2019 සසප ගිම්හාන පාසල: හජාජාකයේ 1982-86 භේදයෙහි මූලාරම්භයන් හා එහි ප්‍රතිඵල

2019 වසරේ ජූලි 21 වැනි දා සිට 27 වැනි දා දක්වා, සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) 1982-1986 සමයේ දී, හජාජාක එහි එවක බ්‍රිතාන්‍ය ශාඛාව වූ කම්කරු විප්ලවවාදී පක්ෂයෙන් භේද වීමේ ඓතිහාසික මූලාරම්භයන් සහ එහි දේශපාලන ප්‍රතිපල තේමා කර ගත් ජාත්‍යන්තර ගිම්හාන පාසලක් පැවැත් වීය.

න්‍යාය සහ ට්‍රොට්ස්කිවාදී වැඩපිලිවෙල සම්බන්ධයෙන් කම්කරු විප්ලවවාදී පක්ෂයේ සංශෝධන ගැන සවිස්තරාත්මක විවේචනයක් මූලික ව සූත්‍රගත කර ගැනීමේ පටන් හජාජාකයේ ලීග පක්ෂ බවට රූපාන්තරනය කිරීමේ තීරනය දක්වා වන, 1982 සිට 1995 දක්වා හජාජාකයේ ඉතිහාසය සම්බන්ධයෙන් මෙම පාසලේ දී ඉදිරිපත් කෙරුනු දේශන තම අවධානය යොමු කරයි.

කවිපයෙන් බිඳීමෙන් අනතුරු ව, 1986 පෙබරවාරියේ දී මූලෝපාය, ක්‍රියාමාර්ගය, ඉදිරි දර්ශනය සහ සංවිධාන රූපය සම්බන්ධයෙන් වන තීරනාත්මක ගැටලු අරභයා ජාත්‍යන්තර කමිටුව තුල කෙරුනු සාකච්ඡාවන් දේශකයන් විසින් විමසීමට ලක් කෙරුනි.