නෝර්වුඩ් ෆැෂන් (සීමා සහිත පුද්ගලික) සමාගම ඈවර කිරීමට තීන්දු කිරීම නිසා 2000 ට අධික සේවකයෝ රැකියා අහිමි වීමේ තර්ජනයට මුහුන දී සිටිති. සමාගම ඈවර කිරීමට මේ වසර මුල දී කොලඹ වානිජ මහාධිකරනය දුන් නඩු තීන්දුවක් සමාගමේ කලමනාකරනය විසින් කම්කරුවන්ට ඔක්තෝබර් මාසයේ මුල දක්වා වසන්කර තිබේ. කම්කරුවන් තමන්ගේ රැකියා රැක ගැනීමේ අරගලයකට ඒම වැලැක්වීම කම්හලේ හාම්පුතුන්ගේ දුෂ්ට අරමුන වී තිබේ.
තම රැකියා රැක ගැනීමේ අරගලයකට එලඹෙන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) නෝර්වුඩ් ෆැෂන් සේවකයන්ගෙන් ඉල්ලා සිටී. ඒ සමග ම, ඔවුන්ගේ අරගලය ආරක්ෂා කිරීමට ක්‍රියාශීලී ව පන්ති ක්‍රියා මගින් සහාය දෙන ලෙස සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි.
2014 ආරම්භ කරන ලද මෙම සමාගම නිමි ඇඳුම් නිෂ්පාදන සමාගමක් වූ අතර එහි නිෂ්පාදන මූලික වශයෙන් අපනයනය කෙරුනේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමයේ රටවලටයි. එහි ඇඟලුම් කම්හල් දෙකක් හැටන් සහ පොල්ගහවෙල පිහිටා ඇත. ඇඟලුම් කම්හල් දෙකේ සහ කාර්යාලවල සමස්ත සේවක සංඛ්‍යාව 2000 ට අධික බව වාර්තා වේ.
නෝර්වුඩ් හි පිහිටි ඇඟලුම් කම්හල ඔක්තෝබර් 2 වෙනි දා සිට වසා දමා තිබේ. ඒ හේතු කොට ගෙන 200 ට අධික කම්කරුවන්ගේ රැකියා අහෝසි කෙරී ඇත.
කම්කරුවන්ට අප්‍රේල් මාසයේ ලබා දෙන වාර්ෂික ප්‍රසාද දීමනාව සහ අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල වැටුප් සහ අතිකාල දීමනා ගෙවා නැත. සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් සඳහා වැටුපෙන් මුදල් අඩු කල නමුත් වසර දෙක හමාරක පමන මුදල් මහා බැංකුවේ අදාල ගිනුම් වලට බැරකර නොමැති බව ද සේවකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූහ.
කම්හල යලි විවෘත කර නැවත රැකියා ලබා දෙන ලෙස ද, හිඟ වැටුප් ගෙවන ලෙස සහ විශ්‍රාමික අරමුදල් ගිනුම් වලට බැර කරන ලෙස ද ඉල්ලමින් ඔක්තෝබර් 21 වෙනි දා කම්කරුවෝ සියලු දෙනා කම්හල ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත වූහ.
කම්හල වසා දැමීමට හේතු වශයෙන් පාලකයන් එහි සේවකයන්ට පවසා පවසා ඇත්තේ ඇනවුම් අඩු වීමයි. සමාගමේ අධ්යක්ෂ ජෙරාල්ඩ් පෙරේරාගේ අත්සනින් යුතු ව 2026 පෙබරවාරි 13 දාතමින් නිකුත් කල ලිපියක සඳහන් කර ඇත්තේ නය පියවීමට අසමත්වීම නිසා කොමර්ෂල් බැංකුව විසින් නෝර්වුඩ් සමාගම ඈවර කිරීම සඳහා බස්නාහිර පලාත් වානිජ මහාධිකරනයේ නඩුවක් පවරා ඇති බවත් ඒ අනුව, අධිකරනය විසින් සමාගම සඳහා ඈවරකරුවෙකු පත් කර ඇති අතර සමාගමේ පරිපාලන කටයුතු පිලිබඳ නීත්‍යානුකූල බලය ඈවරකරු වෙත පවරා ඇති බවත් ය.
කලමනාකාර අධ්‍යක්ෂක ගේ ලිපියේ සඳහන් වී ඇත්තේ, සමාගම ඈවර කිරීමේ නීතිමය කටයුතු අවසන් කරන තෙක්, එහි කර්මාන්තශාලා සහ කාර්යාල තාවකාලික ව වසා තබා නිෂ්පාදන කටයුතු අත්හිටුවන බවයි. එම කාල සීමාව තුල කර්මාන්තශාලා හෝ කාර්යාල පරිශ්‍ර වෙත සේවයට වාර්තා කිරීමෙන් වලකින ලෙස එම ලිපියෙන් සේවකයන්ට දැනුම් දී ඇත. මාසික වැටුප්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් සහ අනෙකුත් ව්‍යවස්ථාපිත ගෙවීම්, අධිකරන නියෝගයට අනුව සමාගමේ වත්කම් ඈවර කිරීමෙන් අනතුරු ව, ඈවරකරුගේ අධීක්ෂනය යටතේ සිදු කෙරෙන බව ද ලිපියෙහි සඳහන් කර තිබේ.
මෙම ලිපියේ දිනය පෙබරවාරි 13 වුවත් කම්කරුවන්ට එය ලබා දුන්නේ ඔක්තෝබර් 30 දින බවත්, නෝර්වුඩ් කර්මාන්ත ශාලාව වසා දැමුවේ ඔක්තෝබර් 2 දා බවත් එහි සේවකයෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කීහ. සමාගම වසා දැමීමේ අනතුර පෙබරවාරි මාසයේ කම්කරුවන්ට හිතාමතා ම නොදන්වා ඇත්තේ ඔවුන් තම රැකියා අයිතිය රැක ගැනීමේ අරගලයකට වහා ම එලඹීම වැලැක්වීමට බව පැහැදිලි ය.
එහෙත්, පසුගිය මාස කිහිපයේ කම්කරුවන්ට හොරෙන් ඔවුන්ට එරෙහි ක්‍රියා සිදු කෙරෙමින් තිබුනි. ආන්ඩුවේ කම්කරු දෙපාර්තමේන්තුව ද ඊට හවුල් වී ඇත. ඔක්තෝබර් 2 වෙනි දා කම්හල වසා දැමීමෙන් පසු කම්කරුවන් ඒ පිලිබඳ ව හැටන් කම්කරු කාර්යාලයට පැමිනිලි කිරීමෙන් අනතුරු ව එහි සහකාර කම්කරු කොමසාරිස් සමග සිවු වතාවක් සාකච්ඡා කල නමුත් එම සෑම අවස්ථාවක ම කොමසාරිස්වරයා තමන්ට පැවසුවේ “ප්රශ්නය විසඳා දෙන බව පමනක් බව” කම්කරුවෝ කීහ.
මෙම කම්හල් මීට පෙර 2023 නොවැම්බර් 22 වසා 2024 මැයි 10 වෙනි දා යලි විවෘත කල බවත් සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් ගිනුම් වලට බැර කිරීම පැහැර හැර ඇත්තේ එතැන් සිට බවත් කම්කරුවෝ පැවසූහ. නෝර්වුඩ් කර්මාන්ත ශාලාවේ පමනක් කලින් කම්කරුවන් 300 පමන සේවය කල නමුත් නො ඉවසිය හැකි සේවා කොන්දේසි නිසා 100 ක් පමන රැකියාවලින් ඉවත් ව ගොස් ඇත.
එම තත්වය තුල තම රැකියා සහ හිඟ වැටුප් ගැටලුව විසඳීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා නුවර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සහ වතු වෘත්තීය සමිතිවලට භාර දීම සඳහා ලිපියකට අත්සන් කිරීමට රැකියා අහිමි ව සිටින කම්කරුවන් නොවැම්බර් 1 වෙනි දා කම්හල අසලට පැමින ඇත. කම්කරුවන් කම්හල තුලට ඇතුලු වීම සහ උද්ඝෝෂනය කිරීම වැලැක්වීම සඳහා පාලකයන් පොලිසිය කැඳවා තිබුනි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ ) වාර්තාකරුවන් කම්කරුවන් සමග සාකච්ඡා කිරීම වැලැක්වීමට ද පොලිසිය උත්සාහ කල නමුත් තොරතුරු ලබා ගැනීම සහ කම්කරුවන් සමග සාකච්ඡා කිරීම මුලික අයිතියක් බව අප වාර්තාකරුවන් අවධාරනය කිරීමෙන් පසු පොලිසියට ඒ සඳහා ඉඩ දීමට සිදු විය.
අනතුරු ව ලෝසවෙඅ වාර්තාකරුවෙකු සහ සමාජවාදී සමානතා (සසප) පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු වන එම්. දේවරාජා කම්කරුවන් අමතමින් මෙසේ ප්‍රකාශ කලේ ය:
“සහකාර කම්කරු කොමසාරිස් ඔබේ ප්රශ්නය විසඳීමට උනන්දුවක් නොදක්වන්නේ නම්, එයින් පැහැදිලි වන්නේ ජාතික ජන බලවේගය ආන්ඩුව ද ඔබේ ප්රශ්නය විසඳීමට කිසිදු උනන්දුවක් නොදක්වන බවයි. ඒ වෙනුවට, ඔවුන් කර්මාන්තශාලාවට පොලීසිය කැඳවා තිබෙන්නේ ඔබේ අරගලය නතර කිරීමට. මෙම ආන්ඩුව ඇඟලුම් කම්හල් වසා දැමීමට සහාය දෙනවා පමනක් නොවෙයි, රාජ්‍ය ආයතන 34ක් වසා දැමීමට ද තීරනය කරල තියෙනවා.
“මෙම ප්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරු පන්තියේ සියලු ම කොටස් එකමුතු විය යුතු යි. ඔබේ ඉල්ලීම් වැටුප් ප්‍රශ්නයට පමනක් සීමා නොකල යුතුයි. කම්හල යලි විවෘත කර ගැනීමට සටන් කල යුතුයි. ඒ සඳහා අනෙකුත් ඇඟලුම් කම්හල්, වතු සමාගම්වල හා අනෙකුත් සියලු තැන්වල කම්කරුවන්ගේ සහයෝගය ලබාගත යුතු” බව ද දේවරාජා සඳහන් කලේ ය.
දේවරාජා තව දුරටත් සඳහන් කලේ නෝර්වුඩ් හි එල්ල වන ප්‍රහාර වලින් පෙන්නුම් කරන්නේ ධනපති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම බවත්, ධනපති ක්‍රමය තුල ඔවුන්ට විසඳුම් ලබා ගත නොහැකි බවත් ය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පියවර සමස්ත කම්කරු පන්තිය මත පටවමින් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය ආන්ඩුව එල්ල කරමින් සිටින්නේ ගෝලීය අර්බුදයෙන් උත්සන්න වන අර්බුදයේ බර ඔවුන් මත පැටවීමයි.
ඊට එරෙහි ව අරගලය සංවිධානය කිරීම සඳහා කම්කරුවන්ගේ ඡන්දෙන් තෝරා පත් කර ගනු ලබන ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගැනීමට නෝර්වුඩ් ෆැෂන් කම්කරුවන් ඉදිරිපත් විය යුතු බවත් දේවරාජා සඳහන් කලේ ය. ඔහුගේ කැඳවුමට අනුමැතිය පල කරමින් කම්කරු කාන්තාවන් කිහිප දෙනෙක් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගැනීමට එකඟ වූහ.
මෙම කම්කරුවන්ගෙන් බහුතරය කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආන්තික දරිද්‍රතාවයෙන් සහ විරැකියාවෙන් පෙලෙන වතු කම්කරු පවුල් වල තරුනියෝ වෙති. තම මූලික වැටුප රුපියල් 30,700 ක් බවත්, අතිකාල සේවය සඳහා පැයකට රුපියල් 200ක් ගෙවිය යුතු නමුත් අප්‍රේල් මාසයේ සිට අතිකාල දීමනා නොගෙවූ බවත්, අගෝස්තු මාසයේ දී වැටුපෙන් අඩක් පමනක් ගෙවූ බවත් කම්කරුවෝ කීහ.
“අනෙකුත් ඇඟලුම් සමග සැසඳූවත් මෙහි පහසුකම් ඉතාමත් අඩුයි. දිනකට එක් වරක් පමනක් සාමාන්‍ය තේ එකක් දෙනවා. බරපතල අසනීපයක් හැදුනත් නිවාඩු ගන්න වැඩපොලට එන්න ඕන. අපි ජීවත් වෙන්නේ මෙම රැකියාවෙන් ලැබෙන ආදායමෙන්. රැකියාව අහිමි වුනොත් අපට බඩගින්නේ ඉන්න සිදු වෙන්නේ. ඒ නිසා අපේ ප්රශ්නය හිඟ වැටුප් සම්බන්ධ ගැටලුවකට පමනක් සීමා වෙන්නේ නැහැ. අපට රැකියා අවශ්‍යයි,” කම්කරු කාන්තාවක පැවසූ අතර අනෙකුත් කම්කරුවෝ එය අනුමත කලහ.
කම්හල් වල කම්කරුවෝ එකිනෙකට බැඳුනු සුරාකෑමේ ක්‍රියාවලියකට ගොදුරු වී සිටිති. ප්රාග්ධනය සඳහා නය ලෙස මුදල් සම්පාදනය කරන බැංකු, නිෂ්පාදනයේ යෙදෙන සමාගම් ඇපයට තබා ගනිති. කම්කරුවන්ගෙන් සූරා ගන්නා මුදලෙන් කොටසක් පොලී සහ නය වාරික ගෙවීමට වැය කල යුතු ය. අනෙකුත් නිමි ඇඳුම් නිෂ්පාදන සමාගම් මෙන් ම, නෝර්වුඩ් ෆැෂන් ඇඳුම් නිෂ්පාදන අපනයනය කෙරෙන්නේ ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ මහා අලෙවි සමාගම් වලට ය. එම විදේශ සංගත වලට අධික ලාභ ගරා ගැනීම සඳහා අඩු මිලට ඇඳුම් සැපයීමට ලංකාවේ සමාගම් අඩු වැටුපට කම්කරුවන් සූරා කෑම සිදු කල යුතු ය.
මැද පෙරදිග, ඉරානයට එරෙහි ව ඇමරිකාව දියත් කර ඇති යුද්ධය නාවික ගමනාගමනයට බලපා, ආනයන-අපනයන අර්බුදයට ලක් කර තිබේ. ඉන්ධන මිල නැගීම සෑම රටකට ම බලපායි. ආනයන කරන රටවල කම්කරු ජනයා මත යුද වියදම් බර ද පැටවේ. මේ හේතු නිසා අපනයන කර්මාන්තය අර්බුදයට ගොස් ඇත. නෝර්වුඩ් ෆැෂන් සමාගම නය වාරික හා පොලී ආපසු නොගෙවීම නිසා මුල්‍ය ප්‍රාග්ධන නය ලෙස සම්පාදනය කල බැංකුව, සමාගම ඈවර කර විකුනා සිය මුදල අයකර ගැනීමට තීන්දු කර ඇත.
ලෝක වෙලඳපොල තුල තරඟකාරීත්වය ඉහල යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන කර්මාන්තය අර්බුදයකට ලක් ව තිබේ. මෙම අර්බුදය තුල සේවක කප්පාදුව, කම්හල් වසා දැමීම හෝ වෙනත් සමාගම් වලට පැවරීම බහුල වශයෙන් සිදු වෙයි. දකුනු ආසියාවේ විශාල ත ම සමගමක් වන මාස් හෝල්ඩිංග්ස් සිය සේවක සංඛ්‍යාව 26,000කින් අඩු කිරීමට සැලසුම් කර ඇති අතර, 2026 පෙබරවාරි 19 දා තුල්හිරිය කර්මාන්තශාලාවේ ඇඟලුම් නිෂ්පාදන කටයුතු නතර කලේ ය. එ මගින් රැකියා 2,200ක් අහිමි විය. වැලිඔය පිහිටි මිලා ෆැෂන් සහ ගම්පහ තිහාරියේ පිහිටි හෙල ක්ලෝතිං සහ ජා-ඇල ඒකල එල්ෆීස් ආදී කම්හල්වල කම්කරුවෝ ද රැකියා විනාශයට මුහුන දුන්හ.
සමස්ත කම්කරු පන්තිය ජීවන තත්ත්වයන්ට සහ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එරෙහි ව එල්ල කෙරෙන එක ම ප්‍රහාරයකට මුහුන දී සිටිති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කෙරෙන කප්පාදු පියවරවලට අමතර ව, අධිරාජ්‍යවාදී යුද්ධය මගින් තීව්ර කෙරෙන ආර්ථික අර්බුදයේ බර ද කම්කරු පන්තිය මත පැටවීමට ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය ආන්ඩුව උත්සාහ කරමින් සිටී.
ඇඟලුම් කම්කරුවන් සෑම කර්මාන්තශාලාවක ම තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු අතර, සමාගම් සහ ආන්ඩුව සමග එකට ක්‍රියා කරන වෘත්තීය සමිති නායකයන් සහ සියලු ම ධනපති පක්ෂ මෙම කමිටුවලින් බැහැර කල යුතු ය. රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි ආරක්ෂා කිරීම සඳහා වන පොදු අරගලයක දී අනෙකුත් ක්ෂේත්රවල කම්කරුවන් සමඟ එක්සත් වීමට එමගින් ඔවුන්ට හැකි වනු ඇත.
කම්හල් වසා දැමීමට එරෙහි සටනේ එක පියවරක් වන්නේ කම්කරුවන් විසින් එ වන් කම්හල් වාඩි ලා ගැනීම හා එම සටන ආරක්ෂා කිරීමට අවශේෂ කම්කරුවන්ගේ ක්‍රියාශීලී අධාරය ඉල්ලීමයි. අවශේෂ කම්කරුවන් පන්ති ක්‍රියා මගින් සහයෝගය ගොනු කල යුතු වේ. කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම මෙම මූලිකත්වය ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වේ.
