ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන සියල්ල ම පාහේ, නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ සහ සෙනෙට් සභාවේ පාලන බහුතරය ඩිමොක්රටික් පක්ෂයට ලබා දෙමින් මධ්‍යවාර මැතිවරනයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය ලැබූ පරාජය අතිශය සතුටින් පිලිගත්හ. ට්‍රම්ප්ගේ මැතිවරන පසුබෑම කෙසේ හෝ ඔහුගේ තීරුබදු ප්‍රහාරය ආපසු හැරවීමට, ඉරානයට එරෙහි යුද්ධය අවසන් කිරීමට සහ ශ්‍රී ලංකාවේ අපනයන සහ ඉන්ධන මිල මත පවතින පීඩනය ලිහිල් කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරමින් ඔවුහු සහනයක් බලාපොරොත්තු වෙයි.
ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දේශීය හෝ විදේශීය ප්රතිපත්තිවල ප්‍රධාන වෙනසක් සිදු නොවනු ඇති බැවින් මෙය දේශපාලන මනඃකල්පිතයකි.
ඇමරිකානු මැතිවරනයේ දී, කම්කරුවන් සහ තරුනයන් උද්ධමනයට, ඉරානයට එරෙහි සාපරාධී යුද්ධයට, සමාජ අසමානතාවයට සහ ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහි ව තම කෝපය ප්‍රකාශ කල අතර, එය ජනතාවගේ වාම ගමනක් පෙන්නුම් කලේ ය. කෙසේ වෙතත්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි: “මැතිවරන රාත්‍රියේ සියලු සැමරුම් කතන්දර තිබුන ද, කොන්ග්‍රසයේ බහුතරය ඩිමොක්රටිකයන්ට මාරු වීමෙන් පාලක පන්තියේ ප්‍රතිපත්ති මූලික වශයෙන් වෙනස් නොවනු ඇත. යුද්ධ පුලුල් වීම, සමාජ අසමානතාව ඉහල යාම හා ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාර අඛන්ඩ ව පවතිනු ඇත. කම්කරු පන්තිය වමට ගමන් කරන අතරතුර, මූල්‍ය-සංගත කතිපයාධිකාරය අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ හා පන්ති යුද්ධයේ වැඩපිලිවෙල දිගට ම ගෙන යනු ඇත.”
ශ්‍රී ලංකා මාධ්‍ය සහ ධනපති විචාරකයින්, තම නොගැඹුරු “විශ්ලේෂනයන් හි දී”, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ඔහුගේ මානසික ආබාධයක ප්රකාශනයක් බවට මූලික ව ලඝු කර ඇත.
නොවැම්බර් 8 වන දින ‘නූතන හනුමන්තා’ යන මැයෙන් යුත් ඉරිදා දිවයින කතුවැකියේ සඳහන් වූයේ 2026 වසරේදී ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් ඔවුනට සම්බන්ධ නැති යුද්ධයකින් පීඩා විඳි බවයි. “අප ඒ කරදරයට ඇද දැමීමේ මෙහෙයුමේ ප්‍රධාන සංවිධායක ඩොනල්ඩ් ට්‍රම්ප් ය.” දිවයිනට අනුව, ට්‍රම්ප් ඉරානයට එරෙහි ව යුද්ධයක් ආරම්භ කලේ මන්දැයි ලෝකයේ කිසිවෙක් නොදනී.
කතුවැකිය තවදුරටත් මෙසේ පවසයි: “ට්‍රම්ප්ගේ ඒ තකතීරු බවට ප්‍රධාන ත ම හේතුව වන්නේ (ඇමරිකාව පලමුව) ඇමරිකානු ජාතිකවාදයයි. එ මෙන් ම එය තම මතය ලොව පුරා පැතිරවීමේ අති ජාතිකවාදය වර්ගයේ මානසිකත්වයකි.” එ බැවින්, “ඇමරිකාව පලමුව” ප්‍රතිපත්තිය “තකතීරු ජාතිකවාදයක” ප්රතිඵලයකි.
කතුවැකිය ඉරානයට එරෙහි යුද්ධය සහ තීරු බදු ප්‍රතිපත්ති පිලිබඳ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සරල සත්‍යයන් පමනක් පවසයි. කෙසේ වෙතත්, අධිරාජ්‍යවාදී ඇමරිකානු නායකයා ඉරානයට එරෙහි ව යුද්ධය ආරම්භ කලේ මන්දැයි හෝ “ඇමරිකාව පලමුව” ප්‍රතිපත්තියේ අර්ථය පැහැදිලි කිරීමට කතුවැකිය කිසිසේත් උත්සාහ නොකරයි.
මෙම ප්‍රකාශයන් නොදැනුවත්කම පමනක් නොව, ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලික ප්‍රතිපත්තිමය මාරුවීම් පිලිබඳ ව ජනතාව අඳුරේ තැබීමට දරන උත්සාහයක් ද පෙන්නුම් කරයි.
ඇමරිකාව ඉරානයට එරෙහි ව ගෙන යන යුද්ධය සහ ඇමරිකාව පලමුව ප්‍රතිපත්තිය ට්‍රම්ප්ගේ පෞද්ගලික මනඃකල්පිතයන් නොව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලවත් කොටසකගේ අවශ්‍යතාවය පෙන්නුම් කරයි. ඔවුන් උත්සාහ කරන්නේ තම සුපිරි හමුදා බලය භාවිතා කරමින් ගිලිහී ගිය ගෝලීය ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීමට ය. ට්‍රම්ප් සහ ඔහුගේ සහචරයන් ප්රජාතන්ත්රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාර, විශේෂයෙන් ම, ඇමරිකාව පලමුව හඬ තැලීම සමඟ මුසු කොට, ආර්ථික අර්බුදයට හේතුව සංක්රමනික කම්කරුවන් බවට හංවඩු ගසමින් ඔවුන් මර්දනය කිරීම, අර්බුදයට මුහුන දී සිටින අධිරාජ්‍යවාදී ප්රභූන්ගේ ෆැසිස්ට්වාදී හැරවුම පෙන්වයි.
නොවැම්බර් 12 දින ඩේලි මිරර් පුවත්පතේ කතුවැකිමය අදහස් දැක්වීමක සටහන් වූයේ, “ආයතන තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට සමත් නායකයෙකු ලෙස නිතර තමා පෙන්නුම් කරන ට්‍රම්ප්,” “ඇමරිකානු ව්‍යවස්ථාපිත පද්ධතියේ යථාර්ථය” හමුවේ, එය කල නොහැක්කක් බව අත්දුටු බවයි. පරිපාලනය අධීක්ෂනය කිරීමේ දී, මහජන වියදම් පාලනය කිරීමේ දී සහ යුද්ධය සහ සාමය සම්බන්ධ තීරන පරීක්ෂා කිරීමේ දී කොන්ග්රසය “වැදගත් කාර්යභාරයක්” ඉටු කරනු ඇති බව එය පවසයි.
එය තව දුරටත් මෙසේ පවසයි: “ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ ගැටුම මඟින් කලාපීය යුද්ධයක් කෙතරම් ඉක්මනින් ගෝලීය ආර්ථික අර්බුදයක් බවට පත්විය හැකි ද යන්න පෙන්නුම් කරයි.”
යුද්ධය ගෝලීය ආර්ථික අර්බුදය තීව්ර කල බව සත්‍යයකි. කෙසේ වෙතත්, සමහර ජාත්‍යන්තර මාධ්‍ය මෙන්, ඩේලි මිරර් පුවත්පත ද “ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ ගැටුම” ගෝලීය වශයෙන් බලපාන “කලාපීය” ගැටුමක් බවට ලඝු කෙරෙන වැරදි අදහස ප්‍රචාරය කරයි. මෙය, ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප්‍රධාන ප්‍රතිපත්තිමය මාරුවීම් පිටුපස පවතින්නේ, ලෝක ධනවාදයේ මූලික ප්රතිවිරෝධතාවන් ගැඹුරුවීම බව වසන් කිරීමකි.
මෙය රටවල් තුනක ගැටුමක් නොව, ඓතිහාසික වශයෙන් පීඩාවට පත් වූ රටක් වන ඉරානය යටත් විජිතයක් ලෙස යටත් කර ගැනීමටත්, එහි පොහොසත් බලශක්ති සම්පත් කොල්ලකෑමටත් සහ මැදපෙරදිග ආධිපත්‍යය දැරීමටත් ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් ගෙන යන යුද්ධයකි. එය වොෂින්ටනය සිය ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සලකන රුසියාවට සහ අවසානයේ චීනයට එරෙහි ව යාමේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික සැලසුමේ කොටසකි.
ඉරානයට එරෙහි යුද්ධය කලාපීය කාරනයක් නොව, එය වහා ම ලෝක සංග්‍රාමයක අනතුරක් අඩංගු ඇමරිකාවේ ගෝලීය යුධ පෙරමුනු වලින් එකකි. තවත් පෙරමුනක් වන්නේ යුක්රේනයේ රුසියාවට එරෙහි ව නේටෝ සංවිධානය අඛන්ඩව ගෙන යන යුද්ධයයි.
යුද්ධයට “භූ දේශපාලනික මානයක් ඇති බව” සහ “චීනය සහ ඉන්දියාව සමඟ වොෂින්ටනයේ සබඳතා සහ ඉන්දීය සාගරය කෙරෙහි එහි ප්‍රතිපත්ති කොලඹට වැදගත්” බව මිරර් කතුවැකිය පිලිගනී.
එ බැවින්, ඉන්දීය සාගර කලාපයේ අධිරාජ්‍යවාදී උපාමාරු ක්‍රියාත්මක වන අතර ම, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අභය භූමියක ප්‍රතිපත්තියක් පවතී! මිරර් මෙසේ උපදෙස් දෙයි: කල යුතු දෙය වන්නේ, “අත්දැකීම්වලින් ඉගෙන ගැනීම, එහි ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සමබර හා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. එයට බලවත් රටවල දේශපාලන ගනනය කිරීම්වලට එහි ජාතික අවශ්‍යතා ප්‍රාන ඇපයට ගැනීමට ඉඩ දිය නොහැක.”
මේවා ගැලවීම සඳහා කරන කීකරු ආයාචනයන් ය. අත්දැකීම මෙහි ප්රතිවිරුද්ධයයි: ගෝලීය ආර්ථික අර්බුදයක් මැද හුදකලා වූ “ආර්ථික ඔරොත්තු දීමේ හැකියාවක්” සඳහා ඉඩක් නොමැත. ශ්‍රී ලංකාව 19 වන සියවසේ සිට ලෝක ධනවාදී පද්ධතියේ කොටසක් වී ඇති අතර 1970 ගනන්වල අගභාගයේ සිට නිෂ්පාදන ගෝලීයකරනයට ඒකාබද්ධ වී ඇත.
ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් යනු, ශ්‍රී ලංකාවට පමනක් නොව ඉන්දියාව, දකුනු අප්‍රිකාව සහ ඉන්දුනීසියාව වැනි විශාල රටවල් ඇතුලු පසුගාමී සියලු රටවල් සම්බන්ධයෙන් ප්‍රෝඩාවකි.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කල පරිදි: “අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ මංමුලා සහගත ලෙස සම්මුතියක් සොයන රුසියාව සහ චීනය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් අධිරාජ්‍යවාදය සමඟ ගනුදෙනුවක් සඳහා තල්ලු කිරීමට සහ තමන්ගේ ම රටවල කම්කරු පන්තිය සූරා කෑමේ “අයිතිය” ආරක්ෂා කිරීමට මිලිටරි තර්ජන සහ ප්රතිගාමී ජාතිකවාදය යොදවයි.”
ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූ පැලැන්තියේ සියලු ම කොටස් ඒ හෝ මේ ආකාරයකින් අධිරාජ්‍යවාදය සමඟ පෙල ගැසී සිටියි.
ජවිපෙ/ජාජබ ආන්ඩුව, තම අධිරාජ්‍යවාදයට එරෙහි රැඩිකල් වාගාලාප ඉවත දමමින්, ඇමරිකාව සමඟ සබඳතා ශක්තිමත් කර ඇති අතර, ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධය, වෙනිසියුලාව අවමානයට පත් කිරීම ඇතුලු ලතින් ඇමරිකාව තුල කෙරෙන ආක්රමන හෙලා දැකීම ප්‍රතික්ෂේප කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) කප්පාදු ක්‍රියාත්මක කරන සහ විදේශීය ප්රාග්ධනයේ ඒජන්තයෙකු ලෙස ක්‍රියා කරන එය, චීනයට එරෙහි ව ආසියා-පැසිෆික් කලාපය තුල වොෂින්ටනයේ මූලෝපායික ආරම්භකත්වයන් සමඟ ඒකාග්ර වෙමින් සිටී.
ශ්‍රී ලංකාවේ මහා පරිමාන ව්‍යාපාරිකයන්ගෙන් කොටසක් මූලික ව ම රඳා පවතින්නේ, ශ්‍රී ලංකාවේ තනි විශාල ත ම අපනයන වෙලඳපොල වන එක්සත් ජනපදය මත ය. එය, 2025 දී වෙලඳ භාන්ඩ අපනයනවලින් සියයට 23ක් - එනම් ඩොලර් බිලියන 3කට ආසන්න ප්රමානයකි.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ගත් කල, විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස නොවැම්බර් 4 වන දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ ඇමරිකානු ජනතාව “තමන්ට මුහුන දීමට සිදු වූ පීඩාවන් නිසා ට්‍රම්ප් පරිපාලනය ප්‍රතික්ෂේප කර ඇති” බවයි. මෙම තත්ත්වය පිලිබඳ ව අවධානය යොමු කරන ලෙස ඔහු කොලඹ ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ය.
ප්‍රේමදාස ක්ෂනික ව ජවිපෙ ප්රමුඛ ආන්ඩුවට එරෙහි ව දේශපාලන ලකුනු දමා ගැනීමට උත්සාහ කල නමුත්, අනෙකුත් සියලු ම පක්ෂ මෙන් එ තැන් සිට ඇමරිකානු මැතිවරනය ගැන නිහඬ ව සිටියි. ඔවුහු සියලු දෙනා ම ඇමරිකාවේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ආශිර්වාදය පතන අතර, බලයට පත් වුව හොත් ඔවුන් සමඟ කටයුතු කිරීමට සූදානම් ව සිටිති.
ඩිමොක්රටික් පක්ෂය දැනටමත් ට්‍රම්ප් සමඟ වැඩ කිරීමට ඇති සූදානම සංඥා කර ඇත. ඩිමොක්රටික් සභා නායක හකීම් ජෙෆ්රිස් ප්‍රකාශ කලේ, පක්ෂයට ජනාධිපතිවරයා සමඟ “ද්විපාර්ශ්වික පොදු භූමියක් සොයා ගැනීමේ සූදානම, කැමත්ත සහ හැකියාව ඇති” බවයි. මෙය, ට්‍රම්ප්ට එරෙහි මහජන ප්රතික්ෂේපය, “මධ්‍යස්ථභාවය” සහ කප්පාදුව සඳහා කැඳවුමක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයකි. පසුගිය සතියේ, කොන්ග්‍රසයේ ඩිමොක්රටික් පක්ෂ සාමාජිකයෝ යුද ලේකම් හෙග්සෙත්ට එරෙහි ව ඔහුගේ යුද අපරාධ සහ නීති විරෝධී යුද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගෙන ආ විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට මාවත සකස් කලහ.
ඩිමොක්රටික් පක්ෂය තුල ක්‍රියාත්මක වන ව්‍යාජ වාම සංවිධානයක් වන ඩිමොක්රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා (ඩීඑස්ඒ), සුවිශේෂිත හානිකර කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. ඩීඑස්ඒ සාමාජික සහ නිව් යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි, නැවත නැවතත් ට්‍රම්ප් හමු වීමෙන් පසු, ඔහු සමඟ “පොදු අරමුනක් සඳහා ස්ථානයක්” සොයන ලෙස ඩිමොක්රටිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.
ඩිමොක්රටික් පක්ෂය ට්‍රම්ප්ට අනුගත වීම සහ ධනපති ක්‍රමයට එහි කැපවීම සඳහා ඩීඑස්ඒ දේශපාලන ආවරනයක් සපයයි. එය, ට්‍රම්ප් පරිපාලනයේ සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතීන් කප්පාදු කිරීමට එරෙහි කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ විරුද්ධත්වය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විකල්ප ධනපති පක්ෂය වන ඩිමොක්රටික් පක්ෂය වෙත යොමු කිරීමට උත්සාහ කරයි.
පරපෝෂිත මූල්‍ය කතිපයාධිකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පක්ෂ ක්‍රමයට එරෙහි ව කම්කරු පන්තියේ දේශපාලනික ව ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීම ඔවුන්ගේ භූමිකාව වේ.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සභාපති සහ සමාජවාදී සමානතා පක්ෂයේ (ඇමරිකාව) සභාපති ඩේවිඩ් නෝර්ත් ඡන්දයට පෙර ප්‍රකාශ කලේ: “හෙට ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවත්, අවසානයේ දී ප්‍රතිපත්තිය තීරනය කරනු ලබන්නේ ධනපති ආර්ථිකයේ අර්බුදය මඟින්, සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම ශ්‍රම කොන්දේසි පරිවර්තනය කරන තාක්ෂනයේ [AI] කොන්දේසි මඟින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුධ උත්සාහය මඟින් සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ප්‍රතිචාරය මඟිනි.” කොන්ග්‍රසයේ සංයුතිය වෙනස් වීමෙන් මෙම කිසිදු ක්‍රියාවලියක් වෙනස් නොවන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.
ඇමරිකානු ජනතාවගේ වාම පෙරලිය ගෝලීය ක්‍රියාවලියක කොටසක් වන අතර, එය සෑම යුරෝපීය රටක ම කම්කරු වර්ජන සහ විරෝධතා මෙන් ම කප්පාදුවලට විරුද්ධ වන තරුනයින්ගේ ක්‍රියාමාර්ග මඟින් පෙන්නුම් කර ඇත. දකුනු ආසියාව ද හුදකලා වී නැත. ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ සහ දිලිඳු ජනතාවගේ 2022 නැගිටීම එහි කොටසක් වූ අතර වැඩ කරන ජනතාව අතර නව පිබිදීමක් සිදු වෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ කම්කරුවන් සහ තරුනයන් මාක්ස්වාදී විශ්ලේෂනය වෙත යොමු විය යුතු අතර ඇමරිකාවේ සහ ගෝලීය වශයෙන් සිදුවන වර්ධනයන්ගෙන් පාඩම් ඉගෙන ගත යුතු ය.
සිංහල භාෂාව ඇතුලු භාෂා 16 කින්, ඉරිදා හැර සතියේ සෑම දිනක ම ප්‍රකාශයට පත් කරනු ලබන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (අයිසීඑෆ්අයි) මාක්ස්වාදී ප්රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. සසප යනු හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාවයි.
වැඩිදුර කියවන්න
- ධනවාදයේ අර්බුදය, අධිරාජ්‍යවාදී යුද්ධය සහ ලෝක සමාජවාදී විප්ලවය
- යුද්ධය ප්‍රතික්ෂේප කල මැතිවරනයෙන් සතියකට පසු ඩිමොක්රටිකයෝ යුද ලේකම් හෙග්සෙත් බේරා ගනිති
- රිපබ්ලිකන් මැතිවරන පරාජයෙන් පසු, ඩිමොක්රටික් පක්ෂය ට්‍රම්ප් සමඟ “ද්විපාර්ශ්වික පොදු වැඩපිලිවලකට” ප්‍රතිඥා දෙයි
- මධ්‍ය-වාර මැතිවරනයෙන් පසු යුක්රේන යුද්ධය තව දුරටත් උත්සන්න කිරීමට ඩිමොක්රටිකයෝ සැලසුම් කරති
- යුද්ධයට එරෙහි මහජන විරෝධය නොතකා ට්‍රම්ප් ඉරානයට එරෙහි නව ප්‍රහාරයක් සූදානම් කරයි
- එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරනය ආසන්නයේ දී: කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලනික ප්‍රශ්න
