තුවක්කුකරුවෝ ශී‍්‍ර ලංකා මාධ්‍යවේදියාට වෙඩි තබති

Sri Lankan journalist shot by gunmen

By W.A. Sunil, 18 February 2013

සන්ඬේ ලීඩර් පත‍්‍රයේ මාධ්‍යවේදී ෆාරාෂ් සව්කෙටලිට ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවසේ දී සිකුරාදා රාති‍්‍රයේ නාඳුනන තුවක්කුකරුවන් කන්ඩායමක් විසින් වෙඩි තබනු ලැබීය. මෙය 2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කෙරුන ප‍්‍රචන්ඩ කි‍්‍රයා මාලාවක නවතම එකය.

ප‍්‍රහාරකයන් පැහැදිලිව ම සව්කෙටලි ඝාතනය කිරීමට උත්සාහ කලත් එය අසාර්ථක වී තිබේ. ගෙල ප‍්‍රදේශයට වෙඩි වැදී ඇති ඔහු කොලඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. සැත්කමක් මගින් ගෙල ප‍්‍රදේශයේ තිබු උන්ඩයක් ඉවත් කර ඇති අතර ඔහුගේ තත්වය දැන් හොඳ අතට හැරී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ ප‍්‍රකාශ කලේය.

සව්කෙටලි බි‍්‍රතාන්‍ය - ශී‍්‍ර ලංකා ද්විත්ව පුරවැසියෙකි. තුවක්කුකරුවන් ඔහුගේ නිවසට කඩාවැදී ඇත්තේ ඔහු පුවත්පත් ලිපියක් ගැන තම මාධ්‍ය සගයෙකු සමග දුරකථන සංවාදයක යෙදී සිටින අතරතුරය. ඔහුගේ නිවසේ නවාතැන් ගෙන සිටි මිතුරන් කිහිප දෙනෙකු විසින් ඔහු වහාම රෝහල් ගතකර තිබේ. මෑත දිනවල දුරකතනයෙන් තමන්ට මරන තර්ජන කල බව සිය මාධ්‍ය සගයන් කිහිප දෙනෙකුට ඔහු ප‍්‍රකාශ කර ඇත.

සව්කෙටලි රාජ්‍ය හා පුද්ගලික දෙඅංශයේ ම දූෂන ගැන විමර්ශනාත්මක ලිපි ලියු බව සන්ඬේ ලීඩර් කතුවරිය, සකුන්තලා පෙරේරා ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලාය. ශී‍්‍ර ලංකාවේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිවල සිදුවන දූෂන ගැන මෑත දී ඔහු ලිපි කිහිපයක් ලියා තිබේ. "මේ විදිහේ ප‍්‍රහාරවලින් අපේ ලිවීමේ නිදහස උල්ලංඝනය කරනවා. ඒවා ගැන නිසි හා කඩිනම් පරීක්ෂන නොකිරීමෙන් තවදුරටත් අපේ වැඩ කටයුතුවලට බාධා කරන” බව ඇය පැවසීය.

වෙඩි තැබීම ගැන "වහාම පරීක්ෂනයක්” පවත්වන ලෙස තමන් පොලිස්පති එන්.කේ. ඉලන්ගකෝන්ට නියෝග කල බව ජනාධිපති රාජපක්ෂ සෙනසුරාදා නිවේදනය කලේ ය. නිවේදනය පැහැදිලිව ම රැවටිල්ලකි. හැම පහරදීමකින් ම පසුව රාජපක්ෂ සුපුරුදු නියෝගය ම කර ඇතත් එම පහරදීම්වලට වගකිවයුතු කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත.

මෙම පරීක්ෂනයට ද ඊට වඩා වෙනස් ප‍්‍රතිපලයක් ඇති නොවන බව පොලිස් ප‍්‍රකාශක පි‍්‍රයන්ත ජයකොඩිගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි විය. "පරීක්ෂනවල කිසිම ප‍්‍රගතියක් තවමත් නැහැ. සිද්ධියේ සෑම පැත්තක් ම ගැන ම අපි සොයා බලනව” යයි ඔහු ප‍්‍රකාශ කලේ ය.

ශී‍්‍ර ලංකා කතෘ සංසදය, ශී‍්‍ර ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා දකුනු ආසියානු නිදහස් මාධ්‍ය සංගමය ඇතුලු මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ගනනාවක් විසින් සව්කෙටලිට එරෙහි ප‍්‍රහාරය හෙලා දැක තිබේ.

ආන්ඩුවේ මැරයන් හා ආරක්ෂක හමුදා සමග වැඩ කරන සන්නද්ධ කල්ලි විසින් කරනු ලැබ ඇති ඝාතනයන් හා "අතුරුදහන් කිරීම්” ඇතුලු ප‍්‍රචන්ඩ කි‍්‍රයාවන් පිලිබඳ දිගු ඉතිහාසයක් තිබේ. රාජපක්ෂ, ආන්ඩුවේ නායකයන් හෝ ඉහල නිලධාරීන් ගැන මෘදු විවේචනයක් පවා කල මාධ්‍ය සේවකයෝ හා මාධ්‍යවේදීහු ඔවුන් අතර වෙති.

පෙබරවාරි 7දා නාඳුනන මැර කන්ඩායමක් විසින් යාපනේ පලකරන දෙමල පුවත්පතක් වන තිනකුරල් පුවත්පතේ මිටි ගනනාවක් පැහැර ගෙන ගිනි තැබුවේ ය. ඊට සති කිහිපයකට පෙර තවත් දෙමල පුවත්පතක් වන උදයන් පුවත්පතට එබඳු ම ප‍්‍රහාරයක් එල්ල විය. පත්තර දෙකම කොලඹ ආන්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මක ය.

රාජපක්ෂ ආන්ඩුව ගැන එහි විවේචන සම්බන්ධයෙන් සන්ඬේ ලීඩර් ප‍්‍රසිද්ධියක් උසුලන අතර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ආන්ඩුවේ යුද්ධය 2006 දී යලි ආරම්භ කිරීම ගැන පාලක ප‍්‍රභූවේ සමහර කොටස්වල උත්සුකය එය විසින් ප‍්‍රකාශයට පත්කලේ ය. එල්ටීටීඊ ය 2009 මැයි මාසයේ පරාජය කරනු ලැබීය.

සන්ඬේ ලීඩර් පත්තරයට යලි යලිත් ප‍්‍රහාර එල්ල විය. 2007 නොවැම්බර් මාසයේ එහි මුද්‍රනාලයට ගිනි තැබීය. 2009 ජනවාරි මාසයේ දී එහි හිටපු කතෘ ලසන්ත වික‍්‍රමතුංග සිය මෝටර් රථයෙන් කාර්යාලය වෙත යමින් සිටිය දී මහ දවල් වෙඩිතබා ඝාතනය කරනු ලැබී ය. කොලඹ දැවැන්ත ආරක්ෂක ජාලයක් තිබු නමුත් ඔහුගේ ඝාතකයන්ට පලා යාමට හැකි වූ අතර පොලීසිය ඔවුන් සොයා ගැනීමට මුලූමනින් ම අසමත් විය.

කලින් ලියන ලදුව, මියයාමෙන් පසු පලකරන ලද සන්ඬේ ලීඩර් කතුවැකියක වික‍්‍රමතුංග ඔහුගේ මරනය සම්බන්ධයෙන් රාජපක්ෂට චෝදනා කර තිබුනි. "මගේ මරනයෙන් පසු ඔබ (රාජපක්ෂ) සුපුරුදු බක තපස් හඬ නැගීම් කරනු ඇත. ක්ෂනික හා දැඩි පරීක්ෂනයක් කරන ලෙස පොලීසියට කියනු ඇත. නමුත් ඉහත දී ඔබ නියෝග කරන ලද සියලුම පරීක්ෂනයන්වල දී මෙන් ම මේකෙදිත් කිසිවක් සිදු නොවනු ඇත” යි ඔහු එහි ලියුවේ ය.

ආරක්ෂක අවි ගනුදෙනුවක් සම්බන්ධ දුෂනයක් එලිදරව් කරමින් ලිපියක් පල කිරීමට විරුද්ධව ජනාධිපති සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2008 දී පත්තරයට විරුද්ධව අපහාස නඩුවක් පැවරීය. උසාවිය පසුගිය වසරේ ආරක්ෂක ලේකම්ට වාසිදායක තීන්දුවක් දෙමින් ඔහුට රුපියල් මිලියන 250 ක් ගෙවන ලෙස ලීඩර් ප‍්‍රකාශකයන්ට නියම කලේ ය. රාජපක්ෂට (ආරක්ෂක ලේකම්) අපහාස වන කිසිදු ලිපියක් පල කිරීමෙන් වලකින ලෙස ස්ථීර තහනම් නියෝගයක් ද උසාවිය විසින් පත්තරයට පැනවීය.

මෙම දැවැන්ත දන්ඩනයන්ට මුහුන දුන් ලීඩර් ප‍්‍රකාශන සමාගම ආන්ඩුවට සමීප තැනැත්තෙකු විසින් පසුගිය වසරේ මිලට ගත්තේය. ආන්ඩුව විවේචනය කිරීම නතර කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා එහි හිටපු කතුවරිය ෆෙඩි‍්‍රකා ජෑන්ස් සේවයෙන් නෙරපීය. ආරක්ෂක ලේකම් රාජපක්ෂ හා ආන්ඩුවේ මැරයන් විසින් කලින් ඇයට තර්ජනය කර තිබුන හෙයින් ජීවිතය ගැන බියෙන් ජෑන්ස් සැප්තැම්බර් මාසයේ රට හැර ගියා ය.

මාධ්‍යවේදීන් ඇතුලු මාධ්‍ය සේවකයන් 25 දෙනෙකු 1999 වසරේ සිට ඝාතනය කර තිබේ. ඉන් බහුතරයක් ඝාතනය කෙරී ඇත්තේ රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව ය. ලංකා ඊ නිව්ස් කතෘ ප‍්‍රදීප් එක්නැලිගොඩ ඇතුලු මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇත. එම කාලය තුල 20 ට වැඩි මාධ්‍යවේදීන් පිරිසක් ඔවුන්ගේ ජීවිත ගැන බියෙන් රටින් පලා ගොස් සිටිති.

ආන්ඩුව ගැන විවේචනාත්මක වෙබ් අඩවි පහකට පිවිසීම බලධාරීන් විසින් අවහිර කර තිබේ. ආන්ඩුවේ ලියකියවිලි වලට පිවිසීමට මහජනයාට සීමිත ඉඩක් සැලසිය හැකිව තිබුන තොරතුරු ලබා ගැනීමේ නිදහස පිලිබඳ පනත ජාතික ආරක්ෂාව ගැන ප‍්‍රශ්න මතුවන බව ප‍්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආන්ඩුව විසින් පසුගිය වසරේ වලකනු ලැබීය. එවන් පියවරක් එහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිලිබඳ වගකීම එලිමහනට ගෙන එනු ඇතැයි ආන්ඩුව බියවෙයි.

ශී‍්‍ර ලංකාව "මාධ්‍ය සඳහා බෙහෙවින් බාධාකාරී සහ අන්තරායකාරී රටක් ලෙස නිව් යෝර්ක් නගරයේ පිහිටි මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව විසින් නම් කර තිබේ. දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ රටවල් 179 ඇතුලත් මාධ්‍ය නිදහස පිලිබඳ දර්ශකයේ පසුගිය මාසයේ දී ශී‍්‍ර ලංකාවට හිමි වුයේ 162 වන ස්ථානය යි.

ගැඹුරු වන ආර්ථික හා සමාජ අර්බුදයකට මුහුන දී සිටින ආන්ඩුව, එහි පාලනයට එල්ල වන කවර විරුද්ධත්වයක් හෝ විවේචනයක් බිය ගන්වා මර්දනය කිරීමේ ප‍්‍රයත්නයක යෙදී සිටී. ජීවනතත්වයන්ගේ බරපතල ඛාදනයකට දැනටමත් තුඩු දී තිබෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දැඩි නියෝග ඔහු විසින් කි‍්‍රයාවට දැමීමේ දී කම්කරු පන්තියට එරෙහි ව පාවිච්චි කිරීම සඳහා දසක ගනනක සිවිල් යුද්ධය තුල ගොඩ නැගූ පොලිස් රාජ්‍ය උපකරන රාජපක්ෂ විසින් තවදුරටත් ශක්තිමත් කරනු ලබමින් සිටී.

Share this article: