීමට ගෙනගිය ව්‍යාපාරය ප්‍රතික්ෂේප කිරීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හැකිවූයේ යැයි කැස්ට්න්හෙයිරා කීවේය.

එම තීරනාත්මක ඓතිහාසික අවස්ථාවේදී හජාජාක හි විප්ලවවාදී ඉදිරි දර්ශනය -යුද්ධයට සහ යටත් විජිතවාදයට එරෙහිව සමුලුව,1991- අද දවසේ යුද විරෝධී ව්‍යාපාරය ගොඩ නැගීමේ අත්‍යවශ්‍ය පදනම් ලෙස ඉතිරිව පවතින බව කැස්ට්න්හෙයිරා තර්ක කලේය. ඔහු මෙසේ අවසානයකට ගෙන ආවේය.

“මෙම යුද්ධය පරාජය කල හැකිම එකම ශක්‍ය ක්‍රියාමාර්ගය, ධනපති ක්‍රමය පෙරලා දැමීම සහ සමාජවාදී පිලිවෙත් මත ලෝක ආර්ථිකය ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධතාවය තුල පදනම් වනු ඇත.”

සසජාතශි උද්ඝෝෂනයේ ජාත්‍යන්තර දිශානතියට ප්‍රකාශනයක් ලබා දෙමින් ෆෙරේරා ඉන් පසුව බොල්ශෙවික් ලෙනින්වාදී තරුන රැකවලෙහි නායකත්වය විසින් එවන ලද ප්‍රකාශය බ්‍රසීල ශ්‍රාවකයන් හමුවේ කියෙව්වේය.

අවසාන කථිකයා වූ එඩුවාඩෝ පරාටි මෙම ඉදිරි දර්ශනය විස්තාරනය කරමින්, ජාත්‍යන්තර කම්කරු පන්තියේ වැඩෙන අරගල රැල්ල යුද්ධයට එරෙහිව සහ සමාජවාදී විප්ලවය සඳහා සටනෙහි අත්‍යාවශ්‍ය පදනම වන බව කීවේය.

මෙම යුද්ධය විසින්, “අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන සහ අඩු දියුනු ධනපති රටවල් යන දෙවර්ගය තුලම” සමාජ ආතතීන් දැවැන්ත ලෙස උත්සන්න කොට තිබෙන බව පරාටි පැහැදිලි කලේය. “මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝගයන්ට අනුව අනුව අධිරාජ්‍යවාදයේ ආයුධවලට මුදල් සැපයීමට සහ මූල්‍ය අර්බුදය සඳහා ගෙවීමට” පාලක පන්තීන් “සියලු සමාජ විරෝධයන් මර්දනය කිරීම” ප්‍රවර්ධනය කරමින් සිටී.

පරාටි මෙසේ කීවේය: “ලතින් ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ගය, බ්‍රසීලයේ කම්කරු පක්ෂය ද ඇතුලත්ව සියලු රෝස උදම්‍රැල්ලේ ආන්ඩු විසින් ප්‍රවර්ධනය කරමින් සිටී”. ඔවුහු “වාම” ලෙස පෙනී ඉන්නා අතරම මෙම ධනපති ජාතිකවාදී ආන්ඩු “න්‍යෂ්ටික යුද්ධයක් සඳහා ගමන් කරන ගැටුමේ නියැලෙන අධිරාජ්‍යවාදී බලයන්ට සහාය දෙති.”

එමෙන්ම පරාටි මෙම ධනපති ප්‍රතිගාමීත්වයේදී ව්‍යාජ වාම සංවිධාන වල හවුල්කාරීත්වය හෙලා දැක්කේය. ඔහු මොරීන්වාදී ඒකාබද්ධ සමාජවාදී කම්කරු පක්ෂය විසින්, “යුක්‍රේන හමුදාව සන්නද්ධ කිරීම සඳහා අධිරාජ්‍යවාදී බලයන්ට සහයට එන ලෙස” සහ “බ්‍රසීල ධනපති පන්තිය සහ මිලිටරිය ක්‍රමානුකූලව ශක්තිමත් කිරීමට” කල කැඳවුම පිලිබඳ පෙන්වා දුන්නේය.

අනෙක් අතින්, ලෝකය පුරා “ධනපති ක්‍රමයේ සුවිසල් අර්බුදයට එරෙහිව දැවැන්ත වැඩ වර්ජන සහ විරෝධතා වර්ධනය වෙමින් පවතී”. “මේ හැම තැනකදීම කම්කරු පන්තිය, සමාගම් සමග පමනක් නොව, ධනපති රාජ්‍යය සහ වෘත්තිය සමිති සමග ද සෘජු ගැටුමකට අවතීර්න වෙමින් සිටී” යැයි ඔහු වැඩි දුරටත් කීවේය.

“මෙම නව ඓතිහාසික මොහොතේදී ක්‍රියාකාරී කමිටු කම්කරු පන්තියේ සංවිධානාත්මක ප්‍රකාශනය බවට පත්වනු ඇතැ” යි පරාටි කීවේය. “ (නමුත්) සියල්ලටත් වඩා, අපි මෙම කම්කරු පන්ති අරගල සඳහා දේශපාලන ඉදිරි දර්ශනය සම්පාදනය කල යුතුයි”.

සාඕ පෝලෝ විශ්ව විද්‍යාලයේ රැස්වීම අවසානයකට ගෙන එමින් පරාටි මෙසේ සඳහන් කලේය

“අපි මෙහි පැමින සිටින සියලුම දෙනාටම මෙම පාඩම් උකහා ගනිමින්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳ බරපතල හැදෑරීමක් හරහා සසජාතශිට සහ බ්‍රසීල සමාජවාදී සමානතා කන්ඩායමට බැඳීමට තීන්දුව ගන්නා ලෙස කැඳවුම් කර සිටිමු.”

Loading