විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් යලි ගෙන්වා ගැනීම සහ ජවිපෙ ව්‍යාජ උද්ඝෝෂනය

මැදපෙරදිග හා අනිකුත් රටවල රැකියා අහිමි වූ ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත ලංකාවට පැමිනීම වලකමින්, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගෙනයන සාපරාධී පිලිවෙතට එරෙහිව එම කම්කරුවන් සහ ඔවුනගේ පවුල්වල සාමාජිකයන් අතර වැඩී ඇති බලගතු කෝපය, පුහු විරෝධතා තුල දියකොට හැරීම සඳහා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ව්‍යාජ උද්ඝෝෂනයක් දියත්කොට ඇත. එය තවදුරටත් "තීව්‍ර කරන්නේ" කෙසේද යන්න පිලිබඳව පසුගිය දා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුනි.

ජවිපෙ ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව නැමැති කාන්තා සංවිධානයක් සංවිධානය කර තිබු මාධ්‍ය සාකච්ඡාවේ අවසාන කතාව කල සරෝජා පෝල්රාජ්, ”ජනාධිපතිතුමනි ඔබතුමාට කියනවා ඔබතුමාගේ පෞරුෂවත් හඬින් මුදල් නොගෙන ශ්‍රමිකයන්ට ලංකාවට  එන්න ඉඩ ලබා දෙන්න” යනුවෙන් ආයාචනා කරන අතරම "විදෙස් ශ්‍රමිකයන්ගේ පවුල් සමග ඇවිත් විදේශ කටයුතු අමාත්‍යාංශය අසල නවතිනවා” යනුවෙන් ව්‍යාජ තර්ජනයක් ද කලාය.

මීට ඉහතදීද ජවිපෙ ඉහත පිලිවෙත අනුව යමින් "රැකියා අහිමිවී විදේශයන්හි අසරනවී සිටින ලාංකිකයන් යලි ලංකාවට ගෙන්වා දෙනු" යැයි ඉල්ලමින්, සංක්‍රමනික කම්කරුවන්ගේ ඥාතීන් ද සම්බන්ධ කරගත් උද්ඝෝෂනයක් පසුගිය මාසයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරියේදී පැවැත්වූයේය. 

එම උද්ඝෝෂනය අවසානයේ, රැකියා අහිමි වී ලංකාවට පැමිනීමට නොහැකිව අතරමං වී සිටින ලංකාවේ කම්කරුවන් නැවත ගෙන්වා ගන්නා ලෙස ඉල්ලමින්  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ට ලිපියක් භාර දෙන ලදී. එය විදේශ අමාත්‍යාංශයේ කටයුත්තක් බව පවසා නිලධාරීන් ලිස්සා ගොස් තිබේ. ධනපති පක්ෂයක් වන ජවිපෙට ආන්ඩුවට කනපින්දම් කීම හැර වෙනත් මාවතක් නැත. 

වසංගතය විසින් සංක්‍රමනික කම්කරුවන්ගේ ද ජීවන කොන්දේසි ඉමහත් දුෂ්කර තත්වයකට ඇදදමා තිබේ. බොහෝ දෙනෙකුට රැකියා අහිමිවී තම දරුපවුල් නඩත්තු කර ගැනීමේ මාවත ඇහිරී ඇත. ආහාර සහ ඉඳුම්හිටුම් නොමැතිව, කල්ගත කරන මෙම කම්කරුවන්ට කොවිඩ් වසංගතය වැලඳීමේ අන්තරාය එක් අතකින් ද, රැකියා කොන්ත්‍රාත්තු අහිමිව වීසා කාලය අවසන්වී විදෙස් රටක රැඳී සිටීම නිසා නීතියේ රැහැනට හසුවී සිර ගත වීමේ අවදානම අනෙක් පසින් ද පවතී. 

සංක්‍රමනික කම්කරු අරගල මැඩීමට ජෝර්දාන පොලීසිය කැඳවයි

රැකියා අහිමිවූ විදේශගත ශ්‍රී ලාංකික කම්කරුවන් මෙවන් තත්වයකට පත්ව සිටින තතු තුල ඔවුනට අවශ්‍ය සුබසාධන වැඩිකලයුතුව තිබියදී,  ආන්ඩුව එම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ට පත්කර තිබු සුභසාධන නිලධාරීන් ලංකාවට ගෙන්වා ගත්තේ එම කම්කරුවන් පිලිබඳ ප්‍රශ්නයෙන් සම්පූර්නයෙන්ම අත සෝදා ගැත්තේය.

සංක්‍රමනික කම්කරුවන් මෙලෙස නොතකා හැරීම, රාජපක්ෂ තන්ත්‍රය ඇතුලු ලොවපුරා පාලක පංති වසංගතයෙන් ගැඹුරු කෙරුනු ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් මත පටවමින් එල්ල කල ප්‍රහාර මාලාවේ ඉහල තුඩකි. දහස් ගනන් ආසාදිතයන් වාර්තා වෙද්දී සහ මරන සංඛ්‍යාව වේගයෙන් ඉහල යද්දී  ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව කම්කරු ජිවිත තුට්ටුවකට මායිම් නොකරමින් ආයෝජකයන් ගේ ලාබ තරකර දීම සඳහා අත්‍යවශ්‍ය නොවන කම්හල් සහ පාසල් පවා විවෘතව තබා තිබේ.

මේ තත්වය තුල කම්කරු පන්තියේ අරගල පැතිරී එය ධනපති ක්‍රමයම අස්ථාවර කරනු ඇතැයි ගනන් බලන රාජපක්ෂ එම අරගල මැඩලීම සඳහා මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ඒකාධිපතිත්වයක් දෙසට වේගයෙන් ගමන් කරමින් සිටි. වසංගතය "මර්දනය" සඳහා යැයි පිහිටුවන ලද කමිටු වලට මිලිටරියේ ඉහල නිලධාරීන් පත්කරමින් තම ඒකාධිපති සැලසුම් ක්‍රියාත්මක කිරීමට, ඔහු වසංගතය යොදා. 

රාජපක්ෂ ආන්ඩුවේ ඉහත ප්‍රතිගාමී පියවර වලට කවර හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ නොකල ජවිපෙ, "සියලු භේද පසෙක තබා කොරෝනා මර්දනයට ආන්ඩුවත් සමග එක්වන ලෙස" ඉල්ලා සිටියේ, "මේ ප්‍රශ්නයට ශ්‍රී  ලාංකිකයන් විදිහට, රටක් විදිහට මුහුන දියයුතු" බවත්, "දේශපාලන  පක්ෂ, ජාතිභේද කිසිම දෙයක් අදාල නැති' බවත් ප්‍රකාශ කරමිනි. ලංකාවේ පන්ති පාලනය අර්බුදයට සිය සෑම අවස්ථාවකදීම එය කෙලින්කර තබාගැනීම සඳහා ජවිපෙ තම දහදිය වගුරා ඇත.

කොලඹ වරාය කම්කරුවන්, වේගයෙන් පැතිරෙමින් පැවති වසංගතයෙන් ආරක්ෂා වනුවස් රැකියාවට යාම ප්‍රතික්ෂේප කල විට, ආන්ඩුව වරාය "අත්‍යවශ්‍ය සේවයක්" බවට පත් කරමින් කමිකරුවන් බලහත්කාරයෙන් වැඩට තල්ලු කිරීමට පියවර ගත්තේය. ජවිපෙ සහ එහි වරාය වෘත්තීය සමිතිය වචනයකින් පවා විරුද්ධ නොවෙමින් එම මර්දනයට සහාය දුන්නේය. 

කොලඹ වරායේ කොටසක්  ඉන්දියානු සමාගමකට පවරා දීමේ පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහිව අරගලයට පිවිසි වරාය කම්කරුවන් ඉන්දියානු විරෝධී උද්ඝෝෂනයක් තුල ගිල්වා පුද්ගලීකරනයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන අරගලයක් වර්ධනයවීම වැලැක්වීමට ජවිපෙ  දැනුවත්ව වැඩ කලේය.

කම්කරු පංතියට එරෙහිව ගෙනයන ඉහත මර්දනකාරී පිලිවෙත් වලට ජවිපෙ ඇතුලු ප්‍රතිගාමී නඩ ලබාදෙන සහයෙන් ගැම්ම ලබාගත් ආන්ඩුව, ජෝර්දානයේ ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනය කල ශ්‍රී ලාංකික කම්කරු තරුනයන්ට එරෙහිව එරට පොලිසිය ලවා පහර දීමට මෙන්ම, ඔවුන් පොලිසියේ අත්අඩංගුවට පත්කිරීමට පවා ක්‍රියා කලේය.

කම්කරු පන්තියට මග වැලහීම සම්බන්ධයෙන් ජවිපෙ ට ඇත්තේ ලේ වැකි කුප්‍රකට ඉතිහාසයකි.1989-1990  සමයේ මව්බිම සහ ඉන්දියානු විරෝධය පෙරට දමමින් ජනාධිපති රනසිංහ ප්‍රේමදාස සමග එකතු වී කම්කරු පන්තියේ උද්ඝෝෂන තලා දැමීමට ක්‍රියා  කලේය. ඉන්පසුව ලංකාවේ පාලනය ගෙන ගිය සියලුම ධනපති ආන්ඩු සමග පන්ති සහයෝගයෙන් කටයුතු කිරීමේ ඉතිහාසයක් ජවිපෙ සතුය. 

සංක්‍රමනික කම්කරුවන් සම්බන්ධයෙන් ජවිපෙ ගෙනයන විරෝධතා උද්ඝෝෂනය ද එම පිලිවෙත් ඉදිරියට ගෙන යාමකි.

"සංක්‍රමනික කම්කරුවන්ට, තම රටට පැමිනීමට ඇති අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද?" යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය පෙබරවාරි 20 දා පලකල ලිපියෙන්  පෙන්වාදුන් පරිදි,

වසංගතයෙන් ගැඹුරු කෙරී ඇති ධනපති ක්‍රමයේ පද්ධතිගත අර්බුදයෙන් නිපන් මෙම ප්‍රහාර, ජවිපෙ සංවිධානය කරන ධනපති ආන්ඩු වලට පීඩනය යෙදීමේ විරෝධතා උද්ඝෝෂන මගින් පරාජය කල නොහැක. 

සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීමේ සටන, ධනපති ආන්ඩුවලට සහ ගෝලීය ධනපති ක්‍රමයට එරෙහි, ජාත්‍යන්තර කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනකි. එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කෙරෙන අරගලයකි.

Loading